මෙරට කරාටේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ හැකියාවන් වර්ධනය කිරීම සඳහා ජපන් කරාටේ සම්මේලනයේ ජාත්‍යන්තර ශ්‍රේණි පරික්ෂක කන්චෝ කසෝ මට්සුමරා සහ කරාටේ උපදේශක ෂිදෝ සිං මසාටෝ යන මහත්වරු දිවයිනට පැමිණියහ.
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ඉන්දික රණතුංග පදනමේ සභාපතිවරයා ඇතුළු ජපානයේ ජාත්‍යන්තර කොකුෂායි සෙංචෙං ජාත්‍යන්තර පදනමේ ශ‍්‍රී ලංකා ශාඛාවේ නිලධාරීහු දිවයිනට පැමිණි මෙම දෙපළ පිළිගත්හ.
ශ‍්‍රී ලාංකාව පුරා විසිරී සිටින ජාතික තලයේ කරාටේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ජාත්‍යන්තර තලයට ගෙනයාම සඳහා අවශ්‍ය තාක්ෂනික පුහුණුව ලබා දීම සඳහා මොවහු මෙරටට පැමිණ ඇත.
-

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳ වැඩක්. සාර්ථකව කරන්න වාසනාව ලැබේවා! ඒ වගේම මෙම කර්තව්‍ය පාසල් මට්ටමට ගෙන ගියොත් ළමයින්ගේ මනස සංවර කරන්න පුළුවන් වීමට දායක වෙනවට පින් ලැබෙනවා අනිවාර්යෙන්ම! (නි)
මේකෙදි නහය හපා කෑම, මූහුණ හපා කෑම එහෙම වලංගු නැද්ද? දන්නෙ නැති නිසයි ඇහුවේ. එහෙම වලංගු නම් අපට ඉන්නවා ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ක්‍රීඩකයින් පිරිසක්. (නි)
අනු ගණන් වල අග භාගේ වෙන කල්ම කරාතේ,කුන්ෆු,වුෂු වගේ දේවල් ලංකාවේ තිබුනා. පොතටම වැහිලා ඉන්න ළමයින්ට ව්‍යායාම ටිකක් වත් ලැබුනා. දැන් පන්ති තියන පෝස්ටරයක් වත් නැහැ දකින්න. මානසික සන්යමෙට මේවා හරි හොදයි. තිබිච්ච දේ නැති වෙන්න හේතුව සොයා එකට විසදුම් දෙන්න. ජපන් ආදාරත් ගසා නොකා.(නදී)
ඇත්තටම හොඳ වැඩක්. (ස)
කෙල්ලන්ට මුල්තැන දෙන්න.(ස)
70 ගනන් වල කරාතේ කරන කෙනෙකුට හොද තැනක් තිබුනා. අපිත් බාගෙට පන්ති ගිහින් කරාතේකාරයෝ වගේ රගපෑවා.(නදී)
අපි ඉතා අගය කරනවා. කරාටේ කියන්නේ හොඳ මානසිකත්වයක් ඇතිකරදෙන ක්‍රීඩාවක්.(ස)
අතිරේඛ ක්‍රියා කාරකම් වශයෙන් දැන් පවතිනවාට වඩා පාසල් තුලට ගෙන යා යුතුයි. (ස)
අපි ඉස්කෝලේ යන කාලේ හිටිය අපේ කරාටේ කාරයෝ කරාටේ ඉගෙනගන්නේ අපිට ගහලා. අපි හිස් ලූ ලූ අත දුවනවා. (නදී)