ඉරිදා දහවල ලන්ඩන්නුවර පැවැත්වූ මැරතන් ධාවන තරඟය සඳහා ඉදිරිපත්වූ ශ්‍රී ලාංකිකමැරතන් ධාවන ශූරයකුවු අනුරාධ කුරේ 14 වෙනි තැනට තරඟය අවසන් කළේය.
මුළු දුර සැතපුම් 26 ක් දෙවීම සඳහා ඔහුට ගතවූ කාලය පැය දෙකයි විනාඩි දාහතකුත් තත්පර පනස් තුනකි.
තරග කරුවන් 35,000ක් සහභාගීවූ සැතපුම් විසි හයක් දුරැති එම තරගය 14 වෙනියා ලෙසනිමකිරීමට හැකිවීම ගැන තමන් ඉතාමත් ආඩම්බර වනබව තරගය අවසානයේ අනුරාධ කුරේපැවසුවේය. තරගය සඳහා ඔහු සහභාගීවනු දැක ගැනීමට සහ ඔහුව ධෛර්ය්‍යමත් කිරීමට ශ්‍රී ලාංකිකයෝ බොහෝ දෙනෙක් මගදෙපස රැස්වී සිටියහ.
ගියවසරේ ලන්ඩන් නුවර පැවතී ඔලිම්පික් මැරතන් ධාවන තරගයේදී අනුරාධ කුරේ තරගය අවසන් කලේ 55 වෙනි තැන ලබා ගනිමිනි.
මෙවර ලන්ඩන් මැරතන් තරගය ආරම්භයේදී තරග කරුවෝ සියලුදෙනාම විනාඩි දෙකක නිශ්ශබ්ධ තාවයක් පවත්වා ගිය සතියේ ඇමෙරිකාවේ බොස්ටන් මැරතන් තරගයට එල්ලවුණ ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් අය සිහිපත්කළහ. ලන්ඩන් මැරතන් තරගය සඳහා විශාල ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරතිබුන අතර බොස්ටන් සිද්ධිය හේතුවෙන් කිසිම තරග කරුවකු අධෛර්යමත් නොවුබව ලන්ඩන් මැරතන් සංවිධායකයෝ පැවසුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම තම කිරි බොනවා සමන් පප්පේ (අ)
සමන් පප්පේ, මම කිරි බිව්වෙත් ඔයා වගේම තමයි. එහෙම තමයි වයසට යනකොට දේවල් අමතක වෙනවා (නි)
විශිෂ්ටයි! (නි)
ලක් මෑණිගේ සැබෑම එඩිතර පුතෙක්. ඔබට ජයෙන් ජය! සුබ පැතුම්! ඔබට තෙරුවන් සරණයි! (නි)
ඔබට ජය! (නි)
කුරේට සුබ පැතුම් සහ හොඳ අනාගතයක් ! (නි)
ඔබ ජාතියට ආඩම්බරයක්. මගෙන් සුබ පැතුම්! (නි)
දුවන්නේ කූරේ වුණාට ලකුණු වැටෙන්නේ වෙන අයට. (නි)
ඔබට තෙරුවන් සරණින් ජයෙන් ජයම ලැබේවා! (නි)
කිරි බොන්නේ සුප්පුවෙන්ද? (අ)
ක්‍රීඩා ඇමතිතුමනි, කොල්ලට උදවුවක් කරනවා නම් ඔන්න නියම වෙලාව (නි)
වරුණ බබා.පව්. (අ)
ඔබට හොද අනාගතයක්..(ස)
සුභ පැතුම් ඔබට. මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මේ සුභ පතන්නන් සියල්ලෝම ලාංකිකයෝද? (නි)
ඔබ බබා (ස)
හුරේ කියන්නේ ජය ඝෝෂාවක්. හිප් හිප් හුරේ කියනවා වගේ. සතුට ප්‍රීතිය උද්දාමය පළකිරීමක්. (නි)
විශිෂ්ටයි ඔබේ ජයග්‍රහණය ගැන. මුණ දාගන්න එන දේශපාලුවන්ට නම් අහුවෙන්න එපා. දිනුවට පස්සේ නෙමෙයි, දුවන්න පටන්ගන්න කාලේ අත දුන්න මිනිස්සු අමතක කරන්න එපා. ඉදිරි ජයග්‍රහණත් ප්‍රාර්ථනා කරනවා (නි)
හුරේ කියන්නේ හූ කියන එකටද? අනේ,මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
කෝ අපේ සෙනග නැහැනේ. (නි)