IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


කරුණාගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයකට නියෝග

හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පැවැත්වීමට වැඩබලන පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද(22) දැනුම් දුන්නේය.

කොටි සංවිධානයේ නායකයකු ලෙස කටයුතු කළ සමයේදී ඔහු විසින් ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාජිකයන් 2000-3000ක් අතර පිරිසක් කිලිනොච්චියේදී ඝාතනය කළ බවට ඒ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.



අදහස් (16)

කරුණාගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයකට නියෝග

Perera Monday, 22 June 2020 05:53 AM

ඔය නියෝගේ ගැනත් හිතාගත්තැහැකි.. පරීක්ෂණයෙන් වෙන්නේ මොකක්ද කියලත් හිතාගත්තැහැකි...

:       46       233

Hafeel Monday, 22 June 2020 05:59 AM

මොන පරීක්ෂණයක්ද මේක..? මේ රටේ පරීක්ෂණ කියන්නේ කල්මැරීමක්... අත්අඩංගුවට අරන්, අධිකරණයට ඉදිරිපත් කරලා දඬුවම් දියයුතුයි. දැනටමත් ඔප්පු කරලා අවසන්... පරීක්ෂණ කියලා ගියොත්, මේකත් අර විජයකලාගේ නඩු වගේ තමයි...

:       0       255

Rata Perata Monday, 22 June 2020 06:06 AM

2000ක් මරපු මහත්වරු ඉන්නේ ලංකාවේ විතරයි. අනික් එක මේ පරීක්ෂණ, කතා විතරයි. ජාතික ලැයිස්තුවෙන් ගන්න හදපු කෙනෙක්නේ මේ... පරීක්ෂණ කතා ඡන්ද සංදර්ශන විතරයි. කිසි දෙයක් වෙන්නේ නෑ..

:       0       274

Achini Monday, 22 June 2020 06:26 AM

පරීක්ෂණ කරාම ඔහු නිවැරදිකරු වෙනවා ඕකයි ඉතින් ඇත්ත.

:       0       209

tarzan Monday, 22 June 2020 06:35 AM

කරුණා ප්‍රභාකරන්ව පාවලා නොදුන්නා නම්....

:       46       10

Hafeel Monday, 22 June 2020 09:30 AM

එහෙමනං, ඔබ කියන්නේ කරුණා පාවලා නොදුන්නේ නම්, මේ යුද්ධය දිනන්න බැහැයි කියලද? හැබැයි එවකට හිටපු හමුදාපති ෆොන්සේකා මැතිතුමා අවසන් සටනට බැස්සේ සැලසුම් සහගතව මිස කරුණාව විශ්වාස කරගෙන නොවේ. එතුමා පැහැදිලිව කිව්වා මීළඟ හමුදාපතිට මේ යුද්ධය ඉතුරු කරන්නේ නැහැ කියලත්, එසේම එතුමා ඇතුළු රණවිරුවන් ඒ දේ කළා මිස කරුණාගේ පාවාදීමක් නොවේ.

:       52       202

සමිත සේනක අලුත්ගමගේ. Monday, 22 June 2020 07:04 AM

වැඩිදුර ප්‍රශ්නකිරීම්, කාලය කා දීර්ඝ ප්‍රකාශ සටහන් කර ගැනීම් ආදිය කර කර සිටීමට අවශ්‍ය නැහැ. ඔහුගේම, ඔහු විසින්ම ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශය හොඳටෝම ඇති ... වහාම අත්අඩංගුවට ගන්න. ඉක්මනින්ම අදාළ සාක්ෂිද සමගින් අධිකරණයට ඉදිරිපත් කරන්න. රණවිරු ජීවිත 2000 ක් 3000 ක් කියන්නේ සුළුපටු දෙයක්ද .... එහෙම නේද ? මෙන්න මේ වගේ වෙලාවට තමයි කියන්නේ, කට බොරු කිව්වොත් දිව බොරු කියන්නේ නැහැ.. කියලා.

:       0       313

Hafeel Monday, 22 June 2020 08:10 AM

විජයකලාගේ නඩුවට වෙච්චි දේ මේකට නොවේවා... එදා විජයකලාගේ ප්‍රකාශයට පොහොට්ටුව උඩ දාල කතා කළා.

:       0       156

Anura Nanayakkara Monday, 22 June 2020 07:08 AM

මෙම පරීක්ෂණය ඉක්මනින් කළ යුතුය.

:       0       162

Bamunuarachchi Monday, 22 June 2020 07:14 AM

කරුණා අම්මාන් කට තියාගෙන ඉන්න බැහැ නේද? ඔය සිංහලයාගේ හැටි. ඒ හින්දා කට පරිස්සම්.

:       162       32

Deepal Nirosh Monday, 22 June 2020 08:33 AM

මොන පරීක්ෂණ ද? සැකකරුම කියනවනම් මම මේ අය ඝාතනය කළා කියා ඔහු වහාම වරෙන්තු රහිතව අත්අඩංගුවට ගත හැකියි. මොකද මේ පොලිසියේ උදාසීනත්වය?

:       0       91

Ranjith Monday, 22 June 2020 09:12 AM

පවතින රජයකට විරුද්ධව පරීක්ෂණයක් කවදාවත් පැවතුණේ නැහැ. තිබ්බා නම් ඒ බැඳුම්කරය ගැන විතරයි. ඒකෙනුත් ඵලක් වුණේ නැහැ.

:       0       107

Asanga Monday, 22 June 2020 09:21 AM

ඕක ඉතින් කවුරුත් දන්න, නොදන්න රහසක්නේ... හැබැයි ඉතින් යුද්ධය අවසාන කාලයේදී මොහුත් අපාට උදව් කළා කියලා කාටත් අමතක ඇති නේද? 

:       61       33

BamunuarachchiMonday, 22 June 2020 10:28 AM

වැඩේ කියන්නේ කරුණා අම්මාන් කියනකන් එයා LTTE යේ සිටි කාලේ මොනවද කලේ කියලා මේ ගොල්ලෝ දන්නේ නැහැ. කරුණා අම්මාන් කූද්දනකන් මේ ගොල්ලෝ බුදි...

:       40       0

කපුරු හාමි Monday, 22 June 2020 12:09 PM

කරුණා අම්මාන්ට හොර පාස් පෝට් හදලා දිලා UK වලට එව්වෙත් මහින්ද මහත්තයා නේද?

:       0       3

juliya Monday, 22 June 2020 01:35 PM

මොන පරීක්ෂණද? කරුණාට සම්බන්ධ සියල්ල තරාතිරම නොබලා නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 767 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site