කුරුණෑගල මාස්පොත ආපන ශාලාවක වෙඩි තැබීමකින් උප පොලිස් පරීක්ෂකවරයකු මිය ගොස් කොස්තාපල්වරුන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
ආපන ශාලාවේ සැකකටයුතු දෙදෙනකු සිටින බවට ලද තොරතුරක් අනුව උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පොලිසියේ තිදෙනා එහි ගොස් ඇතැයි කියති.
ඔවුන් සැකකරුවන් පරීක්ෂා කිරිමට උත්සාහ කරද්දී වෙඩි තැබීම සිදුවී ඇතැයි පොලිසිය කියයි.
එක් සැකකරුවකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලිසියට බාර දී ඇත.
පස්වරු 5.59
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් කුරුණෑගලට පිටත් කළ බව පොලිසිය පවසයි.
උප පොලිස් පරීක්ෂකවරයකුගේ ප්‍රධානත්වයෙන් එම කණ්ඩායම පිටත් කර ඇත.

![BeautyPlus_20161116071458_fast[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/BeautyPlus_20161116071458_fast1.png)
![BeautyPlus_20161116071549_fast[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/BeautyPlus_20161116071549_fast1.png)
![IMG_20161116_071938[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/IMG_20161116_0719381.png)
![IMG_20161116_072803[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/IMG_20161116_0728031.png)
![IMG_20161116_073326[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/IMG_20161116_0733261.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙයුමට ගිහින් තියෙන්නේ නිරායුදව , කිසිම සැලැස්මක් නැතුව වගේ . කුකුල්ලු අල්ලන යනවා වගේ. දඩුවම වින්ද. කවද පාඩම් ඉගන ගනීද මන්ද. (බ)
අපරාධකරුවන් ඇල්ලීමට යන පොලිස් නිලධාරීන්ට විශේෂ පුහුණුවක් දීමට හැකි විදේශීය රටක (ජර්මනිය, එංගලන්තය හෝ ප්‍රංශය) ආරක්ෂක අංශ විශේෂඥයින් මෙරටට ගෙන්වා වහාම ඔවුන් පුහුණු කිරීම ආරම්භ කළ යුතුයි. (නි)
කණගාටුදායක පුවතක්. (නි)
ලොකු අය ලොකු හොරකම් කරලා බේරෙනවා. පොඩි අය සමාජ විෂමතාව හේතුවෙන් මේ දේවල් වලට පෙළඹෙනවා. රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ යමක් කමක් කරගන්න බැරි අයට විතරයි. මොකක්ද අපේ රටට වෙන්නේ? මෙය නැවත සුද්දාට දුන්නා නම් හොඳයි කියලා හිතෙනවා (නි)
ඕකට යහපාලනයට බැනලා වැඩක් නැහැ ..කව්රු හිටියත් ඔය පාතාල මඩින්න ටිකක් අමාරු වෙනවා .....(රේ)
අද ලංකාවේ තත්ත්වය නම් හරිම ශෝචනීයයි (නි)
පොලිසියත් වෙඩි කනවා නම් සාමාන්‍ය අපි ගැන කවර කතාද? (නි)
අපූරු යහපාලනයක් ලැජ්ජයි ලැජ්ජයි (බ)
ඉස්සරනම් මේවා කිසිම සැකයක් නැතුව ගෝඨා ගේ ගිණුමට දාපු කට්ටිය අද මොකද්ද දන්නේ නැහැ කියන්නේ. (බ)
සැක කරන්න දෙයක් නැහැ..(හේ)
රණබිම මරුනේ සිංහලයකුනම් පපුවෙහි වෙඩි සලකුණු ඇත්තේ සතුරාට ළය දී මිස මරුනේ නැත, ලේ පල්ලම් නැත පිට පැත්තේ (ම)
සජීවට කවුරුහරි දේශපාලකයෙකුට කියලා ගහක බැඳගන්න පුදුම ආශාවක්නේ තියෙන්නේ. (නි)
කවුද මේ සැකකරුවෝ? අපි දැනගන්න කැමතියි (නි)
ගෝඨාභය මහතා නැති අඩුව අපිට දැනෙනවා දැන් (නි)
වටකර සෝදිසි කිරීමට පොලිස් නිලධාරීන් පුහුණුකර නැද්ද? මොකද මෙහෙම නිකම්ම බිලිවෙන්නේ. ලැජ්ජයි (නි)
මෙවැනි අපරාධ සිදුවීම් නවත්වන්න බැරිද? අනේ අපේ රටට වෙච්ච දෙයක් කියලා දැන් හිතෙනවා. (නි)
දැන් ලංකාව පොඩි චිකාගෝවක් වෙලා ඉවරයි. රජය නිදි. පාතාලය වැඩ (නි)
ඛේදවාචකයක් (බ)