IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


කොරෝනා ආසාදිත ලාංකිකයින්ගේ සංඛ්‍යාව 50 දක්වා ඉහළට

( ඩයනා උදයංගනී)

කොරෝනා වයිරසය අසාදිත වූ තවත් ශ්‍රී ලාංකික  පුද්ගලයින් 9 දෙනකු අද(18)  හඳුනා ගෙන ඇතැයි සෞඛ්‍ය ඇමැති පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

රාජගිරියේ  පිහිටි කොවිඩ් - 19 පැතිරිම වැළැක්වෙන ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවේදී  ඇමැතිවරිය මේ බව කීවාය.

එමෙන්ම සැක සහිත පුද්ගලයින් වේ නම් ඔවුන්ට ප්‍රතිකාර සඳහා වෙනම රෝහල් 24 ක්  සුදානම් කර ඇති බවද ඇමැතිවරිය පැවසූ ඇමැතිවරිය  චාරිකා විනෝද ගමන් මුළුමනින්ම නතර කර දමන බවද සඳහන් කළාය.

අද වන විට  කොරෝනා ආසාදිත මුළු පුද්ගලයින්ගේ සංඛ්‍යාව 50 කි.

වයිරසය ආසාදනය වී ඇතැයි අද  වාර්තා  වු පුද්ගලයින් 9 දෙනා අතර  අවුරුද්දයි මාස පහක් වයසැති බිලිදෙකු, බිලිදාගේ මව සිටින බව තොරතුරු අනාවරණ වී තිබේ.



අදහස් (16)

කොරෝනා ආසාදිත ලාංකිකයින්ගේ සංඛ්‍යාව 50 දක්වා ඉහළට

Sabriya Wednesday, 18 March 2020 10:50 AM

හැමෝටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.

:       0       85

Champa Wednesday, 18 March 2020 10:54 AM

දැන් 51 ටත් නැගලද? තව මිනිස්සු කීයකට කොරෝනා හැදෙන්න ඕනෙද දන්නේ නැහැ නේද ජනාධිපතිට ඡන්දෙ කල් දාන්න? දිනපතා මිනිස්සු සිය ගණන් මැරෙන හැටි අහලා මුළු ලෝකයම භීතියෙන් ඇලිලා ඉන්න වෙලාවේ ලංකාවේ දේශපාලකයින් නාමයෝජනා දෙන්න යනවා.. ඡන්දෙ ගැන මාධ්‍ය හමු පවත්වනවා. නිරෝධායන නොවී කට්ටි පැන්න මිනිස්සු ගැන මොන කතාද? රටේ දේශපාලකයින් කියන අමුතු සත්තු ටික ජනතාව ගැන කිසි හැඟීමක් නැතුව ඡන්දයක් පස්සේ දුවදුව හැසිරෙන හැටි හරිම පිළිකුල්... අල්ලන් නෙලන්න ඕනේ නිරෝධායනය නොවුණු මිනිස්සුනට නෙමෙයි ඡන්දෙ ඉල්ලන දේශපාලකයින්ට...

:       1014       895

maxWednesday, 18 March 2020 12:36 PM

චම්පෝ, කොවිඩ් හේතුවෙන් ඡන්දෙ කල් දැමීම පිළිබඳ මූලික අදහස ආණ්ඩු පාර්ශවයෙන් ඇවිත් ඒ ගැන මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කරන කතාබහක් ඇතිවුණු වෙලාවේ තමුන්ගේ ලොක්කෙක් වන, පාස්කු හරීන් ප්‍රනාන්දු කිව්වේ "ආණ්ඩුව කොරෝනාවට මුවාවෙලා ඡන්දෙ කල් දාන්න උත්සාහ කරනවා" කියලා... තමුන් ඒ වෙලාවේ හීන බලබලා (ආණ්ඩුව වැටෙන හැටි) නිදිය ගෙනද හිටියේ? තමුන් වගේ හිතන අයත් එක්ක මේ රට මේ මට්ටමින් තියෙන එකත් ලොකු දෙයක්...

:       252       410

kapWednesday, 18 March 2020 01:26 PM

දැන් ආණ්ඩුව හරීන් කියන දේද කරන්නේ? සර්ට බැරිද?

:       74       51

ChampaWednesday, 18 March 2020 04:35 PM

මම නම් මැක්ස් ඔයා වගේ යූඑන්පී කාරයෙක් නෙමෙයි හින්දා හරීන් කියන දේවල් ගැන දන්නේ නැහැ. මම කතා කරන්නේ රටේ දැන් තියෙන වාතාවරණය දිහා බලලා... මේ තියෙන තත්වය අනුව ඡන්දයක් තියනවා කියලා හිතන්නවත් බැහැ. ආණ්ඩුව ඡන්දෙ තියනවා නම් දැන් ඉඳන්ම ඡන්ද පත්‍රිකා එකින් එක... ඒ කියන්නේ මිලියන 15ක් ඡන්ද පත්‍රිකා විෂබීජානුහරණය කරන්න ඕනේ... ඊට පස්සේ ඡන්ද පොළවල්වලත් ඒ ඡන්ද පත්‍රිකා අතපත ගාන්න සියලු ඡන්ද මධ්‍යස්ථාන නිලධාරීන්ට මුඛවාඩම් අන්දලා ඔලුවේ ඉඳන් වහන්න ඕවරෝල් කියන ඇඳුම් ලැස්ති කරලා තියන්න ඕනේ. ඊට පස්සේ මිනිස්සු ඡන්දෙ දුන්නාට පස්සේ ඡන්ද පත්‍රිකා ගණන් කරන්න ඉස්සෙල්ලා ඒවා නැවත විෂබීජානුහරණය කරන්න ඕනේ. ගණන් කරන නිලධාරීන්ටත් ඔලුවේ ඉදන් වහන් මුඛවාඩම් දාගෙන ඉන්න පහසුකම් සලසන්න ඕනේ... ඒ මොකද කිව්වා නම් රෝගී ලක්ෂණ පෙන්නුවේ නැතත් වෛරසයට නිරාවරණය වුනු මිනිස්සු ඕනෑ තරම් ඉන්න පුළුවන් නිසා. ප්‍රායෝගික දැනීම තියෙන්න ඕනේ... කෙනෙක්ට තේරෙනවා මේ වගේ වාතාවරණයක් ඇතුලේ ඡන්දයක් තියන්න බැරි බව...

:       0       7

ChampaWednesday, 18 March 2020 01:05 PM

මම හිතුවේ ලංකාවේ තත්වේ තාම දරුණු නැහැ කියපු ජනාධිපතිවරයා එක පාරටම එක දවසින් පුත්තලම, මීගමුව පැත්තේ ඇඳිරි නීතිය දැම්මේ මොකද කියලා. කවුරුහරි මැරිලද දන්නේ නැහැ කොරෝනා හැදිච්ච..?

:       212       215

කපුරුහමි Wednesday, 18 March 2020 12:13 PM

කොරෝනා වසංගතය ඉක්මණින් දුරු වේවා! ත්‍රිවිධ රත්නයේ පිහිට, ආශීර්වාදය ලැබේවා! යහපතක්ම වේවායි කියා පතමු...

:       0       46

Ravindra Seneviratne Wednesday, 18 March 2020 12:35 PM

නෝර්වේ රටේ සති දෙකකට කලින් වීසාගන්න පටන් ගත්තේ අද වෙනකොට1500කට වැළඳිලා මරණ 4. ලංකාවට මේ තත්වය උදා නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා..!

:       0       44

pradeepa Wednesday, 18 March 2020 12:38 PM

ඔක්කොම තහනම් කරනවා... නමුත් තාම ඡන්දෙ කල් දැම්මේ නැහැ... ඔයාලා රට ගැන හිතන්න.. මේ මනුස්සයින් ටික මරාගන්නද යන්නේ?

:       155       256

Anura Wednesday, 18 March 2020 12:55 PM

ඇඳිරි නිතිය දමා සිදුකල යුත්තේ එම ප්‍රදේශයේ ගෙයක් ගෙයක් ගානේ ගොස් පිටරට සිට පැමිණ සැඟවී සිටින පුද්ගලයන් සොයා නිරෝධායනයට යොමු කිරීමයි. නැත්නම් එකදවසක් ඇඳිරි නීතිය දැම්මා කියලා කිසි තේරුමක් නැහැ.

:       0       54

siri Wednesday, 18 March 2020 01:00 PM

අවුලක් නෑ. ඡන්දෙන් කවුරුවත් මැරෙන එකක් නෑ. ඒක සහතිකයි කියලනේ ඇමැතිවරු කියන්නේ. තුනෙන් දෙක නැතුව මේ මොන දෙයක්වත් කරගන්න බැහැනේ ඉතින්...

:       34       127

MOHOMED Wednesday, 18 March 2020 01:21 PM

අපිට 2/3 ඕනෑ.

:       26       38

රජින්ද Wednesday, 18 March 2020 02:19 PM

පොලිසිය අය බීච් ගිය අයවයි, ට්‍රිප් ගිය අයවයි අල්ලනවලු... එතකොට 2000ක් විතර වැඩකරන අපේ සයිට්වල රැස්වෙන මිනිස්සු ගැන මොකද කියන්නේ?

:       1       16

බද්රානි Wednesday, 18 March 2020 03:07 PM

මට මේ ගැන හිතා ගන්න ටිකක් අමාරුයි. ඔය කියන ප්‍රදේශවල අය පමණද මේ අවස්ථාවේ ලංකාවට ගොස් තිබෙන්නේ? ඒ වගේම ඉතාලිය තුළත්, කූඩාරම් ගසාගෙන එහාට මෙහාට සැරිසරන (රොඩීන්) පිරිසක් වෙන්න ඇති මේ හදිසියේ ලංකාවට පැනගෙන තිබෙන්නේ. ස්ථීර රැකියාවක නියැලෙන හා ඉතාලියේ ස්ථීර වාසස්ථානයක වෙසෙන අයට මෙසේ හදිසියේ පැනයන්න පුලුවන්ද? අර ගුවන්තොටුපල තුළ ආරාවුල් ඇතිකරන කාන්තාවන් ඇතුළු පිරිමින් ලංකාවේ කුමන පළාත්වල අයද? ඒ ගැන පෞද්ගලික තරහවල් පිරිමහ ගන්නේ නැතිව කරුණාකර දන්නා කෙනෙක් නිවැරදි තොරතුරු සපයන්න. ඒ වගේම නිරෝධන කටයුත්ත පැහැර හරිමින් සමාජය අනතුරට ලක්කරන පුද්ගලයින්ගේ නම්ගම් මාධ්‍ය මගින් මේ අවස්ථාවේ රජය මගින් මාධ්‍යයෙන් ප්‍රසිද්ධ කළයුතු වෙනවා.

:       0       16

PrabhaWednesday, 18 March 2020 06:33 PM

ඉතාලියේ ඉන්න බහුතරයක් වෙන්නපුවේ, හලාවත අය

:       0       0

පිටිගල මිලානෝ Thursday, 19 March 2020 06:54 AM

අද (19දා ) වන විට ඉතාලියේ, විශේෂයෙන්ම උතුරු ඉතාලියේ මිනිසුන් මිය යන්නේ මැස්සන් කුහුඹුවන් ගේ ගණනින්ය. ඒ නිසා වහාම ලංකාව දැන්මම ලොක්ඩවුන් කරන්න. නැත්නම් ලංකාව මිනිසුන්ගෙන් හිස් වෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සීවලී මහරහතන් ධාතුන් වහන්සේ ගංගාරමයට වැඩමවති
2025 අප්‍රේල් මස 25 396 0

උපාලි සමූහ ව්‍යාපාරියේ හිටපු සභාපති අභාවප්‍රාප්ත දොස්තර සීවලී රත්වත්තේ මහතාගේ දියණිය වන එරන්තිකා සිරිමාවෝ රත්වත්තේ කැලේගම මහත්මිය එම පවුල සතුව තිබ


මැලේරියාව ගැන රටට කියන්න පා ගමනක්
2025 අප්‍රේල් මස 25 41 0

ලෝක මැලේරියා දිනය වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් සංවිධානය කළ “Say Not To Malariya” මැලේරියා මර්දන සැමරුම් පාගම


ඉදිරි පැය 36 තුළ වැසි තත්වයක්
2025 අප්‍රේල් මස 25 226 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවත් දිව


මාතරින් දේශබන්දුට දුන් නියෝගය
2025 අප්‍රේල් මස 25 1080 0

“මෙම අපහාසය තම ඇසෙන හෝ පෙනෙන තෙක් මානයේ සිදුවූවක් නොවන බැවින් ක්‍රියා මාර්ගයක් ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් කෙසේ වෙතත් මෙය බරපතල ත


අයි.එම්.එෆ් හතර වන වාරිකය දෙන්න එකඟතාව ලැබෙයි
2025 අප්‍රේල් මස 25 318 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකම යටතේ වන හතර වන වාරිකය නිදහස් කිරීමට අදාල කාර්ය මණ්ඩල එකඟතාවට පැමිණ තිබේ.


ලාංකිකයෝ දෙදාහකට ඊශ්‍රායලයේ රැකියා දොර ඇරිලා
2025 අප්‍රේල් මස 25 297 0

ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 2149 දෙනකු සඳහා ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබෙන බව විදේශ සේවා නියුක්ති කා


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 799 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 378 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 529 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site