(අජන්ත කුමාර අගලකඩ)
කොරෝනා වසංගතය පාලනය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශවලට තවත් බලතල පැවරෙන රෙගුලාසි ඇතුළත් නව ගැසට් නිවේදනයක් සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් මේ සතියේදී නිකුත් කෙරෙනු ඇත.
නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ ඇමැතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම නව රෙගුලාසි පැනවේ.
මෙමඟින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට සහ මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ට ද නව බලතල පැවරෙනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි.
කොරෝනා වසංගතය පාලනය සම්බන්ධයෙන් වරින් වර විධාන පැනවීමට, චක්‍රලේඛ සහ නියෝග පැනවීමට මේ යටතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට බලය පැවරෙනු ඇත.
මහ මැතිවරණය පැවැත්වීමට අදාළව සෞඛ්‍ය අංශ විසින් දෙන ලද නිර්දේශවලට අදාළ මාර්ගෝපදේශ ද මෙම ගැසට් නිවේදනයට ඇතුළත් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි.
මීට අමතරව නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යෑම, රෝගීන් හඳුනාගැනීම, පරීක්ෂණවලට ලක් කිරීම, නිරෝධායන මධ්‍යස්ථානවලට ඇතුළත් කිරීම ආදී කාරණා සම්බන්ධයෙන් මෙම නව රෙගුලාසි පැනවෙන බව වාර්තා වේ.
කොරෝනා වසංගතය පාලනය සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් මීට පෙර ගැසට් නිවේදන දෙකක නිකුත් කරනු ලැබූ අතර මෙය ඒ සම්බන්ධයෙන් නිකුත් කරන තුන්වන ගැසට් නිවේදනය වේ.
කොරෝනා වසංගතය නිරෝධායන පනත යටතට ගැනෙන රෝගයක් ලෙස නම් කරමින් පළමු ගැසට් නිවේදනය ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිසි බලධරයා කරමින් දෙවැනි ගැසට් නිවේදනය ද සෞඛ්‍ය ඇමතිනි පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය විසින් මීට පෙර නිකුත් කරනු ලැබීය
තුන්වන ගැසට් නිවේදනය මේ සතියේදී නිකුත් කිරීමට නියමිතය.
මහර බන්ධනාගාර නියාමකවරයකුගේ නිවසේදී පැවති සාදයකින් අනතුරුව රෝගී වූ පුද්ගලයෙක් මියගොස් ඇතැයි මුල්ලේරියාව පොලිසිය කියයි.
ළමයින්ට, ගුරුවරුන්ට සහ දෙමවිපියන්ටත් වදයක් නැති අධ්‍යාපන ක්‍රමයක් 2026 සිට පළමු ශ්‍රේණියට සහ හයවන ශ්‍ර්ණියට ආරම්භ කරන බවත් මෙය ජනප්‍රිය වීමේ හෝ ඡන්දේ ම
මහනුවර නගරය පිරිසිදු කිරීමට අඛණ්ඩව දායක වූ මහනුවර මහ නගර සභාවේ කම්කරුවන් සඳහා දළදා වන්දනාවට විශේෂ අවස්ථාවක් අද පස්වරු 4 ට සලසා දී ඇතැයි රජයේ ප්‍රවෘත්ත
තලවකැලේ, නානුඔය, ග්ලාස්ගෝ වත්තේ දේව පූජාවක් සිදු කිරීම සඳහා විවෘත භූමියක සකස් කරන ලද විශාල උසකින් යුත් කොටයකට සවි කරන ලද ලී ඉණිමගකින් බිමට ඇද වැටීම හේතු
දෙවියන් ආරූඪ වන බව පවසමින් අනවසරයෙන් පොලිස් ස්ථානයෙන් පිටව ගොස් මැදවච්චිය, කනදරාව ප්‍රදේශයේ මාර්ගයේ ගමන්කරමින් තිබූ වාහන වලට කලාකාරී ලෙස පහර දුන් බව
ජාතික ජන බලවේගයේ මෙවර මැයි රැලිය කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට තීරණය කර ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කොරෝනා මඩින්න සෞඛ්‍ය අංශවලට තවත් බලතල
දයාජ Tuesday, 16 June 2020 01:37 AM
කොරෝනා මර්ධනය ඉතා සැලසුම් සහගතව, පියවරෙන් පියවර ඉදිරියට යමින් පවතී. එය සතුටට කරුණක්. සෞඛ්‍ය අමාත්‍යාංශය දුර දැක්මක් ඇතිව සිය කාර්යය කරගෙන යන බව පෙනේ....... පීඩනය ඉවසා දරාගෙන කටයුතු කළ ආකාරය ගැන අපට කියා දුන් ආදර්ශමත් පාඩම් බොහෝ ය. එය පැසසුමට ලක් විය යුතුය.
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 16 June 2020 03:54 AM
පක්ෂග්‍රාහී නුවණ මඳ උපදේශක වරුන්ගේ ඉච්චා බස් වලට නොරැවටී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්ට හා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමයේ සභාපතිට බලතල ලබා දෙන්න. එසේ වුවහොත්,රජය කෙරෙහි මහජන ප්‍රසාදය වැඩිවී විශාල බුද්ධිමත් ඡන්ද පදනමක් ගොඩ නැඟේ.මේ බව දියුණු රටක අත්දැකීම් ඇති අය හොඳින් දනී. පුදුමය කියන්නේ ... ඒවා ක්‍රියාවේ නොයේදීමය.
lalithm Tuesday, 16 June 2020 07:10 AM
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිට නොව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්ට බලතල ලබා දෙන්න. එසේ වුවහොත් පැසසුමට ලක්විය යුතු ආකාරයට පියවරෙන් පියවර ඉදිරියට යමින් පවතියි.