(විනීතා එම් ගමගේ)
ගතවූ දින 15 ඇතුළත වාර් තා වී ඇත්තේ කොවිඞ් 19 රෝගීන් 149 දෙනෙක් පමණක් වුවද එම කාලය ඇතුළත කොරෝනා රෝගීන් 633 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය වාර් තා පෙන්වා දෙයි.
ඒ අනුව රෝහල් ගත වී ප්‍රතිකාර ලබන කොවිඞ් 19 රෝගීන් ගණන සීඝ්‍රයෙන් ක්‍රමාණුකූලව අඩුවෙමින් පවතින බව පෙන්වා දෙන එම වාර් තා ඉකුත් දින තුනේ දී කිසිදු රෝගියෙකු වාර් තා නොවූ බව ද අද (21) දහවල් නිකුත් වූ වාර්තාවේ සඳහන් වේ.
(මෙම ප්‍රස්ථාරයේ ළා කොළ පැහැයෙන් දක්වා ඇත්තේ පසුගිය මාසයක කාලය තුළ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් - 19 ආසාදිතයන් සංඛ්‍යාවයි)
මේ වනවිට වාර් තා වී ඇති රෝගීන් ගණන 1950 ක් වන අතර සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති පිරිස 1498 කි. එය රෝගීන් ප්‍රතිශතයෙන් සියයට 76.8කි.
ඒ අනුව තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 441 ක් දක්වා අඩු වී ඇති අතර දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර ලබන්නේ එක් රෝගියෙක් පමණි.
මේ මාසයේ ගතවූ දින 21 දී වැඩිම රෝගීන් පිරිසක් වාර් තා වී ඇත්තේ ජුනි දෙවැනිදා වන අතර එදින රෝගීන් 79 දෙනෙක් වාර් තා වී තිබේ.
කෙසේ වෙතත් මේ වනවිට සුවවී රෝහලෙන් පිටව යන රෝගීන් සංඛ්‍යාව සීඝ්‍ර ලෙස වැඩිවෙමින් පවතින බැවින් ඇඳන් 484 ක් ඉකුත් දින 15 දී නිදහස්ව ඇති බව ද එම වාර් තා අනුව පෙනීයයි.
(මෙම තීරු ප්‍රස්ථාරයෙන් දැක්වෙන්නේ පසුගිය මාසයක කාලය ඇතුළත සුවය ලබා රෝහල් වලින් පිටව ගිය කොවිඩ් - 19 ආසාදිතයන් සංඛ්‍යාවයි)
කොවිඩ් - 19 සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය - සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය අනුග්‍රහයෙනි
මහර බන්ධනාගාර නියාමකවරයකුගේ නිවසේදී පැවති සාදයකින් අනතුරුව රෝගී වූ පුද්ගලයෙක් මියගොස් ඇතැයි මුල්ලේරියාව පොලිසිය කියයි.
ළමයින්ට, ගුරුවරුන්ට සහ දෙමවිපියන්ටත් වදයක් නැති අධ්‍යාපන ක්‍රමයක් 2026 සිට පළමු ශ්‍රේණියට සහ හයවන ශ්‍ර්ණියට ආරම්භ කරන බවත් මෙය ජනප්‍රිය වීමේ හෝ ඡන්දේ ම
මහනුවර නගරය පිරිසිදු කිරීමට අඛණ්ඩව දායක වූ මහනුවර මහ නගර සභාවේ කම්කරුවන් සඳහා දළදා වන්දනාවට විශේෂ අවස්ථාවක් අද පස්වරු 4 ට සලසා දී ඇතැයි රජයේ ප්‍රවෘත්ත
තලවකැලේ, නානුඔය, ග්ලාස්ගෝ වත්තේ දේව පූජාවක් සිදු කිරීම සඳහා විවෘත භූමියක සකස් කරන ලද විශාල උසකින් යුත් කොටයකට සවි කරන ලද ලී ඉණිමගකින් බිමට ඇද වැටීම හේතු
දෙවියන් ආරූඪ වන බව පවසමින් අනවසරයෙන් පොලිස් ස්ථානයෙන් පිටව ගොස් මැදවච්චිය, කනදරාව ප්‍රදේශයේ මාර්ගයේ ගමන්කරමින් තිබූ වාහන වලට කලාකාරී ලෙස පහර දුන් බව
ජාතික ජන බලවේගයේ මෙවර මැයි රැලිය කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට තීරණය කර ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කොරෝනා වක්‍රය පහළ බසී
සේන Sunday, 21 June 2020 01:52 PM
අපේ රටට දළදා හිමි සරණයි !
sunil Wijeratne Sunday, 21 June 2020 03:58 PM
සියලු දෙනාටම මගේ ගෞරවය... !!!
Nanda Sunday, 21 June 2020 04:27 PM
ගොඩක් සතුටුයි...
rama Monday, 22 June 2020 03:44 AM
අනේ අපේ රටට වාසනාවන්.