IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


කොරෝනා ව්‍යාප්ත වීම වළක්වන්න සහය වන්නැයි රජයෙන් විශේෂ ඉල්ලීමක්

කොරෝනා වයිරසය හෙවත් (කොවිඩ් - 19)  ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින හෙයින් ඉන් වැළකීම සඳහා  රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළට සහාය වන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටී. 

මේ පිළිබඳව දැනුම් දෙමින්  ජනාධිපති මාධ්‍ය අංශය මගින් විශේෂ නිවේදනයක් අද (11)  නිකුත්  කර තිබේ.

ලෝකය පුරා රටවල් රැසක මේ වන විට වයිරසය  ව්‍යාප්ත  වී ඇති අතර  එය පාලනයට එම රටවල් විධිවිධාන රැසක් ගෙන තිබේ. 
 
එමෙන්ම ශ්‍රී ලංකාවෙන් හඳුනා ගත් පළමු කොරෝනා රෝගියා මේ වන විට  නිරෝධායනයට ලක් කර ප්‍රතිකාර ආරම්භ කර ඇති  බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජා සිංහ මහතා සඳහන්  කරයි. ඔහු  52 හැවිරිදි   ඉතාලි ජාතික සංචාරක කණ්ඩායමකට මග පෙන්වන්නකු ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකිකයෙකි.

එම  ශ්‍රී ලාංකියා  ඇතුළු  සංචාරක කණ්ඩායම ගමන් ගත් ස්ථාන හා ඔවුන් ඇසුරු කළ පුද්ගලයන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමද ආරම්භ කර ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාල නිවේදයේ දැක්වෙයි.

ශ්‍රී ලංකාව  තුළ කෙරෝනා වෛරසය වැළැක්වීමට රජය විධිමත් සැලැස්මක් සහිතව පුළුල් වැඩසටහනක් ආරම්භ කර  තිබේ.  ඊයේ (10) සිට දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට පැමිණෙන අය නිරෝධායනය කිරීම ආරම්භ  කර ඇත.

එහෙයින් කොරෝනා අවදානම නැති නැති කිරීම සඳහා  රජය ගෙනයන වැඩපිළිවෙළට පූරණ සහය ලබා දෙන්නැයි  විදේශගතව පැමිණෙන  පිරිසගෙන්  සහ ශ්‍රී ලාංකික ජනතාවගේ රජය ඉල්ලා සිටින බව එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙයි.



අදහස් (28)

කොරෝනා ව්‍යාප්ත වීම වළක්වන්න සහය වන්නැයි රජයෙන් විශේෂ ඉල්ලීමක්

Sl Wednesday, 11 March 2020 04:26 AM

ඉතාලියේ, කොරියාව් ඉඳලා එන අය හෝටල් පහසුකම් ඉල්ලනවා නම් ලංකාවට ගන්නේ නැතිව ඉන්න. ආණ්ඩුව මෙතරම් දෙයක් කරන එකට සහාය දෙනවා ඇරෙන්න උද්ඝෝෂණ කරන්නේ මෝඩයින්..

:       7       70

මුණසිංහ Wednesday, 11 March 2020 04:29 AM

අපේ මිනිස්සුන්ට යමක් දැනෙන්නේ නාසය ගාවට ආවට පස්සේ. පුදුම ජාතියක්. ලෝකයේ දියුණු රටවල් පවා දැනට ලංකාවේ ක්‍රියාත්මක වැඩ පිළිවෙල අගය කරනවා. මේ විරුද්ධව කෑගහන අය ලෝකයේ අනෙකුත් රටවල් මේ වෙනුවෙන් දාපු නීති දන්නේ නැතිව ඇති. නැත්නම් දැන දැනත් මේකත් දේශපාලන වශයෙන් ප්‍රයෝජනයට ගන්න බලනවා ඇති.

:       5       45

Akila Wednesday, 11 March 2020 04:34 AM

ලංකවේ මිනිස්සු කවද්ද කිසිම වැඩකට සහයෝගය දුන්නේ ? දැක්කනේ ඊයේ ගුවන්තොටුපළේදී හැසිරුණු හැටි. අනික ලංකාව අධික ජනගහනයක් ඉන්න රටක්. මේක ව්‍යාප්ත වෙන්න පටන් ගත්තොත් එක කොනක ඉඳලා රටේ අනිත් කොනටම ව්‍යාප්ත වෙන්න මාසයක්වත් යන එකක් නැහැ. ඒක හින්දා බලධාරීන් රටේ මිලියන 20 ක් ජනතාවගේ ආරක්ෂාව ගැන හිතලා දැන්වත් ඔය රෝගය දරුණු ලෙස පැතිරීයන ඉතාලිය, චීනය, දකුණු කොරියාව,ඉරානය යන රටවල් වල සිට මෙහෙට එන ගුවන් යානා තාවකාලිකව තහනම් කරන්න.

:       1       107

හේරත්Wednesday, 11 March 2020 08:40 AM

ජනතාව අතර විවිධ තිබෙන මතවාද පොදු වේ රටේ තත්වයයි. ඒත් රටේ පාලකයින් මේ පිළිබඳ ජාතික වැඩපිළිවෙලක් ගොඩ නගා ඒ ගැන ජනතාව දැනුවත් කර ජනතාව ඊට පෙළ ගැස්වීම කළ යුතුයි. දැනට එවැනි වැඩපිළිවෙලක් නැත. රජය සහ නායකයින් ඒ ගැන සුදානම් වන බවක් ද පෙනේනට නැත. රටේ කිසිම දෙයකට නැති නායකත්වය, මේ ප්‍රශ්නය විසඳීමට නැති බව පැහැදිලිය.

:       107       57

මුණසිංහWednesday, 11 March 2020 10:12 AM

ඔබතුමා ඉන්නේ ලංකාවේ නම් වෙන්න බැහැ.

:       1       18

පිටිගල මිලානෝ Wednesday, 11 March 2020 05:25 AM

නිතරම අත්දෙක සබන් දාලා සෝදා ගැනීම ගැන ජනප්‍රිය මාධ්‍ය මගින් දැනුවත් කරන්න.

:       0       47

ramaWednesday, 11 March 2020 08:20 AM

නිතරම අත්දෙක සබන් දාලා සෝදාගැනීම ගැන ජනප්‍රිය මාධ්‍ය මගින් දැනුවත් කරන්න. සබන් මුදලාලිලාට හොඳ පැල්ලමක්... මිල වැඩිකරගන්න මේ වෙලාවේ සබන් හිඟයක් මවාපාලා හරි මිලවැඩි කරගනීවි. එහෙව් මිනිස්සු ඉන්නේ ලංකාවේ...

:       7       43

DasaWednesday, 11 March 2020 11:37 PM

අපේ මිනිස්සු පහු ගිය කාලේ කයිවාරු ගැහුවා ලංකාවට ඕවා බෝවෙන්නේ නැහැ කියලා.

:       0       0

Bule Wednesday, 11 March 2020 05:38 AM

මෙය වළක්වා ගැනීම පිලිබඳ මීට වඩා ජනතාව දැනුවත් කළ යුතුයි.

:       0       20

sigithi Wednesday, 11 March 2020 05:48 AM

මේ අවස්ථාවේ පක්ෂ පාට කන්නාඩි වලින් බලන්නේ නැතිව රට ගැන සිතා අපේ සහෝදර ජනතාව ගැන සිතා රට කරන අයට සහය දෙමු. අපේ ලක්වැසි සියලුම ජනතාව සහයෝගයෙන් වැඩ කළොත් මෙයින් රට බේරා ගැනීමට පුළුවන්. අපේ රටට උතුම් ත්‍රිවිධ රත්නයේ පිහිටයි ! උතුම් දළදා සමිදු රැකවරණයි ! ඔබලා සැමට සම්මා සම්බුදු සරණයි !

:       0       27

lalithm Wednesday, 11 March 2020 06:37 AM

උදව් දෙන්න කිව්වට මහජනයා විසින් කළයුතු හා නොකළයුතු දේවල් දැඩි ලෙස තදින් බල කල යුතු බව අපට හිතෙනවා. තවමත් අපේ මිනිස්සු බොහෝ උගත් අයත් ඇතුළුව නිදහසේ කිවිසුම් යවනවා අඩු තරමින් මුව ලේන්සුවකින්වත් වසා ගන්නේ නැතිව. හරිම අප්‍රසන්නයි. විශේෂයෙන් මහජන ප්‍රවාහන සේවාවන් වල මේ තත්වය භයානකයි.

:       0       51

මුණසිංහ Wednesday, 11 March 2020 07:00 AM

නිරෝධායනය නොකර ගෙදර එන අයව ගමේ කට්ටිය එකතු වෙලා "නිරෝධායනය" කරලා ගනීවි. ඒ නිසා ගමට යන්නේ ප්‍රවේශමෙන් !

:       13       65

රුවන් අර්ශාඩ් Wednesday, 11 March 2020 07:49 AM

කොරෝනාව පිටින් දාල රාජපක්ෂවරු හදන්නේ බලය ගන්න. කොරෝනා නම් පස්සේ බලාගන්න බැරිය. මේ ඡන්දෙන් පොහොට්ටු කාරයෝ ගෙදර යවමු. අලුත් රජයක් යටතේ අපි මේ රටේ මිනිස්සුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නම්. සියලු බලවේග එක්ක අපිට පුළුවන් කොරෝනාවෙන් හා රාජපක්ෂවරුන්ගෙන් මේ රට මුදා ගන්න.

:       1054       39

ArunalingamWednesday, 11 March 2020 10:00 AM

මේ වගේ වෙලාවටත් දේශපාලනේ අල්ලන් කියවන නුඹලා පිටුවහල් කරන්න ඕන ඔක්කෝටම කලින්... ජාතික ව්‍යවසනයකදී එකට එකතු වෙන්න බෑ.. බලේ අල්ලන්නයි කතාව...

:       6       52

මුණසිංහWednesday, 11 March 2020 10:32 AM

තමුන්නාන්සේලා 2015දී පිහිටුවපු අලුත් ආණ්ඩුවෙන් රට රැකගත්ත හැටි කවුරුත් දැක්කා. ඒ නිසා පැත්තකට වෙලා හිටියොත් හොඳයි.

:       6       15

කපටි ආරක්සකWednesday, 11 March 2020 11:17 AM

දැන් ඉන්න අය කියලා හොඳයිද? දුෂිත පවුල් පාලනේ බලලෝභී බඩගොස්තරවාදියෝ......

:       15       10

Dilan Wednesday, 11 March 2020 07:54 AM

කෙසේ වෙතත් ලංකාව කොරෝනා ආසාධිත රටවලින් පැමිණෙන්නන් සීමා කළ යුතුයි. උෂ්ණත්වය වැඩිවීම නිසා ලංකාවේ රෝගය පැතිරීම අඩුවීම සිදු වුවත් මෙම වයිරසය පරිසරයේ අක්‍රීයව පැවතී උෂ්ණත්වය අඩු කාලයක නැවත සක්‍රීය වී පැතිරෙන්න පුළුවන්.

:       0       4

krishantha Wednesday, 11 March 2020 08:00 AM

පාසල් නිවාඩුව දැන්ම දෙන්න බැරිද ? කොරෝනා හැදිච්ච ගෙදර බබා පාසල් ගියහම පන්තියේ තව 30ක් ඉන්නවා .පස්සේ නවත්තලා වැඩක් තියේද ? දැන්ම තමා නිවාඩු දෙන්න ඕන.

:       2       36

amila Wednesday, 11 March 2020 08:32 AM

ඡන්දෙ ඉල්ලන අයට නියම ඡන්ද පොරොන්දුවක් "කොරෝනා තුරන් කරන්න මට ඡන්දෙ දෙන්න" "කොරෝනා නැති කරන්න පුළුවන් මට විතරයි" "කොරෝනා නැති කරන බලවේගේ"

:       561       1

ආන්ජලෝ Wednesday, 11 March 2020 08:43 AM

මේ ඉතාලි ආණ්ඩුව අශ්වයා ගියාට පසු ස්තාලය වහලා තියෙන්නේ. ඒ අතින් බලනකොට ලංකාව හොද පියවර අරන් තියෙනවා.මම බිරිද දරුදෙදෙනා රෝමයේ ජිවත් වෙන්නේ. රස්සාවට එන්න එපා කියනවා. හැමෝම බය වෙලා ගෙවල් වලට කොටුවෙලා ඉන්නේ. මේ තත්වය එන්න එන්න බැරැරුම් වෙනවා. ලංකාවේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ම්ට වැඩිය පියවරවල් ගත්තත් කමක් නැහැ.

:       0       30

නෙවිල් Wednesday, 11 March 2020 08:49 AM

නිරෝධායනය කළ අයට අංකයක් දීලා, පාස්පෝර්ට් එකේ සටහනක් දැම්මොත් හොඳයි.

:       0       17

mohomed Wednesday, 11 March 2020 08:55 AM

දැනටමත් ලංකාවේ කොරෝනා බෝ වෙලා තියන්නේ. උපකරණ නැති නිසා හොයා ගන්න බැරුව ආණ්ඩුව මිනිස්සු අන්දනවා.

:       82       15

මුණසිංහWednesday, 11 March 2020 10:37 AM

තමුන්ලා වගේ අයට දැනටමත් උණ බව දන්නවා. ලංකාවේ රෝග ව්‍යාප්ත වුණොත් බරපතල වෙන්නේ මඩකලපුව, පුත්තලම වගේ පැතිවල... හේතුව මම කියන්න අවශ්‍ය නැහැ. ඉරානයට වුනේ සිරිතක් ලෙස සෞඛ්‍යයට මුල් තැන නොදීම. මතක තියාගන්න... අනතුරු ඇගවීමක්!

:       0       3

Aris Wednesday, 11 March 2020 09:49 AM

ලංකාව කැස්ස, හෙම්බිරිසාව, උණ රෝග නිතර හැදෙන හැදෙන රටක්. කොරෝනා රෝගයත් මුල් අවස්ථාව ඒ වගෙයි. ලේ පරීක්ෂාවකින් සොයා ගන්න ඕන. සමහරු මම දැක්ක උෂ්ණ අධික රටවල හැදෙන්නේ නැහැ කියලා සොයා ගැනීමකින් තොරව තර්ක ඉදිරිපත් කරලා තියනවා. එහෙනම් අපිට අහන්න පුළුවන් අධික ශීතල තියන රුසියාව,ඇලස්කාව වගේ රට වලත් හැදිලා නැහැ. ඒ නිසා මේක වැළදීම,පැතිරීම වලක්වා ගැනීමට ආණ්ඩුව ගෙනියන වැඩ පිළිවෙලට අපි සහය දක්වමු.

:       0       13

පිටිගල මිලානෝ Wednesday, 11 March 2020 02:23 PM

වෙනත් රටවල් මෙන් පමා නොවී පිටරට වල ඉඳලා එන සියල්ලටම තහනමක් පනවන්න. මෙය මාසයක් ක්‍රියාත්මක කර බලන්න. ඉතාලියටත් වැරදුණු තැන මෙතන කියලා දැන් පිළිගන්නවා. දුෂ්කරයි... නමුත් කළ යුතුයි, මේක හදිසි අවස්ථාවක්..!

:       0       26

Kumar Wednesday, 11 March 2020 03:52 PM

කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙන එක වළක්වාගන්න තමනට හැකිතරමින් සහායවන්න. මහලුවියේ පසුවෙන ඥාතීන් ඉන්නවා නම් ප්‍රවේශමින් කටයුතු කරන්න.

:       0       0

සිසිල් Thursday, 12 March 2020 01:35 AM

ඉතින් ඕකට මුලින්ම කල යුත්තේ ලංකාවට පැමිනෙන විදේශ ගමන් නැවැත්වීමයි. නැතුව මේ සල්ලිවලට කුනුකමේ පිටරට අය රටට ගන්නනකන් අපි බොරුවට පරිස්සන් වෙලා වැඩක් නෑ

:       0       0

Kumar Thursday, 12 March 2020 02:12 AM

එසත් ජනපදයේ කොරෝනා වෛරස නිසා සියලුම දේශපාලන පක්ෂවල රැස්වීම් අවලංගු කර ඇති බව ඒ පක්ෂ සංවිධාන දැනුම් දී ඇති බව කියන්න ඕනෙ. එවැනි දෙයක් ලංකාවේ කලොත් හොඳ නැද්ද.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ජනපති මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකී
2025 අප්‍රේල් මස 25 43 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) පෙරවරුවේ මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.


ඉඩම් කොමිසමේ දූෂණ: කෝප් විමර්ශනයක්
2025 අප්‍රේල් මස 25 134 0

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාර


දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුවට ඇමැති කාමරයක්
2025 අප්‍රේල් මස 25 379 1

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුවේ කටයුතු සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇමතිවරුන්ට වෙන් කෙරෙන කාමරයක


විජිත වතිකානයට
2025 අප්‍රේල් මස 25 557 3

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය පිළිබඳ අවමංගල පූජෝත්සවයට සහභාගීවීමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජි


රනිල් ලබන සඳුදා අල්ලස් කොමිසමට එන බව කියයි
2025 අප්‍රේල් මස 25 470 4

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබ


පාප් වහන්සේට ශෝකය පළ කරන්න රනිල් යයි
2025 අප්‍රේල් මස 25 690 5

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ වතිකාන තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම ප


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 769 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 371 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 519 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site