කරන්දෙණිය කොටවෙල මව සහ දරු දෙදෙනාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් වන පිය පුතු දෙදෙනාගේ ගෙට අද අලුයම ගිනි තබා ඇතැයි ගැමියෝ කියති.
පියාගේ ගෙට ගිනි තැබූ නමුත් ගිනි ඇවිලී නැතැයි කියති.
අලුයම පහ වන විටත් පුතාගේ ගෙය ගිනි ගෙන දැවෙමින් පැවැතිණි.
කුරුඳු කාර්මිකයෝ දෙදෙනෙක් මේ ගෙදර විසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමට මෙරට අධිකරණය නීතිය සහ විනිසුරන්. (නි)
පළාත දකුණ නෙමෙයි නම් මිනීමරුවා හරි දකුණේ. (නි)
සිල්වා කියන කතාවේ ඇත්තක් තියනවා වම්බොට්ටා ,රත්නවීර කල්ලිය ,චන්ඩි මල්ලි ,ආමි ජිනේ ,පල්ලත්තර ජගත් ,ජුලම්පිටියේ අමරේ කියන ගිහි පිරිත් කියන උපාසකයින් බිහිඋනේ ඒ පලාතෙන් තමා අනික ගාල්ලේ දෙනෝ දාහක් ඉදිරිපිට චිකාගෝ ක්‍රමයට මරපු ඒක .(නදී)
මම ඉස්සරත් කිව්වා දැනුත් කියනවා , දකුණු පළාතේ ඉන්නේ තිරිසන්නු (නි)
දකුණේ ඉන්නේ සත්තු..... (නි)
හිතක් පපුවක් නැති මිනිස්සු ඉන්නෙ දකුණේ විතරක් නොවෙයි. මුළු හෙළ දෙරණේම ඉන්නවා, කියන්න කණගාටුයි අපේ ලංකාව භීෂණ අපරාධ වලට සුප්‍රකට බව මුළු ලෝකයම හඳුනාගෙන හමාර බව. (නි)
මෙය අනුමත කළ නොහැකියි. නීතිය විසින් දඬුවම් පමුණුවන තෙක් ශිෂ්ටසම්පන්න ලෙස ඉවසා සිටිය යුතුයි. එහෙම නොවුනහොත් අපිත් තමිල්නාඩු වැසියන් බවට පත්වීම වැළක්විය නොහැක. (නි)
ලෝකෙට ලොකුකම් පෙන්නන්න හදන දේශපාලුවන්ටයි මහා උගතුන්ටයි බැරි වුනානේ තවම අපිට ගැලපෙන බෞද්ධ නීතියක් සකස් කරගන්න මේ රටට. (නි)
මේ වගේ අපරාධ අහනකොට ලංකාවේ කාටත් උතුර දකුණ මාරු වෙනවා. (නි)
අප්පයි පුතයි දෙන්න එකතු වෙලා මෙවැනි ම්ලේච්ච ක්‍රියාවක් කරන්න නම් මේ අයගේ අතීතය කොහොම වෙන්න ඇද්ද? (නි)
මේ අයියලාට දකුණත් එක්ක මාර තරහක්නේ තියෙන්නේ. මේක පිටරට ඉන්න අපි දකින්නේ ලංකාවේ ශෝචනීය තත්වයක් විදියට. (නි)
එතකොට අර 'මහා කළු හස්තයකින්' රැකවරණය ලබන කෙනා? (නි)
අද මහජනතාවට නීතිය ගැන විශ්වාසයක් නැහැ. ඒකයි මේ. (නි)
එක මිනීමරුමක සැකකාරයෙක් රතිඤ්ඤා පත්තු කරලා, මල්මාලා දාලා පිලිගන්නකොට අනිත් පැත්තෙන් සැකකරුවන් දෙදෙනෙකුගේ ගෙට ගිනි තියලා. අපිට වැරදුනේ කොතනද? (නි)
ළමයි සහ නෝනා මැරුවේ දකුනේ නෙමෙයි රත්මලානේ.(නදී)
ජනතාවට අධිකරණය පොලිසිය ගැන විශ්වාසයක් නැති නිසා මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා කිරීමට පෙලඹෙනවා. සියලු දෙනාටම මතකයිනේ පසුගිය සුමාන 2 කේ වෙච්චි දේවල්? (නි)
ලංකාවේ නීතියෙන් සාධාරණයක් වෙනවා කියල හිතන්න බැරි නිසයි මිනුස්සු මේ වගේ වැඩවලට යොමු වෙන්නේ. (නි)
බොහොම වැදගත් ගෞරවනීය ඇත්තෝ දකුණේ ඉස්සර නම් ගොඩක් හිටියා. (නි)
මේ මිනීමරු සමාජය වෙනස් කරන්න ඕනෑ (නි)
අපරාදේ අඩුව තියෙද්දී අත පුච්චගන්නේ කොන්ත්‍රාත් එක දුමික්දට දුන්නනම් වැඩේ ගොඩ.(නදී)
සිල්වා මහත්තයා. මේ ලංකාදීප පත්තරේ බලන එකත් එයට ප්‍රතිචාර කරන එකත් බොහොම හොඳයි. නමුත්,දකුණම විතරක් දරුණු විදිහට අපරාද කරනවයි කියලා. හිතක් පපුවක් නැති මිනිසුන් සිටින පළාතක් විදිහට දකින්නේ ඔබ තුමාගේ පපුවත් කුහක කමින් පිරිලා තියෙන එක තේරුනේ නැතිව වගේ. පුදුමයට කරුණක්,21 වැනි සියවසට තවමත් අපේ රටේ මිනිසුන් දකින ඇත්ත වෙනුවට බොරුවෙන් ජිවිතවෙන එක. මේ අපරාදය සහාසික අපරාදයක්, කොටකෙතන එප්පාවල සමුහ ඝාතනය ,රත්මලානේ තමන්ගේ බිරිඳගේ ,ඒ වගේම ලෙයින් ජාතක වෙච්ච දරුවාගේ , ආදී අමානුෂික ඝාතන හැම එකක්ම දකුණේ හිතක් පපුවක් නැති මිනිසුන්ගේ විතරද ? සිල්වා මහතාණෙනි ඔබ තුමාට නිවැරදි නුවණැස,අවබෝධය පහල වේවා!(නදී)
හිතක් පපුවක් නැති මිනිස්සු ඉන්නෙ දකුණේ විතරක් නොවෙයි. කොහෙත් ඉන්නවා, කියන්න කණගාටුයි දකුණේ අයගේ මහා කපටි කයිරාටික වැඩවලට යොමුවීම සුප්‍රකට බව. .(ස)
දෙමවුපියෝ ඇඹුල් මිදි කෑවොත් දත් හිරි වැටෙන්නේ දරුවන්ගේ කියලා කතාවක් තියෙනවා (නි)
දැන් ටික දවසක ඉදලා මේ රටේ මිනිස්සු බල්ලෝ බළල්ලු වගේ මැරිලා යනවා. මේ විදියට තව ටික දවසක් හිටියොත් මුළු රටේම මිනිස්සු මැරිලා යයි. (නි)
සංජීව, ඔයා ඇයි ඔය වගේ කතාකරන්නේ. කව්ද කියන්නේ දකුණේ ඉන්නේ තිරිසන්නුය කියලා. දකුණේ විතරක් නෙවි අද ලංකාවේ බහුතරයක් හැම පළාතක්ම ඔහොම තමයි. එහෙම තියාගෙන ඇයි දකුණටම විතරක් ඇඟිල්ල දික් කරන්නේ. දකුණ තරම් ලංකාවේ නම ලෝකෙට ගෙනියපු මේ පුංචි ලංකාව දිග්විජය කරපු තවත් පළාතක් මේ ලංකාවේ කොහෙත්ම නැහැ. ඒ වගේ පළාතකට මේ විදිහට අපහාස කරන එක දකුණේ පුද්ගලයෙක් හැටියට මම කොහෙත්ම අනුමත කරන්නේ නැහැ. ඕක ඕනෑම තැනක ඔහොම තමයි. මේක මේ දකුනෙයි කියල අමුතු එකක් නැහැ. කාර්යයන් 100ක් ඇති තැන ඒවායින් 98ක්ම සාර්ථකවෙලා තියෙද්දී සාර්ථක කරගන්න බැරිවුණු 2ක උලුප්පලා ඉස්මතු කරන එක වැරදියි. මම කැමති නැහැ මොනම හේතුවක් නිසාවත් දකුණු පළාත අපහාසයට ලක් වෙනවා දකින්න. ඔය කොළඹ පැතිවල වෙන අමු තිරිසන් වැඩ ගැන මොනවයි ඔහෙලා කියන්නේ? ඒවා ගැන අහනකොට ඔහෙලගෙ කටවල් වල පණුවො ඉන්නවයි?(නදී)
බැලුවොත් පත්තරේ වැඩිපුරම දරුණු ඝනයේ සිදුවීම් සිදුවී තිබෙන්නෙ දකුණේ. හිතක් පපුවක් නැති මිනිස්සු ඉන්නෙ දකුණේද කොහෙද ? (නි)
අහිංසක කුරුඳු කාර්මිකයන්ගේ කුරුඳුත් පිච්චිලාද? එහෙමනම් පව් වැඩේ (නි)
මේක ඉතාම භයානක තත්ත්වයක්. රටේ නීතියේ ආධිපත්‍යය බිඳ වැටෙනකොට, ඇස් පනාපිටම නීතිය දෙවිදිහකට සලකනකොට මිනිස්සු නීතිය අතට ගන්නවා. මේ විදිහට "සැකකරුවන්ට" මිනිසුන්ගෙන් දඬුවම් ලැබුනා කියලා අපට හිත හදා ගන්න පුලුවන්ද? එහෙනම් මොකටද පොලිසි, අධිකරණ? මෙවැනි දේ නිතර සිදුවෙනවා. නීතිය ගැන විශ්වාසය ජනතාව තුල තහවුරු කිරීමෙන් මිසක් මේවා වැළක්විය නොහැකියි. අවාසනාවට එහෙම දෙයක් පේන මානෙකවත් නැහැ. (නි)
මේ දෙන්නයි, රත්මලානේ මව සහ දරු දෙදෙනා ඝාතනය කරපු පෙම්වන්තයයි කාගේහරි උපදෙස් මත එහෙම නිදහස් කරනවා නෙමෙයි ඔන්න. (නි)
අය්යෝ මොනවා කරන්නද?(දී)
පොලිස් පරික්ෂණ වලට සැකකරුවන්ගේ නිවාස තිබුනා නම් ගොඩක් පහසු වේවි. (නි)
පුෂ්පාට අමු කැවිලද? දඩුවම් නීතියෙන් නෙමෙයි, ඒක සමාජයෙන්වත් හරියට දෙන්න ඕනෑ. (නි)
පුෂ්පා අහිංසකයි කිව්වේ මොකෝ දන්නෙ නැහැ (නි)
මේවා හොද වැඩ නෙමෙයි (දී)
එතකොට අර මරලා එක දවසක්වත් පොලිසියේ , උසාවියේ නොහිට රෝහලෙන් ගෙදර ආපු අයගේ ගෙවල්...??? (නි)
ලංකාවේ නීතියක් නැහැ.ඒකයි මේ සේරටම මුල. (නි)
ඇත්තටම ඔය දෙන්නද ඕක කරලා තියෙන්නේ ? එහෙනම් ඔය දෙන්නටත් ප්‍රසිද්ධියේම දඩුවම් දෙන්න ඕනෑ. (නි)
මෙවැනි අපරාද වලට ශරියා නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. (ස)
ගෙටම දාලා අපරාධකරුවන් දෙන්නවත් ගිනිතිබ්බා නම් ඉවරයි. අහිංසක පොඩි එවුන් දෙන්නා ගැනමයි මට නම් දුක. මනමාල විසේ ගහලා කරගත්තු දෙයක්..? (නි)
අපරාධකාරයා කියලා දන්නවා නම් ගෙට විතරක් නොවෙයි ගිනි තියන්න තියෙන්නේ. රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා, ජනතාව විසින්ම මේ අයට දඩුවම් දිය යුතුයි. (නි)
ඇයි මෙයාලගේ සගවා ඇති ආයුධ නැද්ද ? නැත්නම් පොතේ හැටියට මේ දෙන්නට රිමාන්ඩ් එකේදී පපුවේ අමාරුව හැදෙන්න හරි සියදිවි නසාගන්න හරි ඕනෑ.ඒ මුකුත්ම වුණේ නැත්නම් මහජනතාවට බාරදෙන්න. (නි)
කුරුඳුත් පිච්චිලාද? ගෙට විතරක් නොවෙයි ගිනි තියන්න තියෙන්නේ අපරාධකාරයා එක්ක.(ස)
හිත්වල රාග ගිනි ඇවිලෙද්දි ස්වභාවයෙන්ම ගෙවල් ඇතුලත ගිනි ඇවිලෙනවා. මේ එහෙම වෙන එකක් වෙන්න ඇති.(ස)
රටේ නීතිය තදට තියෙන්න ඕනෑ. නැතිනම් නිතිය එක්කෙනාට එක එක විදිහට. මේ විදිහට ගියොත් දරුවන්ට රටක් නැතිවෙයි (නි)
විරාජ් ඔයාට අහිංසක පොඩි එවුන් දෙන්නා ගැන දුක හිතුනට පුෂ්පාට දුක කුරුදු ගැන.මේ පුෂ්පලා වගේ ගොඩක් මේ රටේ ඉන්නවා. ඕකම තමා මෙහෙම සිදුවීම් වැඩි වන්නට හේතුවත්. ජීවිත වල වටිනාකම නොවෙයි දකින්නේ කුරුදු වල මිල. (නි)
සිල්වා අයි දකුණ ගැන කියන්නේ.මටකනෙද්ද හෝකන්දර චාසේ එක.එටකොට අර වයසක කාන්ත්වෝ ඝාතනය කලේ දකුණේද.(ස)
මොකද සිල්වා, දකුණේ විතරද අපරාධ වෙන්නේ? (නි)
දැන් ලංකාවේ නීතියද නැත සදාචාරයද නැත (නි)
එන පොට හොඳ නැහැ මැගියෝ, කෙල්ල ගං ගෙට කිව්වලු. වරදට දඬුවම දෙන්න ඕනෑ දඬුවම් පොතෙන්. කොපි පොතෙන් නෙමෙයි. (නි)
කාලකන්නි කොතනත් ඉන්නවා. අර පොඩි දරුවෝ දෙන්නා මොනවා දැනගෙනද ජීවිතෙන් සමු ගත්තේ? අනේ කරුණාකරලා මුන්ට මිනිස්සුන්ට පේන්න දරුණු දඬුවම් දෙන්න. ඒ විතරක් නෙමෙයි, අශීලාචාරකම් කරන හැම දෙනාටම මේවා හොද පාඩම්. අම්මා හොඳ වුණා නම් පොඩි දරුවෝ තවමත් ජීවත් වෙනවා (නි)