IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


කිරිපිටි,ගෑස් ,තිරිගුපිටි සහ සිමෙන්ති මිල නගී?

(අජන්ත කුමාර අගලකඩ)

කිරිපිටි,ගෑස්,තිරිගු පිටි සහ සිමෙන්ති මිල ගණන් ඉහළ දැමීම සම්බන්ධයෙන් අද පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී තීරණයක් ගැනීමට නියමිතය.

කිරිපිටි කිලෝව රුපියල් 200 කින් ද,කිලෝ ග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 550 කින් ද,තිරිඟු පිටි කිලෝව රුපියල් දහයකින් සහ සිමෙන්ති කොට්ටයක මිල රු.50 කින් ද වැඩි කිරීමට පාරිභෝගික අධිකාරියේ අනුමැතිය ලැබී ඇතැයි වාර්තා වේ .

පාරිභෝගික අධිකාරිය විසින් සකස් කරන ලද එම මිල ගණන් ඇතුළත් යෝජනාව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සිකුරාදා (24)පැවැති ජීවන වියදම් කමිටුවේ දී සාකච්ඡා වී ඇති අතර, එහි වාර්තාව අද පැවැත්වෙන කැබිනට් රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතය .

මේ සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසීමකදී අදහස් දැක්වූ වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ජීවන වියදම් කමිටුවේ වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව සඳහන් කළේය .

ඒ අනුව අද පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතව ඇතැයි ඔහු සඳහන් කළේය .

ඩොලර් හිඟය සහ ලෝක වෙළද පොළේ මිල ගණන් ඉහළ යාම හේතුවෙන් කිරිපිටි ,ගෑස් සිමෙන්ති සහ තිරිඟු පිටි මිල ගණන් වැඩි කරන ලෙස ආනයනකරුවන් පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලීමක් කර ඇත .

කිරිපිටි සහ සිමෙන්ති මිල ඉහළ නොදැනීම හේතුවෙන් වෙළෙඳපොළේ කිරිපිටි සහ සිමෙන්ති හිඟයක් මාසයක පමණ කාලයක් තිස්සේ පවතී .

 



අදහස් (25)

කිරිපිටි,ගෑස් ,තිරිගුපිටි සහ සිමෙන්ති මිල නගී?

බයිසන් Monday, 27 September 2021 12:37 AM

සීනි, පාන් පිටි පිටි කිරි භාවිතය ශරීරය ලෙඩ කරවන අතර ජොගින් ට්‍රැක් වලට හුරුවීම සුවපත් ජීවිතයකට මඟ පෑදේ. ඉදිරියේදී බත් කෑමත් ක්‍රම ක්‍රමයෙන් අඩු කීරීම යහපති.

:       5       50

aseMonday, 27 September 2021 12:44 PM

"ඉදිරියේදී බත් කෑමත් ක්‍රම ක්‍රමයෙන් අඩු කීරීම යහපති." අපේ හාල් නැතිවී 70 දශකයේ වගේ චිනගේ ඇලෙන් සුදුහාල් කන්න වෙනකොට ඒක වෙයි.., මතක් කරලා හීන් කෝටු 2ක් කපලා තියාගන්න. ඒකෙන් චීනා වගේ කන්න.. අපට ගිය කලක්... ඇඟිලි වල ඇලි අැලී කනකොට සැප දැනේවි...

:       1       22

Anura Monday, 27 September 2021 02:32 PM

කිරිවල තියන යහගුණයම වන ප්‍රෝටීන්, කැල්සියම්, විටමින් D, විටමින් A තියන පිටිකිරි ශරීරය ලෙඩ කරනවා කියලා කවුද ඔයාට ඉගැන්නුවේ...?

:       8       1

RohanaMonday, 27 September 2021 04:34 PM

පිටරටින් ගෙනවන්නේ සැබෑ කිරිපිටි නොව යොදය ඉවත්කල පසු අපතේ යන කොටසට පාම් ඔයිල් සහ තවත්දේ මිශ්‍රකල කෘතිම කිරිපිටිය. මේවා පාවිච්චිය නැති ලෙඩ රෝග ඇති කරයි. ශරීරයට අහිතකරවන්නේ මේවා කෘතිම කිරිපිටි නිසයි. කෙසේවෙතත් දේශීය කිරිපිටි නම් සැබෑ කිරිපිටි බවට විශ්වාසයක් පවතී.

:       0       1

Don perera Monday, 27 September 2021 01:33 AM

69 ට ජයවේවා.. තව මදි.

:       2       67

මල්කැකුලා Monday, 27 September 2021 06:27 AM

අනෙක් අය ලෝක වෙළඳ පොලේ මිල වැඩිවීම අනුව භාණ්ඩ මිල වැඩිකරන විට මේ අය ඒ කාලේ විරෝධතා දැක්කුවෙ බඩුමිල වැඩිකරන්න ආණ්ඩුවක් මොකටද කියලා. දැන් කරන්නෙත් ඒකමයි

:       1       56

pushkara Monday, 27 September 2021 08:26 AM

දැන් සැපයිද.?

:       1       58

Rohana Monday, 27 September 2021 09:09 AM

පාරේ නට නටා කිරිබත් කමුද.?

:       1       65

සමිත සේනක අලුත්ගමගේ. Monday, 27 September 2021 09:19 AM

අනේ .. ගිනි ගොඩේ හිටපු මිනිසුන්ව ගිනි කන්දකට යටවී ඇති බවක් පෙනේ හා දැනේ.

:       2       52

සිරිබිරිස් Monday, 27 September 2021 09:42 AM

ඕකත් මාධ්‍ය සංදර්ශනයක්. ඕව වැඩි කරන්නේ ඔය කියල තියන ගණන් වලින් නෙවෙයි, බාගයක් නැත්තං තුන් කාලකින්. එතකොට මිනිස්සුන්ටත් සතුටුයි, ව්‍යාපාරිකයන්ට ඕන දේත් වෙලා. ආණ්ඩුව කියයි ඕන ඕන විදියට වැඩි කරන්න දුන්නේ නැහැ, රජය මැදිහත් වෙලා මිනිස්සුන්ට සාධාරණයක් කරා කියල. දෙගොල්ලොම සතුටෙන්. හැබැයි, ඇත්තටම අපි රැවටිල.

:       0       2

naushi Monday, 27 September 2021 09:55 AM

හරිම සැපයිනේද දැන්

:       0       41

Hema Monday, 27 September 2021 10:23 AM

කිසිම ප්‍රශ්නයක් නැ

:       0       1

amila Monday, 27 September 2021 10:27 AM

පාන් කන්න ඒපා බත් කන්න ඒපා පුලුවන්තරම් අනික් දේශිය ආහාර වර්ග ගනන

:       0       1

sahan Monday, 27 September 2021 10:50 AM

ලංකාවේ මිනිස්සු මේ ප්‍රශ්නේ සැහැල්ලුවෙන් ගන්නකන් පත් වෙන මොන ආණ්ඩුව උනත් දෙන්නේ මේ ආතල් එක තමයි .හැම දේම විහිළුවක් කරලා මිනිස්සුන්ට ඒක ගානක් නැති කරවනවා .මේ ආණ්ඩුවට විතරක් නෙමේ පවතින සියලුම දේශපාලන පක්ෂ වලට සහ සිස්ටම් එකට විරුද්ධව දැවැන්ත ජනතා පිබිදීමක් අවශ්‍යම කාලයක් මේක

:       0       35

upul hevanayake Monday, 27 September 2021 11:08 AM

69 ට ජයවේවා.. තව මදි.

:       0       32

Saman Monday, 27 September 2021 11:31 AM

මහජනතාවගේ රීරි මාංශ සූරාකන දේශපාලුවන්ට සහ උන්ගේ පවුලේ අයට සාප වේවා !!!

:       0       33

jagath Monday, 27 September 2021 12:00 PM

ශ්‍රීලංකාව ක්‍රමක් ක්‍රමයෙන් සෝමාලියාව පසුකරගෙන යන හැඩයි

:       0       33

fairoos Monday, 27 September 2021 12:46 PM

විපක්ෂය කියන කරන හැම එකටම අදහස් ලියන රවීන්ද්‍ර සහ බමුණු කෝ? දැන් සැපද?

:       1       28

රවී Monday, 27 September 2021 01:42 PM

69 ලක්ෂයේ අය හැංගිලද? දැන් පාරට බැහැලා කිරිබත් උයන්, නියඟලා හොද්දක් හදාගෙන කාපල්ලා..

:       1       27

pakeerMonday, 27 September 2021 02:19 PM

69 හැංගිලා නැහැ... ඒ අය දැන් කියනවා.. මේක කරන්න තිබුණේ මුලින්ම කියලා... දැන් තමයිලු නියම සංවර්ධනේ පටන් ගත්තේ.

:       0       19

samansiri Monday, 27 September 2021 04:00 PM

ඩෝන් ගාලා සද්දය ආවා ,බලනකොට බඩු මිල ඉහල ගිහිල්ලා

:       0       15

බද්රානි Monday, 27 September 2021 04:13 PM

දේශීය දේ අගයන, දේශප්‍රේමය ඉහට ගහගෙන හිටපු අයට මොකටද විවෘත වෙළෙඳ පළක්? අපි දන්නා විදිහට ලෝක වෙළඳ පොලේ නම් ඔය කියන කිසිම භාණ්ඩයක මිල වැඩිවී නැහැ. එ්ත්, ලංකාවේ බඩු මිල වැඩිවෙන එක ඉතාම හොඳයි. මේ රටේ මෝඩයින්ගේ මොලේ ක්‍රියා කරන්න නම් බඩට දැනෙන විදිහේ ආර්ථිකයක් නිර්මාණය වෙන්න ඕනෑ. ඉතින් එ්ක දැන් සිදුවෙමින් පවතිනවා. පාලකයින් ගේ බඩවල් පිරෙන කොට දැනෙන සතුට තරම් සතුටක් තවත් තියනවද රටේ මෝඩයින්ට...? අනික දැන් අපට ජීවත් වෙන්න රටක් තියනවානේ. ඒ මදිද? ඉතින් ඒ තමන්ගේ රට ඇතුලේ ටිකක් බඩ ගින්නේ උන්නාම මැරෙනවාද? තුන් වේලටම කිරිබත් කාලා සතුටින් ඉන්න පුළුවන් ලෝකයේ එකම ජාතියනේ අපි...

:       1       15

Gunda Monday, 27 September 2021 05:55 PM

අපේ කට්ටිය දන්නේ ආණ්ඩුවට බනින්න විතරයි. ඔය ඩොලරය ඉහළ යෑම සහ බඩුමිල වැඩිවීම සාමාන්‍ය දෙයක්... ඕකට හේතුව තමයි වැඩි පඩි නිෂ්පාදන වලට වැඩි මිල ඉල්ලන එක... ඒක නැවැත්තුණු දාට ඔක්කොම හරි යයි. අපේ ජීවිත සුඛෝපභෝගී වැඩියි. ටිකක් අල්පේච්ච ජීවිතයකට සියලු දෙනාම හුරු වුණා නම් ඔය ප්‍රශ්නය විසඳෙනවා..

:       21       1

Don perera Monday, 27 September 2021 07:36 PM

වැඩිය නූගත්කම පෙන්නන්න එපා....

:       1       12

Hafeel Monday, 27 September 2021 07:39 PM

මෙතන එකක් පැහැදිලියි. නිදහසෙන් පසු බලයට ආපු කිසිම ආණ්ඩුවකට පැහැදිලි දර්ශනයක් නැහැ. අද මේ මිල වැඩි කරන භාණ්ඩ ආනයන කරන්නන් පුද්ගලික ව්‍යාපාරිකයෝ ඔවුන්ගේ මුදලින්. එහමනම් ඇයි ඔවුන් රජයෙන් අවසර ඉල්ලන්නේ මෙහම මිල වැඩි කරන්න? මේවා ප්‍රෝරොඩාවක් නේ. හරියට පුද්ගලික අංශය රජයෙන් අරගෙන වෙළඳ පොළට නිකුත් කරන වගේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 2036 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 391 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 678 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 1016 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 180 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 639 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 729 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 509 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site