කොළඹ ගලදාරී හෝටලේදී මේ මස 31 වැනිදා ආරම්භවන හය වැනි ලෝක කැරම් ශූරතාවලිය සංවිධානය කිරීම සඳහා මිලියන 7 ක පමණ වියදමක් දැරීමට ශ්‍රී ලංකා කැරම් සංගමයට සිදුව තිබේ. මේ වන විටත් මිලියන හතරක් කැරම් සංගමය සොයාගෙන ඇති නමුත් තවත් මිලියන තුනක මුදලක් සොයා ගැනීමට අනුග‍්‍රහකයන්ගේ සහයෝගය අපේක්‍ෂාවෙන් පසුවන බව කැරම් සංගම් නිලධාරීහු පවසති. කැරම් සංගමය සතුව තිබෙන මිලියන හතරෙන් මිලියන දෙකක මුදලක් ක‍්‍රීඩා අමාත්‍යංශය ලබා දී ඇතැයි කැරම් සංගමයේ ලේකම් රෝහිණී මතායස් මහත්මිය පැවසුවාය. ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා සිය අමාත්‍යංශයේ සහයෝගය තරගාවලිය සංවිධානය කිරීම සඳහා ලබාදෙන අතරේ ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහයෝගය ද නොඅඩුවම ලබාදීමට කටයුතු කර ඇතැයි ද ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් රංජනී ජයකොඩි මහත්මිය පැවසුවාය. ‘‘ක‍්‍රිකට් ක‍්‍රීඩාවට අනුග‍්‍රාහකයන් ඕනෑ තරම් සොයාගෙන එනවා. නමුත් කැරම් වගේ ක‍්‍රීඩා කිහිපයකටම අනුග‍්‍රාහකයන් සොයා ඒමක් වෙන්නේ නැහැ. අපි උත්සහ කරනවා ලෝක ශූරතාවක් දිනා තිබෙන කැරම් ක‍්‍රීඩාවට අනුග‍්‍රහකයන් සොයා දෙමින් මෙම ක‍්‍රීඩාව දියුණු කරන්න යැයි ’’ ජයකොඩි මහත්මිය කොළඹදී පැවැති මධ්‍ය හමුවකදී පැවසුවාය. අන්තර්ජාතික කැරම් තරගාවලි රැසක් පසුගිය වසරවලදී පැවැත්වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමි වුවද, ලෝක කැරම් තරගාවලියක් සංවිධානය කිරීමේ අවස්ථාව මෙරටට හිමි වන්නේ පළමු වතාවටය. ලෝක කැරම් ශූරතාවලිය සිවු වසරකට වරක් සංවිධානය කෙරේ. තරගාවලියට ලෝක කැරම් සම්මේලනයේ සාමාජික රටවල් 18 ක් සහභාගිවේ. ලෝක ශූර ඉන්දියාව ඇතුළුව ශ්‍රී ලංකාව, මාලදිවයින, පාකිස්තානය, ස්විස්ටර්ලන්තය, බංග්ලාදේශය, එංගලන්තය, ඉතාලිය, පෝලන්තය, ඇමරිකාව, චෙක් ජනපදය, මුරිසි දිවයින, ජර්මනිය, මැලේසියාව, කොරියාව, කටාර් රාජ්‍යය, ජපානය සහ කැනඩාව යන රටවල් තරගාවලියට සහභාගිවේ. ඊට එක්වන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සහ නිලධාරීහු ගණන 120 ක් පමණ වෙති. ශ්‍රී ලංකා කී‍්‍රඩා ඉතිහාසයේ ලෝක ශූරතාවක් හිමිකර ගත් තෙවැනි ක‍්‍රීඩාව වන්නේ කැරම් ක‍්‍රීඩාවයි. අවසන් වරට 2008 වසරේ ප‍්‍රංශයේ පැවැති 5 වැනි ලෝක කැරම් ශූරතාවලියේදී පිරිමි ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
ප්‍රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර සමග ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට
කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ කාන්තාවකගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කළේ යැයි කියන කොළඹ පුද්ගලික රෝහලක ආරක්ෂක නිලධාරි සැකකරු ලබන 22 දක්වා රක්ෂිත බන්ධ
උතුරු මැද පළාත් පාසල් දෙවන වාර පරික්ෂණයේ 10 වන ශ්‍රේණියේ විද්‍යාව හා තොරතුරු හා සංනිවේදන ප්‍රශ්න පත්‍ර දෙක විභාගය පැවැත්විමට පෙර උපකාරක පන්ති පවත්වන ග
ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ගම්මාන රැසක වගා කළ බටානා වට්ටක්කා අලෙවි කර ගත නොහැකිව වගා බිම්වල සහ ගොවියන්ගේ නිවෙස්වල කුණු වී යන බව ගොවීහු චෝදනා කරති.
උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (9) උදේ 7.30 සිට සවස 5.30 දක්වා කොළඹ කොටුව හා ඇල්ල අතර සීමා කළද කොටුව _බදුල්ල හා බදුල්ල _කොටුව රාත්‍රී තැපැල් දුම්රිය දෙක ද
ශ්රී ලංකාවේ ජර්මානු තානාපති ෆෙලික්ස් නියුමන් (Felix Neumann) මහතා අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කැරම් ලෝක ශූරතාවලියට 120 ක් කොළඹ එති
saman t manamperi Monday, 29 October 2012 08:15 PM
අපේ සොහොයුරන්ට ජයවේවා. (අ)