IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


කාරයේ ගිය පහම මරුට

වාද්දුවේ පොතුපිටියේ දුම්රිය හරස් මාර්ගයේදී කාරයක් දුම්රිය හැපී  එහි සිටි පස් දෙනාම මියගොස් ඇතැයි වාද්දුව පොලිසියි පවසයි.

මිය ගිය සියලු දෙනාම පිරිමින් බවත් ඔවුන් වස්කඩුවේ පදිංචි කරුවන් බවද කියති.

සිද්ධීයෙන් මිය ගොස් ඇත්තේ පියල් සිල්වා, බන්දුලාල් සිල්වා, කොල්විල් සිල්වා, සිසන්ත සිල්වා, දුමින්ද සිල්වා යන අයයි.

වාද්දුව පොතුපිටිය වෙරළේ ගෙදර යෑමට පැමිණි බව කියන මෙම පිරිස අතර ව්‍යාපාරිකයන් , ත්‍රී රෝද රථ රියදුරකු, මස්සිනාලා දෙන්නකු හා අධිකරණ සේවකයකු සිටින බවත් ඔවුන් සියලු දෙනාම වයස අවුරුදු 40ට වැඩි බවත් ආරංචි මාර්ග කියයි. 

DSC06546 DSC06554 DSC06558 DSC06569 DSC06587 DSC06600

 

n nnn viber-image vibvver-image



අදහස් (0)

කාරයේ ගිය පහම මරුට

සවනාත් Sunday, 27 November 2016 10:34 PM

ගේට්ටු මුරකරු එපා කියද්දී වාහනය දැම්මේ කියලා කියනවා නේද. ඔහු ගේට්ටුව වසමින් සිටින අතරේද මේ අය වාහනය දමලා තිබෙන්නේ. (නි)

:       0       0

හේවා Sunday, 27 November 2016 10:36 PM

දුමින්ද සිල්වා කියලා කෙනෙකුත් ඉන්නේ? එකපාරටම මට හිතුනේ වෙන දෙයක් (නි)

:       0       0

සත්‍යයා Sunday, 27 November 2016 11:23 PM

සමහර පාලකයෝ ලකුණු දාගන්න උණ ලී ගේට්ටුත් යෝජනා කළා. දුම්රිය දෙපාර්තමේන්තුවත් නිදි. එහි සේවකයෝත් නිදි. සමහරවිට සොච්චමක් ගෙවන නිසා ගේට්ටුව මුරකරන්නා වෙන රාජකාරියකට ගිහින් හිටියාද දන්නේත් නැහැ. එදාමෙදා තුර අහිංසක ජීවිත කීයක් මේ මාරක කපොල්ලට බිළිවුණාද. (නි)

:       0       0

මාලක Sunday, 27 November 2016 11:43 PM

මියගිය සියල්ලන්ම ගැන අපේ ශෝකය! (නි)

:       0       0

ලුම්බිණි Sunday, 27 November 2016 11:48 PM

නොසැළකිලිමත්වීම නිසා සිදුවූ අපරාධයක්. (නි)

:       0       0

ජානු Monday, 28 November 2016 12:20 AM

ගේට්ටු ක්‍රියාකරු මොනවා කරන්නද ඉක්මන් කොටයි නම්..? (නි)

:       0       0

ශාන්ත Monday, 28 November 2016 12:24 AM

සමන් හරියට එතන ගේට්ටුවක් නැති බව දැක්කා වගේ ලියලා තියෙන්නේ. හරියට හොයන්නේ බලන්නේ නැතුව ලියන්න එපා. ගේට්ටුකරු හිටියා, ගේට්ටුවත් වැහුවා, එ්ත් අනිත් පැත්තෙන් දාලා ගියා වෙන්නත් බැරිද. ඉතින් මොනවා කරන්නද? (නි)

:       0       0

හේමන්ත Monday, 28 November 2016 12:27 AM

අහෝ ‍ඛේදයකි. මෙවන් අකල් මරණ සිදුනොවේවා! (නි)

:       0       0

නිමල් ලලිත Monday, 28 November 2016 01:01 AM

ප්‍රධානතම හේතුව නොසැළකිලිමත්ව රිය පැදවීම (නි)

:       0       0

සුසන්ත Monday, 28 November 2016 01:25 AM

ඉක්මන් කොටයි කියන්නේ ඒකනේ (නි)

:       0       0

ජයාත් Monday, 28 November 2016 01:25 AM

මේකට කියන්න තියෙන්නේ මෙච්චරයි. ගේට්ටුකරුගේ ප්‍රකාශය හරි නම් "කෑමෙන් හොඳ කෑම ඉල්ලාගෙන කෑම" (නි)

:       0       0

රෝහණ Monday, 28 November 2016 01:30 AM

ගේට්ටුව වහලා නම් ඒක නොසළකා හැරීම වැරදියි. අනතුරට හේතුව මේක තමයි. (නි)

:       0       0

අෆ්රාන් Monday, 28 November 2016 01:36 AM

අර 25000/= දඩය මේ වගේ වැරදි වලට අදාළ නැද්ද දන්නෙ නැහැ (නි)

:       0       0

රනේෂ් Monday, 28 November 2016 01:59 AM

ගොඩක් තැන් වල ළඟට එනකම් දුම්රිය පෙනෙන්නේ නැහැ. මේ තැන් වලට කණ්ණාඩි සවිකරලා දුම්රිය විදුලි පහන් දල්වලා ධාවනය කරන්න ඕනෑ. එතකොට මේ අනතුරු අවම කරගන්න පුළුවන්.... (නි)

:       0       0

සමන් Monday, 28 November 2016 02:23 AM

දුම්රිය ආරක්ෂක ගේට්ටුවක් කියන්නේ නිකන් පාර හරහා දාන උණ බම්බුවක් නෙවේ. නියමිත වෙලාවට වැහෙන, වැහුවට පස්සේ වෙන වාහන වලට එ්ක මඟහැරලා යන්න බැරිවෙන විදිහට හොඳ ප්‍රමිතියක් තියන ගේට්ටුවක් මම අදහස් කළේ. (නි)

:       0       0

සමුරා Monday, 28 November 2016 02:51 AM

මට තාමත් හිතාගන්න බැහැ එක ගේට්ටුවක් වහලා අනිත් එක වහන්න එන්න කලින් දුම්රිය ආ විදිය. මෙහි ගේට්ටුකරුගේ ප්‍රමාදයක් නිසා සහ වාහන රියදුරුගේ අපරික්ෂාකාරී බව නිසා සිදුවුණා ලෙස හැඟෙයි (නි)

:       0       0

සිරියා Monday, 28 November 2016 04:03 AM

මේකට වග කියන්න ඕන දුම්රිය දෙපාර්තමේන්තුව. වෙන රටක නම් නඩු දල ඉන්න නිලධාරී ගෙදර යවලා. මෙහෙ ඉතින් මිනිස් ජීවිත වල කිසිම වටිනාකමක් නැති රටක් නිසා කමක් නැහැ. (ම)

:       0       0

බුද්ධික Sunday, 27 November 2016 11:12 AM

දැන් ඉතින් දඩය කීයක් වෙයිද.....? (නි)

:       0       0

පුෂ්ප Sunday, 27 November 2016 12:21 PM

නෑදෑ හිතවතුනි, දාන්න දුම්රිය දෙපාර්තමේන්තුවට සහ පාර අයිති ආයතනයට නඩු, ආරක්ෂාකාරී මාර්ගයක් සැපයීමට අපොහොසත් වීම යටතේ. ඔබට සාධාරණ වන්දි මුදලක් ලැබෙන අතර ආයතන ලොක්කන්ට මේවා ටිකක් දැනෙනු ඇත. සමාජයටද සේවයක් වනු ඇත. මේවා නවතින්න පිටරටවල මෙන් ලොක්කෝ හිරේ දැමිය යුතුයි. (නි)

:       0       0

සුරංජිත් Sunday, 27 November 2016 12:37 PM

එක සැප වාහනයක් ගෙන්වන්න යන මුදලින් ලංකාවේ තියෙන අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග කීයකට අලුතින් ගේට්ටු සවිකරන්න පුලුවන්ද? එ්ත් එහෙම කරන්නේ නැහැ. මොකද අහිංසක මිනිසුන්ගේ ජීවිතවලට වැඩිය එයාලගේ සැප එයාලට වටිනවා. මේවා දකින්න අපි මේ රටේ ඉපදිලා තියෙන්නේ පෙර කළ අකුසල් වලට වෙන්න ඕනෑ. (නි)

:       0       0

නන්දන Monday, 28 November 2016 04:55 AM

වන්දි පමණක් නොවේ නිලධාරින්ට නඩු දන්නා. වන්දි ගෙවන්නේ මහජන මුදලින්. එක ඔවුන්ට ගානක් නැහැ. (ම)

:       0       0

කුමාර Monday, 28 November 2016 05:09 AM

හදිස්සිය මරු කැඳවයි.අපේ අයට තියෙන්නේ පුදුම හදිස්සියක්.වහල තිබුණත් අස්සෙන් රින්ගන්න බලනවා. (ම)

:       0       0

රංගන Monday, 28 November 2016 05:26 AM

බීමත්ව රිය පැදවීමේ අවධානම තේරුම් ගන්න.(ම)

:       0       0

සමන් Sunday, 27 November 2016 01:48 PM

ඔය දේශපාලුවන්ට වියදම් කරන අනවශ්‍ය වියදම් මස 3 කට නවත්තලා මේ දුම්රිය හරස් පාරවල් ගේට්ටු නැති තැන් වලට වලට ආරක්ෂක ගේට්ටු හයි කරන්න බලන්න (හේ)

:       0       0

කිත්සිරි Sunday, 27 November 2016 02:20 PM

ගේට්ටු ක්‍රියාකරු ඉසලා නැහැ වගේ. (හේ)

:       0       0

මොහාන් Monday, 28 November 2016 06:31 AM

දශක කීපයක් අරාජිකව තිබු රටක් නැවත ගොඩ නැගීම අපහසු කරුණක්. (ම)

:       0       0

නන්ද Sunday, 27 November 2016 03:11 PM

සමන් මහත්තයාගේ යෝජනාව ක්‍රියාත්මක කිරීමට නම්, හිතක්-පපුවක් සහ මොළයක් තිබෙන දේශපාලකයින් පිරිසකට රටේ බලය යන්න ඕනෑ. අනේ, අපිට කොහෙද එහෙම පිනක්..! (නි)

:       0       0

නිරාන් Sunday, 27 November 2016 04:15 PM

සමන්, පෙනෙන්නේ නැද්ද ගේට්ටුවක් තිබෙනවා. මෙතන වෙන වැරදීමක් වෙලා ඇත්තේ (නි)

:       0       0

යෝනුසලවි Sunday, 27 November 2016 06:01 PM

රියදුරු බේරිලා තිබුනොත් දඩය රුපියල් 25000 යි. අනේ දේශපාලුවනි, නුඹලාගේ නීති පැත්තකට දාලා රේල් ගේට්ටු නිසි ආකාරයෙන් සකස්කර එහි රාජකාරී කරන්න පුද්ගලයන් යොදා ඔවුන්ට නියම පඩියක් ලබා දෙන්න (නි)

:       0       0

පහන් Sunday, 27 November 2016 06:02 PM

ප්‍රේමදාස මහත්තයා උණ බම්බු ගේට්ටු දැම්මා. එතුමාගේ වැරදි තිබුනා. එ්ත් ඒ වගේ ප්‍රායෝගික නායකයෝ අද නැහැ (නි)

:       0       0

සමන්ත Monday, 28 November 2016 07:35 AM

අරක්කු වලට කරන්න පුළුවන් දේවල් (ම)

:       0       0

මිගිද Sunday, 27 November 2016 09:18 PM

සමන්, හොඳට පුවත බලලා අදහස් දාන්න. මුරකරු එපා කියද්දීත් දුම්රිය පාරට දාලා. මිනිහෙක් මැරුණහම එ්කටත් පළි ආණ්ඩුව! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1602 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 514 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 195 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 283 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 132 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 89 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39995 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25943 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 222 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 403 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1299 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site