පවුල් ප්‍රශ්න, ප්‍රේම සබඳතා, රැකියාවේ ප්‍රශ්න, ආදර සම්බන්ධතා, මතට ඇබ්බැහිවීම, දේපොළ අහිමිවීම, මානසික ව්‍යාකූලතා, සමීප ඥාතීන් මියයාම වැනි හේතු නිසා 2010 සිට 2012 මැද දක්වා 9412 දෙනෙකු සියදිවි නසාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. 2010 සිට 2012 දක්වා රත්නපුර හා අනුරාධපුරයෙන් වැඩිම පිරිසක් සියදිවිහානිකරගෙන ඇති බවත්, 40-55 අතර පිරිමින් ඊට වැඩියෙන්ම ගොදුරු වී ඇති බවත්, අවුරුදු 16ට අඩු ළමයින් 41 දෙනෙකු එම තුන් වසරේ දිවි තොරකැරගෙන ඇති බවත් ඔහු කියයි. යම්කිසි තැනැත්තෙකුට සිය පන හානි කර ගැනීමට තවත් තැනැත්තෙකු අනුබල දෙන්නේ නම් එය ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 299 වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදකි. එවැනි වරදක් සඳහා ආධාර අනුබල දුන් තැනැත්තාට මරීය දඩුවමින් දඩුවම් කළ හැකිය. 2010 වසරේ පිරිමි 2914ක් ද, ගැහැණු 950ක් ද දිවි නසාගෙන ඇත. 2011 පිරිමි 2939ක් ද, ගැහැණු 397ක් ද දිවි නසාගෙන ඇත. 2012.06.30 දක්වා පිරිමි 1381ක් ද, ගැහැණු 397ක් ද දිවි නසාගෙන ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රූප වාහිනියේ දකින දේවල් ටෙලිනාට්‍ය ආදියෙන් මනස ගොඩක් විකෘති වෙනවා.!(නු)
මුදල්, දේපළ, බලය යහමින් ඇති කෙනා ජීවත් වෙන්න ආසයි. මේවා නැති අසරණ මිනිස්සු මැරෙන්න කැමතියි. නමුත් බයයි. ඒ මොකද? අපි කවුරුවත් දන්නේ නැහැ මරණින් පසුව අපි කොහේ ඉපදෙයිද කියලා .මරණින් පසුව අපි හොද පොහොසත් අම්මා කෙනෙකුගේ කුසේ ඉපදෙයි කියලා හරියටම දන්නවා නම් ලෝකයෙන් තුනෙන් දෙකක්ම දිවි නහගනියි .මොකද අපි සියලු දෙනාටම සැමදාම මොකක් හෝ ප්‍රශ්නයක්. ඕක තමයි ඇත්ත. (නි)
අමාරුවෙන් හරි ජීවත් වෙන්න (දී)
මේ වගේ අවස්ථාවකදී එවැනි අයට උපදෙස් දෙන්න දිස්ත්‍රික් මට්ටමින් ආයතනයක් ගොඩ නැගිය යුතුයි..!! විශේෂයෙන්ම අනුරාධපුර සහ රත්නපුර..!!(නු)
ගණන් හිලව් බැලුවහම ගෑණුන්ගේ මොලේ හැදි මිටේය කියන්නේ බොරු....මෙහෙම ගියොත් පිරිමින්ට තමයි ඒක කියන්න වෙන්නේ...(ස)
දියුණු වන තාක්ෂණයෙත් එක් ප්‍රථිඑලයක් තමයි. .(ස)
ගබ්සාවලින් රටට අහිමි වන පිරිස..!!(නු)
රාජකාරි කටුයුත කරගන්න රජයේ ආයතනවලට ගිය විට ඇත්තටම මටත් සිය දිවි නාසා ගන්න සිතුණු වාර අනන්තයි..!!(නු)
මිනිස්සු අසරණ උනාම උපදෙස් දෙන උදව් කරන ආයතන ඇතිකරන්න ඕන..!!(නු)
අනේ මෙහෙම ලංකාවක්(නු)
මැරුණට පස්සේ තවත් ඉදලා වැඩක් නැහැ. (නි)
මැරෙන්න පෙර සිතා බලනු. (නි)
දැං කාලයේ තියෙන ගැටලුවල හැටියට මේ ගණනින් බේරුණා ඇති..!!(නු)
එක ඇත්ත හොදට තේරුම් ගන්න (දී)
වැඩි වෙන ජනගහනයත් එක්ක මතුවන පොදු ගැටළු .ලෝකයේ බොහෝ දියුණු රටවලත් මේවා වැඩි (දී)
තමන්ගේ ජීවිතේ නැති කර ගන්න හදන්න එපා (දී)
දුකකනි මිනිසත් බව ලබන්නේ (දී)
ජපානයේ ජනගහණය කෝටි 12. ජපානයේ වසරකට සියදිවිහානිකර ගැනීම් 30000කට වැඩි. රටක් ආර්ථිකයෙන් දියුණු උනාට හැම ප්‍රශ්නයක්ම විසදෙන්නේ නැහැ. (දී)
ලබන ආත්මේ තමයි ඔවා පටිසන් දෙන්නේ (දී)
මෙහිදී අප සලකා බැලිය යුතු වන්නේ මිනිසුන් සිය දිවි හනිකරගන්නට බලපාන හේතු කාරණයි. (දී)
මේ අය ගැන දුක නම් තමා. ඒත් ජීවිතය නැති කර ගන්නවත් ශක්තියක් නැති අය ලංකාවේ කොයි තරම් ඉන්නවද? .(ස)
මිනිසුන්ගේ මනස සෑදීම සදහා ක්‍රියාමාර්ගයක් ඉතා ඉක්මනින් ගත යුතුව ඇත.. (නු)
අනුබල නවතා නිසි උපදෙශනය දි සියදිවිහානිය නතර කරන්න..(ස)