වැඩිකළ විදුලිය ගාස්තු පහළ දමන ලෙස රජයට බල කරමින් අනිද්දා (21) ආරම්භ කෙරෙන ඒකාබද්ධ වැඩ වර්ජනයට සහාය පළකරන බව කලාකරුවෝ රැසක් පවසති.
ජීවන වියදම දරාගත නොහැකි ලෙස ඉහළ යමින් තිඛෙන මොහොතක විදුලිය ගාස්තුව අසාධාරණ ලෙස ඉහළ දමා ඇති බවටත් එය පහත හෙළන ලෙස විවිධ පාර්ශ්ව කළ ඉල්ලීම් කිසිවක් නොතකා ආණ්ඩුව හිතුවක්කාරී ලෙස කටයුතු කරමින් සිටින බවටත් චෝදනා කරන මෙම කලාකරුවෝ පිරිස මැයි 21 වැඩ වර්ජනයට කලාකරුවන්ගේ සහාය මැයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
ධර්මසේන පතිරාජ, ආරියවංශ රණවීර, ප්‍රසන්න විතානගේ, ජයතිලක කම්මැල්ලවීර, පරාක්‍රම නිරිඇල්ල, බුද්ධදාස ගලප්පත්ති, නන්දන වීරසිංහ, චන්ද්‍රසෝම බිංදුහේවා, උපුල් ශාන්ත සන්නස්ගල, විනී හෙට්ටිගොඩ හා කේ.බී.හේරත් ඇතුළු කලාකරුවෝ 60 දෙනෙකුගේ අස්සන්වලින් යුතුව මෙම නිවේදනය නිකුත් කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරත්, සේරම් පැරිසියේ ඉන්න නිසා මෙහෙ මිනිස්සුන්ගේ දුක දකින්නේ අපේ දේශපාලුවෝ දකින අන්දමට ඈත ඉඳන් වීතරයි. ඒකයි මේ ඇනුම් පද. ජනතාවගේ දුක ගැන හැඟීමක් ඇති සියලු දෙනා මේ පීඩාවන්ට විරුද්ධයි. (නදී)
ඕවට ආණ්ඩුව ඉඩ දෙන එකක් නැහැ (නි)
කලාකාරයෝ ජනතාවගේ ප්‍රශ්න වලදී පෙනී හිටීම හොද දෙයක් (නි)
වැඩි වෙන ජීවන වියදමට අපිත් විරුද්ධයි. නමුත් රට නැති කරගන්න බැහැනේ (නි)
කලා ලෝකයත් පාට පාට වෙලා හරි සතුටුයි. (ස)
කලාකරුවෙක් වුනත් නැතත් එයාලත් මේ රටේ ජනතාවමනේ. ජනතාව හඳුනාගන්නෙ නැත්නම් කලාවකුත් නැහැ. (ස)
අපි කාටත් දුක තේරෙනවා
ජනතාව වෙනුවෙන් ඉදිරිපත්වෙන්න ආපු එක ගොඩාක් හොඳයි.(ස)
පැරිසියේ ඉන්න අයට අපිට තියෙන අමාරුව තේරෙන්නේ නැහැනේ. (ස)
කලාකරුවොත් මේ රටේ මිනිස්සුනේ. ඉතිං එයාලත් සහබාගී වෙන්න ඕනෑ තමයි (නි)
ආත්ම අභිමානයක් ඇති කලාකරුවන් පිරිසක් (ස)
මම විදුලිබිල ඒකක 60 අඩුවෙන් පවත්වාගෙන යනවා. සතුටුයි කියන්න. කාටහරි එහෙම බිල අඩුකර ගන්න අපහසු නම් මම කියලා දෙන්නම්. මාව අමතන්න. (නි)
කලා කරුවෝ සංවේදී හදවත් ඇති අයයි. නමුත් අද යුගයේ සමහර කලා කරුවන් මුදලට විකිනෙන බව රටම දන්නවා . ජැක්සන් ඇන්තනි යනු මුදල් උපයන කලාකරුවන් අතර කෝටි පති ව්‍යාපාර ඇති එදා කලාවේ සිටි හොද මල්ලවයෙක් බව අප දනිමු. කකියන හදවත් ඇති කලාකරුවන් වන ඔබට අපේ ප්‍රණාමය.(නදී)
මන් හිතන්නේ මේ අයගේ ඉල්ලීමට විදුලි බිල අඩු කරාවි. මේ අය විතරයි අඩු වෙලා හිටියේ.(නදී)
ඇයි අපේ මාලනී අක්කා, ගීතා අක්කා, අනර්කලී, පබා.....මෙකී නොකී කලාකරුවන්ට විදුලි බිලේ වැඩිවීම ඇඟට දැනෙන්නේ නැද්ද? (නි)
කඩේ යන කලාකරුවන්ව නම් වැද්ද ගන්න එපා ඔතනට (නි)
මගේ අම්මෝ මෙතන අපේ රණවිරුවන් පාවාදෙන චිත්‍රපටි හදන කෙනාත් ඉන්නවා.(නදී)
තමුන්ගේ බඩට වදිනකොට විතරයි එයාලටත් ඇහෙරෙන්නෙ.(නදී)
සේරම් ඔබ ලාම්පු එළියෙන් වැඩ කරන කෙනෙක් වෙන්න ඇති. ඒකයි ඔය වගේ මොලේ තියන කතාව කියලා තියෙන්නේ. (නදී)
ජය වේවා !(නදී)
ජැක්සන් ඇන්තනී නැද්ද ඔතන.(නදී)
මේ විරෝදතාවය දේශපාලන එකක් නොවේ . මිනිසුන්ට මේ වැඩිවන ජීවන වියදම දරා ගැනීමට නොහැකියි. අපි හෙළ උරුමයේ හමුදුරුවොත් මෙයට සයෝගය දෙයිද?.(නදී)
ඇයි පහුගිය කාලේ හුඟක් කලාකරුවෝ හිටියේ අරයගෙ ඔඩොක්කුවේ නේද? ඇති ටිකක් මොලේ පෑදුනා.(නදී)
ඔබලා සැබෑ කලාකරුවන් වීම ගැන අපේ ආචාරය.(නදී)
ඒක එහෙම වෙන්න ඕනනේ ජනතා දුක අපේ දේශපාලකයන්ට නොතේරුනාට කලාකරුවන්ට දැනෙන්න ඕන. එහෙම නැත්නම් කලාකරුවෝ වෙන්න බැහැ.(නදී)
සෙබකල විරුවානෙනි ඔබතුමන්ලාට ජනතා උපහාරය.(නදී)