දුව දීගෙක යනදා තාත්තා ලියූ සෙනෙහසේ ලිපිය.... දුවට මවක මිස යැයි කියූව ද දියණියක් වඩාත් සමීප පියෙකුට බව බොහෝ දෙනා පවසන දෙයකි. ඒ දියණිය දීගෙක යන දින රත්තරං දුවේ මගේ රත්තරං දුවේ ඔබයි දිවිය අර්ථවත් කළේ.... කියා පිය සෙනෙහස දෝරේ ගලන අවස්ථාවක් තවත් නැති තරමටම පියෙකුගේ සෙනෙහස ගලා යයි. කදුළු නොහෙලා හැඟීම්බරව ඔහු එදෙස බලාසිටී, මේ පියාණන්ද දැන් ඒ අවස්ථාව ස්පර්ශ කිරීමට සූදානම් වන මොහොතකි. අපට ඔහු ශ‍්‍රියන්ත මෙන්ඩිස් නම් වූ ප‍්‍රවීන සහ ප‍්‍රකට රංග ශිල්පියාණන් වුවද නිපුණි පේ‍්‍රක්ෂා දියනියට ඇය සදාදරණීය පියාණන්ය. ඒ සෙනෙහස ඇය උපන්දා සිටම අත්විඳි දෙයකි. ශ‍්‍රියන්තගේ ලොකු දියණිය හෙවත් ඔහු ආමන්ත‍්‍රනය කරන විදියට ලොකුපුතා දීගෙක යාමට සූදානම් වන්නේ මෙම 20 වැනිදාය. මේ දියණිය උපන්දා මේ පියා අපූරු කවක් ඇය වෙනුවෙන් ලිවීය. අද ඇය වෙනුවෙන් ඔහු ලියන්නේ ලිපියකි. තම ලොකු දුව දීගෙක යන මොහොතේ ශ‍්‍රියන්ත මෙන්ඩිස් නමැති ඒ පියාණන් ලියූ ලිපියේ හැඩ ගලා යන්නේ මෙලෙසිනි. ගල්කිස්ස, කලාපුරයේ අම්මත්, මමත් තනාගත් සුන්දර කැදැල්ලේ සඳළු තලාවේ සිට සදාදරණීය ලොකු පුතා වෙත ලියමි, ලොකු පුතේ අම්මාගෙත් මගෙත් ජීවන තක්සලාව වුණේ වේදිකාවයි. අපි දෙන්නාම මුණගැහුණේ වේදිකාවෙදි. එතැනට අපි ආවේ මල් මාවතක් ඔස්සේ නොවෙයි. අතිශයින් දුෂ්කර මාර්ගයක. අම්මා මට හමු වූ දින සිට මම රංග කාර්යයට වෙන කැපවීමේ තරමටම අවංකවම ඇයට පේ‍්‍රම කරන්න පටන් ගත්තා. සතයක්වත් නැතිව කොළඹ ආපු ඒ ගමනට අපි පේ‍්‍රමය බාධාවක් කර ගත්තෙ නැහැ. මට සදාදරණීය කුසුම් වූ ඔයාලගෙ අම්මා පුදුම ධෛර්යවන්ත කාන්තාවක්. අපි ටිකෙන් ටික අපේ ලෝකය තනන්න පටන් ගත්තා. ඔන්න ඔය අතරෙදි තමයි 1987 ජූලි 20 වැනිදා උඹ උපන්නේ. ඒ වන විට මෙරට වේදිකාවේ පේ‍්‍රක්ෂකාගාරය අපට තනාදුන් ගෞරවය ඉමහත්. ඒ නිසාම ඒ පේ‍්‍රක්ෂකාගාරයට ගෞරවනීය වූ හේතුවෙන් අපි උඹට නම දැම්මේ නිපුණි පේ‍්‍රක්ෂා ලෙසයි. වැඩිමහල් දියණිය ලෙස උඹ පවුලට ගෙන දුන්නේ ලොකු හයියක්. ඒ හයියට හිටපු උඹ දැන් සූදානම් වන්නෙ නුඹගෙ කැදැල්ල තනන්නයි. ජීවිතයේ ස්වභාවය එය නිසා කවදත් ස්වභාවධර්මයට ගරු කළ අප දෙන්නා ඊට මුහුණ දෙන්නෙ ලොකු ආත්ම ශක්තියකින්. ඔයාගෙ අම්මා හෙවත් මගේ කුසුම් සහ මම බොහෝ දෙනා දකින්නෙ තවමත් තරුණ විදියටයි. අපි දෙන්නගෙ හිත හොඳකම ඒකට ප‍්‍රධාන හේතුව වෙන්න ඇති. ඒ තාරුණ්‍යයේ ස්වරූපය රැක ගන්න අපට අපේ හෘද සාක්ෂිය වැදගත් වුණා. අපි දෙන්නා ලෝකය දෙස බැලූවේ බොහොම ආදරයෙන්, ගෞරවයෙන්. ඒ වගේම ජීවිතය දිහා බැලූවේ ධනාත්මකව. අපි දෙන්නම ලෝකයට සැබෑ ලෙසම ආදරය කළා. උඹ වගේම නංගි තාරුකී අමායාටත් අපි ඉගෙන්නුවේ ඒ දහමයි. නුඹල දෙන්නා එය අවංකවම ස්පර්ශ කර ඇති බව මට දැනෙනවා. හැෙඟනවා. එදා නංගි උපදින මොහොතේ මම ලංකා පොළවේ හිටියෙ නැහැ. විදේශ සංචාරයකට යමින් ගුවන් යානයේ සිටියෙ. මායාවක් නොවූ තාරකාව යන අරුත දනවන්නයි නංගීට තාරුකී අමායා කියලා නම දැම්මේ. උඹ වගේම නංගිත් දැනටමත් විවාහයට තීන්දු වෙලා හමාරයි. දන්නවද ලොකු පුතේ? අම්මටයි මටයි හැමදාම හවසට ඇතිවෙන ප‍්‍රශ්නය? ඒ උඹලා දෙන්නා විවාහ වෙලා ගියාම අපි තනිවෙනවා නේද? කියන සිතිවිල්ලට එහා ගිය මොකක්දෝ පුදුම සිතිවිල්ලක්. කොහොම වුනත්, පියෙකුට මේ මොහොත වචනයට පෙරළිය නොහැකියි. නුඹ දීගෙට යන මේ දින එළැඹෙන විට මොකක්දෝ අමුතු හැඟීම් පෙළක් හිතේ ඉපදිලා. නුඹ උපන්දා, මල්වර වූදා, මේ හැගීම මට ඇතිවුණා. අපේ කැදැල්ලෙන් ඈත්වෙලා නුඹලාගෙ කැදැල්ල තැනිය යුතු තමයි. ඒත් මේ වෙලාවේ මහාචාර්ය කාලෝ රචිත ගීය මට සිහි ගන්වනවා. පියඹලා ගොසින් තනපු කූඩුවත් අරන් නැවත එන්න සුදු දුවේ මගෙ හිත ඒ විදියට මුමුණනවා පුතේ. මං දන්නවා අමන්ද පුතා නොහොත් ඔයාගෙ ආදරණීය සැමියා ඔයාව ආදරයෙන් බලා ගනීවි. එකත් අතකට දැන් අපේ පවුල තවත් ලොකු වෙලා. අමන්ද පුතා වගේම තාරුකී ගිවිස සිටින පුතාත් දැන් අපට අපේම දරුවෝ. ඉංජිනේරුවකු ලෙස අමන්ද පුතා එංගලන්තයේ රැකියාව කරන බව ඇත්ත. නුඹත් එහි ගොසින් වැඩිදුර හදාරා විලාසිතා නිර්මාණ ශිල්පිණියක ලෙස සේවය කළ බවත් ඇත්ත. දැන් විවාහයෙන් පසුව නුඹලා ආර්ථිකය ගොඩනගා ගන්න ස්ථාවර වෙන්න එංගලන්තයට යන බවත් ඇත්ත. ඒත් ලොකු පුතේ මතකනෙ මම හැමදාම කිව්ව දේ? මේ රටෙන් ඉගෙන ගෙන මේ රටට සේවය කරන්න. මට විශ්වාසයි ඔයා එය කරන බව. ඊයේ මගේ ආදරණීය කුසුම්ට පෙම්වතා වූ මම ඊළගට නුඹලා නිසා තාත්තා වුණා. ඊළඟට සීයා කෙනෙක් වේවි. ජීවිතේ හරි පුදුමයි. ඒ පුදුම ජීවිතේ අම්මයි මායි අරුත්බර කළා කියලා හිතෙනවා. දුප්පත් අපි දෙන්නා රළු පරළු ගමනක් එමින් මහ ලොකු අත්දැකීම් සම්භාරයක් එකතු කර ගත්තා. ඒ සුන්දර මතකය තිත්ත කුසලාන අමෘතය වගෙයි අපි පානය කළේ. අපට ජීවිතයේ බොහෝ දේ දුන්නු වේදිකාව මම හඳුන්වන්නෙ ”පේ‍්‍රමණීය දැව පලස” කියලයි. ලොකු පුතේ ඒ පේ‍්‍රමණීය දැව පලසේ සිට ආදරයෙන් හමු වූ අම්මයි මායි උඹලට ගෞරවය ඇතිවන විදියට ජීවත් වුනා වගේම එකිනෙකාට අපිරිමිතව ගරුකර ගත්තා. මේ නිසාම කලාකරුවන් බොහොමයකගෙ පවුල් අවුල් කියන දේ මිත්‍යාවක් කරන්න අපට පුළුවන්වුනා. බිරිඳ සැමියාට ශක්තියක් වගේම සැමියාත් බිරිඳට ශක්තියක් වුණා. අපට විශ්වාසයි නුඹත් ජීවිතය ඒ ලෙසින් ගත කරාවී. නුඹටත් අමන්ද පුතාටත් මට දෙන්න තියෙන ලොකුම දේ ඒ අපිරිමිත වූ මනුස්සකමයි. රත්තරං දුවේ මම නවතින්නම්. මේ සදාදරණීය තාත්තා ශ‍්‍රියන්ත මෙන්ඩිස්.
සටහන/ඡායාරූප - සඳුන් ගමගේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැගුම් බරින් ලියු ලිපියක් . අපිට අපේ ජීවිතයේ තනිකම මතක් කර දෙනවා
සුන්දර කලා පව්ලක් .......
දුවේ ඔබ දෙන්නටම ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ සහ ඔබලාගේ මවුතුමියගේ සරණයි . සුබ පතනවා ඔබලාට වින්‍යයා-ඔස්ට්‍රලිය
නියම පවුලක්
අම්මා, තාත්තා අමතක කරන්න එපා .ඒ අයට ඔයාලා තවම පොඩි දරුවෝ....
දුවේ......තාත්තාගේ මේ ලිපියේ නියම හැගීම ඔයාට තේරෙන්නේ කවද හරි දවසක ඔයාගේ දුවෙක් විවාහ වෙන දවසට බව මතක තියා ගන්න..
මගෙනුත් සුභ පැතුම්.....
හරිම සතුටුයි ...
ශ්රියන්ත මෙන්ඩිස් නම වූ ඔබ අප ඉමහත් ආදරය කරන කලාකරුවෙකි.නුමුත් ඔබගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව ම දන ගත්තේ අදය.වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔබ සැබෑම වූ මනුස්‍යයෙකි.එදා මෙන්ම අදත් අද මෙන්ම හෙටත් අපි ඔබට ආදරය කරමු.
හැගුම් බර ලිපියක්..ඔබලාට සුබ පතනවා....
සුභ පැතුම්!
ඔබ ගැන ආඩම්බරයි
මම කැමතිම පවුලක්. ජයෙන් ජය!
ආසම කරන පවුලක්. ජයෙන් ජය
කලා ලොවේ සිටින සැමට ආදර්ශයට ගත හැකි හොද පවුලක් .නිපුනි දුවේ ඔබට සුබ අනාගතයක් .
කලා ලොවේ ජය කෙහෙළි නැංවූ ඔබ දෙපල ගැන මටත් සතුටුයි. (ස)
මම කැමතිම කලා කරුවයි මේ ලියුම කියවෙන කොට කදුළු එනවා .
හරිම හැගීම් බර ලිපියක් . ඔබ සියලුදෙනාටම ලස්සන අනාගතයක් බුදුසරණයි
සිංහල සිනමාවට වෙදිකාවට අතිදක්ෂ නලු නිලි දෙපලක් වූ ඔබ දෙපල වේදිකාවට සිනමාවට පමනක් නොව මුලු රටටම ආදරශවත් මවුපිය දෙපලකි. එකිනෙකා කෙරේ දක්වන ආදරයත්, යුතුකම් ඉටුකිරීමත් තුලින් දෙවුවිමනක් බවට සිය නිවස පත්කරගත හැකිබව බුදුන් වහන්සේ දෙශනාකළ සේක. මිහිපිට ඇති ඒ දෙවුවිමන ඔබනිවසයයි සිතමි. මෙවෙනි මවුපිය දෙපලකට දියනියන් වූ ඔබ දෙපල පින්වත්ය. මවු පියන්ගෙ ආදර්ශමත් විවාහ ජිවිතය ඔබෙ විවාහයේ සාර්ථකත්වයට මංපෙත් විවරකරණු ඇත. එයයි ඔබ පරපුරෙන් පරපුරට ගෙනයායුතු දායාදය දුවේ. බුදුසරණයි
එදා මෙන්ම අදත්, අද මෙන්ම හෙටත් අපි ඔබට ආදරය කරමු.ඔබ සියලු දෙනාටම ලස්සන අනාගතයක්!!
හෙළ සිනමාව වේදිකාව එළිය කළ ඔබ දෙදෙනා කලාකරුවන්ට මහගු ආදර්ශයක්. ඔබලාගේ දුවරු දෙදෙනාටත් වාසනාවන්ත පවුල් ජිවිත ගත කරන්න ලැබේවා. ඔබ හැමට ජය!!!
මගේ නෙත් දෙකට කදුළු ඉනුවා.මෙවන් දෙමවුපියන් ලබන්න ඔබලා පිං කරලා තියෙනවා දුවේ.ජේසු පිහිටයි!
ඔබ දෙපලට රුවන් මාළිගා නාටකයෙ අවසානයේ වුණු සිදුවීම නෑවත අපට සෑබවින්ම සිහි ගන්වයි.ඔබලාට දෙවියන්ගෙ අශිර්වාදය ලෑබේවා.
ශ්‍රීයන්ත, ඔයාලගේ කථාව උස් මහත් වුණු දූවරුන් ඉන්න අපි හැමෝගෙම කතාවයි. ඔයාගේ දියණියට අපෙන් සුභ පැතුම්!
අනෙක් කලාකරුවන්ගේ පවුල් වලට හොද ආදර්ශයක්! මෙම පවුලට බුදු සරණයි!
සුභ පතනවා ඔබ සියල්ලටම
මම ඔබ සැමට ගරු කරනවා
මට දුවණියන් නැහැ. ඉන්නේ පුතාලා ..ඔබ පවුලේ සැමට ආදරණිය සුභ පැතුම්..
උණුසුම් සුභ පැතුම්
ලියුම නම් නියමයි මටත් ඇඩුනා දඩුබස්නාමානය වැනි රංගනයන් අමරනීයයි. ඔබ සැමට චිරං ජයතු දුවට ප්‍රිතිමත් යුග දිවියක්!
ඔබ ගැන ආඩම්බරයි
තව තවත් නිර්මාණ කරනයට ශක්තිය ධෛර්‍ය ලැබේවා....උණුසුම් සුභ පැතුම්....
ශ්රියන්ත අයියා.....................
සුරසේන ලෙස අප හදුනාගත් ඔබ, සැබෑවටම සුරයෙකි උණුසුම් සුභ පැතුම්!
ඔබ සියලු දෙනාටම ජය වෙවා! බුදු සරණයි
ඔබ සියලු දෙනාටම ජය වෙවා! බුදු සරණයි
ඔබ රටට වගේම අපේ ගමත් ආඩම්බරයක් ඔබගේ පවුලට ජේසු පිහිටයි .
සුභ පැතුම්! සුභ අනාගතයක්!
මගේ සූරසේන ඔබයි.සියල්ලන්ටම බුදු සරණයි!
සුභ පැතුම්!
හැමදෙනාටම ආදර්ශයක් ඔබ දෙපල. මම හැමදාමත් ආදරය කලා කරුවානෙනි. ඔබට ආයු බෝ වේවා. මමත් ඔබවන් දීගයන වසයක දුවෙක් සිටින පියෙකි. කලාකරුවෙකි. මටත් මෙවන් සුබදායි ලිපියක් ලියනට ලැබේවොයි පතමි.
ජිවිතයේ යතාර්ථය නිවැරැදිය හඳුනාගත් කලාකරුවෙක්. මම හිතන්නේ ඔහුගේ සැබෑ රංගනය කුසලත්වයේ රහසත් එයයි.
ලියුවේ පත්තරේට ද නැත්නම් දුවටද?
ශ්රියන්ත අයියා, ඔයාලා දෙන්නගේම රගපෑම් හොදයි.
ඔබ සැමටම ජයවේව
මම ගරු කරනවා ඔබට සහ ඔබේ පවුලට
දඩුබස්නාමානයේ ඔබගේ ගරු රංගනය වැනිම තවත් රංගනයක් කිරීමට ඔබට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ලැබේවා!
ඔබ සැමට සෙනෙහසින් සුබ පතමි
ඔබට ජය
නියම සතුටුයි.බුදු සරණයි!
මම දකින විදියට මෙතුමාට තියෙන්නේ ඕනෑම චරිතයකට ආරූඩ වෙන්න පුලුවන් මහා දැවැන්ත චරිතයක්.එහෙම අය බොහොම අඩුයි දැන් කාලේ
ශ්රී ලාංකික කලාවට සැබෑ දක්ෂයින් වූ ඔබ දෙපලට තව තවත් ශක්තිය දෛර්‍යය හා වාසනාව ලැබ චිරාත් කාලයක් අප අතර වැජඹේවා !
අපිට මතකයි සුනාමි වේලේ කුසුම් අක්කා පාරට බැහැලා ඒ වෙනුවෙන් කළ සේවය.කවදාවත් වරදින්නේ නැහැ එවැනි පවුලකට
හරිම හැගුම්බර ලිපියක්....මම ගොඩක් ගෞරව කරන පවුලක්....හරිම සතුටුයි...
සුභ පැතුම්!
අපේ සිනමාවේ ඉන්න කලාකරුවන්ට මොවුන් හොද ආදර්ශයක්.සුබ පැතුම්!
කලා ලොවේ සිටින සැමට ආදර්ශයට ගත හැකි හොද පවුලක්. සතුටුයි. බුදු සරණයි!
ආදර්ශමත් ලාංකිකයෝ. මගේ සුභ පැතුම්
මම ඔයාලගේ ජීවිත වලට සුභ පතනවා.....
ලංකාවේ පවුල්වලින් 80%ක් පමණ කුඩුවෙලා තිබෙන මෙවන් අවදියක නළුවකු විසින් සාර්ථක යුගදිවියක් ගතකරන බව දැකීම සහ කියවීම මේ කුඩුවෙලා තිබෙනා පවුල් වලට ජීවමාණ ආදර්ශයකි.ඔබ දෙපළ සහ දරුවන් දෙවියන් වහන්සේගේ ආශීර්වාදය විදින බව නම් මට සහතකයි. මම කිතුණු පවුල්වලට සේවය කරන කෙනෙකු ලෙසටයි මෙසේ ලියන්නේ. ඔබ සැමට දෙවියන් වහන්සේගේ ආශිර්වාදයන් බොහෝ සෙයින්ම විදින්නට හැකි වෙත්වායි පතනෙමු.
ලංකාවේ පවුල්වලින් 80%ක් පමණ කුඩුවෙලා තිබෙන මෙවන් අවදියක නළුවකු විසින් සාර්ථක යුගදිවියක් ගතකරන බව දැකීම සහ කියවීම මේ කුඩුවෙලා තිබෙනා පවුල්වලට ජීවමාණ ආදරශයකි.ඔබ දෙපළ සහ දරුවන් දෙවියන් වහන්සේගේ ආශීර්වාදය විදින බව නම් මට සහතකයි. මම කිතුණු පවුල්වලට සේවය කරන කෙනෙකු ලෙසටයි මෙසේ ලියන්නේ ඔබ සැමට දෙවියන් වහන්මස්ගේ ආශිර්වාදයන් බොහෝ සේයින්ම විදින්නට හැකිවෙනවා පතනෙමු.
ජීවිතේ බර ඉතා හොඳින් දරුවන්ට වැටහා දීපු නිසාත් ඔබ දේපල ආදර්ශමත් ජීවිත ගත කරපු නිසාත් හැම දම ජීවිතේ සතුටින් ඉන්න පුළුවන්.ආදරණීය දියණියනි අම්මා සහ තාත්ත ගෙන් ලැබුණු මේ දායාදය ලොවේ කොහෙන්වත් ඔබලාට මිලට ගත නොහැක. ඔබ සියලුදෙනාටම දළදා සමිඳු පිහිටයි !
අම්ම තරම් නම් දුවල දෙන්න ලස්සන නැහැ .
මගෙන් සුභ පැතුම්..
රොලන්ඩ් මහත්තයෝ දෙවියන්වහන්සේට ඔය ටික කරන්න පුලුවන්නම් 80% පවුල්ජීවිත අසාර්ථක වෙන්නේ කොහොමද? අනේ මන්ද, අසාර්ථක පවුල්ජීවිත 80% ට කාගේ පිහිටද කියා. මම දන්න තරමට වැපුරූ දේතමයි නෙළාගන්නෙ.
මා දකින හොඳම පවුල....
දුක්වෙන්න එපා සූරසේන.ජීවිතය දුකයි.නමුත් ලිපිය හැගුම්බරයි.
ශ්රියන්ත /කුසුම් අපි දන්නවා ඔබ ගැන. මට හමු වූ අනිත් කලා කරුවනුත් එක්ක ගත් විට ඔබ ගොඩක් වෙනස් කෙනෙක්. ඔබගේ දුවගේ විවාහයට සුභ පතමි. සුභ පතනවා ඔබට කරු සිඩ්නි සිට
රාජා මුදලාලි, ඔබ රටට ආදර්ශයක්. ඔබ වැනි පියවරුන් ලබන දරුවනුත් වාසනාවන්තයි. නව යුවලට මගේ සුභ පැතුම්.
මෙන්න නියම අම්මෙක් හා තාත්තා කෙනෙක්....
ආදර්ශමත් දෙමව්පියන්..
මෙන්න නියම අම්මකෙනෙක් හා තාත්තා කෙනෙක්...
අපි දන්නවා හොදන් ඔබ දෙපල ගැන.. ගොඩාක් ආසකරන චරිත දෙකක්.. මම සුභපතනවා ආදරණීය දරැවටත් විවාහය අතිශයින් සාර්ථක වෙන්න කියලා.. සුභ අනාගතයක්...!!
සුභ පැතුම්...!!
ඔබ සැමට සුභ පැතුම්....!!
මම ආදරය කරන දෙපලක් තමයි ඔය දෙපල....සියළු දෙනාගේම සුභ පැතුම්...
ආදරණීය ශ්රියන්ත.......
ආදරණීය ශ්රියන්ත
ශ්රියන්ත මහත්තයෝ ඔයා අනිත් අයට ආදර්ශයක්, හොඳ උදාහරණයක්....සුභ පැතුම්
අපේ ලංකාවේ ඉන්නේ නිකම් මතුපිට ඔපයට මූණු පොලිෂ් කරන්න කතා කියන මූණු පොලිෂ් කාරයෝ.ඒත් මම පොඩි කෙනෙක් වුනත් බය නැහැ කෙලින් කතා කරන්න. ඔයාලා ඇත්ත නොදැන කවුරු හරි එක්කෙනක් හොඳයි කිව්වම ඔයාලා ඔක්කොමත් එයාට සුදු හුණු ගානවා. ඒත් ඇත්ත හැමෝම දන්නේ නැහැනේ.හැමෝටම පෙන්නේ මතුපිට තියන බොරු දිස්නය විතරයි.සමහරු සිවිල් සමාජ තත්වයට බයයි.මම කෙල්ලෙක් වුනත් කෙලින් කතා කරන්න බය නැහැ. මම දන්නවා ඔය හොඳයි කියන අයගේ ඇතුළු ජීවිතය මොන තරම් වෙනස්ද කියලා.සුරංගනා කතා ගොතලා කියලා සීනි බෝල දීලා මිනිස්සු රවට්ටන්න පුළුවන්.ඒත් ඒ දේවල් බොහෝම ඉක්මනට නැතිවෙලා යනවා. ඒවා තාවකාලිකයි.හරියට රෑ නින්දේදී දැකපු සිහින වගේ. සිහින පෙනෙනවා තමයි නමුත් සිහින සැබෑ ඒවා නොවේ.ඒ තරම් ඇත්ත තිත්තම තිත්තයි.මේ කතා ඇහුවම ඕනම කෙල්ලෙක් හිතන්නේ අනේ අපි වගේ දුවල ඉන්න තාත්තා කෙනෙක් අපිට මොන තරම් ආදරේ වේවිද මෙයා කියලයි.නමුත් ඔයා දන්නවද එහෙම හිතපු තරුණ ලාබාල කෙල්ලෝ මේ නිසා කොච්චර අසරණ වෙනවාද කියලා.පව් ඔයාල ට ඔයාලා නොදැන කරන දේවල් නිසා අසරණ ලාබාල කෙල්ලන්ගේ ජීවිත වලට එක් වෙන්නේ කඳුළුවල උණුසුම විතරමයි.මමත් ජීවිතේ හොඳටම අත්දැකීම් විඳපු කෙනෙක් නිසයි මේවා කියන්න දන්නේ.ඒත් මට වුන දේ මගේ වයසේ තවත් ලාබාල කෙල්ලෙකුට වෙනවා මට බලා ඉන්න බැරුව තමයි මෙහෙම ලිවුවේ.මාව වරදවා හිතන්න එපා.මම ගොඩාක් අහිංසකයි.ඒත් මගේ අහිංසක කම නිසාමයි මට හැම දේම නැති වෙන්න හේතුවත්. ඒත් මම ඒවා ගැන දැන් දුක් වෙන්නේ නැහැ.හැම දේම අලුතින් ගොඩ නඟාගෙන දුර ගමනක් යන්නයි මට ඕනේ.
දෙමාපියන්ගේ ගෞරවය දුව ගෙනියවිද සැකයි. එදාට බලමු
ශ්රියන්ත සහ කුසුම් කියන්නේ අපේ ප්‍රියතම කලාකරුවෝ දෙපළක්. (නි)
මේ ෂෙරිල්, කියන දෙයක් වහෙන් ඔරෝ නැතුව කෙළින්ම කියනවා නම් අපිට ඒක ලොකු උදවුවක්.අනික එක් කෙනෙක් දෙන්නෙක් ඕනනැති දේවල් කළා කියලා හැමෝම එහෙම නැහැ,හොදද. (නි)
ශ්රියන්ත මෙන්ඩිස් නම් වූ ප‍්‍රවීන නළුවා කියන්නේ ඇත්තටම දක්ෂයෙක් .මම පුද්ගලිකව ඔහුගේ රග පැම ගැන ගොඩක් අගය කල පුද්ගලයෙක් .අනික ඔහු අනිත් නළුවන් වගේ තමන්ගේ උගත් කම ගැනයි තමන්ගේ බල පුළුවන් කර කම ගැනයි මාද්‍යය සංදර්ශන නොතිබපු අවංක කලා කාරයෙක් හැටියට තමයි අපි දුටුවේ.මේ රටේ සමහර කලාකරුවන් දේශ පාලනය කරන්න ගිහින් තමන්ගේ ප්‍රති රුපය විනාශ කරගත්ත උදා හරණ ඕන තරම් තියෙනවා .අනික ඔබගේ ලිපියේ සදහන් වෙලා තිබෙනවා " ඉංජිනේරුවකු ලෙස අමන්ද පුතා එංගලන්තයේ රැකියාව කරන බව ඇත්ත. නුඹත් එහි ගොසින් වැඩිදුර හදාරා විලාසිතා නිර්මාණ ශිල්පිණියක ලෙස සේවය කළ බවත් ඇත්ත" මෙන්න මේ වාක්‍යය කොටසෙන් මේ ලිපිය සම්පුර්නයෙන්ම විනාශ වෙලා .මේ වාක්‍යය ටිකෙන් ඔබ පෙන්නුම් කරන්න හදන්නේ නුබගේ බැනනුවන්ගේ තත්වය නේද ??? (දී)
ඔබල වගේ ආදර්ශවත් මනුශ්ශත්වයෙන් පිරි මිනිසුන් සිටිනවානම් මේ රට කෙතරම් සුන්දර වෙයිද. ඔයාලට බුදු සරණයි (දී )
ඔයාලට බුදු සරණයි (දී)
හිතවත් ශ්‍රියන්ත අයියේ.., ඔයාගෙ ලිපියෙ අදහස් ඉතා වැදගත්, දුවට සහ ඔබට සුභ පැතුම්..!!!(නු)
මම ගොඩක් ආදරය කරන කල පව්ලක් . සුබ පතනවා ඔබ සියලු දෙනාටම (දී)
දුවේ, නුඹට සුභ අනිගතයක්. (නි)
ඔබ සියලු දෙනාට දෙවි පිහිටයි ! (දී)
ශ්‍රියන්තට මම හැම කෙනෙක්ට වඩා ආදරෙයි.එයා මට සුවිශේෂී කෙනෙක්.(වි)
හිතවත් ශ‍්‍රියන්ත මෙන්ඩිස්, ඹබ ලස්සන මනුෂයෙක්. ඔබ පළිගු මැණිකේ ටෙලි නාට්‍යයෙන් අපට ලස්සන දෙයක් දුන්නා. එහෙත් අද කෝ ඒ හැකියාවන්? අපි අපේ හැකියාවන් දීයුණු කරගන්නවා විනා කෙලෙස ගන්න හොද නැහැ නේද? කාටවත් ඕන විදිහට නොව, තමන්ට ඕන විදිහට රග පාන්න උත්සාහ ගන්න. ස්තූතියි ඔබට! (නි)
පවුලේ සැමට තෙරුවන් සරණයි! හැබැයි එහෙම කියන්නේ මේ ලිපිය නිසා නම් නෙමෙයි. (නි)
මෙතුමා නළුවෙක් බව මෙම ලිපියෙන්ද ඔප්පු කරලා තියෙන්නේ අපූරුවට. (නි)
මෙතුමා මමත් කැමති නළුවෙක් තමයි. ඒත් මේ ලිපියෙන් නම් කියන්න හදන්නේ මොනවද කියලා මට තේරෙන්නේ නැහැ. (නි)
ලිපිය කියවූවිට ඇඩුණා..(නු)
සුන්දරයි .... මාපිය දුවනියන් දෙදෙනාට උණුසුම් සුභපැතුම් ....(දී)
ඔබ සියලු දෙනාටම සුභ පැතුම් (දී)
අනිවාර්යෙන්ම, මේ හොඳ මව්පියන් දෙදෙනෙක් තමයි...(ස)
මෙන්න ජීවිත......(ස)
අනේ මෙයාගෙ පම්පොරිය...(නු)
ඒ කියන්නේ කල කරුවන්ගේ පවුල් අවුල් (දී)
සුභ පැතුම්! (නි)
දයාබර ශ්‍රියන්ත අයියේ, කුසුම් අක්කේ, ඔය දෙන්නට වගේම මටත් දවසක මගේ දුව ගැන දුක් වෙන දවසක් එයි. මේ ලිපිය කියවද්දී මට ඒ ගැන මතක් වුණා. (නි)
ශ්රියන්ත මෙන්ඩිස් කියන්නේ මහා ලොකු ජාතික වීරයෙක් නෙවෙයි.අනික එයාගේ පවුල් ජීවිතේ එයාටම සුවිශේෂී එකක්.මට නම් කාගෙවත් පවුල් ජීවිත ගැන හාර හාර දැන ගන්න තරම් පිස්සුවක් ඔය අයට වගේ හැදිලා නැහැ. අනුන්ගේ පවුල් ජීවිත වල තියෙන කුණු කන්දල් අවුස්ස අවුස්ස ඉන්නවට වඩා වැදගත් වැඩ ඕන තරම් මටයි මගේ මහත්තයාටයි අපේ දරුවන්ටයි කරන්න තියෙනවා.ලංකාවේ ඉන්න ඔක්කොම නලුවෝ ගැන මෙහෙම කියන්න ගියොත් පත්තරවල ඉඩ මදිවේවි ඒකට.අනික ජෝ අබේවික්‍රම,ටොනි රණසිංහ,නන්දා මාලනී,මාලනී ෆොන්සේකා වගේ කොයි තරම් ශ්‍රේෂ්ඨ කලාකරුවන් ඉන්නවද? ඒ අය ගැනත් යම් ඇගයීමක් සිදු කරන්න. ගාමිණි ෆොන්සේකාගේ අසම සම මහා පෞරුෂය එක්ක හුළඟක්වත් වදින්න පුළුවන්ද අනෙක් අයට.කොණ්ඩේ රැවුළ වවපු පමණින්වත් තට්ටේ ගාපු පමණින් වත් ලෝකයේ ශ්‍රේෂ්ඨ නළුවෙක් වෙන්නේ නැතිබව මතක තියා ගන්න. (නි)
මට නම් ශ්‍රියන්ත කියන්නේ බොරු කාඩ්බෝඩ් නළුවෙක්.ඔහුට සිනමාව ගැන රූපවාහිනි මාධ්‍ය ගැන කිසිදු අවබෝධයක් නැහැ.නළුවෙක් වුනාම රඟපාන්න පුලුවන් වෙන්න ඕනේ.ඔහුට කරන්න බැරි එකම දේත් ඒකමයි.ඒ අතින් රවීන්ද්‍ර රන්දෙණිය කෙතරම් ශ්‍රේෂ්ඨ පෞරුෂයක් තිබුණු නළුවෙක්ද?ශ්‍රියන්තට රවීන්ද්‍රගෙන් ඉගෙන ගන්න පාඩම් බොහෝමයක් තියෙනවා. (නි)
මගේ ප්‍රියතම නළුවා ශ්‍රියන්ත අයියා තමයි. (නි)
ශ්රියන්ත අයියා වගේ කෙනෙක් ලබන්න කුසුම් රේණු කොයි තරම් පින් කරලා ඇතිද කියලා මට හිතෙනවා. (නි)
ඔබව සිත් සේ දෙනෙතින් රස විඳ ඒ මිහිරෙන් සැනසීමට ලැබුණොත් ඒක මගේ වාසනාවක් කියලා මට හිතෙනවා ශ්‍රියන්ත අයියේ..(මම ඔයාගේ රසිකාවියක්) (නි)
ලලිතා හරියටම හරි. මමත් අනුමත කරනවා ඒක. (නි)
ලලිතාව මමද අනුමත කරමි. (නි)
ඔයාට රඟපාන්න බැහැ ශ්‍රියන්ත අයියා. නලුවා කියන පුද්ගලයාට රඟ පාන්න පුලුවනි. නමුත් ඔයාට බැරිත් ඒකමයි. ව්‍යාජ හැසිරීමත් ඔයා තුළ තිබෙන තව දුබලතාවක්. ඒවා මඟහරවා ගන්න බලන්න. (නි)
හුඟක් ව්‍යාජ මනස්ගාත තමයි නලුවන් ලඟ තියෙන්න ඕනෑ. එවිට තමයි ජනප්‍රිය වන්න පුලුවන්. (නි)
මට හිතුණා. දුවලා තාත්තා අනුකරණය කරන්න එපැය නේද? (නි)
නලුවකුට රඟපාන්න පුලුවන් නම් ඒකයි වැදගත්. අපි ඊට වැඩිය කතා කරන්න කැමති නැහැ.අනිත් අයට අවස්ථාවක් ලබා දීලා බලමු. (නි)
කුඩා දුව හරි ලස්සනයි. (නි)
ඔබ සියලු දෙනාටම සුභ පැතුම්! (නි)
අයියගේ පවුලට බුදුසරණයි...(ස)
කලාව ඇඟේ ගෑවිලාවත් නැති අය හරි ආසයි තමන් කලා කාරයෙක් කියලා කියාගන්න. මගේ අදහසේ හැටියට අද කලාකරුවන් කියලා කොටසක් නැහැ.මේක මම කියන කතාවක් නෙවෙයි. කලා කේෂ්ත්‍රයේ බොහෝම ප්‍රවීණ විද්වතුන් කියන කතාවක්.අද බොහෝ කලාකරුවන් කියන අය උත්සහ කරන්නේ යම්තම් ටෙලි නාට්‍යයක් දෙකකට මුහුණ ඔබා ගත්ත ගමන් කොහොමද ලීස් කරලා කාර් එකක් ගන්නේ, කොහොමද කසාදයක් බැඳ ගන්නේ,කොහොමද ගෙයක් හදා ගන්නේ, කොහොමද මම මේකෙන් මගේ මුළු පවුලම ගොඩදා ගන්නේ කියලා කල්පනා කරන්නයි. මම නම් තාම දැකලා නැහැ ශ්‍රේෂ්ඨ රංගධරයින් පිළිබඳව විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මේ තරම් පුළුල් ප්‍රචාරයක් ලබාදෙනවා. මේ වගේ නිසරු සම්ප්‍රප්පලාප වැඩ හරහා සිදුවන්නේ නිසරු හිල් බොල් මිනිසුන්ගේ නර්මාලාප සමාජ ගතවීම පමණයි. කරුණාකර මෙවැනි රැවටීම් සිදුකිරීමට උත්සාහ කර පොදු මහජනතාවගේ උසස් රසඥතාවයට හානි කිරීමට හා එයට නිගරු කිරීමට උත්සාහ නොකරන මෙන් ඉතා කාරුණිකව ශ්‍රියන්තගෙන් ඉල්ලා සිටිමි. (නි)
මේ ශ්‍රියන්ත, බොරු මනස්ගාත නැතිව නිකම් ඉන්න. (නි)
ශ්රියන්ත, ඔයාගේ බාලම දුව හරිම ලස්සනයි. (නි)
මේ අම්මගෙ ඉස්කෝලෙ යාළුවෙක් පුතේ. අම්ම අනුලාවෙ හේවිසි බෑන්ඩ් එකේ ලතාවටම ඇවිදපු ලස්සන ගෑනු ළමයා. සිංදු කියන්න හොඳට පුළුවන්. ශිෂ්‍ය නායිකාවක් හැටියටත් හිටියා. මගේ සුන්දරම පාසල් අවදියේ අම්මගෙ චරිතයෙන් මම මගේ ජීවිතය වින්ද කෙනෙක්. ඒ මුහුණට කවදාවත්ම තරහක් ආවෙ නැහැ. තමන්ගෙ ලස්සන ගැන මූණෙන් ප්‍රකාශ කර කර හිටපු ගෑනු ළමයි අපේ ඉස්කෝලෙ ඕන තරම් හිටියා. අපිත් ඒ ගොල්ලන්ගෙ ලස්සන හොඳට බලලා යන්න ඇරලා හිනා වුණා. හිතට අරං තියන තරම කියලා. ලස්සන ගැහැනු ළමයි දකින්න ටීවී අපිට තිබුණෙ නැහැනෙ. ඉස්කොලෙ ඇවිත් ස්වභාවයෙන්ම ලස්සන ගැහැනු ළමයි දකින්න ඒ අය ගැන කතා කරන්න මගේ යාළුවන් ආසයි. අපි කුසුම් ගැන කතා කළේ තමන් තමන් ගෙ ලස්සන අඳුනගත්තෙ නැති ගැහැනු ළමයෙක් හැටියට. අම්මගෙන් අහන්න. අම්මගෙ ජීවිතයෙත් අනුලාව ලොකු තැනක් වෙන්න ඕනෙ. අම්ම දඟයි. හැබැයි ගුරුවරුන්ගෙන් බැණුම් අහන්න ඇත්තෙත් ආදරෙන්. අම්මට හැරෙනකොට හිටිවන විහිළු කරන්න පුළුවන්. අපේ හේවිසි වාදන කණ්ඩායමට කුසුම් කියන්නෙ පුදුම හැඟීමක්. (නි)
ඔබ සියලු දෙනාටම සුභ පැතුම්! (දී)