කලගෙඩිහේන අනතුරින් කාන්තාවක් දෙදෙනකු, දෑ අවුරුදු දරුවකු හා වෑන් රියේ ගමන් කළ කතෝලික පියතුමකු මිය ගිය බව ගම්පහ රෝහල කියයි.
තුවාලකරුවෝ හත් දෙනෙක් වතුපිටිවල සහ ගම්පහ රෝහල්වලට ඇතුළු කරනු ලැබූහ.
(ඡායාරූපය ආනන්ද ඉ ජයකොඩි)
කලගෙඩිහේන අනතුරින් කාන්තාවක් දෙදෙනකු, දෑ අවුරුදු දරුවකු හා වෑන් රියේ ගමන් කළ කතෝලික පියතුමකු මිය ගිය බව ගම්පහ රෝහල කියයි.
තුවාලකරුවෝ හත් දෙනෙක් වතුපිටිවල සහ ගම්පහ රෝහල්වලට ඇතුළු කරනු ලැබූහ.
(ඡායාරූපය ආනන්ද ඉ ජයකොඩි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමන්, පිස්සු කතා කියන්න එපා. අනතුරු වන්නේ ඒවගෙන් විතරද? (නදී)
සමන්, ඔහේ මහා පිස්සෙක්නේ. ත්‍රීවීල් තහනම් කරපුවහම හදිසියට ලෙඩෙක් රෝහලට ගෙනියන්නවත් ඉක්මනට ඉදිරිපත් වෙන්නේ කවුද? හැමෝම දොස් කියන්නේ ත්‍රීවීල් වලට. එතකොට ත්‍රීවීල් වලින් ජීවත් වෙන පවුල් වලට මොකද වෙන්නේ? ඕවා සමන් ගේ මෝඩ කතා. (නි)
පාර දෙකට බෙදලා යන එන මංතීරු පරතරයකින් වෙන් කළා නම් අනතුරු විශාල වශයෙන් අඩුවේවි. ලංකාවේ අධික වේගයෙන් එකම පාරේ දෙපැත්තට වාහන මාරුවෙනවා. ඉතින් අනතුරු වෙනවා. අධිවේග හදන්න කලින් තියෙන මාර්ග දියුණු කරන්න කියලා මිනිස්සු කිව්වේ ඒ නිසා තමයි. (නි)
මගේ යෝජනවා නම් දඩ කොළ ලියන මුවාවෙන් ජරාව කන පොලිසියේ අයට ලයිසන් එක තියාගන්න දෙන්නේ නැතුව දඩ කොලේ ගෙදරට එවන ක්‍රමයක් හදන්න. කොච්චර ලේසි වැඩක්ද ඒක? අපේ අයටත් ෂේප් වෙන්න මේක නියම ක්‍රමයක් නිසා පොලිසියට ජරාව දීලා තව තව වැරදි කරනවා. ඇමතිවරුන්ගේ වාහන වලටත් දඩුවම් දෙන්න. (නි)
ලංකාවේ මිනිස්සු (දුප්පත් පොහොසත් බලවත් සියලු දෙනාම) කොච්චර නොදියුණුද කියලා කියන්න කිසිම පරීක්ෂණයක් ඕනෑ නැහැ. පාරවල් වල වාහල එලවන හැටි බලාගෙන හිටියහම නිකම්ම පේනවා. ඔය ආශ්චර්ය කතා, අවුරුදු 2500 ක ප්‍රෞඪ ඉතිහාස කතා නිකන් විහිලු කතා විතරයි. (නි)
රට කන දේශපාලඥයෝ රට කරනකොට, නීතිය බල්ලට යනකොට මේවා බලාපොරොත්තු වෙන්න වෙනවා. (නි)
මේ හරියේ පාර හොඳට තියෙනවා. පාට පටු නෑ. ත්‍රී විලර් මල්ලි යන්නේ ජෙට් වගේ. රියදුරන්ගේ මිසක් පාරේ වැරැද්දක් නැහැ. (ස)
මේක දෙවියන් වහන්සේගේ කැමැත්ත. (නි)
මොකද අප්පා මෙච්චර රිය අනතුරු? මෙච්චර වාහන තදබදයක් තියෙන මාලදිවයිනේවත් මෙහෙම නැහැ. (නි)
හරිම අහිංසක මුස්ලිම් පවුලක්. අපේ ශෝකය පුද කරමු! (නි)
චතුල, ඔබ හරියටම හරි. ලංකාවේ ඉන්න නුසුදුස්සෝ දේශපාලනයට රිංගාගෙන සියල්ල විනාශ වෙලා අවසානයි. (නි)
යන සහ එන තීරු වෙන් කරනාවානම් මුහුණට මුහුණ සිදුවෙන ගැටුම් වලක්වා ගත හැකියි.(නදී)
මේ කාලකන්ණි අපාගත වෙච්ච දේශපාලනේ තියනකන් ලංකාව යහපත් මට්ටමකට ගන්න බෑ මිනිස්සු මෑරෙන එක විතරයි වෙන්නෙ.(නදී)
මුළු ඉන්දියාවේම තියන ත්‍රීවිල් ටික ලංකාවේ ? මේවා ටික පාරෙන් ඉවත් කරන තුරු, අනතුරු වළක්වන්නත් බැහැ වගේම, අපේ රටේ ඇයි ? මාර්ග සඥා පුවරු නැත්තේ ? ඇයි පාරවල් වල මැද සුදු ඉරි නැත්තේ ? ජනතාවට ගමන් කරන්න කෝ පේමන්ට් එකක් ?රියදුරාට ගමන්කරන්න ,රාත්‍රී තියා මහා දවාලේ වත් පාරේ තමාගේ, පැත්තේ මාර්ගය පෙනෙන්න සුදු ඉරී අදින්න, මේ මාර්ග නීති සියල්ල ප්‍රති සංස් කරණය කොට , ඒවා පිලි නොපදින උන්ගේ , ලයිෂන් එක කැන්සල් කරානම්. අනික් මිනිසුන් නීති පිලි පදිනවා. අනික මේ දෙපැත්තේම වැරදි මේවා...? රජයේ වග කීමක් පාරක් හදන විට එක පැත්තකින් ජනතාවට ගමන් කිරීමට පේමන්ට් එකත් හදල දෙන එක.? පයින් යන්නේ මිනිස්සු වාහන ගමන් කරන්න තියන මහා පාරේ ?ඉතින් වාහනේ ඒකව යට කරගෙන තමයි යන්නේ? වගකිව යුත්තෝ මේවට වග කියන්න ඕන ...? හැම අව්රුද්දේම යනවා නේද ? ඔය ඇමතිලා පිට රට ? එහෙ පාරවල් දැකල ඇතිනේ ...? (නදී)
ලංකාවේ වාහන වැඩියි ඒකයි මේ. සමහර මිනිස්සුන්ට වාහන 10ක් 15 ක් තියෙනවා.(නදී)
ලෝකේ කිසිම රටක මේ තරම් රිය අනතුරු දවසකට වෙන්නේ නැහැ මම හිතන්නේ. මේකට ප්‍රධානම හේතුව පාරවල් වල පටුකමයි (නි)
කනගාටුයි. දුකයි. අසරණයි.මග මරුවා ඇයි මේ හැටි වද දෙන්නේ අහිංසකයන්ට. කිසිවෙකුට අකල් මරණ නොවේවා කියල මලක් පූජා කරන්නම්. අසනීප කාරයෝ ඉක්මනට සුවපත් වේවා. මිය ගිය සැමටම නිවන් සුව. (නදී)
ත්‍රීරෝද රථ සහ යතුරුපැදි ලංකාවේ තහනම් කලෞත් මොකද?(නදී).
ලංකාවේ මොන තරා තිරමේ කෙනෙක් ඩ්‍රයිවිං ෂීට් එකේ වාඩි වුනත් මොන ඉහලම පෙලේ වාහනයක ඩ්‍රයිවිං ෂීට් එකේ වාඩි වුනත් ඒ මිනිහාගේ මනුෂ්‍ය ගති ඉවත් වෙලා තිරිසන් ගති මතු වෙනවා මාර කරුමයක් තමයි.(නදී)
කෝ මේ ප්‍රවාහන ඇමති ?(නදී)
මෙච්චර අනතුරු වෙන්නෙ රියදුරන්ගේ අවිනීත කම සහ මාර්ග නීති පිලි නොපැදිම නිසයි. රටක පිලිවෙල බලාගන්න තියෙන හොදම තැන තමා මහා මාර්ග. මම හිතන විදිහට, ලංකාවේ කිසිම රියදුරෙක් මාර්ග නීති පිලිපදින්නේ නැහැ.(නදී)
අනතුරට පත් සියළු දෙනා වෙනුවෙන් මගේ කනගාටුව.(නදී)
පහන්, දැන් තියෙන විදිහට මාස 6ක් නෙවී අවුරුදු 6ක් පුරුදු උනත් වැඩක් නැහැ. අපි කොඉතරම් පරිස්සමින් උනත් වැඩක් නැහැ සමහර වෙලාවට. (නදී)
අකල් මරන වැඩියි. පරිසරයේ උනුසුම නිසා ඇති වෙන තත්වයක් ද මන්දා.(නදී)
කොළඹ -නුවර, කොළඹ,කතරගම, කොළඹ- බදුල්ල, කොළඹ-ත්‍රිකුණාමලය, කොළඹ-යාපනය දක්වා ප්‍රධාන මාර්ග ඔස්සේ ඇති සියලුම විකල්ප මාර්ග වැඩිදියුණු කළහොත් රිය අනතුරු අවම කල හැකි වේවි යන්න මගේ විශ්වාසයයි. (නි)
අපේ අප්පුච්චා හිටිආ නම් මේ වෙලාවේ කියන්නේ "අපේ රටට දේව ශාපයක් වැදිලද කොහෙද " කියලා තමයි. (නි)
ඒත් දැන් කියනවා තව වේගෙන් යන්න කියලා . අද දවසටම මරණ 6 තුවාල කරුවෝ 30 යි. (නි)
මියගිය සියල්ලටම මොක් සුව පතමු. (නි)
හරියටම හරි. වහාම ක්‍රියාත්මක වන පරිදි මාර්ග වල වේග සීමා වැඩි කළ යුතුය. (නි)
මට ලංකාවේ රියදුරු බලපත්‍රය හැර තව විදේශීය රටවල් දෙකක රියදුරු බලපත්‍ර තිබෙනවා. එහෙත් මම ලංකාවේ නිවාඩු හිටපු මාසෙම රියදුරු මහතකුට පඩි දීලා තියා ගත්තා. මට එලවන්න බැහැ ලංකාවේ එලවනවා නම් මාස 6 වත් නැවත පුරුදු වෙන්න ඕනෑ. (නි)