IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


කාල්ටන් මිනි මැරතන් තරගමාලාව මාර්තු 3දා සිට

දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි දීප ව්‍යාප්ත මිනි මැරතන් තරගමාලාවක් පැවැත්වීමට තාරුණ්‍යයට හෙටක් සංවිධානය කාල්ටන් ක‍්‍රීඩා සමාජයේ සහයෝගයෙන් සූදානම් වේ. එහි පළමු පියවර ලෙස උතුරු මැද පළාතේ මිනි මැරතන් තරගාවලිය ලබන මාර්තු 3 වැනිදා පොළොන්නරුවේ දී පැවැත්වේ. මෙම තරගමාලාවේ සෑම පළාත් කාන්තා හා පිරිමි තරගයකම ශූරයා හා ශූරියට රුපියල් ලක්ෂයේ සිට මුදල් තෑගි ප‍්‍රදානය කිරීමට කටයුතු යොදා තිබේ. රුපියල් 50,000, 25,000, 20,000, 15,000, 12,500, 10,000, 7,500, 5000, 2500ක් බැගින් 10 වැනි ස්ථානය දක්වා තවත් මුදල් තෑගි රැසක් ද මෙම තරග මාලාවේ දී ප‍්‍රදානය කෙරෙති. පළාත් ක‍්‍රීඩා අධ්‍යක්ෂවරුන්ගේ සහයෝගයෙන් සංවිධානය කෙරෙන මෙම මිනි මැරතන් තරග මාලාවට තරග ආරම්භ කරන ස්ථානයට එදින පෙරවරු 6.00ට වාර්තා කිරීමෙන් සහභාගි විය හැකිය. තරග මාලාව පිළිබඳව තොරතුරු දිස්ත‍්‍රික් හා පළාත් ක‍්‍රීඩා නිලධාරීන්ගෙන් ලබාගත හැකිය. තමන් පදිංචි බල ප‍්‍රදේශය පිහිටි පළාත් තරගයට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට එහිදී ඉදිරිපත් විය හැකිය. මෙම මිනි මැරතන් තරග මාලාවේ සම්පූර්ණ දුර කිලෝමීටර් 30කි. කාල්ටන් දීප ව්‍යාප්ත අර්ධ මැරතන් පළාත් තරග මාලාව (කාන්තා - පිරිමි) පැවැත්වෙන දින හා ආරම්භක ස්ථානයන්. උතුරු මැද: මාර්තු 3 - පොළොන්නරුව තෝපා වැව පාසල් පිටියේදී උතුර: මාර්තු 10 - යාපනය දොරේ අප්පා ක‍්‍රීඩාංගනයේ දී බස්නාහිර: මාර්තු 17 - ගම්පහ ශ්‍රී බෝධි ක‍්‍රීඩාංගනයේ දී සබරගමුව: මාර්තු 24 - රුවන්වැල්ල නගරයේ දී මධ්‍යම: මාර්තු 31 - මහනුවර ගැටඹේ ක‍්‍රීඩාංගනයේ දී දකුණ: අපේ‍්‍රල් 1 - ගාල්ල කොටුවේ දී ඌව: අපේ‍්‍රල් 7 - බුත්තල දුටුගැමුණු විදුහලේදී වයඹ: අපේ‍්‍රල් 21 - කුරුණෑගල වෙළඳ සංකීර්ණය අසලදී නැගෙනහිර: අපේ‍්‍රල් 28 - ත‍්‍රිකුණාමලය මැක්ස්හෙයිසර් පිටියේදී



අදහස් (0)

කාල්ටන් මිනි මැරතන් තරගමාලාව මාර්තු 3දා සිට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාවලපිටියේ නිවාස 06ක් ගිලා බසී
2024 නොවැම්බර් මස 28 114 0

නාවලපිටිය පොලිස් වසමට අයත් පල්ලේගම ඉහල ටිල්ටන් ගම්මානයේ නිවාස හයක් පෙරේදා(27)වන දින සිට ගිලා බැසීමට ලක් වීම නිසා එම නිවාස වල පදිංචි පවුල් හයක සමාජිකයන් 28


සෝමාවතියත් යටවේ
2024 නොවැම්බර් මස 28 219 0

මහවැලි ගඟ පිටාට ගැලීම හේතුවෙන් ඓතිහාසික සෝමාවතීය පුදබිම 28 වෙනිදා සවස වන විටත් අඩි හතරක් පමණ ජලයෙන් යට වීමත් සමග හි ස්වාමීන් වහන්සේලා තුන්නමක් ශ්‍රී ලං


වෑමැඩිල්ල වානේ අපූරු දර්ශන
2024 නොවැම්බර් මස 28 997 0

දඹුල්ල නාවුල වෑමැඩිල්ල ජලාශයෙන් පිට වානේ සිට මසුන් අල්ලන පිරිසක් ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මෙසේය. මෙය ඉතා අනාරක්ෂිත මෙම ක්‍රියාවෙන් ජිවිත හානි සිදු


මෝටර් රථයක් ජල පහරට ගසා ගෙන යයි
2024 නොවැම්බර් මස 28 1153 0

අධික වර්ෂාව හේතුවෙන් යාපනය - මන්නාරම මාර්ගයේ පාලිඅ‍ාරු ප්‍රදේශයේදී මෝටර් රථයක් ජලපහරකට හසුවී ගසාගෙන ගොස් අ‍ැ‍ති බව යාපනය අ‍ාපදා කළමනාකරණ එ‍්ක


ඉම්රාන්ට නිදහස ඉල්ලූ 1000 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 28 346 0

ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලමින් පසුගිය 24 වැනිදා ආරම්භ කළ ’’අවසන් නිවේදනය’’ පෙළපාළියට සහභාගී වූ 1000 ක පිරිසක් අත් අඩංගුවට ගෙන ඇතැයි පාකිස්තාන පොලිස


අර්චුනාගේ වරෙන්තු නියෝගය ආපසු කැඳවයි
2024 නොවැම්බර් මස 28 1034 1

අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන් වරෙන්තු ලද යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතාට නිකුත් කළ වරෙන්තු නියෝගය ආපසු කැඳ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 569 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 773 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2163 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site