සත් සාමාජික රග්බි තරගාවලියට ක‍්‍රීඩා කරන නව ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන්ගෙන් වැඩිම ගෙවීමක් ලබන ක‍්‍රීඩකයා බවට ‘උතුර ඊගල්’ පිල නියෝජනය කරන සුදර්ශන මුතුතන්ත‍්‍රි පත්ව සිටියි. සුදර්ශන මෙහිදී දිනකට රුපියල් 74,000 ක මුදලක් ලැබීමට නියමිතය. හැව්ලොක්ස් පිලේ ෆ්ලැන්කර් ක‍්‍රීඩක, ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ ආදි ශිෂ්‍ය සුදර්ශනට දින 16 කදී රුපියල් 1,184,000 මුදලක් ලැබීමට නියමිතය. සජිත් සාරංග දිනකට රුපියල් 65,000 ක් ද, දිලිප් සෙල්වම් දිනකට රුපියල් 59,000 ක් ද ලබමින් දෙවැනි සහ තෙවැනි ස්ථානවලට පත්ව සිටිති. පසුගිය වසරේ කණ්ඩායමේ මෙවර ද රදවා ගත් ක‍්‍රීඩකයන්ට අමතර 10% ගෙවීමක් ඇතුළත් වන අතර ඒ අනුව සඳුන් හේරත් සහ අනුරුද්ධ විල්ලර වැඩිම ගෙවීම ලබන දේශිය ක‍්‍රීඩකයන් වන බවත් වාර්තා වේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නහස්ති කරන්නේ කාගෙ සල්ලිද?
අනේද කියන්නේ ඉතින්..තෝමස් එකේ උන්ට ඉතින් මුල් තැන මොකද අරයගේ පාසලනේ.. ඉසිපතනෙ එක්ක ඒ දවස් වල ඉදන්ම එයා තරහයි.විශේෂයෙන්ම සජිත් සාරංග එක්ක.එයා පාසල් කණ්ඩායමේ ඉන්න කාලේ තමයි සජිත් ඉසිපතන පාසල් පිලට සෙල්ලම් කලේ.තෝමස් ඉසිපතන තරඟයකදී එයාව ටක්ල් කලා කියලා සජිත්ට පාසල් රග්බි ඉනිම හදිස්සියේම තහනම් උනා.අයියෝ සල්ලි.
අරා,මාලිංගට විතරද සල්ලි දෙන්න ඕන? ටකල් කලා කියලා රග්බි තහනම් වෙනවා නම් රාජකීය කණ්ඩායමම තහනම් වෙන්න ඕන, යෝශිතගෙයි රෝහිතගෙයි කණ්ඩායම් දෙකම උඩින් පැරැද්දුවට.