කැලණිය විශ්ව විද්‍යාලයයේ අද පැවති විරෝධතාවට සිසුහු 500ක් පමණ සහභාගී වූහ. එහිදී මහා ශිෂ්‍ය සංගමයේ වැඩබලන සභාපති ජී කේ ගුණරත්න ‘එසැණට‘ සමග අදහස් දක්වමින් මෙසේ කීවේය.
‘අද අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් බවට පත් වෙලා. ඊට විරෝධය පෑම තමයි අපේ මේ උද්ඝෝෂණයේ ප්‍රධාන අරමුණ. විශේෂවේදී උපාධි ලබා ගැනීමට ගැටළු රැසක් තිබෙනවා. ඒවා ඉවත් කිරීම ඇතිළු ඉල්ලීම් 14ක් සහිත සංදේශයක් අද විශ්වවිද්‍යාල පාලනාධිකාරියට බාර දුන්නා. එම ඉල්ලීම් ඉටුනොවුනොත් අපේ දිගටම විරෝධතා කරනවා.‘
පෙරදින (8) සවස්වරුවේද කැලණිය සරසවි සිසුහු විරෝධතාවක් පැවැත්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැළණියෙ ඟඟ අසල ඔරුවක් තියනවලු හබලක් එක්ක. එක එක්කෙනා ඒක අරගෙන ගිහින් තැන තැන දානවලු. නියම මිනිහට ඒක පදින්න දෙන්නෙ නෑලු. එයාට ඒක දෙන්නලු. ආය කවදාවත් උද්ඝෝෂණ කැළණියෙ දකින්නට නෑලු (නි)
මුන් හැමදාම කචල් අන්තිමට ඉගෙන්න ගන්න අයට කෙල වෙනවා. ඔක්කොම කලා පීට මුලතිව් වලට ගෙනියන්න ඕනේ.(නදී)
ඔය විශේස උපාදි, අති විශේස උපාදි, මොකටවත් දැන් රැකියා නැහැ. සල්ලි දීලා කෝස් එකක් කරොත් කාලය නාස්ති කරන්නතිව, ජොබ් එකකට පැනගන්න පුළුවන්. (නදී)
ළමයිනේ, මේක තේරුම් ගන්න. නිදහස් අධ්‍යාපනයේ පියා කළේ,අපේ රටේ දුප්පත් ළමයින් වෙනුවෙන්,නිදහසේ ඉගෙන ගෙන උපාධියක් ලබාගෙන, ආදර්ශමත් විධියට පිටවෙන්න ඉඩසළසා දුන් එක. එදා උතුරේ පාසල්,විශ්ව විද්‍යාලවල උද්ඝෝෂණ තිබුනේ නැහැ. උගතුන් අධ්‍යාපනය ලබා විදේශ කරා ගීයා.අපේ ළමයි තවමත් පිස්සු නටනවා (නි)
ඔය ගොල්ලෝ උපාධිය අරන් පිටවෙලා එනකොට ආණ්ඩුව 'ජොබ් ස්කීම්' එකක් හදල නුදුන්නොත් උපාධියට සරිලන රැකියාවක් ලැබෙන්නෙ නැහැ නේද? පෞද්ගලික අංශය ඔය ගොල්ලන් බාර ගන්නේ නැහැ. ඇයි? කරුණු දෙකක් නිසා. එකක් උපාධිය රැකියාබද්ධ එකක් නෙමෙයි. අනික ඉංග්‍රීසි දැනුම මදි. ඔය ගොල්ල අරගල කර කර වටිනා කාලයත් තාරුණ්‍යයත් නාස්ති කරන අතරේ වෙනත් මාර්ගවලින් මහන්සියෙන් මුදල් වියදම් කරලා හරි ඉගෙනගත් පිරිස පුද්ගලිත අංශයේ රැකියා අල්ල ගන්නවා. ඊ ලඟට ඔය ගොල්ල 'උපාධියට රැකියාවක් දියවු' කියල දෙවන අරගලය පටන් ගන්නව නේද? ඒ නිසා ඔබ පළමුවෙන්ම ඉල්ලිය යුත්තේ රැකියාබද්ධ උපාධියකුයි ඉංග්‍රීසියි. අනික්වා පස්සට දාන්න.
උපාලි මහත්තයාගේ කතාව හරියටම හරි. අන්තිමටම වෙන්නේ තරුණ කාලේ අපතේ යාම ගැන දුක් වෙන එක විතරයි. (නි)
ඔයාල හැමෝම මොකද ඔහොම කියන්නේ? ඔයාල දන්නවද කැම්පස් කොල්ලෝ කෙල්ලන්ට තියෙන ප්‍රශ්න? අපිට ඉන්න හොස්ටල් නැහැ. අපිට දේශන කරන්න ගුරුවරු නැහැ. මොකද ඒ ප්‍රශ්න ගැන කතා කරන්නේ නැත්තේ? ඒත් අපිට බැහැ අපිට ප්‍රශ්න තියාගෙන කට වහගෙන බයගුල්ලෝ වගේ ඉන්න. (නි)