IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


කැලණි සිසුන්ගෙන් ඉල්ලීම් රැසක්

තම ප්‍රශ්න නොවිසඳතියි දෙදහසක පමණ සිසුහු කැලණි විශ්ව විද්‍යාලය ඉදිරිපිට මින් මද වේලාවකට පෙර උද්ඝෝෂණයක් ඇරැඹූහ. සරසවි බිමේ සිට ඔවුහු කොළඹ නුවර පාරට එමින් සිටියහ.

මහා ශිෂ්‍ය සංගමය මේ උද්ඝෝෂණයට මුල්වී සිටියි.

 



අදහස් (0)

කැලණි සිසුන්ගෙන් ඉල්ලීම් රැසක්

වරුණ Thursday, 09 May 2013 01:38 PM

ඕනෑ දෙයක් කරගන්න. පෞද්ගලික විශ්ව විද්‍යාල වලට ජයවේවා! (නි)

:       0       0

නෙතුමි Thursday, 09 May 2013 06:22 PM

නිදහස් අධ්‍යාපනය දෙනවා කියල සරසවි වලට ගත්තාම ඔවුන්ගේ හැම අවශ්‍යතාවක්ම සැපිරිය යුතුයි අධ්‍යාපනයට අදාලව. නැත්නම් මොවුන් හඬ නගනවාම තමා.(නදී),

:       0       0

සඳුන්. Thursday, 09 May 2013 01:55 PM

අපි විශ්වවිද්‍යාලයේ හිටපු නිසා දන්නවා ආණ්ඩුව අධයාපනයට සලකන විදිය. නමුත් මේ පාරට බහින අයගේ අරමුණ වෙන එකක්.(නදී)

:       0       0

කරුණාසිරි Thursday, 09 May 2013 02:14 PM

කැම්පස්වල ඉන්න එවුන් හැම වෙලාවේම පාරට බහින්නේ උන්ට තියෙන අමාරුවටම නෙවි. කැම්පස්වලත් ප්‍රශ්න ඕන තරම් තියෙනවා. ඒවාට පරිපාලකයෝ විසඳුම් දෙන්නේ නැත්නම් උන් එලියට බහින එක හරි. රට වෙනුවෙන් පාරට බැස්ස කැම්පස් ශිෂ්‍යයෝ කී දෙනෙක් මැරුවද ? (නදී)

:       0       0

වරුණ Friday, 10 May 2013 09:35 AM

ඔයා විතරද ලංකාවේ වරුණලා ඉන්නේ ? තව ඕනෑ තරම් ඉන්නවා. (නි)

:       0       0

චන්දන Thursday, 09 May 2013 07:12 PM

පාරට බහිනවා කියල බනින කවුරුත් හේතුව හොයන්නේ නැතුව තමන්ගේ විරුද්ද දේශපාලන පක්ෂයක තරහ ඔලුවේ තියාගෙන කැම්පස් කොල්ලන්ට බනිනවා. සමහරු වැස්සටවත් කැම්පස් නොගියපු අය. සිසුන්ට ඇත්ත ප්‍රශ්ණ වගේම රට ගැන හැගීමකුත් තියන අය ක්‍රියාත්මක වීම අසාදාරන නැතිබව මගේ විශ්වාසය.(නදී)

:       0       0

අලි ඛාන් Thursday, 09 May 2013 07:13 PM

මේ ප්‍රශ්නයත් මර්වින් සිල්වා ඇමතිතුමාට බාරදුන්නොත් නරකද ?(නදී)

:       0       0

අසංක Friday, 10 May 2013 10:03 AM

කැලණියේ අඩුපාඩු අපි අවුරුදු 4ක් වින්දා. වතුර නෑ. කැන්ටිමේ කැම කන්න බෑ. නේවාසිකාරගාරය යන්න 2ක්ම යන්න ඕන. එස්.බී. කියන්න ඕන සල්ලි වලට ඉගෙන ගන්න අය කැලණියට එවන්න කියලා. සල්ලි ටිකක් හොයා ගන්න.(නදී)

:       0       0

අරුණ Thursday, 09 May 2013 07:34 PM

ඔය කතා මොනවා වුනත් , උපාධිය අරන් ලොකු තැනකට ගියාම විප්ලවේ කොහෙන් ගියාද දන්නේ නැහැ . බෑගය, වතුර බෝතලේ ගෙනියන්නත් සේවකයෙක් ඕනේ . හරියට බිත්තරෙන් එලියට ආය කුකුල් පැටියා වගේ.(නදී)

:       0       0

සුසන්ත 2 Friday, 10 May 2013 10:45 AM

අපේ කැම්පස් වල ඉගෙන ගන්න අය ගැන කියන්න තියෙන්නේ එකම දේ අ අය කාලය කියන දේ වටිනාකම වත් නොදන්නා අමුතුම උගතුන් ටිකක්. මේ විකාර කර කර ඉදල උපාදිය අරගෙන එනකොට මුන් ටික නාකිවෙලා. ජොබ් එකක් කරන්න දැනුමක් නැහැ. කන්තෝරුවෙත් කරන්නේ මේ වැඩේම තමා . ඉතින් කොහොමද රටක පලදායීතාවය වැඩි වෙන්නේ. මේ කරුණ වඩාත් ඉස්මතුව පෙනෙන්නේ අද රටේ මුල්ම අදායම් මාර්ගය වෙලා තියෙන්නේ මොකක්ද කියල බලපුවම. විදේශ විනිමය වඩා විශාල ප්‍රමාණයක් අපට ලැබෙන්නේ විදේශ ශ්‍රමිකයන්ගෙන් නමුත් ඒ බහුතර සේවකයෝ උපාධිදාරීන් නෙවේ. මේ ටික තේරුම් නොගන්න මේ මෝඩ රල හැමදේටම පාරට බැහැල මහජනතාවගේ විනාශ කරන කාලය දේපල වලට වගකියන්නේ කවුද? මේක උගත් කමද ? මෝඩ කමද? වෙන මොකක්ද?(නදී)

:       0       0

ලාල් Thursday, 09 May 2013 07:42 PM

ප්‍රසාද් හරි. නැති බැරි අයට රටේ කොයි තරම් රස්සා තියෙනවද? එයාලා ඒව කරන්නෙ නැතුව විශ්වවිද්‍යාලෙට ආපුවහම අපේ දරුවන්ටත් ඉගෙනගන්න නැහැ. (නි)

:       0       0

දයා අළහකෝන් Thursday, 09 May 2013 02:57 PM

රට පෙරට නෙමෙයි මෙහෙම ගියොත් නම් රට කොහාට යයිද දන්නෙ නැහැ (නි)

:       0       0

ප්‍රසාද් Thursday, 09 May 2013 03:01 PM

අම්මපා ගෙවල් දොරවල් හරි උකස් කරලා ලමයි පුද්ගලික විශ්වවිද්‍යාලයකට යවන එක සැපයි. මේවට ගිහින් අඩු කඩාගෙන පොලිසි වලින් ගුටි කාලා අවුරුදු 4 උපාධියට අවුරුදු 6ක් විතර එතන ඉදලා ඉන්නවට වඩා ප්‍රයිවට් ඒවා දාහෙන් සැපයි. නිකං හැමදේම දෙනකොටත් අගයක් නෑ නේ. මහා සංගම් වල ලොක්කෝ ටික බලගන්න ප්‍රෙමදාස මහත්තයවත් හිටියනම් අද ලංකාවෙ කැම්පස් මීට වඩා තැනකට ඇවිත්.(නදී)

:       0       0

පීටෙර් ෆෙර්ණන්දෝ Thursday, 09 May 2013 08:12 PM

මර්ව්න් සිල්වා ඇමරිකාවේ ඉඳලා එන්න ඉස්සරලා කැලණියේ කරන දෙයක් ඉක්මනට කරගන්න.(නදී)

:       0       0

ප්‍රභාත් Friday, 10 May 2013 11:20 AM

සියලුම රාජ්‍යය ආයතනත් පුද්ගලික කරන්න. ජයවේවා! (නි)

:       0       0

වරුණ Thursday, 09 May 2013 03:04 PM

කව්ද මගේ නම අයුතු ලෙස යොදාගෙන අදහස් පල කරන්නේ ? කැතයි හොදේ.(නදී)

:       0       0

ප්‍රභාත් Friday, 10 May 2013 11:23 AM

සේනකගේ අදහසත් හොඳයි. මත්තලට පුද්ගලික විශ්ව විද්‍යාලයක් දෙන්න. පිටරට ඉඳන් කොල්ලෝ කෙලින්ම මත්තලට බහීවි. (නි)

:       0       0

ඩී. උපුල් Thursday, 09 May 2013 08:42 PM

වැඩිය දැඟලුවොත් දුටුගැමුණුව එවනවා. (නදී)

:       0       0

අන්දරේ Thursday, 09 May 2013 03:15 PM

කැලණිය සරසවියේ අඩුපාඩු නම් කෙළවරක් නෑ.(ස)

:       0       0

අරෝෂන් Friday, 10 May 2013 11:57 AM

මම නම් කියන්නේ මේකතමයි වියයුත්තේ. ජයවේවා! අපේ කොල්ලන්ට (නි)

:       0       0

රනිල් Thursday, 09 May 2013 10:10 PM

ගිය ගිය තැන හාමුදුරුවොත් පාරේ. දැන් ගිහියෝ අදුනන්නත් බැහැ පැවිද්දෝ අදුනන්නත් බැහැ (නි)

:       0       0

අසංක Thursday, 09 May 2013 03:59 PM

විශ්ව විද්‍යාලයේ ගැන සමහරු කතා කරන්නේ දැඩි කලකිරිමකින් පෙන්නුම් කරමින්. විශ්ව විද්‍යාලයට ගිය කෙනෙක් විශ්ව විද්‍යාලවල අඩුපාඩු ගැන දන්නවා නම් කතා කරන්නේ නෑ. වෙන් කරන තියෙන සල්ලි ඉතුරු කරන්නේ මේ රටේ.(නදී)

:       0       0

ලුම්බිණි Thursday, 09 May 2013 04:18 PM

අඩු වශයෙන් නිකම් බොරු උත්සව වලට වියදම් කරන සල්ලි ටික වත් දුන්න නම් ඇති මේවයේ ප්‍රශ්න ටිකක් හරි විසදන්න .(නදී)

:       0       0

ලුම්බිණි Thursday, 09 May 2013 04:18 PM

අඩු වශයෙන් නිකම් බොරු උත්සව වලට වියදම් කරන සල්ලි ටිකක්වත් දුන්න නම් ඇති මේවයේ ප්‍රශ්න ටිකක් හරි විසදන්න. (ස)

:       0       0

ජෝයි Thursday, 09 May 2013 04:19 PM

පාලකයෝ කන් දෙන්නේ නැත්නම් විශ්වවිද්‍යාල සිසුන්ට පාරට බහින්න වෙනවා කමයි. වාමාංශික දේශපාලනෙත් ඕන නම් කරන්න අයිතිය තියනවා. නමුත් රස්සාවක් ලැබුන ගමන් සමාජවදේ කොහේ ගියාද නැහැ. ඔක්කොම බලන්නේ කොලඹින්, නුවරින් රස්සාවක් හොයාගන්ට. ආණ්ඩු කරන දේසපාලන පක්ෂ පස්සේ දුවල දියුණු වෙන්ට.(නදී)

:       0       0

සිල්වා Friday, 10 May 2013 12:21 PM

සාදාරන ඉලිමක් තවත් එකතු උනොත් ඕනෑම දෙයක් කරන්න පුළුවන් .(නදී)

:       0       0

සුජීව Thursday, 09 May 2013 04:25 PM

ආණ්ඩුව කිසිම දෙයක් දීලා නැහැ අරගල කරන්නේ නැතිව. ඉල්ලීම දිනා ගෙන ඇත, නමුත් ඉල්ලීම් දීලා නැහැ එකට හේතුව තමා ඔය විදිහට පාරට බහින්නේ. ඕක ළමයින්ගේ වරදක් නොව පාලකයින්ගේ වරදකි . එය එදා සිටම සිදු උනි . විශ්වවිද්‍යාල වල ඕනෑතරම් ප්‍රශ්ණ තියෙනවා. ඒවා ආණ්ඩුව විසදන්නේ නැහැ. (නදී)

:       0       0

ලුබී Thursday, 09 May 2013 04:25 PM

පෞද්ගලික විශ්ව විද්‍යාල වලට කඩේ යන අයට සුබ අනාගතය‍ක්. (නදී)

:       0       0

සුජීව Thursday, 09 May 2013 04:28 PM

අද හැම තැන ලොකු පුටු වෙලා ඉන්නේ සරසවි වලට ගිය අය තමයි (නි)

:       0       0

අසේල Friday, 10 May 2013 12:59 PM

කැම්පස් ළමයි ආසාවට පාරේ කෑ ගහන්නේ නැ. කිසිම දෙයක් දන්නැතුව ඔහොම කියන්න එපා.. ඔහොම කියන අය මම නම් හිතන්නෑ කැම්පස් ගිහින් ඇති කියල.. (ස)

:       0       0

සත්‍යා Friday, 10 May 2013 12:44 AM

කොල්ලනි උබලගේ සටනට අපි සහය දෙනවා.(නදී)

:       0       0

ශ්‍රී Friday, 10 May 2013 05:09 AM

අරුණ ඔබ හරි මගේ පන්තියේ හිටපු එකෙක් ජේ.,වී පි පසුව දොස්තර උනාම මොකුත් මතක නෑ. කසාද බැන්දේත් දොස්තර කෙනෙක්.(නදී)

:       0       0

ධනුෂ්ක Thursday, 09 May 2013 05:15 PM

මෙවැනි උද්ඝෝෂණ පොලිස් නිලධාරින් විසින් නැවැත්විය යුතුයි. මෙවැනි උද්ඝෝෂණ වලට පොලිස් නිලධාරීන් හට අවශ්‍ය උපදෙස් සහ අවශ්‍ය සියලු බලය ලබාදිය යුතුය (නි)

:       0       0

පුසන්න Friday, 10 May 2013 06:12 AM

ඉල්ලීම් පමනයි. තමන්ගෙන් රටට වියයුතු යුතුකම් ගැන කතා නැහැ. කැම්පස් එකෙන් එලියට ආවහම කරන්නෙත් ඔය ටිකම තමයි මොකද වෙන මුකුත් ඉගෙන ගෙන නැහැනේ. මේ හැමෝම ඉගෙන ගන්නේ අහිංසක රටවැසියන්ගේ මුදලින් පිනට කියන එක අමතක කරන්න එපා. ලෝකේ කිසිම දියුණු රටක නිකන් උපාදි ගන්න බැහැ. නිකන් ලැබෙනකොට අගයක් නැහැ කියනවනේ. කැම්පස් වලින් පිටවෙන දොස්තරවරු කීයක් රටෙන් පිට ගිහින් හම්බකරනවද? හැබයි එයාලට අමතකයි එයාලා ඉගෙන ගත්තේ අපි හැමෝගෙම සල්ලි වලින් කියලා. ඉස්පිරිතාලෙකට ගියහම එයාලගේ ලොකු කම් අර අහිංසක මිනිස්සුන්ට පෙන්නන්නේ. මොකද ඉල්ලීම් පමණක් දන්නා යුතුකම් නොදන්නා කොටසක් ඔතන සිටින නිසා. එය දැන් හොදින්ම පේනවා.(නදී)

:       0       0

සේනක Friday, 10 May 2013 07:34 AM

මත්තල ගුවන් තොටුපොලත් විශ්ව විද්‍යාලයක් කරන්න. ඒකෙ නම් ඕනෑ තරම් පහසුකම් තියෙනවා . ඕනැ නම් පොලීසියේ මහත්වරුන්ට පුළුවන් කොන්ට්‍රෝල් කුලුන උඩට වෙලා කොල්ලෝ කෙල්ලෝ හරියකට ඉගෙනගන්නවද කියලා බලන්න. (නි)

:       0       0

සරත් Thursday, 09 May 2013 01:24 PM

ඒ ඉල්ලීම කරන්න පුළුවන් සාමාන්‍ය ඉල්ලීම් (දී)

:       0       0

චතුල වෙරෝනා Thursday, 09 May 2013 01:26 PM

මේ වගේ මිනිස්සුද අනාගතේ රට බාර ගන්නෙ? උනුත් එකයි, ඉන්න උනුත් එකයි, එන්න ඉන්න උනුත් එකයි ...රටට සුභ අනාගතයක් වේවා! (නි)

:       0       0

සරත් Thursday, 09 May 2013 06:07 PM

මේ නවක අය. කොන්ඩේ හොදටම බූ ගාලා ඉන්න හාමුදුරුවරු ඒ බවට සාක්ෂි සපයනවා. ගුටි කන්නේ හිරේ ලගින්න වෙන්නේ අලුත් අයට. නායකයෝ හැංඟෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

“බස් එකේ යන්න ලැජ්ජා නෑ“
2024 සැප්තැම්බර් මස 30 317 0

රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්
2024 සැප්තැම්බර් මස 30 202 0

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්
2024 සැප්තැම්බර් මස 30 335 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි
2024 සැප්තැම්බර් මස 30 1039 0

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.


සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 2826 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 346 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25214 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site