හිටපු හමුදාපති සරත් පොන්සේකා මහතා ඓතිහාසික කලණිය රජමහා විහාරය වන්දනා කිරීමෙන් පසුව කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් ද බැහැදුටුවේය. හමුදාපති වශයෙන් කළ මෙහෙවර ඉතා විශාල බවත් එය රටවැසියන්ට අමතක නොවන බවත් සංඝරක්ඛිත නා හිමියෝ කීහ. ඔබ සිරගතව සිටි කාලයේ ඔබ වෙනුවෙන් බොහෝ පිරිස් නොයෙක් පින්කම් කරමින් ආශිර්වාද කළ බව ද ඒ හිමියෝ පැවැසූහ. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන අර්ජුන රණතුංග හා ජයන්ත කැටගොඩ මහත්වරු ද කැලණිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ මන්ත්‍රිවරු ද එක් වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හලෝ ආශා, තවත් කෙනෙක් නරකයි කියලා ඕනවට වඩා පිළිකුල් කරන්නේ ඊටත් වඩා නරක අයයි කියලයි මට නම් හිතෙන්නේ.ඔයා මහජනයා කියලා අදහස් කළේ ඔයාවමයි නේද?
මේ හාමුදුරුවොම තමා ආචාර්‍යතුමා හොඳ බව ප්‍රකාශ කලෙත්.
චිරන් ජයතු !!!! ජය වේවා !!
මේ තමා ලංකා දේශපාලනයේ හැටි. මේ තත්වයන් තේරුම් නොගෙන අරයට වඩා මෙයා හොඳා කියන එක අදේශපාලනිකයි.
මෙතුමා මේ විපක්ෂයේ ඉදන්ද එතකොට යුද්ද කරලා ඔක්කොම කරලා තියෙන්නේ?
ඕවා හොද වැඩ.දැන් ඉතිං එක එක්කෙනාගේ ලණු කන්නේ නැතුව පිනක් දහමක් කරන් හිටියොත් තමයි හොද
හාමුදුරුවන්ට මිනිස්සු තේරුම් ගන්න බැරිද මන්දා ඕනම කෙනෙකුට හොදයි කියලා කියන්නේ
වාසි පැත්තට හෝයියා...
තෙරුවන් සරණයි...
වීරයාණෙනි, ඔබට ජය!
ඔබ රජය සමග නම් මහජනතාව විපක්ෂය සමගයි
කටේ සංවරය කොහොමද දන්නේ නෑ
දුටු ගැමුණු ඔබ කොහෙද හැංගිලා ඉන්නේ.
බලන්නකො ළඟදි ඇමති කමක් ලැබෙන්නෙ නැද්ද කියලා....
අපේ හාමුදුරුවනේ ජනපති වරණයට ඉස්සෙල්ල රනිල් එක්ක ඉන්දියාවේ ගිහිල්ල SF ගේ කේන්ද්‍රය බලාගෙන ඇවිල්ල, මොන බලවේගයක් ආවත් SF රජවෙනවා කියාලා හිරේට යන්න පාර හැදුව. මේ පාර මොකක්ද දුන්න ලනුව?
මාගේ ආචාර්යවරයාණන්වහන්සේ වන ගෞරවණීය පූජ්‍ය මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්දසංඝරක්ඛිත මහ නාහිමියන්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි..
ආ.........ඔයත් එහෙනම් අගයයි..
අපට මොකද කවුරැ කොහෙ ගියත්... පන්සල් යන්න කාටද අවසර ගන්න ඕන......
කෝ අපේ වීර පරාක්‍රමබාහු අයියා අවසර දුන්නද ඇවිල්ලා බලලා යන්න
සුජිත් නිශාන්ත හේවගේ 2012-06-09 08:10:12 මාගේ ආචාර්යවරයාණන්වහන්සේ වන ගෞරවණීය පූජ්‍ය මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්දසංඝරක්ඛිත මහ නාහිමියන්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.. හපෝයි,මේ ආචාර්යතුමාට මාතෘකාවවත් තේරෙන්නේ නැති හැටි
සුජිත් නිශාන්ත හේවගේ 2012-06-09 08:10:12 මාගේ ආචාර්යවරයාණන්වහන්සේ වන ගෞරවණීය පූජ්‍ය මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්දසංඝරක්ඛිත මහ නාහිමියන්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.. දැන් එතකොට වෙලා තියෙන්නේ මේ හාමුදුරුවන්ගෙන් ආශිර්වාද ගන්න ෆොන්සේකා ගිහින්ද?නැත්නම් ආචාරියාගෙන් ආශිර්වාද ගන්න හාමුදුරුවො වැඩලද?
දුටු ගැමුණු නෙමෙයි දැන් ඉන්නේ එළාර...
කෝ අපේ ආචාර්‍ය දුටුගැමුණුගෙන් අවසර අරගෙනද කැළණියට ආවේ
දුටුගැමුණු මග රැකල ඉන්නවද දන්නේ නෑ එනකම්
මෙයාටත් රත්තරන් කිව්වද දන්නේ නෑ...නේ.......
රංගේ බණ්ඩාර කොහේ හරි ගිය වෙලාවක තමයි හොරෙන් පැනගෙන මේ ගිහිල්ල තියෙන්නේ
දුටු ගැමුණුගේ තටු කපලා
මේ.. මේ .. කැළණිය පැත්තෙ ඇවිල්ල ආයෙත් එහෙම අහුවෙන්න එපා හරිද?? වීරයන්ට එන්න බෑ හරිද??
පින් සිද්ධ වේවා ඔහොම යන්.
චිරන් ජයතු !!!!
ආ ...මෙයාට විතරක් සමාව .ඇයි අපි හිරකාරයෝ නෙමෙයිද ???
කැළණියෙ පන්සල අගයන්නේ නැත්තෙ කවුද? අපරාධකාරයන්වත් අගයන එකේ....
කෝ මේ අපේ රංගේ බණ්ඩාර මහත්තයා පෙන්න නැහැනේ !
නාග විහාරයට ගියේ නැතිද?
පන්සලට එන හැමෝටම ආශිර්වාද කිරීම බුද්ධාගමේ ඇති හොද ලක්ෂණයක් .....මෙහි වෙන විශේෂ දෙයක් නැහැ
පිං දහම් කරන එකනම් හොඳ දෙයක්.ඒත් පිනේ විපාක තියෙන්නෙ පිරිසිදු සිතින් කරනවනම්.
අපට රටක් ඇත පුතුනේ ඔබ සන්දා...
ඉදිරියටම යමු
කොහොම උනත් ෆොන්සේකා මහත්තයා ඉක්මනටම ආණ්ඩුවට එකතු වෙයි..දැන් තියන තත්වේ අනුව..
කොයි පාට කොඩියක්ද වන වන ආවේ...
පින් සිද්ධ වෙයි පිනක් දහමක් කරන් ජීවත් වෙන්න....
ජයන්තගේ කට කෝ...........?