පිළියන්ද කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ නීති විරෝධි අන්දමින් එම කලාපයේ බාලිකා පාසලක පන්ති කාමර දෙකක් නේවාසිකාගාරයක් බවට පත් කර එහි වාසය කරන බවත්, මේ ගැන පළාත් අධ්‍යාපන ලේකම්ට පැමිණිලි කර ඇති බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි. එම ස්ථානයෙන් ඉවත්ව යන ලෙස කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට පළාත් අධ්‍යාපන ලේකම්වරිය දෙවතාවක් ලිඛිතව දැනුම් දී ඇතත් ඔහු එහි සිටිතියි ස්ටාලින් මහතා පවසයි. පළාත් අධ්‍යාපන ලේකම් ජයන්ති විජේතුංග මහත්මිය පැවසුවේ එම අධ්‍යක්ෂවරයාගේ ක්‍රියා කලාපය ගැන නැවත වරක් සොයා බලන ලෙස තමන් නිලධාරීන්ට උපදෙස් දුන් බවත් යි. දීර්ඝ කාලයක සිට එලෙස සිටින අධ්‍යක්ෂ ගැන හැකි ඉක්මණින් තීරණයක් ගන්නා බවද ලේකම්වරිය කියන්නීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට මෙතෙනට එන්න කිව්වෙ කවුද දන්නේ නැහැ නේද? නිවාඩුකාලේ ඇවිත් පදිංචිඋනාද දන්නෙ නැහැ..(නු)
ගේ කුරුල්ලෙක් වගේ. (නි)
මොහුව වහාම මානසික වෛද්‍ය පරීක්ෂණයකට යොමුකරන්න! (දී)
මැරුණට පස්සෙත් එයිද දන්නේ නැහැ හොල්මනක් වෙලා (දී)
හරියට තොරතුරැ නැතිව කියන කතා.. විදුහල්පතිනියගේ නිල නිවාසය ලෙස පිළිගෙන තියෙද්දි එතුමියගේ සැමියා(අධ්‍යක්ෂකතුමා) වෙන ගෙදරකට වෙලා ඉන්නද කියන්නෙ?(නු)
ලිඛිත සාක්ෂි තියෙනවා නම් කියන්න. නැත්නම් වැඩේ වරදියි..!(නු)
පිස්සු මනුස්සයෙක්ද කොහෙද ? .(ස)
අනේ පව් මේ මහත්තයත් බාලිකාවියක් වෙන්න ඇති..පේන්නේ නැද්ද හැසිරීම..ඔහේ හිටපුදෙන්...(ස)
සක්කරයටවත් කියල බලමු..(නු)
මදැයි ඔයින් නැවතුනා. (නි)
යමුද අපිත් කුණු බිත්තර ටිකක් අරන්? (නි)
ඔය පළාතේ නැද්ද කොන්ද පණ තියෙන මිනිස්සු ගැහැණු.. කුණු බිත්තර ටිකකුයි කුණු බාල්දි ටිකකුයි අරගෙන මෙයාව මුණගැහෙන්න යන්න..(නු)
රෑට ඔළුවට ගෝනියක් දාලා හොදටම ගැහුවනම් හරි..!!(නු)
අනංගයෙක්වද්ද? බාලිකාවක්ම අරක්ගත්තේ. (නි)
අනේ එයාටත් බාලිකා ඇදුමක් දීලා, පන්තියකට දාන්න ඉගෙනගන්න. (නි)
නරියෙක් කුකුල් කොටුවකට රිංගලු කතාව මට මතක් වෙනවා. (නි)
ගහල එලවන්න තිබ්බේ (දී)
මේ අධ්‍යාපන ලොක්කෙක්ද...? (නි)
පුදුම මිනිහෙක්නේ (දී)
පුදුම වැඩක්නේ ළමයින් ඉගෙන ගන්නේ නැද්ද (දී)
එයාගේ අයිතියක් කියල හිතුනද දන්නේ නැහැ (දී)
කලාපේ ලොක්කා උනත් ලැජ්ජාව නැහැ
තව කොච්චර ඉඩම් තියෙනවද මේක අස්සෙම යන්න ඕනෙද (දී)
හොරෙන්ම ඔප්පුවක් හදලා ගත්තද දන්නේ නෑ....(ස)
මොන හිඟන වැඩක්ද මේ...(ස)
බාලිකාවියන්ට බැල්ම හෙලලද? .(ස)
මේවා මොනවද සමහර ලොක්කන් රටේ දේවල් අල්ලාගෙන ඉන්න විදියට. ඔන්න ඕක අමතක කරලා දාන්න. .(ස)
බාලිකාවියණේ පරිස්සමින්....(ස)
කළු කුමාරයගේ නෑයෙක්ද දන්නේ නෑ..බාලිකාවියන් ඉන්න තැන ඉන්න හදන්නේ...(ස)
ගිහින් බලලා ඇවිත් කියයි සාක්ෂි නැහැ කියලා. (නි)