කල්පිටිය ඉලංකච්චියේ ගොඩ බිමක කොටසක් මුහුදට ක්ෂය වී ඇත. කිලෝමීටරයක් දිග සහ මීටර් 30 ක් පළල පෙදෙසක් මෙසේ මුහුදු කැමට ලක් විය.
ගොඩ බිම තිබූ තිරිවානා කදු, ගල් වැටි ආදිය මුහුදට සේදී ගොසිනි. සිකුරාදා කල්පිටියෙන් මුහුදු යාමට ආ යාත්‍රා 50 ක් පමණ බත්කුලම් ගුණ්ඩුවේ නවත්වා ඇත. මුහුද රළු බව දැනගත් ධීවරයෝ සිය ගමන නතර කිරීම නිසා ජීවිත බේරී තිබේ. එහෙත් රුපියල් ලක්ෂ ගනනක් වටිනා දැල් ගසාගෙන ගොස් ඇතැයි ධීවරයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ප්‍රදේශය හොටෙල් කර්මාන්තය සඳහා වෙන් කරන්ඩ. ධීවරයින්ව වෙන ප්‍රදේශයකට ගෙනියමු. කල්පිටියත් රැකෙයි, රටත් රැකෙයි.(නදී)
සේනාව නැත්නම් මෙලහට ලංකාව තවත් ඇෆ්ගනිස්තානයක් කරනවා.(නදී)
සේනාවට කාලගුණය වෙනස් කරන්න බැහැ,නමුත් කාලගුණ දෙපාර්තමේන්තුවට වෙනස් කරන්න පුළුවන් (නි)
හෙළුවෙන් ඉන්න කෙනාගේ සාක්කුවට අත දාන්න පුලුවන්ද ? අපේ සල්ලි ඇමැති මණ්ඩලය නලවන්න ඇති.(නදී)
රටේ මිනිස්සුන්ට අහසේ පාටයි, මුහුදේ රළු බවයි සුළගේ දිශාවයි බලල කාලගුනේ කියන්න පුළුවන් නම් කෝටි ගණනක් වියදම් කරගෙන කාලගුණයක් නඩත්තු කරන්නේ මොකටෙයි?(නදී)
සේනාව පුළුවන් දෙය කරනවා තමයි, ඔය කියවන කට්ටියට වඩා. (නි)
කල්පිටියේ හා දෙවුන්දර නෙවෙයි ගැටලුව, කරන්න දෙයක් තියෙනවද අපිට ස්වභාව ධර්මයේ වෙනස්කම් වලට කියන පුහු තර්ක ඉදිරිපත් කරන මිනිස්සුත් මේ ලංකාවේ ඉන්නකම් ලංකාව ගොඩ එන්නේ නෑ. ඒ වලට තමයි කෝටි ගන්න වියදම් කරලා උපකරණ ගෙනල්ල, මිලියන ගණන් පඩි ගෙවලා, මිලියන ගණන් අපේ සල්ලි වියදම් කරලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අයට විදේශ පුහුණු දෙන්නේ. සුනාමි ආව වෙලාවේ කට්ටිය නිදි 50,000ක් මැරුණා. දන්නව කාලගුණ ලොක්කට දුන් දඩුවම. ඇමැතිවරුත් කෙලින්ම දොස් කිව්වම ටික දවසකට පස්සේ දුන්න උස්සස්වීමක්. ආන්න... එහෙම තමයි සේවක අභිප්‍රේරණය කරේ එදා බලයේ උන්න කට්ටිය. ඒ පුර්වාදර්ශය නිසා තමයි මේ පාරත් ඇමරිකාව අනතුරු අගවලා තියෙද්දිත්, ඒ ගැන සත්‍යක්ද කියල කාලගුණ දෙපාර්තමේන්තුව ඇහුවම එක සාමාන්‍ය තත්වයක් එහෙම තත්වයක් ඇතිවුවොත් ධීවර ජනතාව දැනුවත් කරන්න සුදානම් කියලයි කිව්වේ. මේ වගේ 10ක් හිටියොත් ලංකාවට නැතිවෙන්න තව අවුරුදු 2ක් ඇති. අනික එයාගේ පව්ලේ කෙනෙකුට මෙහෙම උනානම් මේ වගේ මෝල් කතා කියාවිද? සුනාමියෙන් 50000ක් මැරිලත් උසස්වීම් දුන්න රටේ මේ මැරුන 50ත් කජ්ජක්ද කියල හිතන්න පුරුදු වුන රටක්. රටේ ප්‍රශ්න අමතක වෙන්න බල සේනා, මුස්සානුවා, දෙමළ ඩයස්පෝරාව පිටිපස්සට වෙලා ආණ්ඩුව පිස්සු කෙලිනවා. මිනිස්සු විසිල් ගහනවා.(නදී)
නීල් ඔබ හරි. අපේ සීයලා හෙට මුහුදේ තත්වය අද ගොඩඉදලා කියනවා.මුහුදේ රලුබව, සුළගේ වේගය සුළග දිසාව වැස්ස,ඒ විතරක් නෙමෙයි, මාලු ඇති නැති බවත් කියනවා.ඒ ඔක්කොම කියන්නේ අහස දිහා බලලා.මා දන්නා තරමින් ඒවා වැරදුනේ බොහොම කලාතුරකින්. උපන්දා ඉදලා මුහුදේ කරක් ගහපු ,එහෙම කියන්න පුළුවන් කිහිපදෙනෙක් තවමත් ඉන්නවා. හැබැයි දැන් ඉන්න නහරයෝ ඒවා පිළිගන්නේ නැහැ. ඒකයි වෙනස. (නි)
කමලා, එදා ඉඳල මුදු රස්සාව කරපු ධීවරයෝ තමන්ගේ උරුම බිම දාලා යයි කියලා ඔය හිතනවාද? මෝඩ මත කියන්න එපා.(නදී)
කෝ ඔය සේනා, ගිහිල්ලා මේ අසරනයන්න්ට උදව් කරන්නකෝ.(නදී)
අනේ සොබා දහම් මාතාවනි, ඇයි ඔබතුමියත් අපේ රට ටික ටික මෙහෙම විනාශයට අරගෙන යන්නේ? (නි)
කරන්න දෙයක් තියෙනවද අපිට ස්වභාව ධර්මයේ වෙනස්කම් වලට? (නි)
මේවට වගකිව යුත්තේ කවුද? (නි)
රූපා, ඔබ රූපා නමින් පෙනී සිටින මොහොමඩ් බව කව්රුත් දන්නවා.(නදී)
රූපා, සේනාව ඔයාව බලන්න ඔයාලගේ ගෙදර එනවා කිව්වා.(නදී)
කල්පිටියේ හා දෙවුන්දර ධීවරයන්ට අනතුරක ඉව වැටුනේ සාමාන්‍ය දැනීම නිසා කියලයි මම කියන්නේ. මාසේ පෝය දිනක මෝසම් වැසි සක්‍රීයවී තිබෙනවිට මුහුදේ හැසිරීම හා සුළගේ වේගය, දිශාව හා එහි වෙනස්වීම අටවනදා වූ සෙනසුරාදාට පහන්වීම ආදිය සහජ ඥානය ඇති පළපුරුදු පුද්ගලයෙකුට හොඳටම ප්‍රමාණවත් නිවැරදි තීරණ ගැනීමට. (නි)
ලංකාවේ වෙරළ ඛාදනය වෙනවා (දී)
මහා අපරාධයක් මොනවා කරන්නද (දී)
රූපා, සේනාවට පුලුවන්ද මේවා නවත්වන්න? සොබාදහමෙන් වෙන දේවල් කාටවත් නතර කරන්න බැහැ. (නි)
මේවාට කවුරුත් පියවරක් ගන්නේ නැහැ (දී)
කෝ සේනාව.
ධීවරයෙක් කියන්නේ මුළු ජිවිත කාලයම මුහුදත් එක්ක ගැටෙන අය. ඉතින් ඒ අය දැනගතයුතුයි මෙවැනි අවස්ථාවක කල්පනාවෙන් කටයුතු කරන්න. ඔය දැල් රක්ෂණය කරලා නැද්ද ?(නදී)
කල්පිටියේ, දෙවුන්දර ඉන්නේ කියන දේ අහන ධීවරයෝ වගේම මොලේ තියන අය. (නි)
කල්පිටියේ අයත් දෙවුන්දර අයත් විතරක් මුහුද රළු බව දැන ගත්තේ කොහොමද? (නි)