පුත්තලම කල්පිටි කලපුව මැදින් අනුරාධපුරය දක්වා අධිබලැති විදුලි රැහැන් මාර්ගයක් ඉදි කිරීමට යෑමට කල්පිටිය ධීවරයෝ විරෝධය පළකරති.
පුත්තලම කල්පිටි කලපුව මැදින් අනුරාධපුරය දක්වා අධිබලැති විදුලි රැහැන් මාර්ගයක් ඉදි කිරීමට යෑමට කල්පිටිය ධීවරයෝ විරෝධය පළකරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිල ගෙවන්න විදිහක් නැති නිසා වෙන්න ඇති විදුලියට විරෝධය දක්වන්නේ (නි)
එහෙම නම් කලපුවේ පොළොව යටින් ආරක්‍ෂිත අන්දමින් විදුලි රැහැන් ඇද්දනම් හරිනේ.(ස)
අහිංසක අපේ ජීවිත සූරා කමින් මේ ගෙන යන අන්තෝමතික වැඩ සටහන් වලට කෙදිනක හෝ ඔවුන්ට ගෙවන්නට සිදු වේ.මේ දිලිඳු මිනිසුන්ගේ කතාවට ඔවුන් කිසිදින ඇහුම්කන් නොදෙනු ඇත. (නි)
වියදම ටිකක් වැඩි උනත් යටින් ගමු නේද??? (ස)
මොකද කලපුවම තොර ගත්තේ විදුලි රැහැන අදින්න ගොඩබිමින් ඕක අදින්න බැරිද? (ස)
මාළුන්ට විදුලි සැර වදී කියල බය වෙලා වෙන්න ඇති. (ස)
ඇයි මිට කලින් ලයිට් කණු දානවා දැකල නැද්ද? (ස)
බලමුකෝ එකෙත් හැටි..(ස)
සමන් ,වරුණ ,අමල්, ඔබතුමන්ලාගේ වචන වලට මට දුක හිතෙනවා.මේ උද්ඝෝෂණය කරන්නේ සැප විදින මිනිස්සු නෙමෙයි. එදා වේල හම්බකරගෙන කන කාටවත් කරදරයක් නැති මිනිස්සු. ඉතින් ඒ මිනිස්සු බය ඇති කලපුවට නිකමට නිකමට හරි ඔය කම්බියක් වැටුනොත් අනතුරක් වෙයි කියලා.මොකද දුප්පත් අහිංසකයන්ටමනේ හැම හෙනයක්ම වදින්නේ. කරුණාකරලා අහිංසක මිනිස්සුන්ට විහිළු කරන්න එපා. (නි)
මේ කමෙන්ට් දාලා තියෙන් අම්බරුවො ලංකාවෙ නිසා සමාව දෙන්න පුලුවන්. අධිබල කම්බියක් බැරි වෙලාවත් කඩන් වතුරට වැටුනොත් වෙන දේ හිතා ගන්නවත් පුලුවන්ද ඔය නාම්බන්ට? ඒ මිනිස්සු 'මාලු කාරයො' කියලා හිතල ද ඔහොම කියන්නේ? වතුර බැඳපු වෙලක් උඩට ඔය කම්බියක් වැටුනත් ඒ ටිකම තම්යි! (අ)
අනේ මෙහෙමත් මිනිස්සු පොඩ්ඩක් හිතන්න බැරිද රට දියුන වෙන්න ඕන නැද්ද? (අ)
අහිංසකයින්ට කරදර නොකර වෙන තැනකින් ඔන්න ඖක අදින්න (නි)
විරුද්ධවෙන්න මෙහි ඇති වරද කුමක්ද?.(නදී)
මමත් දන්නෙ නැති නිසයි අහන්නෙ. මේ බොඩ් ලෑලි වල ඉංග්‍රීසියෙන් ලියල අල්ලන් ඉන්නෙ ඇමරිකාවට පේන්නද? එහෙම නැත්නම් ජිනීව වලට පේන්නද?.(නදී)
මංජු ඔයා හරියටම හරි (නි)
ජලය මතින් විදුලි රැහැන් නො අදිනු. අපේ ඉඩම් මතින් ද විදුලි රැහැන් නො අදිනු. පරිසරයට හානි වන නිසා තාප බලාගාර නොසාදනු. දිය ඇලි සිඳෙන නිසා ජල විදුලි බලාගාර නො තනනු. ඉඩම් යටවන නිසා ජලාශ නො තනනු. අපට සල්ලි නැති නිසා නිකම් විදුලිය දෙනු. මේ ටික කරන්න බැරි නම් විදුලි බල මණ්ඩලයේ ඉන්න ඉංජිනේරුවෝ රට ඇත හැර යනු. (ගණකාධිකාරී වරුන් අඩු මිලට විදුලිය දෙනු ඇත.)(නදී)