IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


කොල්ලෝ පැරකුම් රජ මාලිගාවට පනිති

පොළොන්නරුව පුරාවිද්‍යා පුද බිමේ පිහිටි  මහා පරාක්‍රමබාහු රජ මාලිගයෙහි ඉපැරණි බිත්ති මත විවිධ    අකුරු  ලියා කුරුටු ගා  ඇත.

 රජ මාලිගයෙහි ඇතුළත දකුණු  සහ උතුරු දිසාවන්හි    සෑම බිත්තියකම පාහේ මෙම අකුරු ලියා හා කුරුටු ගා   ඇත.

 මාලිගයෙහි බටහිර  දොරටුවට ආසන්නයෙහි  සංරක්ෂණය කරනලද බිත්ති මත සහ ඉපැරණි   බදාම තට්ටු මත ගල් පතුරුවලින් අකුරු ලියා ඇතැයි කියති.  පුරාවිද්‍යා ස්මාරකයෙහි  බිත්තිවලට හා එහි ඉපැරණි බවට විශාල වශයෙන්  හානි සිදුව තිබේ.

 මහා පරාක්‍රමබාහු  රජතුමාගේ රාජ මාලිගය (ක්‍රි.ව. 1125-1186) නැරැඹිම සදහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් ඇතුළු  මහජනතාව මෙම විනාශයන් දැක ඉමහත්  කම්පාව පළ කරති.

 මහා පරාක්‍රමබාහු  රජු විසින්  කරවන ලදැයි සැලැකෙන වෛජයන්ත ප්‍රාසාදය හෙවත් ‘සත්බුමුපාය‘ නම් වූ මෙම විශිෂ්ට නිර්මාණය මහල්  සතකින් යුත් බවත් එය කාමර දහසකින් සමන්විත අලංකාර රාජ මාලිගයක් ලෙස පැවති බවත් වංශ කතාවල සදහන්වේ.

මහල් තුනක නටබුන් අද දැකිය හැකිය.

 මධ්‍යම සංස්කෘතික අරමුදලේ  පොළොන්නරුව කාර්යාල  නිලධාරියකු කියා සිටියේ  රාජ මාලිගාවෙහි බිත්ති මත අකුරු ලියා කුරුටු  ගා ඇති බව තමන් දන්නා බවයි.  පාසල් සිසුන් ඒ හානිය කරන්නට ඇතැයි ඔහු සැක කරයි.  ආරක්ෂක නිළධාරීන් එම  ස්ථානයේ  රාජකාරී කරන බව ද ඔහු පවසයි.

 රාජ මාලිගාවෙහි බිත්ති මත ලියා ඇති අකුරු ආදිය මකා දැමීම සදහා ඉදිරි දිනවල ක්‍රියා කරනා බවද එම නිලධාරියා කීය.



අදහස් (0)

කොල්ලෝ පැරකුම් රජ මාලිගාවට පනිති

සංජීව Friday, 29 March 2013 12:39 PM

වෙනත් කිසිම රටක නැති සාඩම්බර ඉතිහාසයක් අපිට තියෙනවා. ඒක ආරක්ෂා කරන්න අපි හැමෝම හිතට ගන්න ඕනෑ. (නි)

:       0       0

අනුපම Friday, 29 March 2013 12:39 PM

වටිනා දේවල් රැක ගන්න (දී)

:       0       0

සැනසුම් Friday, 29 March 2013 12:47 PM

අපි වහ බොන්න ඕනා මේවට.(නදී)

:       0       0

අතපත්තු Friday, 29 March 2013 12:50 PM

නසාර්, මේවා ලෝක උරුමයන්. ඒකයි කැක්කුම. ලිදේ මැඩියන්ට මේවා පෙනෙන්නේ නැහැ.(නදී)

:       0       0

කේ හේමසර හිමි Friday, 29 March 2013 12:59 PM

මේවා අපේ රටේ ජාතික උරුමයන්. මේවා අපිට වටිනවා. කොල්ලෝ මේවා ලියලා යනකම් ආරක්ෂකයෝ නිදා ගත්තද කියලා තමයි ප්‍රශ්නේ.(නදී)

:       0       0

ජනක Friday, 29 March 2013 01:06 PM

මේවා කළ අයට සහ ආරක්ෂාවට හිටපු අයටත් දඩුවම් කළ යුතුයි. ආරක්ෂක නිලධාරීන් සිටින තැනක සිදුවූ මේ අපරාධය ආරක්ෂක නිලධාරීන්ට මුදල් දී සිදුකළ සංවිධානාත්මක අපරාධයක්ද විය හැකියි. මෙම අපරාධ කළ අයටත් ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ටත් ඔවුන්ගේ ඉදිරි පරමිපරාවලටත් මේවා පලදෙනවා.(නදී)

:       0       0

රණතුංග Friday, 29 March 2013 01:08 PM

ඕවට දැඩි දඩුවම් දෙන්න ඕනේ.(නදී)

:       0       0

අවස් Friday, 29 March 2013 01:10 PM

කළ අය සොයා උපරිම දඩුවම් දිය යුතුයි. වෙන රටවල නම් හිස ගසා දමනවා මේ වගේ වැරදි කරුවන්ට.(නදී)

:       0       0

සමන් - ඕමානය Friday, 29 March 2013 01:24 PM

මේ තැන් වල ආරක්ෂක නිලධාරීන් සිටිනවා. ඔවුන් මෙවැනි සිදුවීම් වලක්වාලීමට කටයුතු කල යුතුයි. නැතිනම් ඔවුන්ට විරුද්ධව ක්‍රියා කලයුතුයි. පාසල් ළමුන් පැමිණෙන්නේ ගුරුවරුන් සමගයි. ඔවුන් මේවාට කෙලින්ම වග කිව යුතුයි. මේ අධ්‍යාපන සංචාර වලට පෙර සහ මේ ස්ථාන වලට ඇතුලු වීමට පෙර සිසුන්ව පුරාවස්තු වල වටිනාකම ගෙන දෑනුවත් කල යුතුයි. සිසුන් මේ ස්ථාන වලට පැමිණෙන්නේ ඒවා අගය කිරීමට මිස විනාශ කිරීමට නොවේ. (නදී)

:       0       0

හරීන් Tuesday, 02 April 2013 07:42 AM

ටීචර්ලා ටික මොනවා කළාද මන්දා? (නි)

:       0       0

ජයලාල් Friday, 29 March 2013 01:23 PM

ජාතියක් ජන්මයක් නැති වැඩ... (නි)

:       0       0

ෂෙරිෆ් Friday, 29 March 2013 01:29 PM

ආයෙත් පටන් ගත්තද? මොන කොඩිවිනයක්ද මේක? කෝ බලධාරින්? හොදින් බලන්න මේවා අද ඊයේ කුරුටු ගාපුවා නොවෙයි යන එන හැම කෙනාම මොකකක් හරි උලලා යන්නේ.(නදී)

:       0       0

සෙලනිකස් Friday, 29 March 2013 01:33 PM

ඇත්තටම වුවමනාවක් තියෙන කෙනෙකුට පමණක් අධික මුදලක් ගෙවා ඇතුල් වියහැකි ලෙස ටිකට් මිල ඉතා වැඩි කළ යුතුයි. (නි)

:       0       0

චන්දන Friday, 05 April 2013 02:38 PM

මේයාලට කන්න දුන්නට මොලේ දෙන්න බෑනේ....................................(ස)

:       0       0

සමන් - ඕමානය Friday, 29 March 2013 11:00 PM

කලක සිටම අසන්නට ලැබෙන පුරා වස්තු විනාශ කිරීම හා හොරකම් කිරීම, නිධන් හෑරීම, සිද්ධස්ථාන විනාශ කිරීම, සංඝයා වහන්සේලාට හා ආගමික සංවිධාන වලට කරන ගැරහීම හා අවමාන සියල්ලට එක් හේතුවක් සේ මා දකින්නේ වත්මන් සමාජයේ සංස්කෘතික පිරිහීම හා ලංකා ඉතිහාසය පිළිබඳ අනවබෝධයයි. ඒ සඳහා, පසුගිය කාලයේ පාසල් වල ලංකා ඉතිහාසය ඉගැන්වීම බැහැර කිරීම මා දකින ප්‍රධාන හේතුවක්. වගකිවයුත්තනි, අධ්‍යාපන චාරිකා වලට පෙර, එම සිසුන් යන තැන් වල ඉතිහාසය හා සංස්කෘතික වැදගත්කම පිළිබඳ අවබෝධයක් දීම අනිවාර්ය කරන්න. චාරිකා වලදී, සිසුන්ගේ හැසිරීම පිළිබඳව ගුරුවරුන්ගේ වගකීම කුමක්ද යන්න ගැන චක්‍රලේඛයක් නිකුත් කරන්න. එය නිසිපරිදි ක්‍රියාත්මක කරවන්න. (නි)

:       0       0

ජයී තිසර Friday, 29 March 2013 04:19 PM

දන්නෝ නොදන්නෝ හාරති රජ මැදුරේ.. කොල්ලෝ කුරුට්ටෝ කොටතී ගල් අකුරේ.. දැක්කෝ නොදැක්කෝ සැතපී සිටි අතරේ.. බල්ලෝ බළල්ලූත් පහරති නිදි පැදුරේ.(නදී)

:       0       0

සරත් Friday, 29 March 2013 09:59 AM

මට නම් මේවට කියන්න දෙයක් නැති ගානයි. ටික දෙනෙකුට මේවගේ වටිනාකමක් ඇත්තේම නැහැ.(නදී)

:       0       0

හර්ෂි Friday, 29 March 2013 10:00 AM

මෙහෙමත් ළමයි? (නි)

:       0       0

කරුණාරත්න Friday, 29 March 2013 10:12 AM

මේ මොන වාදයක්ද මේ , දැන් මේක පුරුද්දට ගිහිල්ලා (දී)

:       0       0

දිසානායක Friday, 29 March 2013 10:12 AM

මේවා ජාතික අපරාධ (දී)

:       0       0

වරුණ Friday, 29 March 2013 10:07 AM

මොනවද මේකේ ආරක්ෂාවට දාලා ඉන්න කට්ටිය කරන්නේ? (නි)

:       0       0

තිලකගේ Friday, 29 March 2013 05:06 PM

සිංහල බෞද්ද උරුමය විනාශ කරන්න මානබලාගෙන ඉන්න සංවිධාන එදා වගේම අදත් ඉන්නවා. (නි)

:       0       0

සුරංගි Saturday, 30 March 2013 11:13 AM

මේ වගේ නැහැදිච්ච අය ලෝකෙට බිහිකරපු මව් පියෝ මේවාට වගකිව යුතුයි. (අ)

:       0       0

නසාර් Friday, 29 March 2013 10:15 AM

සරත්, වටිනාකමක් තියෙනව නම් රජු මේවා දාලා යයිද?(නදී)

:       0       0

ඉන්දික Friday, 29 March 2013 10:17 AM

උපරිම දඩුවම් කළ යුතුයි.(නදී)

:       0       0

රූපවතී Saturday, 30 March 2013 09:14 PM

මේවාට දඩුවම් දෙන්න ඕනෑ මානව හිමිකම් කවුන්සිලයෙන්ම තමයි. (නි)

:       0       0

දිසා Friday, 29 March 2013 10:37 AM

තමන්ගේ අතට එන සුළු වාසිය ගැන හිතලා වැඩක් නැහැ. මෙවන් ජාතික උරුම රැකගැනීමට සුදුසු වැඩපිළිවෙළක් ඇති කළ යුතුයි. (නි)

:       0       0

දීපාල් Friday, 29 March 2013 10:43 AM

මෙම විනාශකාරීන් ඔවුන්ගේ දෙමාපියන්ටද කරන්නේ අපහාසයකි. (නි)

:       0       0

ටිරාන් Friday, 29 March 2013 11:11 AM

කෝ මේ ළමයි භාරව එන ගුරුවරු (දී)

:       0       0

චරිත් Friday, 29 March 2013 11:22 AM

නසාර්, ඉතිහාසය දන්නේ නැත්නම් කතා නොකර ඉන්න. කවදාවත් සිංහලේ රජ කළ රජෙක් තමන්ගේ රාජධානියා දාලා පැනලා ගියේ නැහැ. ගියානම් ගියේ අද මේ රට විනාශ කරන්න හදන රටටම ජාතියටම පිළිලයක් වුණ එක එක විජතික පිළිල නිසයි. අන්න ඒ අදටත් මේ රටට පිළිල වුණ අය තමයි මේ රටේ ශ්‍රේෂ්ට ඉතිහාසය විනාශ කලේ. නැත්නම් ඔය ඉදිකිරීම් ඔහොම විනාශ වෙන්නේ නැහැ. (නි)

:       0       0

චමිලා Friday, 29 March 2013 06:27 PM

පුෂ්පෙ කියලා තියෙන දේ සහතික ඇත්ත. මමත් මෙවන් අපරාධ වලට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. (නි)

:       0       0

සම්පත් Friday, 29 March 2013 11:23 AM

මගේ පපුව හෝස් ගාලා ගියා. (නි)

:       0       0

සමන් Friday, 29 March 2013 11:24 AM

නසාර්, ඔයාට රැකගන්න දෙයක් නැතිවුණාට ලංකාවෙ අපිට රැකගන්න බොහෝ දේවල් තිබෙනවා. (නි)

:       0       0

දිනේෂ් Friday, 29 March 2013 06:30 PM

මෙය සංවිධානාත්මක කල්ලියක වැඩක්. ආරක්ෂක ලේකමි තුමනි මෙය ඔබේ අවධානය පිනිසයි.(නදී)

:       0       0

ගයාන් Friday, 29 March 2013 11:25 AM

වරදක් වුණහම ඒක සුළු වුණත් ලොකු වුණත් දඩුවමක් දෙන්න ඕනෑ. (නි)

:       0       0

ප්‍රියන්ත Friday, 29 March 2013 11:27 AM

නසාර්, අපිට තේරෙනවා ඔබට අපේ උරුමයන් ගැන කිසිම හැගීමක්, දැනීමක් නැහැ කියලා. (නි)

:       0       0

බන්දුල Friday, 29 March 2013 11:35 AM

මේ වැඩේ කරපු අයව ඔය බිත්ති දෙක අතර පරාලයක් දමා එල්ලා තැබිය යුතුය (නි)

:       0       0

ආනන්ද Friday, 29 March 2013 11:41 AM

මේකත් සුළු දෙයක් කියලා කියයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

රාවන Friday, 29 March 2013 11:46 AM

අධ්‍යාපනය කියන දේ ගැන පොඩි හරි තේරුමක් තිබුණා නම් ඔහොම දෙයක් කරන්න මේ ළමයින්ට හිත දෙන්නේ නැහැ. (නි)

:       0       0

දුමින්ද Friday, 29 March 2013 11:56 AM

අපි අපේ රටට ආදරෙයි. අපේ ජාතියට ආදරෙයි. මේ අපේ උරුමයයි. (නි)

:       0       0

නිෂාඩ් Friday, 29 March 2013 11:59 AM

වදුරු ගති තියෙන අය මේ වගේ තැන්වලට ගියහම මෙහෙම වෙනවා (නි)

:       0       0

පුෂ්පෙ Friday, 29 March 2013 12:03 PM

1.) රාජකාරිය පැහැර හරින ලද සියළුම සේවකයින්ගේ වැඩ තහනම් කොට වූ හානිය පියවීමට 50% වැඩි මුදලක් ඔවුන්ගෙන් අය කර එම සේවකයින්ව දැඩි දඬුවම් ඇතිව සිර බාරයට යැවීම. 2.) පාසැල් දරුවන් රැගෙන එන ගුරුවරුන් හෝ වගකිව යුතු පුද්ගලයින් පසැල් දරුවන් හෝ එසේ රැගෙන එන ඇත්තන්ව මෙහි ඇති වටිනාකම හා එයින් අපට අත්වී ඇති ප්‍රෞඩත්ව මැනවින් පැහැදිලි නොකිරීම. 3.) මෙවැනි ඓතිහාසික දේවල් වලට කරදර පමුණුවන සියළුම ඇත්තන්ට තරාතිරම නොබලා(දරුවන් එක්කරගෙන පැමිණෙන ඇත්තන්හට දඬුවම් පමුණුවීම) දැඩි දඬුවම්(පස් වසරකට නොඅඩු දැඩි දඩුවම් ඇතිව හිර බාරයේ තැබීම සමඟ ලක්ෂ දහයට නොඅඩු දඩ පැමිණවීම සහ එම පුරාවස්තු ප්‍රකෘති තත්වයට ගැනීමට යන මුළු මුදල අය කර ගැනීම වැනි දැ) පැමිණ වීම. මෙවන් දේ වලින් මෙවන් විනාශ අවම කරගත හැකිවනු ඇත. (නි)

:       0       0

තිස්ස Friday, 29 March 2013 12:24 PM

මේ දෙවෙනි සිද්දිය (දී)

:       0       0

මාකොළ නන්ද හිමි Friday, 29 March 2013 07:34 PM

අධ්‍යාපනය තුලින් බුද්ධිය පමණක් නොව හදවතද පෝෂනය කළ යුතුයි.(නදී)

:       0       0

චන්ද්‍රසිරි Friday, 29 March 2013 12:35 PM

මේ කොල්ලෝ කොල්ලන්ටත් නින්දාවක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 274 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 221 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 497 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 337 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 915 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 361 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38667 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 952 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 332 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site