පොළොන්නරුව පුරාවිද්‍යා පුද බිමේ පිහිටි මහා පරාක්‍රමබාහු රජ මාලිගයෙහි ඉපැරණි බිත්ති මත විවිධ අකුරු ලියා කුරුටු ගා ඇත.
රජ මාලිගයෙහි ඇතුළත දකුණු සහ උතුරු දිසාවන්හි සෑම බිත්තියකම පාහේ මෙම අකුරු ලියා හා කුරුටු ගා ඇත.
මාලිගයෙහි බටහිර දොරටුවට ආසන්නයෙහි සංරක්ෂණය කරනලද බිත්ති මත සහ ඉපැරණි බදාම තට්ටු මත ගල් පතුරුවලින් අකුරු ලියා ඇතැයි කියති. පුරාවිද්‍යා ස්මාරකයෙහි බිත්තිවලට හා එහි ඉපැරණි බවට විශාල වශයෙන් හානි සිදුව තිබේ.
මහා පරාක්‍රමබාහු රජතුමාගේ රාජ මාලිගය (ක්‍රි.ව. 1125-1186) නැරැඹිම සදහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් ඇතුළු මහජනතාව මෙම විනාශයන් දැක ඉමහත් කම්පාව පළ කරති.
මහා පරාක්‍රමබාහු රජු විසින් කරවන ලදැයි සැලැකෙන වෛජයන්ත ප්‍රාසාදය හෙවත් ‘සත්බුමුපාය‘ නම් වූ මෙම විශිෂ්ට නිර්මාණය මහල් සතකින් යුත් බවත් එය කාමර දහසකින් සමන්විත අලංකාර රාජ මාලිගයක් ලෙස පැවති බවත් වංශ කතාවල සදහන්වේ.
මහල් තුනක නටබුන් අද දැකිය හැකිය.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ පොළොන්නරුව කාර්යාල නිලධාරියකු කියා සිටියේ රාජ මාලිගාවෙහි බිත්ති මත අකුරු ලියා කුරුටු ගා ඇති බව තමන් දන්නා බවයි. පාසල් සිසුන් ඒ හානිය කරන්නට ඇතැයි ඔහු සැක කරයි. ආරක්ෂක නිළධාරීන් එම ස්ථානයේ රාජකාරී කරන බව ද ඔහු පවසයි.
රාජ මාලිගාවෙහි බිත්ති මත ලියා ඇති අකුරු ආදිය මකා දැමීම සදහා ඉදිරි දිනවල ක්‍රියා කරනා බවද එම නිලධාරියා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම වුවමනාවක් තියෙන කෙනෙකුට පමණක් අධික මුදලක් ගෙවා ඇතුල් වියහැකි ලෙස ටිකට් මිල ඉතා වැඩි කළ යුතුයි. (නි)
වෙනත් කිසිම රටක නැති සාඩම්බර ඉතිහාසයක් අපිට තියෙනවා. ඒක ආරක්ෂා කරන්න අපි හැමෝම හිතට ගන්න ඕනෑ. (නි)
වටිනා දේවල් රැක ගන්න (දී)
අපි වහ බොන්න ඕනා මේවට.(නදී)
නසාර්, මේවා ලෝක උරුමයන්. ඒකයි කැක්කුම. ලිදේ මැඩියන්ට මේවා පෙනෙන්නේ නැහැ.(නදී)
මේවා අපේ රටේ ජාතික උරුමයන්. මේවා අපිට වටිනවා. කොල්ලෝ මේවා ලියලා යනකම් ආරක්ෂකයෝ නිදා ගත්තද කියලා තමයි ප්‍රශ්නේ.(නදී)
මේවා කළ අයට සහ ආරක්ෂාවට හිටපු අයටත් දඩුවම් කළ යුතුයි. ආරක්ෂක නිලධාරීන් සිටින තැනක සිදුවූ මේ අපරාධය ආරක්ෂක නිලධාරීන්ට මුදල් දී සිදුකළ සංවිධානාත්මක අපරාධයක්ද විය හැකියි. මෙම අපරාධ කළ අයටත් ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ටත් ඔවුන්ගේ ඉදිරි පරමිපරාවලටත් මේවා පලදෙනවා.(නදී)
ඕවට දැඩි දඩුවම් දෙන්න ඕනේ.(නදී)
කළ අය සොයා උපරිම දඩුවම් දිය යුතුයි. වෙන රටවල නම් හිස ගසා දමනවා මේ වගේ වැරදි කරුවන්ට.(නදී)
මේ තැන් වල ආරක්ෂක නිලධාරීන් සිටිනවා. ඔවුන් මෙවැනි සිදුවීම් වලක්වාලීමට කටයුතු කල යුතුයි. නැතිනම් ඔවුන්ට විරුද්ධව ක්‍රියා කලයුතුයි. පාසල් ළමුන් පැමිණෙන්නේ ගුරුවරුන් සමගයි. ඔවුන් මේවාට කෙලින්ම වග කිව යුතුයි. මේ අධ්‍යාපන සංචාර වලට පෙර සහ මේ ස්ථාන වලට ඇතුලු වීමට පෙර සිසුන්ව පුරාවස්තු වල වටිනාකම ගෙන දෑනුවත් කල යුතුයි. සිසුන් මේ ස්ථාන වලට පැමිණෙන්නේ ඒවා අගය කිරීමට මිස විනාශ කිරීමට නොවේ. (නදී)
ජාතියක් ජන්මයක් නැති වැඩ... (නි)
ආයෙත් පටන් ගත්තද? මොන කොඩිවිනයක්ද මේක? කෝ බලධාරින්? හොදින් බලන්න මේවා අද ඊයේ කුරුටු ගාපුවා නොවෙයි යන එන හැම කෙනාම මොකකක් හරි උලලා යන්නේ.(නදී)
මේ කොල්ලෝ කොල්ලන්ටත් නින්දාවක්. (නි)
දන්නෝ නොදන්නෝ හාරති රජ මැදුරේ.. කොල්ලෝ කුරුට්ටෝ කොටතී ගල් අකුරේ.. දැක්කෝ නොදැක්කෝ සැතපී සිටි අතරේ.. බල්ලෝ බළල්ලූත් පහරති නිදි පැදුරේ.(නදී)
සිංහල බෞද්ද උරුමය විනාශ කරන්න මානබලාගෙන ඉන්න සංවිධාන එදා වගේම අදත් ඉන්නවා. (නි)
පුෂ්පෙ කියලා තියෙන දේ සහතික ඇත්ත. මමත් මෙවන් අපරාධ වලට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. (නි)
මෙය සංවිධානාත්මක කල්ලියක වැඩක්. ආරක්ෂක ලේකමි තුමනි මෙය ඔබේ අවධානය පිනිසයි.(නදී)
අධ්‍යාපනය තුලින් බුද්ධිය පමණක් නොව හදවතද පෝෂනය කළ යුතුයි.(නදී)
කලක සිටම අසන්නට ලැබෙන පුරා වස්තු විනාශ කිරීම හා හොරකම් කිරීම, නිධන් හෑරීම, සිද්ධස්ථාන විනාශ කිරීම, සංඝයා වහන්සේලාට හා ආගමික සංවිධාන වලට කරන ගැරහීම හා අවමාන සියල්ලට එක් හේතුවක් සේ මා දකින්නේ වත්මන් සමාජයේ සංස්කෘතික පිරිහීම හා ලංකා ඉතිහාසය පිළිබඳ අනවබෝධයයි. ඒ සඳහා, පසුගිය කාලයේ පාසල් වල ලංකා ඉතිහාසය ඉගැන්වීම බැහැර කිරීම මා දකින ප්‍රධාන හේතුවක්. වගකිවයුත්තනි, අධ්‍යාපන චාරිකා වලට පෙර, එම සිසුන් යන තැන් වල ඉතිහාසය හා සංස්කෘතික වැදගත්කම පිළිබඳ අවබෝධයක් දීම අනිවාර්ය කරන්න. චාරිකා වලදී, සිසුන්ගේ හැසිරීම පිළිබඳව ගුරුවරුන්ගේ වගකීම කුමක්ද යන්න ගැන චක්‍රලේඛයක් නිකුත් කරන්න. එය නිසිපරිදි ක්‍රියාත්මක කරවන්න. (නි)
මේ වගේ නැහැදිච්ච අය ලෝකෙට බිහිකරපු මව් පියෝ මේවාට වගකිව යුතුයි. (අ)
මේවාට දඩුවම් දෙන්න ඕනෑ මානව හිමිකම් කවුන්සිලයෙන්ම තමයි. (නි)
ටීචර්ලා ටික මොනවා කළාද මන්දා? (නි)
මේයාලට කන්න දුන්නට මොලේ දෙන්න බෑනේ....................................(ස)
මගේ පපුව හෝස් ගාලා ගියා. (නි)
මෙහෙමත් ළමයි? (නි)
මේ මොන වාදයක්ද මේ , දැන් මේක පුරුද්දට ගිහිල්ලා (දී)
මේවා ජාතික අපරාධ (දී)
මොනවද මේකේ ආරක්ෂාවට දාලා ඉන්න කට්ටිය කරන්නේ? (නි)
සරත්, වටිනාකමක් තියෙනව නම් රජු මේවා දාලා යයිද?(නදී)
උපරිම දඩුවම් කළ යුතුයි.(නදී)
තමන්ගේ අතට එන සුළු වාසිය ගැන හිතලා වැඩක් නැහැ. මෙවන් ජාතික උරුම රැකගැනීමට සුදුසු වැඩපිළිවෙළක් ඇති කළ යුතුයි. (නි)
මෙම විනාශකාරීන් ඔවුන්ගේ දෙමාපියන්ටද කරන්නේ අපහාසයකි. (නි)
කෝ මේ ළමයි භාරව එන ගුරුවරු (දී)
නසාර්, ඉතිහාසය දන්නේ නැත්නම් කතා නොකර ඉන්න. කවදාවත් සිංහලේ රජ කළ රජෙක් තමන්ගේ රාජධානියා දාලා පැනලා ගියේ නැහැ. ගියානම් ගියේ අද මේ රට විනාශ කරන්න හදන රටටම ජාතියටම පිළිලයක් වුණ එක එක විජතික පිළිල නිසයි. අන්න ඒ අදටත් මේ රටට පිළිල වුණ අය තමයි මේ රටේ ශ්‍රේෂ්ට ඉතිහාසය විනාශ කලේ. නැත්නම් ඔය ඉදිකිරීම් ඔහොම විනාශ වෙන්නේ නැහැ. (නි)
මට නම් මේවට කියන්න දෙයක් නැති ගානයි. ටික දෙනෙකුට මේවගේ වටිනාකමක් ඇත්තේම නැහැ.(නදී)
නසාර්, ඔයාට රැකගන්න දෙයක් නැතිවුණාට ලංකාවෙ අපිට රැකගන්න බොහෝ දේවල් තිබෙනවා. (නි)
වරදක් වුණහම ඒක සුළු වුණත් ලොකු වුණත් දඩුවමක් දෙන්න ඕනෑ. (නි)
නසාර්, අපිට තේරෙනවා ඔබට අපේ උරුමයන් ගැන කිසිම හැගීමක්, දැනීමක් නැහැ කියලා. (නි)
මේ වැඩේ කරපු අයව ඔය බිත්ති දෙක අතර පරාලයක් දමා එල්ලා තැබිය යුතුය (නි)
මේකත් සුළු දෙයක් කියලා කියයිද දන්නෙ නැහැ. (නි)
අධ්‍යාපනය කියන දේ ගැන පොඩි හරි තේරුමක් තිබුණා නම් ඔහොම දෙයක් කරන්න මේ ළමයින්ට හිත දෙන්නේ නැහැ. (නි)
අපි අපේ රටට ආදරෙයි. අපේ ජාතියට ආදරෙයි. මේ අපේ උරුමයයි. (නි)
වදුරු ගති තියෙන අය මේ වගේ තැන්වලට ගියහම මෙහෙම වෙනවා (නි)
1.) රාජකාරිය පැහැර හරින ලද සියළුම සේවකයින්ගේ වැඩ තහනම් කොට වූ හානිය පියවීමට 50% වැඩි මුදලක් ඔවුන්ගෙන් අය කර එම සේවකයින්ව දැඩි දඬුවම් ඇතිව සිර බාරයට යැවීම. 2.) පාසැල් දරුවන් රැගෙන එන ගුරුවරුන් හෝ වගකිව යුතු පුද්ගලයින් පසැල් දරුවන් හෝ එසේ රැගෙන එන ඇත්තන්ව මෙහි ඇති වටිනාකම හා එයින් අපට අත්වී ඇති ප්‍රෞඩත්ව මැනවින් පැහැදිලි නොකිරීම. 3.) මෙවැනි ඓතිහාසික දේවල් වලට කරදර පමුණුවන සියළුම ඇත්තන්ට තරාතිරම නොබලා(දරුවන් එක්කරගෙන පැමිණෙන ඇත්තන්හට දඬුවම් පමුණුවීම) දැඩි දඬුවම්(පස් වසරකට නොඅඩු දැඩි දඩුවම් ඇතිව හිර බාරයේ තැබීම සමඟ ලක්ෂ දහයට නොඅඩු දඩ පැමිණවීම සහ එම පුරාවස්තු ප්‍රකෘති තත්වයට ගැනීමට යන මුළු මුදල අය කර ගැනීම වැනි දැ) පැමිණ වීම. මෙවන් දේ වලින් මෙවන් විනාශ අවම කරගත හැකිවනු ඇත. (නි)
මේ දෙවෙනි සිද්දිය (දී)