සීගිරිය නිර්මාතෘ කාශ්‍යප රජුගේ (ක්‍රි.ව 475-495) භස්මාවශේෂ තැම්පත් කළ බවට පිළිගත හැකි ස්ථානයක් හබරනින් සොයා ගත් බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ කැනීම් අංශය කියයි. හබරණ යැම්පිට විහාරය ආසන්නයේ පිහිටි ගලක් මත මේ භෂ්මාවශේෂ ඇතැයි අනුමාන කළ හැකි බව ප්‍රධාන කැනීම් පරීක්ෂක කුසුම්සිරි කොඩිතුවක්කු මහතා පවසයි. පුරාවෘත සහ මහාවංශයේ තොරතුරු අනුව එම ස්ථානයේ දාගැබක් හෝ ස්මාරකයක් ඉදි කරන්නට ඇතැයිද පර්යේෂණ නිලධාරී බණ්ඩාරවෙල පාලිත හිමියෝ කියත.
සිය සහෝදරයා වූ මුගලන් සමග සටනින් පැරදී සීගිරියෙන් පලා යද්දී කාශෂ්‍යප හබරනදී සිය දිවි නසාගන්නට ඇතැයි ද, රජුගේ භස්මාවශේෂ තැන්පත් කර ඇතැයි කියන ස්ථානය අතීතයේ සිට දෙවියන් යැදීමට භාවිත කළ බව පෙනේ යැයිද ඒ හිමියෝ පවසති.
එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය මගින් සීගිරිය ලෝ උරුමයක් ලෙස නම් කර ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd