අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය හා ක‍්‍රීඩා මණ්ඩලය 39 වැනි වරටත් සංවිධානය කළ සැතපුම් දෙකේ විවෘත මුහුදු පිහිනුම් තරගාවලියේදී මරදාන ශාන්ත ජෝසප් විදුහලේ කෞෂාල් මානවඩු පිරිමි ශූරතාව දිනාගත්තේය. ධර්මාශෝක විද්‍යාලයේ පී.ඩබ්ලිව්. කවීෂා තරිඳුනී කාන්තා විවෘත ශූරතාව දිනා ගත්තාය. ඩයලොග් සමාගමේ පූර්ණ අනුග‍්‍රහයෙන් පැවැති මෙම මුහුදු පිහිනුම් තරගාවලිය අම්බලන්ගොඩ තානායම පිටුපස මුහුදු තිරයේදී පැවැත්විණ. අධ්‍යාපන අමාත්‍යාංශයේ ශාරීරික හා ක‍්‍රීඩා අධ්‍යක්‍ෂක රෝහණ කරුණාරත්න මහතා සහ ධර්මාශෝක විදුහල්පති එම්.ජී. ඕ.පී. පණ්ඩිතරත්න, නියෝජ්‍ය විදුහල්පති විකුම් ප‍්‍රියලාල්, ක‍්‍රීඩා ලේකම් විරාජ් චමින්ද, තරග ලේකම් ආර්.එම්. ක‍්‍රිෂාන්ත, පිහිනුම් ශූරියක වන ආර්.එම්. ධම්මිකා යන අයගේ ප‍්‍රධානත්වයෙන් ත්‍යාග ප‍්‍රදානය කෙරිණ. පිරිමි විවෘත අංශයේ දෙවැනි ස්ථානය අම්බලන්ගොඩ මාදම්පා විද්‍යාලයේ මනෝජ් ද සිල්වාට ද, එහි තෙවැනි ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදාවේ කැලූම් සමීර ද සිල්වාට ද, සිවු වැනි ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදාවේ රොෂාන් පීරිස්ට ද, පස්වැනි ස්ථානය යසස් සංජයට ද හිමිවිය. කාන්තා අංශයේ දෙවැනි ස්ථානය ධර්මාශෝක විද්‍යාලයේම ටී. චලනි දර්ශනීටද, තෙවැනි ස්ථානය අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයේ ඉමාෂා සෙව්වන්දිටද, සිවුවැනි ස්ථානය ආර්.ඩබ්ලිව්.ඞී. ද සොයිසාට ද, පස් වැනි ස්ථානය කොළඹ ශාන්ත බි‍්‍රජට් කන්‍යාරාමයේ සෙනාලි පෙරේරාට හිමිවිය. මෙම පිහිනුම් තරගාවලියේ ලාබාලම ක‍්‍රීඩකයා ලෙස අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයේ ෂෙහාන් ද සිල්වා සම්මාන දිනාගත් අතර ලාබාලතම කී‍්‍රඩිකාව ලෙස මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ විහංගා දිල්මිණි සම්මාන දිනාගත්තාය. දිවයිනේ පාසල් හා ජල ක‍්‍රීඩා සමාජවල පිහිනුම් ක‍්‍රීඩක ක‍්‍රීිඩිකාවෝ 600ක් පමණ මෙම පිහිනුම් තරගාවලියට සහභාගි වූහ.
දළදා වන්දනාව වසරක් පාසා පැවැත්වීමට යෝජනාවක් ඉදිරිපත් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්බීඑස් අභයකෝන් මහතා තීරණය කර ඇත.
උඩු ගුවනේදී සුර් වී ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවක් ඉදිරියේ අනග රැඟුන්පැ 65 හැවිරිදී ස්විඩන් ජතිකයෙකුට රුපියල් 26500. 00 දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ
ඇල්ල ඕඩිසී දුම්රිය ටිකට් පත් වැඩි මිලට විකිණීමේ ජාවාරමට දුම්රිය ස්ථානාධිපතිවරුන් හා කාර්ය මණ්ඩලය සම්බන්ධ වී ඇද්ද? යන්න පිළිබඳව දුරකථන විශ්ලේෂණ වාර්
ශුදතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම වෙනුවෙන් ශ්‍රි ලංකාවේ වතිකාන තානාපති අති උතුම් බ්‍රයන් උදේග්වා හිමිපාණන් සහ ශ්‍රි ලංකාවේ රදගුරුතුම
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිපත්තිය නැවැත්වීමේ අරමුණින්, ඇමෙරිකාවේ ජනපද 12 ක් ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව නඩු පවරා ඇත. ඒ, ඇමෙරි
ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2025 වර්ෂයට අදාල දකුණු ආසියානු කලාපීය සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට එකඟතාවය පළ වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කෞෂාල්-කවීෂා ශූරතා දිනති