IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


‘‘කස්ත්‍රෝ නැති පාඩුව පිරිමහන්න බෑ‘‘

කියුබා විප්ලවීය සමාජවාදී නායක ෆිදෙල් කස්ත්‍රෝගේ අවසන් කටයුතු ඔහුගේ අවසන් කැමැත්ත අනුව පවුලේ සමීපතමයන් සහභාගී වුණු අවමංගල්‍ය උත්සවයකදී දේහය ආදාහනය කැරිණි.

ෆිදෙල් කස්ත්‍රෝගේ භෂ්මාවශේෂ කියුබාවේ සන්තියාගෝ නුවර තැන්පත් කිරීමට නියමිතය

ලබන දෙසැම්බර් 4 වැනි දා තෙක් කියුබා රජය ශෝක කාලයක් ප‍්‍රකාශයට පත් කර ඇත.

වසර 49 ක් තිස්සේ කියුබාවට නායකත්වය දුන් කස්ත්‍රෝ දීර්ඝ කාලයක් බලයේ සිටි රාජ්‍ය නායකයා ද විය. කස්ත්‍රෝ බලයට පත්වූයේ 1959 වසරේ ෆුලෙන්සියෝ බැටිස්ටාගේ පාලනය පෙරළා දමමිනි.

බැටිස්ටා ආධාරකරුවන් සොයා වෙඩි තබා මරා දැමීමට ෆිදෙල් කස්ත්‍රෝගේ රජය කටයුතු කිරීම ඇමෙරිකා විරෝධයට හේතු විය. කියුබාවේ ඇමෙරිකානු සමාගම් සියල්ල රජයට පවරා ගැනීමට කස්ත්‍රෝ කටයුතු කිරීමත් සමඟ ඇමෙරිකාව කියුබාව සමඟ සියලූම රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා නවතා දැම්මේය. කියුබාවට ආර්ථික සහ වෙළෙඳ සම්බාධක ද පැනැවීය.

පුරා දශක ගණනාවක් ඇමෙරිකන් සම්බාධකවලින් නොසැළී අභිමානයෙන් කස්ත්‍රෝ සහ ඔහුගේ සමාජවාදී ආකල්ප කියුබාවට මඟ පෙන්වූයේය. ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශය, කස්ත්‍රෝ ඝාතනය කිරීමට 600 වාරයකට වැඩියෙන් උත්සාහ ගත් නමුත් සියල්ල අසාර්ථක විය.

 කස්ත්‍රෝ, 2006 වසරේ සිට අසනීපයෙන් පසුවිය. 2008 වසරේ දී ඔහුගේ බාල සොහොයුරු රාවුල් කස්ත්‍රෝට ඔහු බලය පවරා දුන්නේය. කියුබාවේ ජනාධිපතිවරයා මෙන්ම එරට කොමියුනිස්ට් පක්ෂයේ නායකයා ද වන්නේ රාවුල් කස්ත්‍රෝය.

දශක ගණනාවක් ඇමෙරිකාව සහ කියුබාව අතර පැවැති විරසකය මේවනවිට සමථයකට පත් වී ඇත. දෙරට අතර රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා යළි ආරම්භ විය.

කියුබාව යළි මිතුරු කර ගැනීමට කටයුතු කළේ ඇමෙරිකා ජනාධිපති බරැක් ඔබාමාගේ පරිපාලනයයි.

කස්ත්‍රෝගේ අභාවය සැළවීමත් සමඟ ලෝක නායකයෝ රැසක් ශෝක පණිවුඩ නිකුත් කළහ. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කියා සිටියේ රුසියාවට විශ්වාසනීය, සුහඳ මිතුරකු අහිමි වු  බවයි. ජපාන අගමැතිවරයා කියා සිටියේ ෆිදෙල් කස්ත්‍රෝගේ සමු ගැනීම සැබෑ සහෘදයකුගේ වෙන් වීමක් බවයි.

ජනාධිපති ඔබාමා ෆිදෙල් කස්ත්‍රෝ ගැන සොව පළ කරමින් කියා සිටියේ ෆිදෙල් කස්ත්‍රෝ කොහොම කෙනකුදැයි ඉතිහාසය තීරණය කරනු ඇති බවයි. තමා වීරයකු ද එසේත් නැතිනම් දුෂ්ටයකු ද යන්න ඉතිහාසය විසින් දිනෙක තීරණය කරතියි තමා විශ්වාස කරන බව කස්ත්‍රෝ ද වරක් පවසා තිබුණි.

ඇමෙරිකාවේ මීළඟ ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් විශේෂ ප‍්‍රකාශයක් කරමින් ෆිදෙල් කස්ත්‍රෝ දැඩි ලෙස විවේචනය කළේය. ට‍්‍රම්ප් පවසා ඇත්තේ කස්ත්‍රෝ කුරිරු ආඥාදායකු බවයි.

කියුබා විප්ලවයෙන් පසු එරට අගමැති ධුරයත් ඉන්පසු ජනපති ධුරයත් හොබවමින්, ඇමෙරිකා සම්බාධක හමුවේ වුවද කියුබාවට නව ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දුන්නේය. අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත‍්‍රවලින් රට ඉදිරියට ගෙන යෑමට කස්ත්‍රෝ සමත් විය.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් මේ ගැන සිහිපත් කරමින් සිය ශෝක පණිවුඩය නිකුත් කළේය.

125434Image1 castro-teeth cc070f19db09f66915e991ccb335b345 Fidel_Castro Fidel-Castro- images

 



අදහස් (0)

‘‘කස්ත්‍රෝ නැති පාඩුව පිරිමහන්න බෑ‘‘

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Sunday, 27 November 2016 11:39 PM

පවතින ක්‍රමය තුළ කාට හිසනමා හෝ ඉහළට නැඟීමේ බලාපොරොත්තුවක් පිදෙල් කස්ත්‍රෝට තිබුනේ නැහැ. බැටිස්ටා පාලනය ඔහුට විරුද්ධව කරන ලද නඩු විභාගයේදී ඔහු නොබියවම පැවසුවේ ඉතිහාසය විසින් ඔහුව නිදහස් කරනු ඇත කියායි. ඔහු සැබවින්ම ඉතිහාසයට එකතුවුයේ මිනිසා වෙනුවෙන් මිනිසෙකු ලෙස ඉටුකළ යුතු යුතුකම පිළිබඳ විඥානය තුළින්. ලංකාවට මෙවැනි නායකයෙකු පහළවීමේ අවශ්‍යයතාවයක් දිනෙන් දින මතුවෙමින් පවතිනවා. ඔහු අනිවාර්යයෙන්ම කොමියුනිස්ට් වාදියෙක් වීම අවශ්‍ය නැහැ. (නි)

:       0       0

අරවින්ද දල්පදාදු Monday, 28 November 2016 02:59 AM

මට නම් ඔහුට සමාන කළ හැකිවන්නේ අප විමල් වීරවංශ පමණි (නි)

:       0       0

ගමගේ Sunday, 27 November 2016 08:18 AM

ඔහු වචනයේ පරිසමාප්තයෙන්ම තම රටවැසියාටත් මුලු මහත් මානව සමාජයටත් ආදරය කළ මහා මානව හිතවාදියෙකි. ඔබට මාගේ විප්ලවීය ආචාරය !! (නි)

:       0       0

පී. ඉලංගරත්න Sunday, 27 November 2016 08:37 AM

විරෝධාර නායකයාට මාගේ උත්තමාචාරය! (නි)

:       0       0

ලුවිස් Sunday, 27 November 2016 10:12 AM

ඔබ නැතිවීම විශාල පාඩුවක් (නි)

:       0       0

චින්තක Monday, 28 November 2016 05:42 AM

මෙවන් නායකයන්ව ආදර්ශයට ගන්න. (ම)

:       0       0

ගොඩගේ Monday, 28 November 2016 06:01 AM

නිවන් සැප ලැබේවා සහෝදරයා....!!!, ඔබ වැනි දෑ හිතකාමීන් බිහිවන්නේ බොහොම කලාතුරකිනි, ශ්‍රීලංකා වාසීන් වන අප එය දැන් හොඳින් පසක් කරගෙන සිටිමු.....!!! (හේ)

:       0       0

ශාන්ත Sunday, 27 November 2016 02:13 PM

ඒක නම් ඇත්ත.(හේ)

:       0       0

පෙරේරා Sunday, 27 November 2016 02:40 PM

කස්ත්‍රෝගේ අභිමානයට අපි ගරු කරමු. දෙපැත්ත නොකා කෙළින් වැඩ කළ විප්ලවවාදියෙක්. ශක්තිමත් මානවවාදී විරුවෙක්. එයයි ඇත්ත. (නි)

:       0       0

පුලාරා Sunday, 27 November 2016 03:26 PM

ඒ අඩුව පුරවන්න කෙනෙක් ඉදිරියේදී බිහිවේවි (නි)

:       0       0

බෙනට් Sunday, 27 November 2016 03:59 PM

මෙවන් නායකයින් ඉපදුන රටට වාසනාවක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1601 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 510 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 194 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 282 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 132 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 88 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39994 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25943 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 222 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 403 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1299 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site