ඕස්ට්‍රේලියාවේ කැසිනෝ ව්‍යාපාරිකයකු වන ජේම්ස් පැකර් ඇමෙරිකා ඩොලර් කෝටි 35 (රුපියල් කෝටි 4480) වියදමින් කොළඹ සුපිරි හෝටලයක් හා කැසිනෝ හලක් ඇරැඹීම සඳහා ශ්‍රී ලංකාව සමග සාකච්ඡා පවත්වයි.
චීන යටිතල පහසුකම් යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයෙන් ප්‍රයෝජන ගැනීමත් අසල්වැසි ඉන්දියාවේ සූදු කෙළින්නන් හා ශ්‍රී ලංකාවට එන සංචාරකයන් ආකර්ශනය කර ගැනීමත් ඔවුන්ගේ ඉලක්කයයි.
එහෙත් ඔහු කැසිනෝ හලක් ඉදි කළ යුතුද නැද්ද ගැන ලක් රජයත්, ඔහුගේ ක්‍රවුන් සමාගමත් එකගත්වයකට පැමිණ නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට ඉන්න අය මදිවාටද? (නි)
ලංකාවේ සුරාබදු බලපත්‍ර දෙනකොට සංචාර හෝටල් සහ ආපන ශාලා වලට අඩු මිලකට විදේශිකයන්ට පමණක් මත්පැන් විකිණිය හැකි සුරබලපත්‍ර ක්‍රමයකුත් හදුන්වා දෙන්න. එතකොට එමගින් බදු මුදලක් ලැබෙන අතර අපගේ සංස්කෘතියට සහ සමාජයට ප්‍රශ්න ඇති නොවෙන අතර සුළු පරිමාණ සංචාරක හෝටල් හිමියාට තමන්ගේ ව්‍යාපාර කරගෙන යා හැක. මේ වැනි ක්‍රම ඩුබායි වැනි රටවල ක්‍රියාත්මකයි (නි)
ලංකාවට විපත් කරන්න කාටවත් ඉඩ දෙන්න එපා (දී)
අපේ මිනිස්සු වැඩිහරියක් වැදගත්ම දේට නෙමේ පාරට බහින්නේ. (නි)
සමන් ප්‍රදීප කියන දේ හරි. ජේම්ස් පැකර්ට තරු පේන්නෙ අපේ ජනාධිපති තුමා මිනිහව ගෙන්නලා 'අපේ රට වනසන්න ආවද මෙතන' කියල එලෝලා දාපුවාමයි. (නදී)
අද අපේ රටට අත්‍යවශ්‍යය දෙයක්. දැන් කැසිනෝ,ගණිකා ශාලා රටේ මහා පරිමාණයෙන් පටන්ගන්න අවශ්‍යයි. එය කාලීන අවශ්‍යතාවයක්. හැකි ඉක්මනට ජේම්ස් පැකර්ව ගෙන්නලා කැසිනෝ පටන්ගන්න. අපේ ඇමතිලගේ සල්ලි වලට වැඩක් නැතුව පුස්කනවා. කැසිනෝ, නලගණන් සතුටු කිරීම අති සුඛෝපබෝගී මත්පැන් ,බීම, මත්ද්‍රව්‍ය මේ සැමදෙයක්ම තව අවුරුදු දහයක් යාමට මත්තෙන් මගේ නිජ භූමිය ස්වයංපෝෂිත කරනවා (නි)
චාමර, අපෝ ලංකාවේ අය හොඳට ඉගෙනගෙන ඕස්ට්‍රේලියා ගිහිල්ල කැසිනෝ වලද අන්තිමට වැඩ කරන්නේ? (නි)
මේල්බර්න් වල ක්‍රවුන් කැසිනෝ එක අයිති ජේම්ස් පෙකර්ට. ඒකේ අපේ අයත් වැඩ කරනවා.එයාගේ තාත්තා තමයි වන් ඩේ ක්‍රිකට් ලෝකෙට හඳුන්වලා දුන්නේ. (නි)
කොහෙත්ම ලංකාවට ගැලපෙන දෙයක් නෙමෙයි.ලංකාවේ අයත් අනිවාර්යන්ම යාවි. පවුල් කඩාකප්පල් වේවි,මිනි මැරුම් , හොරකම් වැඩි වේවි. එංගලන්තේ, ඇමෙරිකාවේ වගේ ලංකාවේ ඕවා කරන්න පුලුවන්ද? (නි)
අපේ රටෙන් පිටරට වලට ගොස් සංචාරක කර්මාන්තයේ සේවය කරන අය කොපමන ඉන්නවද? ඒ අයට මෙම කර්මාන්තයේ යෙදීමට අවස්ථාවක් ලබාදීම රජයේ වගකීමයි. මොකද පසුගිය අවුරුදු 30 ම අපි දිව්වේ විදෙස් වල සේවය කරන ඒ ගොල්ලෝ එවපු සල්ලි වලින්. (නි)
හොඳ යෝජනාවක්, මේ ආයෝජනය කෙසේ හෝ අපේ රටට ලබා ගත යුතුය. නමුත් කිසිම 'ශ්‍රී ලංකා පුරවැසියෙකුට' මෙහි සූදු කෙලීමට ඉඩ නොදීමට වාරණ පැනවිය යුතුය. එවිට 'ලාස් වෙගාස්'' වලට මෙන් පිටරැටියන් බහුලව පැමිණ සූදු කෙළියි.(නදී)
බෞද්ධ තායිලන්තය ගණිකා වෘත්තියට, අපේ රට කැසිනෝ වලට.(නදී)
අපි මේකට ඉඩ දුන්නේ නැත්නම් එයා තායිලන්තෙට යනවා. මේක හොද අවස්ථාවක්. (නි)
ටාර්ස් , ඔය වැඩ දෙකටම හොඳම සුචරිත මාවත.(නදී)
ඇහැ ගහන්න දෙයක් නැහැ. එන්න එන්න. ආපු ගමන් බැංකු ණය ඇතුළු වුවමනා හැම පහසුකමක්ම දෙන්නම්කෝ (නි)
එන පොට ඒ තරම් හොද නැහැ (දී)
ලොකු ලොකු සමාගම් සහ ආයෝජකයන්ට නම් කතාකරල උදවු කරන්නේ. සුළුපරිමාණ දේශීය ව්‍යාපාරිකයන්ට තමයි හැම බාදාවක්ම. සංචාරක ව්‍යාපාරයෙන් රටට නිසි පල ලබාගන්න නම් විදෙශිය ධන කුවෙරයන්ට සහ මහා පරිමාණ හෝටල් සමාගම් වලට විතරක් නොවෙයි සුළු පරිමාණ දේශීය ව්‍යාපාරිකයන් ටත් පහසුකම් සැලසිය යුතුයි. , ලොකු සමාගම් සල්ලි හම්බකරගෙන පිට රට ගෙනයාවී.(නදී)
මම මේ නිකමට වගේ කියන්නේ. ද.ර විජේවර්දෙන මාවත කැසිනෝ වලට දීලා , බෞද්දලෝක මාවත ගණිකාවන්ට වෙන් කරමුද.(නදී)
චතුල වෙරෝනා, සේනාවයි, උරුමයයි තමා කලින්ම අත් උස්සලා තියෙන්නේ.(නදී)
ගාමිනී, ඒහෙනම් "ගණිකා වෘතියත්" නීති ගතකරමුද? ( පලවෙනි වාසනාවන්තිය ඔයාම තෝරන්න ) රජයට ආදායමනේ? (නදී)
ජේම්ස් පැකර් ලේසි පහසු මෝරෙක් නෙමෙයි තල්මස් රජෙක්. මෙයා ගානට සේනාවට ගාන දීලා ඇති. කෑගහන ඕනෑම කෙනෙක්ට ලන්සුවක් තියන්න මෙයා කවම දාකවත් අසමර්ථ වෙලා නැහැ. මෙයා දෙපැත්තටම සලකන්න දන්නා කෙනෙක්. මෙයාගේ නැතිවුණ තාත්ත මෙයාටත් වැඩිය කෙරුමෙක් .(නදී)
සාධු, සාධු !!! දැන් හයවෙනි සික්ෂාපදය " කැසිනෝ සරනං ගච්චාමී"(නදී)
හලාල් නැත්නම් අපිට ප්‍රශ්නයක් නැහැ.(නදී)
සමන් ප්‍රදීපා, එහෙයි එහෙයි.(ස)
කිසිම ඉඩක් නම් දෙන්න එපා (දී)
ලංකාවට මොනවා වෙයිද දන්නේ (දී)
මොනයම් ආකාරයකින් වත් අපේ රටේ ඉඩම් 99 අවුරුදු බදු ක්‍රම වලටවත්, කැසිනෝ වලටවත් දීමට කිසිම රජයකට අයිති නැ, මේවා ජනතාවගේ දේවල් මිසක් ඔවුන්ගේ පරම්පරාවලින් ආපු දේවල් නොවේ. රට සංවර්ධන කරන බව පෙන්නා අවුරුදු සිය ගණනකට අපිව ණය කාරයෝ කරලා හමාරයි. ආණ්ඩු පෙරලීමට වඩා අප කල යුත්තේ ඔවුන් යන මාර්ගයට බාධා කර හරි පාරට ගැනීමයි. එක නිසා ජනතා බලවේගයක අවශ්‍යතාවය අද හොදින් දැනේ.(නදී)
අපේ ජනාධිපති තුමා ඕවට කැමති නැහැ ,එතුමා හැම තිස්සෙම කියන්නේ සමාජය යහපත් ගුණදර්ම වලින් පෝෂණය කරන්ඩ ඕන කියල ,බලන්ඩ කෝ ඕක විසිවෙලා යනහැටි .එතුමා සුදුවට කැමති නැති කෙනෙක්.(නදී)
ඇමෙරිකාවේ ලාස්වේගාස් කියපුහම සුදු අන්කුරෝ ඉන්නේ. රජයට විශාල බදු මුදල් ලැබෙනවා. සංචාරක කර්මාන්තයේ වර්ධනයක් ගොඩ නැංවීමටත්, රජයට බදු මුදල් ලබා ගැනීමේ මාර්ගයක් වශයෙන් විදේශිකයින්ට පමණක් ඇතුල්විය හැකි නීති මාලාවක් යටතේ කරනවානම් ප්‍රශ්නයක් ඇති නොවේ. දැක්කනේ අපේ සක්විත්තා කරපු වැඩේ. කැසිනෝ ගිහින්.(නදී)
සූදු කෙලින්නන් ලෙස සදහන් කිරීම හෙළා දකිමි. සූදු කර්මාන්තය යනුවෙන් නම් කරන්න. පසුවට මෙම කර්මාන්තයේ දියුණුව උදෙසා බෝධි පුජාවක් වුවත් පැවැත්වීමට කෙනෙකු ඉදරිපත් වීමට හැකියාව ඇතිවේවි.(නදී)
සේනාව විරුද්ධ පාටක් පේන්නෙ නෑ ඒක හන්ද පටන් ගමු.(ස)