IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


කැසිනෝ රජෙක් ලංකාවට ඇහැ ගහයි

ඕස්ට්‍රේලියාවේ කැසිනෝ ව්‍යාපාරිකයකු වන ජේම්ස් පැකර් ඇමෙරිකා ඩොලර් කෝටි 35 (රුපියල් කෝටි 4480) වියදමින් කොළඹ සුපිරි හෝටලයක් හා කැසිනෝ හලක් ඇරැඹීම සඳහා ශ්‍රී ලංකාව සමග සාකච්ඡා පවත්වයි.

චීන යටිතල පහසුකම් යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයෙන් ප්‍රයෝජන ගැනීමත් අසල්වැසි ඉන්දියාවේ සූදු කෙළින්නන් හා ශ්‍රී ලංකාවට එන සංචාරකයන් ආකර්ශනය කර ගැනීමත් ඔවුන්ගේ ඉලක්කයයි.

එහෙත් ඔහු කැසිනෝ හලක් ඉදි කළ යුතුද නැද්ද ගැන ලක් රජයත්, ඔහුගේ ක්‍රවුන් සමාගමත් එකගත්වයකට පැමිණ නැත.



අදහස් (0)

කැසිනෝ රජෙක් ලංකාවට ඇහැ ගහයි

සමන්ත Thursday, 06 June 2013 11:31 PM

අපේ රටෙන් පිටරට වලට ගොස් සංචාරක කර්මාන්තයේ සේවය කරන අය කොපමන ඉන්නවද? ඒ අයට මෙම කර්මාන්තයේ යෙදීමට අවස්ථාවක් ලබාදීම රජයේ වගකීමයි. මොකද පසුගිය අවුරුදු 30 ම අපි දිව්වේ විදෙස් වල සේවය කරන ඒ ගොල්ලෝ එවපු සල්ලි වලින්. (නි)

:       0       0

ලලිත් Thursday, 06 June 2013 04:46 PM

ඇහැ ගහන්න දෙයක් නැහැ. එන්න එන්න. ආපු ගමන් බැංකු ණය ඇතුළු වුවමනා හැම පහසුකමක්ම දෙන්නම්කෝ (නි)

:       0       0

පෙරේරා Thursday, 06 June 2013 04:54 PM

ටාර්ස් , ඔය වැඩ දෙකටම හොඳම සුචරිත මාවත.(නදී)

:       0       0

රංජනී Friday, 07 June 2013 01:33 AM

කොහෙත්ම ලංකාවට ගැලපෙන දෙයක් නෙමෙයි.ලංකාවේ අයත් අනිවාර්යන්ම යාවි. පවුල් කඩාකප්පල් වේවි,මිනි මැරුම් , හොරකම් වැඩි වේවි. එංගලන්තේ, ඇමෙරිකාවේ වගේ ලංකාවේ ඕවා කරන්න පුලුවන්ද? (නි)

:       0       0

ජගත් Thursday, 06 June 2013 05:51 PM

අපි මේකට ඉඩ දුන්නේ නැත්නම් එයා තායිලන්තෙට යනවා. මේක හොද අවස්ථාවක්. (නි)

:       0       0

චාමර Friday, 07 June 2013 02:34 AM

මේල්බර්න් වල ක්‍රවුන් කැසිනෝ එක අයිති ජේම්ස් පෙකර්ට. ඒකේ අපේ අයත් වැඩ කරනවා.එයාගේ තාත්තා තමයි වන් ඩේ ක්‍රිකට් ලෝකෙට හඳුන්වලා දුන්නේ. (නි)

:       0       0

පෙරේරා Friday, 07 June 2013 06:29 AM

චාමර, අපෝ ලංකාවේ අය හොඳට ඉගෙනගෙන ඕස්ට්‍රේලියා ගිහිල්ල කැසිනෝ වලද අන්තිමට වැඩ කරන්නේ? (නි)

:       0       0

මුහන්දිරම් Thursday, 06 June 2013 06:41 PM

බෞද්ධ තායිලන්තය ගණිකා වෘත්තියට, අපේ රට කැසිනෝ වලට.(නදී)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 06 June 2013 07:04 PM

හොඳ යෝජනාවක්, මේ ආයෝජනය කෙසේ හෝ අපේ රටට ලබා ගත යුතුය. නමුත් කිසිම 'ශ්‍රී ලංකා පුරවැසියෙකුට' මෙහි සූදු කෙලීමට ඉඩ නොදීමට වාරණ පැනවිය යුතුය. එවිට 'ලාස් වෙගාස්'' වලට මෙන් පිටරැටියන් බහුලව පැමිණ සූදු කෙළියි.(නදී)

:       0       0

ද සිල්වා Friday, 07 June 2013 02:02 PM

ලංකාවේ සුරාබදු බලපත්‍ර දෙනකොට සංචාර හෝටල් සහ ආපන ශාලා වලට අඩු මිලකට විදේශිකයන්ට පමණක් මත්පැන් විකිණිය හැකි සුරබලපත්‍ර ක්‍රමයකුත් හදුන්වා දෙන්න. එතකොට එමගින් බදු මුදලක් ලැබෙන අතර අපගේ සංස්කෘතියට සහ සමාජයට ප්‍රශ්න ඇති නොවෙන අතර සුළු පරිමාණ සංචාරක හෝටල් හිමියාට තමන්ගේ ව්‍යාපාර කරගෙන යා හැක. මේ වැනි ක්‍රම ඩුබායි වැනි රටවල ක්‍රියාත්මකයි (නි)

:       0       0

මොහමඩ්2 Friday, 07 June 2013 09:17 AM

අද අපේ රටට අත්‍යවශ්‍යය දෙයක්. දැන් කැසිනෝ,ගණිකා ශාලා රටේ මහා පරිමාණයෙන් පටන්ගන්න අවශ්‍යයි. එය කාලීන අවශ්‍යතාවයක්. හැකි ඉක්මනට ජේම්ස් පැකර්ව ගෙන්නලා කැසිනෝ පටන්ගන්න. අපේ ඇමතිලගේ සල්ලි වලට වැඩක් නැතුව පුස්කනවා. කැසිනෝ, නලගණන් සතුටු කිරීම අති සුඛෝපබෝගී මත්පැන් ,බීම, මත්ද්‍රව්‍ය මේ සැමදෙයක්ම තව අවුරුදු දහයක් යාමට මත්තෙන් මගේ නිජ භූමිය ස්වයංපෝෂිත කරනවා (නි)

:       0       0

ද සිල්වා Thursday, 06 June 2013 02:48 PM

ලොකු ලොකු සමාගම් සහ ආයෝජකයන්ට නම් කතාකරල උදවු කරන්නේ. සුළුපරිමාණ දේශීය ව්‍යාපාරිකයන්ට තමයි හැම බාදාවක්ම. සංචාරක ව්‍යාපාරයෙන් රටට නිසි පල ලබාගන්න නම් විදෙශිය ධන කුවෙරයන්ට සහ මහා පරිමාණ හෝටල් සමාගම් වලට විතරක් නොවෙයි සුළු පරිමාණ දේශීය ව්‍යාපාරිකයන් ටත් පහසුකම් සැලසිය යුතුයි. , ලොකු සමාගම් සල්ලි හම්බකරගෙන පිට රට ගෙනයාවී.(නදී)

:       0       0

චතුල වෙරෝනා Thursday, 06 June 2013 03:01 PM

සේනාව විරුද්ධ පාටක් පේන්නෙ නෑ ඒක හන්ද පටන් ගමු.(ස)

:       0       0

උපාලි Friday, 07 June 2013 09:47 AM

සමන් ප්‍රදීප කියන දේ හරි. ජේම්ස් පැකර්ට තරු පේන්නෙ අපේ ජනාධිපති තුමා මිනිහව ගෙන්නලා 'අපේ රට වනසන්න ආවද මෙතන' කියල එලෝලා දාපුවාමයි. (නදී)

:       0       0

කමල් Thursday, 06 June 2013 03:07 PM

සූදු කෙලින්නන් ලෙස සදහන් කිරීම හෙළා දකිමි. සූදු කර්මාන්තය යනුවෙන් නම් කරන්න. පසුවට මෙම කර්මාන්තයේ දියුණුව උදෙසා බෝධි පුජාවක් වුවත් පැවැත්වීමට කෙනෙකු ඉදරිපත් වීමට හැකියාව ඇතිවේවි.(නදී)

:       0       0

ගාමිණී-සිරි Thursday, 06 June 2013 03:08 PM

ඇමෙරිකාවේ ලාස්වේගාස් කියපුහම සුදු අන්කුරෝ ඉන්නේ. රජයට විශාල බදු මුදල් ලැබෙනවා. සංචාරක කර්මාන්තයේ වර්ධනයක් ගොඩ නැංවීමටත්, රජයට බදු මුදල් ලබා ගැනීමේ මාර්ගයක් වශයෙන් විදේශිකයින්ට පමණක් ඇතුල්විය හැකි නීති මාලාවක් යටතේ කරනවානම් ප්‍රශ්නයක් ඇති නොවේ. දැක්කනේ අපේ සක්විත්තා කරපු වැඩේ. කැසිනෝ ගිහින්.(නදී)

:       0       0

සමන් ප්‍රදීපා Thursday, 06 June 2013 03:14 PM

අපේ ජනාධිපති තුමා ඕවට කැමති නැහැ ,එතුමා හැම තිස්සෙම කියන්නේ සමාජය යහපත් ගුණදර්ම වලින් පෝෂණය කරන්ඩ ඕන කියල ,බලන්ඩ කෝ ඕක විසිවෙලා යනහැටි .එතුමා සුදුවට කැමති නැති කෙනෙක්.(නදී)

:       0       0

මහේෂ් Thursday, 06 June 2013 03:12 PM

මොනයම් ආකාරයකින් වත් අපේ රටේ ඉඩම් 99 අවුරුදු බදු ක්‍රම වලටවත්, කැසිනෝ වලටවත් දීමට කිසිම රජයකට අයිති නැ, මේවා ජනතාවගේ දේවල් මිසක් ඔවුන්ගේ පරම්පරාවලින් ආපු දේවල් නොවේ. රට සංවර්ධන කරන බව පෙන්නා අවුරුදු සිය ගණනකට අපිව ණය කාරයෝ කරලා හමාරයි. ආණ්ඩු පෙරලීමට වඩා අප කල යුත්තේ ඔවුන් යන මාර්ගයට බාධා කර හරි පාරට ගැනීමයි. එක නිසා ජනතා බලවේගයක අවශ්‍යතාවය අද හොදින් දැනේ.(නදී)

:       0       0

කමල් Thursday, 06 June 2013 03:19 PM

ලංකාවට මොනවා වෙයිද දන්නේ (දී)

:       0       0

චන්න Thursday, 06 June 2013 03:34 PM

කිසිම ඉඩක් නම් දෙන්න එපා (දී)

:       0       0

අපෝන්සු Thursday, 06 June 2013 03:39 PM

සමන් ප්‍රදීපා, එහෙයි එහෙයි.(ස)

:       0       0

විජේසිංහ Thursday, 06 June 2013 03:40 PM

හලාල් නැත්නම් අපිට ප්‍රශ්නයක් නැහැ.(නදී)

:       0       0

රත්න Thursday, 06 June 2013 03:46 PM

සාධු, සාධු !!! දැන් හයවෙනි සික්ෂාපදය " කැසිනෝ සරනං ගච්චාමී"(නදී)

:       0       0

සරත් ඩු Friday, 07 June 2013 10:36 AM

අපේ මිනිස්සු වැඩිහරියක් වැදගත්ම දේට නෙමේ පාරට බහින්නේ. (නි)

:       0       0

ඔසී Thursday, 06 June 2013 03:44 PM

ජේම්ස් පැකර් ලේසි පහසු මෝරෙක් නෙමෙයි තල්මස් රජෙක්. මෙයා ගානට සේනාවට ගාන දීලා ඇති. කෑගහන ඕනෑම කෙනෙක්ට ලන්සුවක් තියන්න මෙයා කවම දාකවත් අසමර්ථ වෙලා නැහැ. මෙයා දෙපැත්තටම සලකන්න දන්නා කෙනෙක්. මෙයාගේ නැතිවුණ තාත්ත මෙයාටත් වැඩිය කෙරුමෙක් .(නදී)

:       0       0

ජගත් Thursday, 06 June 2013 03:48 PM

ගාමිනී, ඒහෙනම් "ගණිකා වෘතියත්" නීති ගතකරමුද? ( පලවෙනි වාසනාවන්තිය ඔයාම තෝරන්න ) රජයට ආදායමනේ? (නදී)

:       0       0

ජීවන්ත Thursday, 06 June 2013 03:53 PM

චතුල වෙරෝනා, සේනාවයි, උරුමයයි තමා කලින්ම අත් උස්සලා තියෙන්නේ.(නදී)

:       0       0

හේරත් Friday, 07 June 2013 10:55 AM

ලංකාවට විපත් කරන්න කාටවත් ඉඩ දෙන්න එපා (දී)

:       0       0

ටාර්ස් Thursday, 06 June 2013 04:01 PM

මම මේ නිකමට වගේ කියන්නේ. ද.ර විජේවර්දෙන මාවත කැසිනෝ වලට දීලා , බෞද්දලෝක මාවත ගණිකාවන්ට වෙන් කරමුද.(නදී)

:       0       0

පෙරේරා Thursday, 06 June 2013 04:08 PM

අපිට ඉන්න අය මදිවාටද? (නි)

:       0       0

අනුර Thursday, 06 June 2013 04:05 PM

එන පොට ඒ තරම් හොද නැහැ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනියම් පෙම මරණයෙන් අවසන් වෙයි
2024 සැප්තැම්බර් මස 29 29 0

සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ


අදත් සවස තද වැස්ස
2024 සැප්තැම්බර් මස 29 127 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.


හම්බන්තොට වරාය තුළදී සේවකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 663 0

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද


2023 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 29 458 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 3118 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1723 7

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37993 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25021 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site