දකුණු අප‍්‍රිකාවට එරෙහිව ජනවාරි මස 11 වැනිදා ආරම්භ වන තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා පිල තෝරා ගැනිම සඳහා පැවැති තේරීම් තරග දෙකේදී එක්දින පිල නියෝජනය කළ කෝසල කුලසේකර, තිළිණ තුෂාර මිරැන්ඩෝ සහ මහේල උඩවත්ත කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූහ.
මෙම තරග දෙක පසුගිය 30 සහ 31 දෙදින එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.
පළමු තරගයේදී උපුල් තරංගගේ පිල විසින් කඩුලූ හතරකින් තිළිණ කණ්ඩම්බිගේ පිල ද, දෙවැනි තරගයේදී චාමර කපුගෙදරගේ පිල විසින් කඩුලූ 8 කින් උපුල් තරංගගේ පිල ද පරාජය කරන ලදී.
පළමු තරගයේදී කණ්ඩම්බිගේ පිල වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ කෝසල කුලසේකර පන්දු 81 කදී ලකුණු 90 ක් රැස්කිරීමට සමත් විය.
දෙවැනි තරගයේදී වමතින් වේග පන්දු යවන තිළිණ තුෂාර මිරැන්ඩෝ දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් කඩුලූ 4ක් බිඳ හෙළිමට ද, ආරම්භක පිතිකරු මහේල උඩවත්ත ලකුණු 74 ක් රැස්කිරීමට ද සමත් වූහ.
දෙවැනි තරගය
උපුල් තරංගගේ පිල ඕවර 36.1 කදී 130 (සචිත‍්‍ර සේනානායක 31, සමීර සොයිසා 15, තිලිණ තුෂාර මිරැන්ඩෝ 33/4, නුවන් කුලසේකර 16/2)
චාමර කපුගෙදරගේ පිල ඕවර 18 කදී කඩුලූ 2 ට 131 (මහේල උඩවත්ත 74, ඩිල්ෂාන් මුණවීර 24, භානුක රාජපක්‍ෂ නොදැවී 18, මාලිංග බණ්ඩාර 26/2)
පළමු තරගය
තිළිණ කණ්ඩම්බිගේ පිල ඕවර 47.2 කදී සියලූ දෙනා දැවී 183 (කෝසල කුලසේකර 90, තිළිණ කණ්ඩම්බි 33, සුරාජ් රන්දීව් 13, ලසිත් මාලිංග 12, ශාමින්ද එරංග 41/2, තරංග ලක්‍ෂිත 44/3, ෆර්විස් මහරුෆ් 25/2, සචිත‍්‍ර සේනානායක 32/2)
උපුල් තරංගගේ පිල ඕවර 41.3 කදී කඩුලූ 6 ට 184 (ධනුෂ්ක ගුණතිලක 45, උපුල් තරංග 34, ඇන්ජලෝ පෙරේරා 24, සමීර සොයිසා නොදැවී 22, සුරාජ් රන්දීව් 18/2, කෞෂල්‍ය ලොකුආරච්චි 25/2)
මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර
ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය
අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම
පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය
පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත
සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කෝසල (90)-මිරැන්ඩෝ (33/4)-උඩවත්ත (74) එක්දින පිල තේරීමේ තරගවලදී දස්කම් දක්වති