(යොහාන් භාසුර)
එංගලන්තයේ තරග සංචාරයක් අතරතුරදී විනය විරෝධීව හැසිරීමේ චෝදනාවට වැරදිකරුවන් වීමෙන් තහනමකට ලක්ව සිටින ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාගේ තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව අද (7) පස්වරුවේ තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසීය.
ශ්‍රී ලංකා පිලේ හිටපු උප නායක කුසල් මෙන්ඩිස්, තුන් ඉරියව් ක්‍රීඩක, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සහ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල මෙසේ වසර ජාත්‍යන්තර ක්‍රිකට් තහනමකට සහ රුපියල් කෝටිය බැගින් වන දඩයකට යටත්ව සිටියහ.
ක්‍රීඩකයන් තිදෙනාගේ ඉල්ලීමක් සහ වෛද්‍යවරු ලබාදුන් වාරතා සළකා බලමින් මෙම තීරණයට එළඹි බව කී මොහාන් මහතා ඔවුන් නියමිත ශාරීරික යෝග්‍යතාවයෙන් පසු වන්නේ නම් එළඹෙන සිම්බාබ්වේ සංචාරයේ සිට කණ්ඩායමට පැමිණීමේ අවස්ථාව ඔවුන්ට ඇති බව ද සඳහන් කළේය.
ඔවුන් දඩ මුදල සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් බව ද මොහාන් ද සිල්වා මහතා වැඩි දුරටත් කීය.
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්යක්ෂ සහකාර පොලිස් අධි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24) දහවල් වතිකාන තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ සි
ලැගුම්හලකදී කාන්තාවක මරා ගමන් මල්ලක දමාගෙන විත් කොළඹ බැස්ටියෙන් පාරේ බස් නැවතුම්පොලේ දමා යෑමේ චෝදනාවන්ට වරදකරුවු පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කුසල්, ධනුෂ්ක, දික්වැල්ල නැවතත් පිටියට
මහසෙන් Friday, 07 January 2022 05:47 PM
එක රටක් එක නීතීයක් තිතටම රට තුළ ක්‍රියාත්මක වෙන කාලයක ක්‍රිකට් ආයතනයෙන් මෙහෙම දෙයක් නොකලා නම් තමයි පුදුමේ. භානුකට යන්න පාර කැපුවේ මෙන්න මේ හේතුව නිසා. හැමදේම නන්නත්තාර වෙලා තියෙන රටක ක්‍රිකට් විතරක් ඒකෙන් බේරෙන්නේ කොහොමද?
RaveendraSaturday, 08 January 2022 06:13 AM
විනයක් නැති "රිලවුන්ට'''... ඉනිමං තිබ්බේ මොන රිලවුන්ද... විනයක් නැති පාලන රිලවුන්ටද... නැති විනයක් කුමකට මහා රිලවුන්ට...
RaveendraSaturday, 08 January 2022 06:44 AM
විනයක් නැති සමාජයක් බිහිවන්න... දේශපාලුවන් ඍජු දායකයන් නොවේද... වනචාරී ක්‍රිකට් පාලන මණ්ඩලයෙන්ද... වනචාරීන්ට උදව් කළා නොවේද...?
Prabha Friday, 07 January 2022 05:51 PM
කෙළින් තනි තීරණ ගන්න බැරි බව ලාංකික අනන්‍යතාවයද?
ravin Friday, 07 January 2022 05:52 PM
මෙම ක්‍රීඩකයින් හා මා අතර කිසිම පුද්ගලික අමනාපයක් නැත. විනයක් නැති රටක විනයක් තියෙන ක්‍රීඩාවක් ගැන හීන මැවිය යුතුවේ..
RaveendraSaturday, 08 January 2022 06:32 AM
ඔබගේ අදහස් "200%" නිවැරදියි.. විනයක් නැති තැන දියුණුවක්ද නැත. දිව්‍ය ලෝකේ වුවද විනයක් නොමැති නම් එය අපායක් වීම වැළැක්විය නොහැක. රටේ සිටින දේශපාලුවන් මෙන්ම ක්‍රීඩා පාලන අධිකාරියේත් සිටින්නේ වනචාරයින් නම් ක්‍රීඩකයින්ගෙන් විනීතකම බලාපොරොත්තුවීම හාස්‍යයකි. මෙම අදහස් පට්ටියේ සිටින 226ට මෙන්ම ක්‍රිකට් ආයතනයේ සියලුම අයට වෙනසකින් තොරව කියවීමට හැකි වේවා...!!!
PRIYANTHA Friday, 07 January 2022 05:55 PM
භානුක රාජපක්ෂ යනවා. කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල එනවා...
RaveendraSaturday, 08 January 2022 06:37 AM
ක්‍රිකට් වසන්තය පැමිණියා කියලා හිතුවාට, දවල් හීනයක් බව දැන් වැටහෙනවද...? වනචාරයින් සිටිනා තැන පමණක් ඇත වසන්තය....
Rexi Friday, 07 January 2022 06:53 PM
ලැජ්ජයි, ඒ වගේම දුකයි. මේකෙ පුදුම වෙන්න දේකුත් නෙමෙයි. මේකයි අපේ රටේ හැටි. අද BBC පුවත්වල තියෙනවා හොංකොංවල පාටි දාපු රජයේ ඉහළ නිලධාරීන් සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන අයව නිරෝධායනය කරන්න යවලා කියලා. ඒකයි නීතිය සහ විනය රැකීම කියන්නේ. හැබැයි එහෙම දෙයක් ලංකාවේ වුණා නම් කොහොමට හිටීද?
gagana Friday, 07 January 2022 09:40 PM
භානුකට අවුරුදු 10ක් ඔහුට හිමිතැන නැතිවීමට හේතු වූවන්, වෙන පාරකින් නැවත මළගමේ කනත්ත පාරට ක්‍රිකට් අවමංගල රථය`පදවාගෙන යාමට කැඳවා ඇති වගයි.
Kumara Friday, 07 January 2022 10:41 PM
මේ රට සුද්දන්ටම යන්ඩ ඕනේ.
Mahesh Friday, 07 January 2022 11:34 PM
ඒ උනාට කොහොමද නාමල්ගේ පඬි ටෝක්.
Kumar (Gulf) Friday, 07 January 2022 11:38 PM
ආයේ ක්‍රිකට් ඉවරයි. යන්තම් ගොඩ ආගෙන ආවා, දැන් ආයෙමත් වලේ තමයි.
Jay Saturday, 08 January 2022 02:42 AM
මෙයද නීතිය. ඉදිරි තරග සියල්ල අන්ත පරාජ බලාපොරොත්තු විය හැක. මේ රටේ ක්‍රිකට් ගහන්න පුළුවන් වෙන කවුරුත් ඇත්තට නැද්ද
DM Saturday, 08 January 2022 03:13 AM
ගහන, ගහන ගැසට් එකත් රිවර්ස් වෙන එකේ මේක පුදුමයක් නෙවෙයි...
Chaminda Saturday, 08 January 2022 03:34 AM
ඉතාමත් හොඳ තීරණයක්... ඔවුන් අපරාධකරුවන් නොව යම් විනය විරෝධී කටයුතු වල නිරතවී දඬුවම් ලැබ එහි යම් කාලයක් ගතකරන ලද තිදෙනෙක්. දඬුවම සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වුණා නම් බොහෝවිට ඔවුන්ගේ ක්‍රිකට් ජීවිතයම හමාරවීමට ඉඩ තිබිණි. ඔවුන්ගේ වයස අනුව මේ ක්‍රීඩා කළහැකි හොඳම කාලය නිසා. වෙනත් හේතුවකට එවැන්නක් කුසල් මෙන්ඩිස්ට සිදුවිය. දඬුවම් මුදල ගෙවා යම් කාලයක් ගතකොට සිටින ඔවුන්ගෙන් සමහරක් පසුගිය LPL වල හොඳින් ක්‍රීඩාකරන ලදී. ඔවුන් නැවතත් එවන් විනය විරෝධී වැඩක යෙදීමට බොහෝවිට ඉඩ නැත. දඬුවමකින් බලාපොරොත්තුවන දෙයකි.
Raveendra Saturday, 08 January 2022 06:19 AM
බෝලෙන් බෝලෙට ආගමට නිගාකරන... තරගයෙන් තරගයට බින්දුම එකතු කරන... ක්ලබ්වල IRC ලෙසින් හැසිරෙන්නන් කුමකටද රටට..?
Raveendra Saturday, 08 January 2022 06:24 AM
අතීතයේ පච්චා කෙටුවේ IRC කාරයින්ය... වර්තමානයෙත් පච්චා කොටන්නෙත් ඔවුන් නේද...? පච්චා කෙටූ පමණින් "හැන්සම්" වෙනවාද...? චිම්පන්සින්, ගෝරිල්ලන් සිහිවෙනවා නොවේද?
de silva Saturday, 08 January 2022 07:27 AM
මේ විෂබීජ ටික ඉවත් වුණු නිසා පසුගිය කාලේ නවකයින්ගෙන් පිරුණු ක්‍රිකට් කණ්ඩායම නැවත දක්ෂතා පෙන්වන්න පටන් ගත්තා. අපේ 19න් පහළ කණ්ඩායමත් දක්ෂතා පෙන්වනවා. ඔවුන්ට යම්කිසි අවස්ථාවක් දෙන එක සුදුසු බව මගේ අදහසය... මොවුන් නැවත ගත්තොත් විනය පිරිහිලා දිගුකාලීන සැලසුම් සියල්ල විනාශ වෙනවා.
Bunny Preena Saturday, 08 January 2022 09:15 AM
රටක් නියෝජනය කරන ජාත්‍යන්තර ක්‍රීඩකයෝ වගකීමක් සහ හොඳ සංවරයක් ඇතිව හැසිරෙන්න ඕනේ. මොකද ජාත්‍යන්තරේ කැමරා ඇස නිතරම ඔවුන් පසුපස හඹායන නිසා, පොඩි අඩුපාඩුවක් සිදුවුණත් එය ප්‍රචාරය වීමෙන්, දැඩි විවේචනයට ලක්වීමෙන් ක්‍රීඩකයාට, රටේ කීර්ති නාමයට සහ ක්‍රීඩාවට කැළලක් ගෙන දෙන නිසා... මොකද හැම දේටම වඩා විනය අංක 01ට තියෙන්න ඕනේ...
ranabahu Sunday, 09 January 2022 09:50 PM
ශ්‍රීලංකා ක්‍රිකට් නැවතත් වලපල්ලට.