ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා තහනම් උත්තේජක ගත් බවට වූ ව්‍යාජ චෝදනා තහවුරු කරමින් වාර්තා ලබාදුන් දෝහා කටාර්හි රසායනාගාරය තහනම් කිරීමට ලෝක තහනම් උත්තේජක නිවාරණ ඒජන්සිය (වාඩා) තීරණය කර ඇත.
එම රාසායනාගාරයේ කටයුතු මාස හතරකට තහනම් කර ඇති අතර මේ පිළිබඳ ලොව පුරා ක්‍රීඩා සංගම්, ඔලිම්පික් කමිටු ආදිය දැනුවත් කිරීමටද කටයුතු කර ඇති බව කියති.
දැනට එම රසායනාගාරයට යොමු කර ඇති ක්‍රීඩකයන්ගේ ලේ හා මූත්‍රා සාම්පල වහාම ක්‍රියාත්මක වන පරිදි ලෝක තහනම් උත්තේජක නිවාරණ ඒජන්සිය අනුමත කළ රසායනාගාරයකට සුරක්ෂිතව බාර දෙන ලෙසද නියෝග කැර ඇත.
පාකිස්තාන තරගාවලියකින් පසු කුසල් ජනිත් පෙරේරාගේ මූත්‍රා සාම්පල පරීක්ෂා කර තහනම් උත්තේජක ගත් බවට එම රසායනාගාරය නිර්දේශ කිරීම හේතුවෙන් ඔහුට ජාත්‍යන්තර තරග තහනමක් පැනවුණු අතර ඒ හේතුවෙන් විස්සයි විස්ස ලෝක කුසලානයද ඔහුට අහිමි විය.
ජගත් ක්‍රිකට් කවුන්සිලය ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වන්දියක් ලබාදීමටද පසුගියදා තීන්දු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවයේ හුඟක් ඉන්නේ ඉන්දියන්කාරයෝ. එයාල එයාලගේ රටේ කට්ටියට සපෝර්ට් කරන අතර අනිත් කට්ටියට කැපිල්ල දානවා. කටාර් පුරවැසියන් ඔය වැඩ කරන්නේ නැහැ. ඔවුන් සාධාරණයි කාහටත්. (නි)
ඔය අරාබි රටවල ඉන්න අය ඔය ටෙක්නික් ගැන දන්නේ නැහැ. කවුරුහරි කියලා දුන්න දෙයක් කරනවා මිසක්. (නි)
අපි රටක් විදියට ක්‍රිකට් ක්‍රීඩාව තුළින් ලෝකයේ නමක් දිනාගෙන එය පවත්වාගෙන යමින් සිටින රටක්. එහෙනම් අපට පුලුවන්වෙන්න ඕනෑ ඔය කියන පර්යේෂණ කරන ආයතන අපේ රටේ ස්ථාපනය කරලා, යම් දවසක අපේ ක්‍රීඩකයකුට අසාධාරණ චෝදනාවක් අවොත්, ඒ පිළිබදව රට අභ්‍යන්තරයෙනුත් මුලික පරීක්ෂණයක් කරන්න. මම මෙහෙම කියන්නේ ඉස්සර මුරලිව විනාශ කරන්න කරපු දේවල් රටක් විදියට අපට අමතක වෙන්න විදියක් නැහැ. (නි)