අන්තර් සමාජ ප‍්‍රධානතම ලීග් පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීම සඳහා රත්නම් කී‍්‍රඩා සමාජයට තවත් කඩඉමක් පසු කිරීමට සිදුව තිබේ. ඒ තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට නම් පිළිමළුන් පිටුදැකීමේ වටය ද ඔවුන්ට ජය ගැනීමට සිදුව තිබීමයි.
පිළිමළුන් පිටුදැකීමේ වටය මේ වසරේ පටන් යළිත් පැවැත්වීමට පාපන්දු සම්මේලනය තීරණය කර ඇත්තේ අනුග‍්‍රාහකයන්ගේ ඉල්ලීමක් පරිදිය. ඒ අනුව ලබන මාර්තු 4 සහ 10 යන දිනවල එම තරග වටය පැවැත්වෙන අතර මෙවර තරගාවලියේ ශූරයන් නිල වශයෙන් තීරණය කරන අවසන් මහ තරගය ලබන මාර්තු 18 වැනිදා ද පැවැත්වීමට තීරණය කර තිබේ.
පසුගිය වසරේ තරගාවලියේ තෙවැනි ස්ථානය ලද රත්නම් කී‍්‍රඩා සමාජය තරග 132 කින් සමන්විතව පැවැති ලීග් තරගාවලියේ ජයග‍්‍රාහකයා බවට පත්වීමට සමත්ව සිටියි.
ගියවර ලීග් ශූරතාව දිනාගත් මීගමුව දොන් බොස්කෝ කණ්ඩායම වෙවර සිවුවැනි තැනට පසුබැස සිටියත් ඔවුන්ට ද මෙවර තරගාවලියේ ශූරතාව දිනා ගැනීමේ තවත් අවස්ථාවක් උදාවී තිබෙන්නේ පිළිමළුන් පිටුදැකීමේ තරග වටයෙන් ඔවුන්ට මේ පිළිබඳව සිතන්නට තවත් අවස්ථාවක් ඉතිරිව තිබෙන බැවිනි.
මෙවර නාවික හමුදා කණ්ඩායමේ නැගී සිටීම කැපී පෙනෙන්නේ වසර කීපයකට පසු පළමු වතාවට තරගාවලියට සහභාගිව සිටින බැවිනි. එහෙත් පොලිස් කී‍්‍රඩා සමාජයට ප‍්‍රතිඵල ගැන සතුටු විය නොහැකිය. ඒ ගිය වර සිවුවැනි ස්ථානයට තරගාවලිය නිමා කළ ඔවුන් මෙවර හත් වැනි තැනට පසුබා සිටින බැවිනි.
මේ අන්තර් ”ජාවා ලේන්” හා ”නන්දිමිත‍්‍ර” යන කී‍්‍රඩා සමාජවලට ලබන වසරේ තරගාවලිය නියෝජනය කිරීමේ අවස්ථාව අහිමි වේ. ඒ මෙවර ඔවුන් අවසන් ස්ථාන දෙකට පත්වූ බැවිනි. ඒ තැන ලබන වසරේ දී අන්තර් සමාජ ප‍්‍රධානතම පළමු පෙළ තරගාවලියේ ශූරයන් හා අනුශූරයන් බවට පත් වෙන කළුතර පාක් හා මීගමුව යූත් යන කී‍්‍රඩා සමාජවලට හිමිවෙයි.
ඒ අනුව එම කී‍්‍රඩා සමාජ යළිත් වරක් ප‍්‍රධානතම තරගාවලිය නියෝජනය කිරීමේ අවස්ථාව උදා කර ගැනීමට සමත් වීම කැපී පෙනේ. ජවා ලේන් පිල තරග 22 ක දී ජය ගෙන ඇත්තේ දෙකක් පමණි. නන්දිමිත‍්‍ර පිල තරග තුනක් ජය ගෙන තිබේ.
පසුගිය වසරේ තරගාවලියට සමගාමීව මෙවර තරගාවලියේ දී රිනවුන් කණ්ඩායම ද ඉදිරියට පැමිණ තිබෙන අතර ගුවන් හමුදා කණ්ඩායම මෙවරත් ප‍්‍රසාද ලකුණු සටහනේ හය වැනි ස්ථානයේ රැුදී සිටියි.
එහෙත් කළුතර බ්ලූ ස්ටාර්, සෝන්ඩර්ස්, වෙන්නප්පුව නිව් යංග්ස් යන කී‍්‍රඩා සමාජ ද පසුගිය තරගවලියට සමගාමීව මෙවර ලබා ඇත්තේ පසුබෑමකි.
තරග ප‍්‍රතිඵල
* කලූතර බ්ලූ ස්ටාර්ස් පිල විසින් පොලිස් පිල පරාජය කරන ලදී (1-0)
* මීගමුව දොන් බොස්කෝ පිල විසින් රිනවුන් පිල පරාජය කරන ලදී (2-1)
* රත්නම් පිල විසින් ගුවන් හමුදා පිල පරාජය කරන ලදී (3-0)
* වෙන්නප්පුව නිව් යංග් පිල හා යුද හමුදා පිල අතර තරගය ජය පැරදුමෙන් තොරයි (3-3)
* නාවික හමුදා පිල විසින් නන්දිමිත‍්‍ර පිල පරාජය කරන ලදී (2-1)
* සෝන්ඩර්ස් පිල හා ජාවා ලේන් පිල අතර තරගය ජය පැරදුමෙන් තොරයි (0-0)
පිළිමළුන් පිටුදැකීමේ තරග වටය පැවැත්වෙන අයුරු
* මාර්තු 4: පස්වරු 3.30ට යුද හමුදාවxනාවික හමුදාව අතර සිටි ලීග් පිටියේදී.
* මාර්තු 10: පස්වරු 3.30ට රත්නම් හා මීගමුව දොන් බොස්කෝ අතර සිටි ලීග් පිටියේදී.
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කුසලාන දිනන්න රත්නම් පිලට දොන් බොස්කෝ පිලෙන් අභියෝගයක්