IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


කිසිවෙකු කොපි නොකර අවුරුදු විස්සක් ආපු දුර ගැන අපිට දැනෙන්නෙ ලොකු සතුටක්

2016-11-22-ent-12

සහරා ප්ලෑෂ් සංගීත කණ්ඩායම පටන් ගෙන අද වනවිට අවුරුදු විස්සක් සපිරෙයි. විසි වැනි විය සපුරන ඔවුන් වන විට සිය ගමන් මගේ කඩඉම් බොහොමයක් පසුකරලාය. කුරුණෑගල මාලිගාපිටියේ පැවති ෂා එෆ් එම් දැවැන්ත සංගීත රාත්‍රියේද හිමිකරුය. ඔවුන් මෙතෙක් ආගමන්මග ගැන කතාබස් කරනට අපි සහරා ප්ලෑෂ් සංගීත කණ්ඩායමේ නායක ප්‍රදීප් කේ අදට සම්බන්ධ කර ගතිමු.

 

සපිරෙන විසිවස

2016-11-22-ent-13සහරා ප්ලෑෂ් සංගීත කණ්ඩායම පටන් අරන් මේ 19 වැනිදාට අවුරුදු 20 ක් සපිරෙනවා. ලංකාවෙ නම් අපි පටන් ගෙන අවුරුදු 7 ක් වගේ කෙටි කාලයක්. ඩුබායිවල තමයි අපි මූලිකව සංගීත කණ්ඩායම ආරම්භ කළේ. මැද පෙරදිග යුරෝපයේ සංචාරය කළා. එමෙන්ම ලංකාවෙ ඉන්න සියලුම ගායක ගායිකාවන්ට ඩුබායි රටේදී සංගීතය සපයපු එකම සංගීත කණ්ඩායම තමයි සහරා ප්ලෑෂ් අපි. මෙය පටන් ගත්තෙ විනෝදාංශයක් විදයට. අන්තිමට මේක මගේ රස්සාව වෙලා. කෙසේ වෙතත් අවුරුදු 12 ක් විතර ඩුබායි රටේ සිටියදී හිටිය වාදකයන්ගෙන් බේස් ගිටාර් වාදකයා හැර අන් කිසිවෙක් කණ්ඩායමේ දැන් නෑ. රැකියාව කරන අතරතුර තමයි මේ දේවල් කළේ.

රස්සාව ඉවරවෙලා ලංකාවට එන නිසා බොහෝ වාදකයන් වෙනස් වුණා. ඒ වගේම සංගීත කණ්ඩායම පටන් ගත්තෙ ලංකාවෙ සේවය කරන පිරිසට විනෝදාස්වාදයක් ලබා දෙන්නයි. කණ්ඩායම පටන් ගෙන සියලුම සංගීත ශිල්පීන් එහෙට ගෙන්නලා අපිට සංගීතය සපයන්න අවස්ථාව ලැබුණා. එහි වසර ගාණක්හිටපු නිසා ලංකාවට ඇවිත් අවුරුදු 07 ක කෙටි කාලයක් තුළ අපිට උත්සාහ කරලා උපරිම තැනකට එන්න අවස්ථාව ලැබුණා කියා හිතනවා.

 

සංගීත කණ්ඩායමේ සුවිශේෂතා

ලංකාවට ආවට පසුවත් වාදකයන් කිහිපදෙනක් වෙනස් වුණාට මේ කාලෙ වෙනකොට අපි යම්කිසි ස්ථාවරයකට පැමිණ තිබෙනවා. එයට හේතුව තමයි මගේ වාදක ශිල්පීන් හා ගායකයන් අති දක්ෂයි. සියලු දෙනාටම වගේ ගීත ගායනා කරන්න පුළුවන්. එයතමයි විශේෂම හැකියාව. බේස් ගිටාර් වාදක ශිල්පියා සහ රිදම් ගිටාර් වාදක ශිල්පියා ගැන මට හැඟෙන්නේ ස්වර ප්‍රස්තාර බලන්නැතුව වාදනය කරන ශිල්පීන් දෙන්නා ඉන්නෙ මගේ සංගීත කණ්ඩායමේ . මොනම ගායකයෙක් ආවත් කිසිම ස්වර ප්‍රස්තාරයක් බලන්නෙ නැතුව තමයි කනේ හුරුවට තමයි සංගීතය සපයන්නෙ. මෙය මම කියනවට වඩා සංගීත ප්‍රසංග බලන අපේ රසික රසිකාවියො එය දකිනවැති.

එවැනි ශිල්පීන් සිටින විට මට අනෙත් ශිල්පීන් හසුරුවාගෙන ගමන යන්න ලේසියි. එමෙන්ම මට ලැබී තිබෙන ශිල්පීන් හරිම එකමුතුයි. ඒ එකමුතුකමත් සමග තමයි අපි ඉදිරියට යන්නෙ.

ලංකාවෙ තිබෙන සියලුම මාධ්‍යවල අපි වැඩ සටහන් කරල තිබෙනවා. ඉදිරියේදී තිබෙනවා ලංකාවෙ තිබෙන දැවැන්තම ප්‍රාසාංගික අත්දැකීම වුණු ෂා නන්ස්ටොප් නයිට් එක කුරූණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගණයේදී හෙට (19 දා) පැවැත්වෙනවා. එය අපිට මෙතෙක් ලැබුණු සජීවි ප්‍රසංගවලින් වැදගත්ම ප්‍රසංගය ලෙස හඳුන්වන්න පුළුවන්. එමෙන්ම අපි ස්වර්ණවාහිනියේ හද රැඳි පැය වැඩසටහනට කිහිපවතාවක් සම්බන්ධ වෙලා තිබෙනවා. එමෙන්ම මෑතකාලෙදි ෂා එෆ් එම් මගින් නන්ස්ටොප් රැල්ලක් හැදුණා. එයින් ගොඩක් දුරට රසික රසිකාවියො අපව වැලඳ ගත්තා. එය තමයි අපි ගායනා කරන සියලුම නන්ස්ටොප් කිසිදු ගායක ගායිකාවකට හානියක් නොවෙන්න සහ විශේෂයෙන්ම ගායකයාගේ හඬට හානි නොවෙන්න තමයි අපි ගීත ගායනා කරල තිබෙන්නෙ. ගොඩක් රසික රසිකාවියෝ මෑත කාලෙදි අපිට ආදරේ කරන්න ගත්තෙ ඒ නිසයි. එය අප ලද සුවිසල් ජයග්‍රහණයක්.

 

ලංකාවෙ කණ්ඩායම් සංගීතය තිබෙන තැන

ලංකාවෙ කණ්ඩායම් සංගීතය ගත්තොත් බෙහෝ කණ්ඩායම් ඒකාකාරී හැඩයක් ගන්නෙ. සමහර සංගීත කණ්ඩායම් අනෙකාව කොපි කරල තමයි ඉදිරියට එන්න හදන්නෙ. තමන්ගෙ කියල අනන්‍යතාවක් හදාගන්න පුළුවන් ඕනම සංගීත කණ්ඩායමකට. එහෙම අනන්‍යතාවක් හදාගත්තෙ නැත්තම් ඉදිරි ගමනක් නෑ. අනන්‍යතාව හදාගෙන ඉදිරි ගමනක් යන එක තමයි හොඳම දේ. ප්‍රසංග බලන්න එන අයට හැමදාම අහන්න ලැබෙන්නෙ එකම සින්දු ටික.

හැමදාම රසිකයන්ට වෙනස් දෙයක් දෙන්න ඕන. රසිකයො වැළඳ ගන්නෙ අපි වෙනස් දේවල් කරනකොට. සංගීත කණ්ඩායම් කිහිපයක් හැර අනෙත් සංගීත කණ්ඩායම්වල තිබෙන්නෙ ඒකාකාරී තත්ත්වයක්. එයට රසිකයන් කැමති නෑ. හැම සංගීත කණ්ඩායමක් සහ සංගීත ශිල්පියෙක්ම දැනගන්න ඕන තමන් සේවය කරන සංගීත කණ්ඩායමේ අදහස් ගලපගෙන වෙනස් ගමනක් යන්න. එකම සංගීත කණ්ඩායමක් පස්සෙන් ගිහිල්ලවත් එකම සංගීත කණ්ඩායමක් අනුගමනය කරන්නවත් කිසිම කෙනෙකුට අවශය වෙන්නෑ. තම තමන්ට තිබෙන හැකියාව වෙනස්. තමතමන්ගේ දක්ෂතාව වෙනස්. ඒවා ඔප මට්ටම් කරගෙන වෙනස් දෙයක් කරන්න ඕනෑම සංගීත කණ්ඩායමකට හෝ සංගීත ශිල්පියෙකුට පුළුවන්.

මේ දේවල් කළොත් ඔය තිබෙන ඒකාකාරිත්වය වෙනස් කරන්න පුළුවන්. අපි ආපු ගමනෙදි කිසිම සංගීත කණ්ඩායමක් අනුකරණය කළේ නෑ. අනුකරණය කළා නම් අපිට මීට කලින් උඩට එන්න තිබුණා. මොකද උත්සාහ කරන්න දෙයක් නෑනෙ. කාගෙහරි කොපියක් කරගෙන එන එකනෙ. නමුත් අපි උත්සාහ කළේ හැමවිටම අපේ දෙයක් කරන්න. නමුත් ගොඩක් කල් ගියා අපිට මේ ගමන එන්න. නමුත් අපි තව දුර යා යුතුයි. එහිදී ගොඩක් වෙනස්කම් රැසක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. නමුත් දැනට ලංකාවට ඇවිත් හදාගත්ත දුර ගමන ගැන හුඟක් සතුටුයි.

 

අපිට වටින්නෙ රසිකයෝ

අපි කොච්චර ප්‍රසංගවලට ගියත් අපිට රසිකයො තමයි වටින්නෙ. රසිකයන්ගේ සිත්තුළ යම්කිසි ආකර්ෂණයක් ඇති කරන්න පුළුවන් වෙන්නෙ. සංගීතය බලන්න එන රසික රසිකාවියන්ව පිනවන එක තමයි අපේ යුතුකම. ඔවුන් අපිව වැළඳගන්න තාක් කල් අපිට මෙහි රැඳී ඉන්න පුළුවන්. ඔවුන් අපිව වැළඳ ගත්තෙ නැත්තම් හිටපු තත්ත්වය නැතිවෙනවා. එනිසා අපි හැම වෙලාවෙම ඕනෑම කෙනෙකුට කියන දේ තමයි රසික රසිකාවියන්ව ආරක්ෂා කරගන්න ඕන. ඔවුන් ආරක්ෂා කරගන්නවා කියන්නෙ ඔවුන්ට අවශය වින්දනය ලබාදීමයි. එය හැමෝම තේරුම් අරගෙන කළොත් හැමදාම මේ ගමන රඳා පවත්වගන්න පුළුවන්. එමෙන්ම විශේෂයෙන්ම කියන්න ඕන අපිට ඩුබායි සංගීත කණ්ඩායම පටන්ගත්ත කාලෙ ඉඳල මගේ සංගීත කණ්ඩායමේ ඉඳපු සියලුම සාමාජිකයන්ට මෙන්ම දෙමාපියන්ට මිතුරන්ට මෙන්ම සියලුම මාධ්‍යවලටත් ස්තුතිවන්ත වෙනවා. මෙය විනෝදාංශයකට පටන් ගත්තට අද මගේ ජීවනෝපාය වෙලා තියෙන්නෙ මේක.

අපි තමයි වාසනාවන්ත සංගීත කණ්ඩායම කිව්වොත් නිවැරදියි කියල හිතනවා. ඒ තමයි අග්‍රගණ්‍යම සංගීතවේදියා වුණු පණ්ඩිත් අමරදේවයන් අභාවයට පත්වුණා. එතුමාගේ වියෝවත් එක්ක දුක්වෙනවා වගේම සංගීත කණ්ඩායමක් වශයෙන් සතුටු වෙනවා අපිට අවසාන මොහොතේ හෝ එතුමා ළඟට ගිහින් සුහදව සාකච්ඡා කරන්න එතුමා අපිට අවස්ථාවක් ලබා දුන්නා. ලංකාවේ සජීවි සංගීත කණ්ඩායම් එක්ක පළමු වතාවට තමයි 2016 අප්‍රේල් මාසේ අපිත් සමග ගීතයක් ගායනා කළා. සංගීත කණ්ඩායමක් විදියට අපිත් බය වුණා එවැනි ගාන්ධර්වයෙක් ඉදිරිපිට ගීත ගායනා කරන්න. නමුත් එතුමා අපිට කිව්වා මාත් ඔබේ දේ රසවිඳිනවා . ඔයාල කරන දේ හොඳයි කියල ඇවිත් මුණ ගැහෙන්න කිව්වා. අපිත් ජුනි මාසෙ එතුමාව මුණගැහිලා ගීත කිහිපයකුත් ගායනා කරලා ගොඩක් සතුටෙන් නික්ම ආවා. ඒ වාසනාව ලද එකම සංගීත කණ්ඩායම අපි වෙන්නැති.

 

නොබිඳි සොහොයුරෝ

සංගීත කණ්ඩායමේ ශිල්පීන් ගැන ගොඩක්ම සතුටු වෙන්නෙ මේ ශිල්පීන් හරි එකමුතුයි. අපි තීරණ ගන්නෙ කතාවෙලා. සමහර වෙලාවට සමහර සංගීත කණ්ඩායම් අපේ ශිල්පීන්ට කතා කරල තිබෙනවා. නමුත් ඔවුන්ගෙ තිබෙන නිහතමානීකමයි කැපවීමයි එක්ක කිසිම දවසක මාව දාල යයි කියල හිතන්නෙ නෑ.යන්න හදන ශිල්පියෙකුට ඉන්න කියන කෙනෙක් නෙවෙයි මං. නමුත් ඔවුන්මාව තේරුම් අරන් ඉන්නවා සහ ඔවුන් මාව තේරුම් ගෙනයි ඉන්නෙ. එනිසා කිසිම ගැටලුවක් නැතුව සංගීත කණ්ඩායම පවත්වාගෙන යනවා. බොහෝ අය කොළඹ අවටයි ඉන්නෙ නමුත් ඩ්‍රම්ස් වාදන ශිල්පියා සහ එක ගායන ශිල්පියෙක් ඉන්නෙ ගොඩක් දුර. ඩ්‍රම්ස් වාදන ශිල්පියා ඉන්නෙ අකුරැස්සෙ. තුෂාන ඉන්නෙ ගම්පොළ.ඔවුන් පවා කැපවීමකින් කටයුතු කරනවා. අනිත් සියලුම ශිල්පීන් ළඟ හිටියත් වෙලාවට ඇවිත් පුහුණුවීම් කරනවා.

බේස් ගිටාර් ශිල්පියා වන කොස්තා තමයි පරණම සාමාජිකයා. ඩුබායි ඉඳලම මාත් එක්ක හිටියේ. ලංකාවට ආපු දවසෙ ඉඳලම ඉන්න සාමාජිකයා තමයි රිදම් ගිටාර් වාදන ශිල්පියා වන හර්ෂණ ප්‍රසාද්. ඔහු සතුව සංගීත කණ්ඩායමේ වගකීම් ගොඩක් තිබෙනවා. ඔහු තමයි ඕනම තැනක ශබ්ද පරිපාලක ශිල්පියා වශයෙන් කටයුතු කිරීමට මනා හැකියාවක් තිබෙන්නෙ. වැඩිදෙනෙක් ආදරය කරන චරිතය තමයි ෆැන්ටා. ඔහුත් ගායන ශිල්පියෙක් වශයෙන් කටයුතු කරන්නෙ. ඔවුන් තිදෙනා තමයි මාත් සමග ඉන්න පරණම සාමාජිකයන් තුන්දෙනා. ජයතු සඳරුවන් තමයි ලංකාවෙ ඉන්න ගායන ශිල්පීන් අතරින් ඕනම සංගීත ශිල්පියෙක් සමග තරග කරගකාරිත්වයක් දෙන්න පුළුවන් ඕනම භාෂාවකින් ගීතයක් ගායනා කරන්න පුළුවන් ගායන ශිල්පියා තමයි ජයතු. ඔහුට තිබෙන හැකියාව ලංකාවෙ ඉන්න ගොඩක් ශිල්පීන්ට අඩුයි. නමුත් ඔහු හරි නිහඬ චරිතයක්. ඔහුගෙ වැඩේ හොඳට කරගෙන යනවා.

කී බෝඩ් වාදන ශිල්පියා ... . ලංකාවෙ ඉන්න ළාබාලම කී බෝඩ් වාදන ශිල්පියෙක්. ඒ වගේම ඔක්ට පෑඩ් වාදන ශිල්පියාත් බොහෝ කල් ඉඳලා සංගීත කණ්ඩායමට සෑහෙන මෙහෙවරක් කරනවා. අපි කරන කැපවීමත් සෑහෙන්න අගය කළ යුතුයි. එමෙන් ලීඩ් ගිටාර් වාදන ශිල්පියා තමයි සංඛ. ඩ්‍රමස් වාදන ශිල්පියා අකුරැස්සේ. මේ කාලේ රසික රසිකාවියන් ගොඩක් පිරිසක් ආදරය කරන රසික පිරිසක් ඔහුට ඉන්නවා. ඔහු තමයි ටිරාන් අකුරැස්ස. ගායන ශිල්පියෙක් ඉන්නවා තුෂාර. ඔහුත් ඕනෑම භාෂාවකින් ගීත ගායනා කිරීමේ හැකියාවක් ඇති අය. මේ සියලු දෙනාම එකතු වුණාට පස්සේ මෙය මට කරගෙන යන්න හරිම ලේසියි. ඔවුන්ටත් ස්තුතිවන්ත වෙනවා මාත් එක්ක මේ ගමන යනවට.

 

0778898979

 

ඉඳුනිල් සින්දු

 

 



අදහස් (1)

කිසිවෙකු කොපි නොකර අවුරුදු විස්සක් ආපු දුර ගැන අපිට දැනෙන්නෙ ලොකු සතුටක්

Anusha mediwaka Saturday, 06 January 2018 05:42 AM

ගොඩාක් හිතට වදින සිංදු කියන්නේ.. මම කැමැතිම බෑන්ඩ් එක... තුෂාර මාරයි. හිත හොරකම් කරනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1512 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 159 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 52 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 114 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 63 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 52 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39978 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25935 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 217 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1296 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site