කන්ද උඩරට පැරණිතම මහා ක‍්‍රිකට් තරගය වන මහනුවර ධර්මරාජ විදුහල සහ කිංස්වුඞ් විදුහල අතර 106 වැනි මහා ක‍්‍රිකට් තරගය අද සහ හෙට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ දී පැවැත්වේ. දෙවිදුහල් අතර මෙතෙක් පැවති මහා ක‍්‍රිකට් තරග 105න් තරග 32ක ජය ධර්මරාජ විදුහල ද, තරග 19ක ජය කිංස්වුඞ් විදුහල ද ලබා ඇති අතර ඉතිරි තරග 54 ජය පැරදුමකින් තොරව නිමා වී ඇත. මෙම මහා ක‍්‍රිකට් ඉතිහාස වංශ කතාවේ ආසන්නතම ජය වාර්තා කර ඇත්තේ ධර්මරාජ විදුහලයි. ඒ පසුගිය වසරේ හේමාල් මුණවීරගේ නායකත්වයෙනි. ධර්මරාජ විදුහල මෙම තරග වාරයේ තරග 16කට සහභාගී වී පානදුර ශ්‍රී සුමංගල, ගාල්ල මහින්ද, මාතර රාහුල සහ පන්නිපිටිය ධර්මපාල යන විදුහල්වලට එරෙහිව ජයග‍්‍රහණ වාර්තා කර ඇති අතර කටුගස්තොට සාන්ත අන්තෝනි විදුහල හමුවේ පරාජයට පත්විය. ධර්මරාජ විදුහල මෙවර මෙහෙයවනු බලන්නේ තුන්වැනි වසරේ ක‍්‍රීඩකයකු වන විරාජ් කරපුටුගල විසිනි. දක්ෂ පිතිකරුවකු වන ඔහු මෙම තරගවාරයේදී ලකුණු 630 ක් රැස්කර තිබේ. විරාජ් අර්ධ ශතක 5ක් රැස්කර ඇති අතර එයට කොළඹ රාජකීය විදුහලට එරෙහිව රැුස්කළ ලකුණු 89 කැපී පෙනේ. විරාජ් පවසන්නේ තම කණ්ඩායම ඉතාමත් සමබර එකක් බවත් පසුගිය වසරට එහා ගිය ජයග‍්‍රහණයක් මෙවර ද වාර්තා කරන බවයි. තුන් ඉරියව් ක‍්‍රීඩකයකු වන දිනෙත් ලංකා මේ තරගවාරයේ ලකුණු 600 සීමාව පසු කරමින් කඩුලූ 60 ක් ද දවාගෙන තිබේ. සසිත් ගුණසේකර මේ තරග වාරයේ ලකුණු 650 පසුකරමින් ධර්මරාජ පිතිකරු ලැයිස්තුව ශක්තිමත් කරයි. අරවින්ද විතානආරච්චි වමත් දඟ පන්දු යවමින් මේ තරග වාරයේ කඩුලූ 95 ක් දවා ගනිමින් මහා ක‍්‍රිකට් තරගයේදී කඩුලූ 100 කඩඉම පසුකිරීමට සූදානමින් සිටියි. වේග පන්දු යවන තුන් ඉරියව් ක‍්‍රීඩක නුවන් කරුණාරත්න මෙම තරග වාරයේ කඩුලූ 50 ක් දවා ගනිමින් ලකුණු 500 සිමාව ද පසුකර තිබේ. ආනන්ද විජේසේකර මහතා ධර්මරාජ විදුහල් පිලේ පුහුණුකරු ලෙස කටයුතු කරයි. කිංස්වුඞ් විදුහල් පිල මෙම තරග වාරයේ තරග 13 කට සහභාගීවී වයඹ රාජකීය සහ අම්බලන්ගොඩ පී.ද.එස්. කුලරත්න විදුහල්වලට එරෙහිව ජයග‍්‍රහණ වාර්තා කර ඇති අතර ති‍්‍රත්ව විදුහල සහ දෙහිවල එස්. ද එස්. ජයසිංහ විදුහල හමුවේ පරාජය වී ඇත. නිසිත වීරකෝන් මෙවර කිංස්වුඞ් විදුහල් පිලේ නායකයා ලෙස කටයුතු කරයි. නිසිත පිතිකරණයෙන් දස්කම් දක්වමින් ලකුණු 500 සීමාව ඉක්මවා තිබේ. සුපුන් බණ්ඩාර සහ චාමර උනම්බුව කිංස්වුඞ් විදුහල් පිලේ සෙසු ප‍්‍රබල පිතිකරුවෝ වෙති. තුන් ඉරියව් ක‍්‍රීඩකයකු ලෙස ලක්මාල් හෙට්ටිආරච්චි මෙම තරගවාරයේ දස්කම් දක්වා තිබේ. එච්.එන්.ටී. ගමගේ මහතා කිංග්ස්වුඞ් පිලේ පුහුණුකරු වශයෙන් කටයුතු කරයි. ධර්මරාජ විදුහල් සංචිතය විරාජ් කරපුටුගල (නායක), නුවන් කරුණාරත්න, දිනෙත් ලංකා, අරවින්ද විතානාරච්චි, සසිත් ගුණසේකර, කාවින්ද රත්නායක, රමේෂ් රණසිංහ, ධනුක ප‍්‍රභාත්, ලක්ෂාන් ද සිල්වා, ලෝචන විජේසිරි, චන්දිමාල් ද සිල්වා, රුචිර පුහුලේවත්ත, දිශාන් ගුණසිංහ, ලසිත වීරරත්න සහ අකිල දිසානායක කිංස්වුඞ් විදුහල් සංචිතය නිසිත වීරකෝන් (නායක), නුවන් උනම්බුවේ, ලක්මාල් හෙට්ටිආරච්චි, තනිදු ලියනගේ, සුපුන් බණ්ඩාර, තරිඳු ඥානරත්න, දිනූෂ මැදවත්ත, ප‍්‍රසාත් ජයවික‍්‍රම, දසිත කඳනආරච්චි, කසුන් බණ්ඩාර, තාරක මාරසිංහ, මේනක ලංකාතිලක, රජිත ගමගේ, මහේශ් සෙනෙවිරත්න සහ ධනංජය මොනරවිල
අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම දිනයන්ට නියමිතව තිබූ ප්‍රශ්න පත්‍ර සඳහා පිළිවෙළ
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹරු පීඩන අවපාතය ඊයේ (28) රාත්‍රී 11.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝ මීටර් 240ක් පමණ ඊසාන දෙසින් සහ කන්කසන්තු
මුන්දලම අක්කර 412 ප්‍රදේශයේ දී විදුලිය සැර වැදීමකින් අඹු සැමි යුවළක් මිය ගොස් ඇති බව මුන්දලම පොලීසිය කියයි.
පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරු බදු රහිත වාහන බලපත්‍රය අහෝසි කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.
බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (28) පැවැත්විණි.
අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කිංස්වුඞ්-ධර්මරාජ මහ තරගය අද-හෙට