මෙරට මාර්ගවල ඇති කහ ඉරි සියල්ල දෙසැම්බර් 3 වැනිදා සිට සුදු පැහැ කිරීමට තීරණය කර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
පාර මාරු වීමේ දී භාවිතා කරන කහ ඉරි ජාත්‍යන්තර මට්ටමින් පවත්වාගැනීම සඳහා එම ක්‍රියාමාර්ගය ගන්නා බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතා සඳහන් කරයි.
‘මෙය වාසිදායක තත්ත්වයක්. සුදු ඉරි හොඳින් දර්ශනය වෙනවා. විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී‘ ඔහු කියයි.
ලංකාවේ සෑම පළාතකම මෙම වැඩසටහන උත්සවශ්‍රීයෙන් සිදුකරන බවත් බස්නාහිර පළාතේ වැඩසටහන දෙසැම්බර් 3 වැනිදා ග්‍රීන්පාත් අසලදී සිදුකැරෙන බවත් කියති.
මෙම ව්‍යාපෘතිය යටතේ වසරකින් සියලු කහ ඉරි සුදු ඉරි බවට පත්කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඉරි කොළ පාටිනුයි, නිල් පාටිනුයි දැම්මා නම් අපේ රටේ මිනිසුන් මීටවඩා ගොඩක් සතුටු වෙනවනේ. අනතුරු වුණාම මොකද තමන් කැමති පාට මහපාරේ තියනවා නම්. අපේ මිනිසුන්ට ඒ හොඳටම ඇතිනේ ... (නි)
කරන හැම මහජන කටයුත්තකදී කාගේ කාගේත් අතමිට සරුවෙන විදියට තමා උත්සව පවත්වමින් ඒවා කරන්නේ. නොදන්නා අපි අත්පොළසන් දෙනකොට අයියලා එකතුවෙලා අපිටම හිනාවෙලා ගානක් කපාගන්නවා (නි)
බස් හෝල්ට් ළඟ තිබෙන ඉරි නම් බසයේම සළකුණු කළත් වැඩක් වෙන එකක් නැහැ (නි)
කහ ඉර සුදු කරන එකෙ වරදක් නැහැ. ලොකු වියදම් යන වැඩක් නොවේ. නමුත් මේ වගේ දේවලට උත්සව පවත්වන එක නම් විකාරයක් ... (නි)
කොටියාගේ පුල්ලි මාරු කළාට, කොටියා කොටියාමයි. ඒ වගේම කහ ඉර සුදු ඉර කළත් රථ වාහන පදවන්නේ අපේ ලාංකිකයන්. විශ්ෂයෙන් මැති ඇමතිවරු නීතිය බහුලව කඩකරන නිසා ඔවුන්ට යම් නීති මාලාවක් ගෙන ආයුතුය (නි)
කහ ඉරි සුදු ඉරි කරන එක නම් හොඳයි. සුදු ඉරි රාත්‍රියේදී හොඳට පේනවනේ. එ්ත් එකට උත්සවත් ඕනෑද. විකාර සහ බොරු වියදම්. හොඳ ප්‍රමිතියකින් යුතු තීන්ත දාලා කරන දේ හරියට කළා නම් හොඳටම ඇති. (නි)
කහ ඉරේ පාට මාරු කිරීමට පෙර එයට ඉස්සරහින් තිබෙන බස් හෝල්ට් මාරු කරන්න... (නි)
හිසරදයට කොට්ටය මාරු කිරීමක් (නි)
දැන් මේකද රටේ තිබෙන ලොකුම ප්‍රශ්නය? (නි)
පාට මාරු කළාට වැඩක් නැහැ. කහ ඉර පොඩ්ඩක් පාර මට්ටමින් උස්සන්න ඕනෑ (නි)
මොන පාට මාරුකළත් පලක් නැහැ රියදුරන් විනයගරුක නැත්නම් (නි)
කොටියා කැලැ මාරු කලාට පුල්ලී වෙනස් වෙන්නේ නෑ කහ ඉරි සුදු ඉරි කියා අනතුරැ අඩු කරන්නට බැරි රියදුරන්ගේ සහා පදිකයන්ගේ නොසැලකිල්ලයි මමත් කහ ඉරක් අසල සිටින්නේ පදිකයන්ගෙන් 50% වැඩි පිරිසක් වාහාන දැක දැකත් කහ ඉරෙන් මාරැ වීමෙන් අනතුරු සිදු වෙන්නේ ! කලබලයට උත්සව තබා පාට මාරැ කරලා ජාතික දනය විනාස කරන්නේ නැතුව නැවත අලුක් වැඩියා කිරිමෙීදී පාට මාරු කරන්න (හේ)
වර්ණයට වඩා තීන්ත වර්ගයේ ප්‍රමිතියයි වැදගත්.උත්සව වලට මාර විරෝධයක්නේ තියෙන්නේ.මේ කේතුමතී පුරවරයේ හැමදාම උත්සව කලාට මොකද වෙන්නේ...? අපිට මොනවයින් අඩුවක්ද...ඔහොම හිතලනම් ජාත්‍යන්තරේ දිනන්න බැරිවෙයි.(හේ)
මේ කරන්න යන වැඩෙන් යහපතක් වෙන්න පුලුවන්. හැබැයි ඒකට රටපුරා උත්සව තියල සල්ලි නාස්ති කරන එක කොහෙත්ම අනුමත කරන්න බෑ.ගිය අාණ්ඩුවටත් මේ අයම මේ චෝදනාවම එල්ල කරා නේද.මේ අය කරපු වැඩකුත් නැතිඑකේ මේවගේ දෙයක් මහා ලොකු සංවර්ධන වැඩක් කියලා රටට පෙන්නලා මිනිස්සු රවට්ටන්න හදනවද දන්නෑ.(හේ)
මේක කරන්න උත්සවයක් මොකටද? (හේ)
සුදට වඩා කහ තමයි අපි දන්නා විදියට රටවල තියෙන්නේ, නියම ඔර්ජිනල් රිෆ්ලෙක්ටෙර් (රාත්‍රී කාලයේ විනිවිද පෙනෙන සුදු හෝ කහ මම නම් ලංකාවේ දැකලා නැහැ,,(හේ)
කහ ඉරට වඩා සුදු ඉරි හොඳයි කියන්නේ මෙතන කිහිපදෙනෙක්ම පෙන්වා දුන් පරිදි ආලෝකය පරාවර්තනය වන ආලේපයකින් මේ සුදු තීන්ත නිපදවා ඇති නිසයි. නමුත් මෙහිදී අප සාකච්චා කළ යුත්තේ ප්‍රථම වතාවට මේ ඉරි ලකුණු කරන කොට අදාළ බලධාරීන්ගේ මොළවලට ඒවා නොවැටහුනේ ඇයිද යන්න කියන එක. මහජන මුදල් කාබාසිනියා කරන නිලධාරීන්ව රකින ආණ්ඩු තමයි අපට හැමදාමත් තිබුනේ. තව ටික දවසකින් මේ ඉරි නැවත කහපාට කලත් අප පුදුම වන්නේ නැහැ. (හේ)
හරියටම හරි .ලොව පිළිගත් පාට සුදු පාරවල් වලට භාවිතා කරන්නේ මෙය පාට. තේරුම් ගැනීම ගැන සතුටුයි (හේ)
එක ඉරක් කොළ පාටින් අනිත් ඉර නිල් පාටට මාරුවෙන් මාරුවට දැම්මා නං හොඳ නැත්ද .(බ)
අවේනම් අනවශ්‍ය වියදම් කරන්නේ නැහැ කියලා. උත්සවයක් තියලා මේක වෙනස් කරන්න ඕනද? පාරවල් අලුත් වැඩියා කරන ගමන් කරානම් අමතර වියදමක් යන්නෙත් නැහැ.(හේ)
රටට විශාල සංවර්ධනයක් කරන්න පටන්ගන්නා විට උත්සවයක් නැතුව කොහොමද නේද? (නි)
ලක්ෂිත,මහින්ද මහත්තය වෙන අයට ඉඩ නොදී ජනපති කමේ 3 පාරක් ඉන්න හැදුවා. ඊට පස්සේ අගමැතිකම ගන්න හැදුවා. දැන් මල් පොහොට්ටු පක්ෂේ නායකත්වයත් මර්වින්ට නොදී ඒකත් ගන්න හදයිද දන්නේ නැහැ. (බ)
ඒ වැඩේනම් ගොඩක් හොඳයි..එ්ත්... බීලා එලවන උන්ට දඩම තමා ඕනේ. උන්ට පාට මතක නැහැනේ.(බ)
මොකටද උත්සව (බ)
ජයන්ත, එතකොට ඔයා කියන්නේ දැනට ගෙනවිත් තියෙන කහ පාට විසිකරලා අලුතින් වියදම් කරලා සුදු පාට අලුතින් අරන් හොඳට තියෙන කහ ඉරි ටික සුදු කරන්න කියලද. මේකද දැනට රටේ තියෙන දැවෙනම ප්‍රශ්නය. මේකට වැයවන අතිරේක මුදල දරන්නේ ඔයාගේ කවුද? (නි)
පදික මාරුවේ පාට වෙනස් කිරීමට උත්සව? අනේ මෙහෙමත් මහා විහිලු. පදික මාරුවේ සුදු පාට කහ පාට බවට මුලින්ම පත්කළේ 1978 වසරේ අග හෝ 1979 වසරේ. ඔවුන් උත්සව තිබ්බේ නැහැ. මෙවැනි උත්සව වලට කිවයුත්තේ මහජන මුදල් විනාශ කරන මහා විහිලු කියායි. (නි)
තීන්ත කොම්පැනියක් එක්ක ඇමති කෙනෙක් ගහපු ඩීල් එකක් කියලයි මට නම් හිතෙන්නේ. මිලියන ගානක තීන්තනේ (නි)
උත්සව උත්සව... හැමදේටම මහජන මුදල් නාස්ති කරලා උත්සව. මේ මෑතකදි රටේ ඉහළම නායකයෙකු අතින් කුණු බාල්දි බෙදන්නත් විශාල උත්සවයක් තියලා තිබුනා. අනේද කියන්නේ. (නි)
මේ අදහස මුලින්ම ගෙනාවේ ගරු මර්වින් සිල්වා මැතිඳුන් නේද. ඔහුට මල් පොහොට්ටු පක්ෂයේ නායකත්වය හිමිවේවා!! (නි)
දැන් අර සින්දුවත් අලුතින් ලියන්න වේවි " සුදු ඉරත් රැලි වැටීලා" කියලා (නි)
මෙය ඉතාමත් යහපත් තීරණයක් ,අනිත් රටවල තිබෙන හොඳ දේවල් කිරීම, (හේ)
ඒ වියදම් කරන සල්ලි වලින් ඉස්සර වගේ අර අහවල් කෙනාගේ පුතාගේ නමින් තවත් චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කළා නම් මම හිතන්නේ ගොඩක් දෙනෙක් කැමති වේවි. (නි)
පසිදු, ඒක කරන්න තව උත්සව මාලාවක් කරන්න පුළුවන්නේ. සල්ලි අපේනේ. කාටවත් අමාරුවක් නැහැ (නි)
වෙන මොකටද අනේ කීයක්හරි හම්බ කරගන්න මිසක්. අයවැට හිඟය කෝටි ගණනක්. ඉරේ පාට මාරු කරන්නත් රටපුරා උත්සව. (නි)
මේ උත්සව වලින් අනතුරුව කෝටිපතියො කිහිප දෙනෙක් හරි රටට බිහිවෙයිනේ. ඒ ගැන හිතලා සතුටුවෙන්න ජනතාවට බැරි ඇයි? (නි)
කරන උත්සවයක් ඇමතිගෙ හරි අදාළ නිලධාරියාගෙ හරි පුද්ගලික වියදමින් කරන්න. ජනතාවට අවශ්‍ය නැහැ අපේ බදු සල්ලි වලින් කරන බොරු උත්සව. (නි)
පාට මාරු කරන්න උත්සවශ්‍රීයක් අවශ්‍ය නැහැ. මොන විකාරයක්ද ඉරි වල පාට මාරු කරන්නත් උත්සව පවත්වන්නේ. කීයක්හරි ගහගන්න වැඩක් වගෙයි අපිට නම් පෙනෙන්නේ. උත්සව පවත්වන්න හේතු නැතුවට හොඳයි. (නි)
තුවාන් හරියට හරි. අපේ කිසිම රියදුරු පාසලක් ජාත්‍යන්තර තත්වයට නැහැ (නි)
මේ උත්සවයට ජනපති හා අගමැති ඇතුළු මුළු කැබිනට් එකම සහභාගි වුණොත් නේද හොඳ? (නි)
ඔය මුදල් මීටවඩා වැදගත් දේකට යෙදෙව්වොත් නරකද? (නි)
කරන දෙයක් දුරදිග බලලා කරන්න.නැතිනම් ආණ්ඩුවෙන් ආණ්ඩුවට ඕවා වෙනස් කරන්න බලයි. (ම)
මීට වඩා හොඳා ඉස්පිරිතාලවලට පුළුන් ටිකක් බෙහෙත් ටිකක් හරියට දුන්නානම්, \"ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ\" (ම)
පාට මාරුකරලා කවදාවත් අනතුරු වළක්වන්න බැහැ..? ජාත්‍යන්තරය කවදාවත් පාට මාරුකලා කියල අනතුරු අඩු වෙලා නැහැ ..? (ම)
ඉරි වල පට මාරු කරන්න වෙන් කරපු සල්ලි වලින් පාරවල් ටික පිළිවෙලකට හැදුවොත් නරකද ?(ම)
කහ ඉරේ පාට මාරු කරන්න මොන උත්සවද? මේවා ජනාධිපතිතුමා, අගමැතිතුමා දකින්නේ නැද්ද? (ම)
පළමුවෙන්ම ලංකාවේ යල්පැනපු රියදුරු පාසල් නවීකරණය කළ යුතුයි (ම)
රාත්‍රියට පාර පෙන්නේ වර්ණයෙන් නොවේ. එම විශේෂ තීන්ත වර්ගයේ ඇති ආලෝක පරාවර්තන හැකියාව නිසා. පළමුව ඔබගේ ආයතනයේ ප්‍රමිතීන් පිළිබඳ පොත් තිබේදැයි බලන්න. ඒවාට අනුකූලව ක්‍රියාවේ යොදවන්න. (ම)
මෙහෙමත් නාඩගම් ගැන අහන්න තරම් ලංකාවේ අපි අවසානාවන්ත වුණානේ (ම).
මෙය රිෆ්ලෙක්ටිව් වර්ගයේ විශේෂිත තීන්ත වර්ගයක්. (ම)
ඕක උත්සවශ්‍රීයෙන් කරන්න දෙයක් නෙවෙයි, මහජනතාව දැනුවත් කරන්න පාට මාරු කිරීම ගැන. අන්තර්ජාතික සංකේත පාවිච්චිය හොඳ දෙයක්. (ම)
උත්සවය තියලා සුදු ඉරෙන් පදිකයෙකුට මාරුවෙන්න කියලා පුද්ගලික බස් රියදුරෙකුට ඒ වෙලාවට එන්න කියමු.... (නි)
අැයි මොකටද අනේ උත්සව ..? මේ සේරම දේශපාලකයින්ගේ උප්පරවැට්ටි ..ප්‍රාදේශීය මට්ටමින් ..ප්‍රාදේශීය සභාවලට හොදට ගසාකන්න පුළුවන් අර උත්සවේට කෝටි මෙච්චරක් ගියා, මේ උත්සවේට කෝටි 3ක් ගියා කියල ..(බ)
හොදට තියන ඒවා එහෙමම තියලා අලුතෙන් අදින ඒවා මේ ජාත්‍යන්තර විදියට කළානම් මොකෝ වෙන්නේ. අය්යෝ සල්ලි. (බ)
මේ පාට මාරු කිරීමට දී ඇති හේතුවනම්හි ම වැටෙන රටවලලු කහ ඉරි තියෙන්නේ එමනිසා හිමනොවැටෙන අප රටට සුදු ඉරි සුදුසුලු මේවා හිනායන කතා . කහ ඉරි තිබ්බත් සුදු ඉරි තිබ්බත් මිනිසුන්ට අවදානම එහෙමමයි . උත්සව ඉතාමත් අවශ්‍යයි මේ වගේ අනවශ්‍ය වැඩට (බ)
කවුද මේ කොන්ත්‍රාත්තුව ගත්තේ..? රටට, ජනතාවට මොන බයිලා ගැහුවත් ඕව පිටිපස්සේ තියෙන්නේ තනිකරම සල්ලි. සල්ලි. (බ)
සම්පත්, වෙන මොනවට උත්සව තියන්නද? ආයෙත් ඕවා කහ පාට කරනකොට නැවත උත්සවයක් තියමු (නි)
මේවට යන වියදමින් තවත් මාර්ග කීපයක් නඩත්තු කරන්න පුළුවනි. පාට මාරු කිරීමෙන් කහ ඉරි මත සිදුවන අනතුරු වලක්වා ගත හැකිනම් ජාත්‍යයන්තර වීම ජනතාවට සුභ ආරංචියක්. (භ)
කහ ඉරේ සුදු ගාන්න ඇයි උත්සවයක්? (බ)
එ්ක හොඳයි කහ ඉරි රාත්‍රී කාලයේදී පේන්නේ නෑනේ (බ)
ඕක මාරු කලාට අපේ රටේ ඉන්න රියදුරන් මිනිස්සු යට කරන එක නවතින්නේ නෑ (හේ)
කොහොමද අපේ ජනපති ගේ සහ අගමැතිගේ යහපාලන නුවන , ජය ශ්‍රී .යහපාලනයෙන් තව ප්‍රශ්නයක් විසඳුනා ඔන්න ? (බ)
මේ ලංකාවේ රියදුරු පුහුණු කරනවිට සහ ලයිසන් එක දෙන විට ..හොද දැනුමක් ඇති රියදුරන්නට පමණක් බලපත් දෙන්න බලධාරීන් කටයුතු කරන්න ? ලංකාවේ මාර්ග නීති දර්ශනය වෙන පරිදි සෑම...තාර දැමු පාරකම පුවරු සවිකරන්න .. ස්පීඩ් ලිමිට් ඇතුළු මාර්ග නීති ලංකාවේ මිනිසුන් කිසිවක් නොදනී (බ)
කහ ඉරේ තැන මාරු කරන්න. බස් හෝල්ට් එක උඩම කහ ඉර බෙන්ඩ් එකක් ගත්ත ගමන් කහ ඉර. කන්දක් නැගපු ගමන් කහ ඉර. (බ)
කොහොමද යහපාලනේ වැඩ. තව හොඳ ඒවා ඉස්සරහට. ලෝක බැංකුවෙන් තවත් ණයක් ගත්තම පාර දෙපැත්තේ ඉරි ටිකට් වෙනස් කරයි (බ)
මේකේ සමහර අදහස් හරිම විහිලු සහගතයි. හැම එකටම කොමෙන්ට් දාන්නේ දැනගෙන නෙවේ. මේ තීරණය ඉතා හොද සහ කාලෝචිත දෙයක්. අර බස් එකට යටවෙලා මැරුන අම්මයි දුවයි දැක්කම එ්ක තේරෙනවා. ලෝකේ හැම රටකම සුදු ඉරි විතරක් නෙමෙයි, බොහෝ භයානක පාර මාරු වෙන තැන වල දැන් නිවෙන දැල්වෙන විදුලි පහන් සහ ශබ්දය ඇහෙන විදියටත් සකස් කරලා තිබෙනවා. අද කාලේ වාහන වැඩි නිසා සාමාන්‍ය පදිකයන්ගේ ආරක්ෂාව සදහා අලුත් ක්‍රම ඕනේ. (බ)
මොන ඉරක්වත් නැතිව අඩි පාරවල් වල ගස් ගල් උඩින් යන මිනිස්සුන්ට පාරක් හදල දෙන එක ඔයිට වඩා හොද නැතිද මහත්තයෝ (බ)
වැඩේ නම් හොඳයි.(හේ)
ඔච්චරයි අඩුව තිබුනේ ළමයින්ට පාසලක් හදලා දුන්නා නම් කොපමණ හොඳයිද (හේ)
සෑම්, ලෝකයේ කොහෙවත් එක එක පාට ඉරි වලින් පාර වල් වල මංතීරු හෝ අනිත් සලකුණු අදින්නේ නැහැ.(හේ)
පාට මාරු කරන කොටත් උත්සව තියනවද ? අපරාදේ ඒ සල්ලි (බ)
රුපොවති අක්කගේ කතාවනම් මමත් අනුමත කරනවා , මොන පාටින් ඉරිඅන්දත් වැඩක් නැහැ මාර්ග නීති අනුගමනය නොකරනවා නම් (හේ)
මොකටද උත්සව පාට මාරු කරනවට..හොද වැඩක් සමග බොරු වියදමක්...(ම)
ඔය කහ ඉරි ටික ඔහොම තියල, අලුතින් අඳින ඒවා සුදුපාට කරන්ඩ. දැනට තියෙනෙ ඉරි මැකෙන කාලෙට ඒවා සුදු පාටින් අඳින්න. දැනට ඉතිරි වෙලා තියෙන කහ පාට තීන්ත ඉවර වුණාට පස්සේ සුදු පාට අලුතින් ඇනවුම් කරන්ඩ. මුළු ලංකාවම දවස් දෙක තුනකින් සුදු කරන්ඩ හදන්නේ මොකද කියල මුළු රටම දන්නවා. (ම)
ලෝකයේ බොහෝරටවල පදික මාරුවල භාවිත වන්නේ රාත්‍රියට හොදින්පෙනෙන ආකාරයේ සුදු වර්ණ සහිත පදික මාරු. ලංකාවේ කහ ඉර මත සිදුවන අධික අනතුරු ද සළකා මෙම මාරුව යහපත් බව හිතේ. (ම)
මෙම ක්‍රියාව මා දකින්නේ නිවැරදි දෙයක් හැටියටයි. අද පාර මංතීරු වල පා ගමනින් යන්නෝ සැහෙන දෙනෙක් මරු මුවට පත් වෙනවා. රාත්‍රී අන්දකාරේ පාරේ යන වාහන වලට සුදු ඉරි කහ ඉරි වලට වඩා පේනවා. මින් අනතුරු අඩු කිරීමට හැකියාවක් ඇති බව මට පේනවා. එම නිසා සෑම දෙයක්ම විවේචන නොකරන්න. (ම)
උත්සව පවත්වන්න ඕනෑ නෑ මේවාගේ දේවල් වලට බොරු වියදම් (ම)
ඕන පාටක් මාරු කරන්න. ඕවට උත්සව එහෙම අපේ සල්ලි වලින් තියනවා නෙමයෙි. (ම)
ඒක හොඳයි. නමුත් ඉර කහ උනත් සුදු උනත් රියදුරන්ගෙයි පදිකයන්ගෙයි ආකල්ප වෙනස් වෙන්නේ නැහැ. (ම)