පාසල් ළමයින් ගෙන යන වාහනවල රජයේ නියමය අනුව කහ වර්ණ ආලේප කිරීමට රුපියල් ලක්ෂයක පමණ මුදලක් වැය වන බවත්, එවැනි මුදලක් තමනට වැය කළ නොහැකි බවත් බස්නාහිර පළාත් පාසල් ළමයින් ප්‍රවාහන හිමිකරුවන්ගේ සංගමය කියයි.
එම සංගමයේ සභාපති ජයන්ත පෙරේරා මහතා පැවසුවේ වාහන නඩත්තු වියදම්, බලපත් ගාස්තු ආදියට විශාල වියදමක් යන බවයි. බස්නාහිර පළාතේ ආදායම් බලපත් ගාස්තුව ද මෑතක දී සියයට 10කින් වැඩි කළ බව ද, කහ වර්ණ ආලේප කළ හොත් තම වාහන පෞද්ගලික වැඩකට යොදා ගත නොහැකි වන බව ද හෙතෙම පවසයි.
පාසල් වෑන් රථ හිමියන් කිහිප දෙනකුම පැවසුවේ තීන්ත ආලේප කිරීමට අඩු තරමේ සති දෙකක්වත් යන බවයි.
පාසල් නිවාඩු දිනවල තම වාහනය වෙනත් ගමන් බිමන් සඳහා යොදවන බවත්, කහ වර්ණ ආලේප කළහොත් එවැනි ගමන් සඳහා වෑන්රිය යොදවා ගත නොහැකි වන බවත්, ඒ නිසා ගැටළු රාශියකට තමන් මුහුණ දෙන්නට සිදු වනු ඇති බවත් පාසල් වෑන් හිමියෝ කියති.
පාසල් ළමයින් ගෙන යන බව පෙන්වීමට ස්ටිකරයක් ඇලවීමට තමන් කැමති බවත්, විශාල අමතර වියදමක් දරා තින්ත අලේප කරනවාට වඩා එය පහසු බවත් ඔවුහු කියති.
සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමයින් ප්‍රවාහන සේවා සංගමයේ ලේකම් කිත්සිරි අමරසිංහ මහතා පැවසුවේ වෑන් රථ කහපාට කරන්නැයි දුන් නියෝගයෙන් තම සාමාජිකයන් කබලෙන් ලිපට වැටී ඇති බවයි.
පාසල් ළමයින් ප්‍රවාහනය කිරීමේ සේවාවට නීතිමය තත්ත්වයක් ලබාදී ප්‍රමිති කරණයක් ඇති කර සහන ලබා දෙන ලෙසටත්, පාසල් අවසන් වන තෙක් එම වාහන නවතා තැබීමට ස්ථාන ලබා දෙන ලෙසට පළාත් පාලන ආයතන දැනුවත් කරන ලෙසටත්, එම සේවාවට වෙනම ආයතනයක් බවත් කරන ලෙසටත් තමන් බලධාරීන්ගෙන් ඉල්ලීම් කර ඇති බව කී අමරසිංහ මහතා කහ වර්ණ ආලේප කිරීමේ නව නීතිය ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා සිටින බව ද කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නීතිය ඉතා හොඳ වැඩක්. කහ පාට ගෑම අනිවාර්ය කල යුතුයි. දාවනය නුසුදුසු පරණ වාහනත් පාරෙන් අයින් කල යුතුයි. එවිට අනතුරු අඩු කල හැකියි.(නදී)
මාසෙකට තියන වියදම් බැලුවහම ෆිනෑන්ස් ගෙවාගෙන ගෝලයන්ට පඩි ගෙවාගෙන අමාරුවෙන් කරගෙන යන්නේ. කහපාට ගාන්නම ඕනෑ නම් මම මගේ වාහනේ ස්කූල් සර්විස් නතර කරලා දානවා. මොකද මට පේන්ට් එකකට ඒ තරම් වියදම් කරන්න අමාරුයි. අනික මම වාහනය දෙන්න ඉන්නේ. (නි)
අපේ ඇමතිතුමා ඇතුළු කැබිනෙට් එක කියෙන එක තමයි අපිට නම් හරි (නි)
මුලින්ම එක එක දේශපාලක මට්ටම් වල (ඇමති, මන්ත්‍රී, පළාත්සභා, නගරසභා ) දේශපාලකයින්ගේ වාහනවලට වෙන වෙනම පාට ගාල පෙන්නුවා නම් හොඳයි නේද? ඒකත් ඒ අයගේ පෞද්ගලික වියදෙමෙන්ම කළ යුතුයි (නි)
අනේ අපේ ඇමතිතුමාලගේ ටිකිරි මොලේ . සී ටී බී බස් ටිකකට කහ පාට ගාල දැම්මා නම් ඉවරයි නේද ? (නි)
බස් එකේ කහපාට ගාන්න කලින් පාසල් ඉස්සරහ කහ ඉරි ටික ඇඳලා ඉවර කළා නම් හොදයි නේද ? බස් වලින් එන්නේ සල්ලි තියෙන ළමයි විතරයි. ගොඩක් අය එන්නේ පයින් . (නි)
මගේ ඔෆිස් වැන් එකට නම් ඕවා එපා හොඳේ (නි)
පාලකයන් මෝඩ තීරණ ගන්න එකේ ඉවරයක් නැහැ. එක පාරට මනුස්සයෙක් කොහොමද හොදට තියෙන වාහනයක පාට වෙනස් කරන්නේ? විශාල පිරිවැයක් දරන්න ඕනා. ඒකට රජයෙන් අඩුම ගානෙ බඩු ටිකවත් අරන් දෙනවනම් කමක් නැහැ. මේක ප්ලාස්ටික් කූඩ සෙල්ලමට හපන්.(නදී)
පාසල් සේවය සදහා ලියාපදිංචි දැනට පසැල්සේවය කරන අය සදහා බදු අය නොකර වාහනයක් ගෙන්වා ගැනීමට පර්ම්ට් ලබා දෙනවානම් ආරක්ෂාකාරිව හොද පාසැල් සේවයක් ලංකාවේ පවත්වාගෙන යාහැකිය. පාරේ දුවන වාහන 60% පමණ අබලන් වාහන නිසා සිසුන් හැමදාම අපහසුතාවයට පත් වෙනවා. පර්මිට් දීමෙන් පසු ඔය නීති දැම්මට කමක් නැහැ ගරු ජනාදිපති තුමාගේ අවදානය යොමුවෙත්වා.(නදී)
කවුරුහරි බලවතෙක් කහ පාට තීන්ත ජාතියක් ආනයනය කලාද දන්නේ නැහැ. මට මතකයි එක වරක් මෝටර් සයිකල් හෙල්මට් අනිවාර්ය කලා විකුණ ගන්න. හැබැයි, සුදු වෑන් හිමිකරුවන්ටනම් තියෙනවා මා ගාව විසඳුමක්. එහෙට මෙහෙට හයර් ටිකක් දාලා, මාසයක් විතර හෝදන්නේ නැතුව ඉඳල කියන්න, කහ පාට කියල හිතන් ගෑවා නමුත් දුඹුරු පාට වුණා කියලා.(නදී)
පාසල් වාහන වල කහපාට ගාන එක හොඳයි. (නි)
අපි පිට රට වැඩ කරන අය. අපිට වෑන් එකක් ගෙන්වන්න ෆ්‍රී පර්මිට් එකක් දෙන්ඩ. අපි මෙය පාසල් සිසුන් ප්‍රවාහනය සදහා යොදවන්නම්. කහ පාටත් ගාන්නම්.(නදී)
මෙය හොඳයි කියන අය බලපොරෝතුවෙන දෙය මොකක්ද? චතුල වෙරෝනා කියන ක්‍රමයට පාට ගාලා පමණක් හරිද? (ස)
මෙකනම් මහ පිස්සු අදහසක්. ආන්ඩුවෙ තව්ත් පිස්සු වැඩක්. මිනිස්සුන්ගෙ අසරන කමින් ප්‍රයොජන ගන්නව.දැන් පිටරට වගෙ ලන්කාවෙ කරන්න බැ. අපි යන්නෙ දැන් වල පල්ලට. අපරාදෙ රට. (ස)
පළමුවෙන් කරන්න තියෙන්නේ පාසල් ළමුන් ගෙනයන වාහනවල රියදුරන්ට විනීත භාවය ඉගැන්වීම, ඔහුන්ගෙන් බහුතරය උදේටත් මත්පැන් පානයකරලා රථය පදවන්නේ, කුඩා දරුවන් කෙළසීම අපරික්ෂාකාරී ලෙස රථය පැදවීම, වර්ණය මාරුකිරීමට පෙර ඔහුන්ව දැනුවත් කිරීම බලධාරීන්ගේ යුතුකමකි. (ස)
පාසල් ළමුන්ගේ ආරක්ෂාවට මේ වැඩේ හොඳයි. බාලාපරාධ, ළමයින්ගේ ආරක්ෂාව, හඳුනා ගැනීමේ ලකුණක් හැටියට කහපාට වැදගත්. හැම දේටම නීතියක් තියෙනවා නම් පැවැත්ම උදෙසා නීතිය ක්‍රියාත්මක විය යුතුයි. දේසපාලනේ ගා ගන්නේ නැතුව. (ස)
වාහනවල පාට අතුල්ලලා හරියන්නේ නැහැ. ඒවායේ තත්වයයි, සාධාරණ ගාස්තු ක්‍රමයක් ගැනයි සොයා බලන්න. අන්තිමට වාහනවල තීන්ත ගාන්න යන මුදලුත් අපිටම ගෙවන්න වෙන වැඩක් වෙයි මේකත්. (නි)
මේක කරන්න බැරිකමකුත් නැහැ. මොකද කවදාහරි මොනවා හරි පාටක් ගාන්න එපැයි (නි)
මට මතකයි ඉස්සර කාලයක් ටැක්ෂි වලත් වහලයේ පමණක් කහ පාට ගාලා දිව්වා. දැන් කෝ? (නදී)
ප්ලාස්ටික් කූඩ කතාවේ දෙවෙනි කොටස. අනිවාර්යයෙන්ම ඕක කෙරෙන්නේ නැහැ. (නි)
මොනවා හරි නීතියක් දාපු ගමන් සංගම් ඇවිස්සෙනවා. ඒත් ගණන් වැඩි කරනකොට කවුරුත් නැහැ (නි)
චතුල ඇත්තටම මොලේ නැද්ද? පාසැල් වෑන් වලට ගොඩක් වෙලාවට ගන්නේ පෞද්ගලික වෑන් රථ. ඒවා කහපාට ගහලා කැතකරගන්ඩ මිනිස්සු ආසද? ඔයාටත් මේ තත්වෙට මුහුණ දෙන්න වුනානම් මේකේ තියෙන බරපතලකම තේරෙයි. වෑන් එකක් පින්තාරු කරන්න ගැලෙව්වහම රුපියල් ල්කෂයක් විතර වැය වෙනවා. අනික ළමයිනගේ ආරක්ෂාවට වාහන පින්තාරු කළාම හරිද? මුලන්ම රජයට කියන්ඩ රජයේ රෝහල්වල තියෙන ඇම්බියුලන්ස් රතුයි සුදුවි කරන්ඩ කියලා.(නදී)
අනිවාර්යෙන්ම කළ යුතු හොද වැඩක්. (නි)
චතුල වෙරෝනා පවසන විදියට , විදෙස් රටවල පාසල් ළමුන් ගෙනයන වාහන පාවිච්චි කරන්නේ පාසල් සේවයට පමණි. ඒ උනාට ලංකාවේ මේ ක්‍රමය අරියන්නේ නෙහැ, පාසල් නිවාඩු දවස්වල වාහන හිමියන්ට වෙනත් හයර් යන්ඩ බෙරිවේවි. එවිට කව්ද ඒ පාඩුව දෙන්නේ? නෙත්නම් ස්ටිකර් ක්‍රමය හොදයී නේද? ලක්ෂ ගණන් වියදම් කරලා පාසල් හයර් විතරක් දුවයිද? (නදී)
පට මාරු කලා කියල ප්‍රශ්ණ විසදෙයිද? (නදී)
රටකට නීතියක් තිබිය යුතුයි. මේක ඉතාම හොද වැඩක්. ගොඩක් රටවලත් කෙරෙන වැඩක්. (නි)
හොද දෙයක් නේ. මේක කරන්න තිබුණේ තව ඉස්සර. එතකොට තමයි එය අවශ්‍ය පුද්ගලයා පමණක් ඒ සදහා යොමුවන්නේ. නැත්නම් වෑන් එකක් තිබුණු පලියට ඔක්කොම හයර් දුවන්න යනවා. ඒ වගේම ත්‍රී වීල් වලටත් නීතියක් ගෙනාවොත් හොදයි. රැකියාවක් ලෙස කරනවා නම් එයට නිසි පිළිවෙලක් තිබිය යුතුයි. (නි)
හිසරදයට කෝට්ටේ මාරු කරනවා වගේ වැඩක්. වාහනය නැවත විකුනන්න වුනොත් මොකද කරන්නේ ? දුරදිග නොබලා ගන්න තීරණ නේද මේ? (නි)
මේ අය දක්වා තියෙන අපහසුකම් තනිකරම බොරු. බලෙන් හෝ මේ කාර්ය්‍ය කළ යුතුමයි. විදෙස් රට වල මෙම ක්‍රමය තුලින් විශාල රෑකවරනයක් දරුවන්ට ලැබේ. (නි)
යමි නීතියකට යටත්ව තම රැකියාවන්හි නිරතවීම සමාජයටත් තමාටත් රටටත් යහපතක් වනවා සේම එම ජනතාවගේ සුභ සිද්ධිය තකා සම්පාදනය කරන ලද නීතින්ද සාමාන්‍යය ජනතාවට කොතරම් දුරට ගෝචරදැයි සොයා කටයුතු කිරීම බලධාරීගේ වගකීමක් වනු ඇත. (නි)
අනිවාර්යයෙන්ම ගාන්න ඕනෑ. කෝකටත් පිළිවෙළක් තියෙන්න ඕනෑ තමයි (නි)
වෙන වෙන රටවල කරනවා කියලා හැමදෙයම බදාගෙන පලක් නොමැත. අපට වැරදුනේ එතනයි. මෙය බොරු වැඩකි. රියදුරාගේ නම් කහපාට ගෑවොත් පලක් වෙයි (නි)
වාහන සම්පුර්ණයෙන්ම කහපාට කරන්න පුලුවන් නම් ගොඩක් හොඳ දෙයක්. නමුත් ලංකාවේ තියෙන වාතාවරණය අනුව එක පාරටම එහෙම දෙයක් කරන්න පුලුවන්ද කියන එක ප්‍රශ්නයක්. වාහනය වටේටම දුවන කහපාට ඉරි දෙකක් වගේ දෙයක් පටන්ගත්තා නම් වාහන හිමිකරුවන්ටත් පොඩි සහනයක් කියලා මම හිතනවා. එතකොට පේන්ට් නොකර ස්ටිකර් වලින් අලවන්න පුළුවන්. වාහනය විකුනන අවස්ථාවක ඒවා ගලවලා විකුනන්න පුළුවන්. (නි)
චතුල වෙරෝනාට පිස්සු. පාසල් සේවා වෑන් වල කහ පාට ගෑවම මොකක්ද අමුතුවෙන් හම්බ වෙන්නෙ? පාසැල් සේවා කරන අය තමා දන්නේ දැනටත් කොපමණ අමාරුවෙන්ද කරන්නේ කියලා . කවුරුහරි කහ පාට වාහන තීන්ත නැවක් ආනයනය කරලා ඇති මගේ හිතේ. (නි)
ඔය පාටවල් ආණ්ඩු වෙනස් වෙන පාරට වෙනස් වෙනවද දන්නේ නැහැ? කොලපාට නිල්පාට රතු පාට වගේ. පාසල් වාහන අඳුනා ගැනිමට හොඳ ක්‍රමයක්. ඒත් ලංකාවේ ඕවා කොහෙන් කෙලවර වේද දන්නේ නැහැ (නි)
මම ඉන්න රටෙත් , ඉස්කෝල වාහන වලට කහපාට ගාලා තමයි තියෙන්නේ. හැබැයි ඒවා ඔක්කොම ඉස්කෝලෙට අයිති වාහන. (නි)
නමුත් මේක අනිවාර්යයෙන්ම කළ යුතුයි (නි)