කහවත්තේ මවත් දියණියත් මරා දැමීමේ නඩු භාණ්ඩ වන ත්‍රීරෝද රියක්, කවිච්චියක් හා කරාබු කුට්ටමක් රහස් පොලීසිය අද පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. ගොඩකවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රී එල් එච් ධර්මසිරි වෙනුවෙන් අද නීතීඥවරු දෙදෙනෙක් පෙනී සිටියහ. ඔහුට ප්‍රාදේශීය සභා රැස්වීමට යාමට අවසර දෙන්නැයි ඔවුහු ඉල්ලූහ. පැල්මඩුල්ල මහේස්ත්‍රාත් චාන්දනී නිරංජලා ඩයස් මහත්මිය කීවේ ඒ සඳහා බලය ඇත්තේ බන්ධනාගාර කොමසාරිස්ට බවත්, ඒ සඳහා ඔහුගෙන් අවසර ගත යුතු බවත්ය. ලොකුගම් හේවගේ දර්ශන නොහොත් රාජු, ඔහුගේ බිරිය වන මොරපිටියගේ රසිකා චාන්දනී උදය කුමාරි (31), ජයසේකර විතානලාගේ සනත් නන්දන හෙවත් චූටි මල්ලි සහ ලොකුගම් හේවගේ ධර්මසිරි මැයි 28දා තෙක් නැවත රිමාන්ඩ් කරනු ලැබූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමන් කියන කතාව හරියටම හරි.නියම උපමාව..
මෙයා මන්ත්‍රී කමින් අයින් කළායි කිවුවේ බොරුවටද එතකොට?
එයාල ඡන්දෙ දීල නැතිව ඇති. ඒකයි එහෙම උනේ...
ගරු නීතීඥවරුනි, හමිවරු මැරුවහම, ස්ත්‍රී දුෂණ කළාම, ළමයින් මැරුවහම ඔබට කතා කරන්න දෙයක් එතන තියනවාද?
ලංකාව වැනි රටක ඉපදීම සතුටක් ඒත්...........දැන් තියෙන්නෙ අපි පුංචි කාලෙ දැක්ක රට නෙමෙයි....
උපාසක පූස..
අද ලංකාවේ හැම තැනම ඝාතන, අපරාධ, ස්ත්‍රීදූෂණ.. මිනිස්සු හැසිරෙන්නේ හරියට දෙයියන්ගේ හාල් කැවිලා වගේනේ.. අගතියට පත් පාර්ශවයට හෙන ගැහිලා ගියත් නීතීඥ මහත්වරුත් සැදී පැහැදි ඉන්නේ වැරදිකරුවන් වෙනුවෙන්ම පෙනී ඉන්න තමයි. ඒ වැඩිපුර මුදලක් අතට එන නිසාමද?
මෙයා ඡන්දෙ දිනුවේ කාගෙ මනාපෙන්ද දන්නේ නෑ
ඉස්සරහටත් ඔහොමම තමයි.....
මේවගේ මිනිස්සුන්ගෙන් මොන සමාජ සේවයක්ද? එල්ලුම් ගහට යවන්නයි ඕන.
ජනතා තින්දුව නම් ඔබට පෝරකයට පමණයි යන්න අවසර තියෙන්නේ
ලැජ්ජි නැතිකම මහ මුදලි කමටත් වැඩිය ලොකුයිලුනේ
හොඳ වෙලාවට මම නීතිඥයෙක් නොවුනේ....
ඇත්තටම ආසියාවේ විතරක් නෙමෙයි මුලු පෘථිවියේම ආශ්චර්යමත් රට ලංකාව වෙන්නයි යන්නේ
මේ වගේ අපරාධකාරයෝ පෝරකේට යවලා යමලෝකෙට යන්න උදවු කරන්න ඕන....
අපෝ තව කුඩු විකුණගන්න වෙන්න ඇති යන්න ඕනා. එයාව පෝරකේට මිස වෙන කොහේවත් අරින්න එපා.
මේ සියල්ලක්ම අසාධාරණයන් බව අපි දනිමු. අප කෙසේ කෑගැසුවත් කෙසේ උද්ඝොෂණ කලත් පලක් වන්නේ නැත. මන්දයත් ලංකාව නැමති කුඩා දිවයින අපචාරයේ, දුරාචාරයේ, තෝතැන්නක් වෙමින් පවතී. ආචාර්යවරුන්පවා දුරාචාරය කරන යුගයකට අප පිවිසෙමින් සිටිමු. මේ සියල්ලටම හේතු සාධකය වනුයේ අද රටේ පවතින දේශපාලනික නීතියයි. මේ නිතින් සමිපාදනය කරණු ලබන්නේ කවරෙක්ද? මැතිඇමතිවරුන් සියල්ලන්ගේ ක්‍රියාකාරිත්වයන් කෙසේවන්නේද? ඒ රටේ අනාගතය සැලසෙන්නේද ඒ තීරණයන් අනුවය. එයට විරුද්ධව ඒකරාසිවි යහපත් සමාජකුමයක් ඇතිකරගැනීමට කටයුතු කිරීම අප සැමගේම වගකීම වන්නේය.බිම වාඩිවීමටත් ඇත්ත කථාකිරීමටත් බියවිය යුතු නැතිබව අපේ මුතුන්මිත්තන් අපට කියාදී තිබුණනත් අද බිම වාඩිවු කෙනා බිමය. පුටුවේ වාඩිවු කෙනා පුටුවෙමය. එම නිසා අවංකවම අද බොහෝ දෙනෙකු ඇත්ත ඇති සැටියෙන් කථා කිරීමටත් බිම වාඩිවීමටත් මැලිකමක් දක්වයි.
මේ රටේ බලය ඇති පාලකයින්ට හා දේශපාලනඥයින්ට රටේ නීතිය එක ආකාරයකිනුත් අසරණ අහිංසක කිසිවක් කරකියාගත නොහැකි පුද්ගලයෙකුට තව විදිහකටත් කටයුතු කරනු පෙනෙයි. මෙය නීතියට පමණක් නොව සමස්ත සමාජයේම ප්‍රජාතන්ත්‍රවාදයට සිදුකරන බලවත් අපහාසයකි. නීතිය කුමන ස්වරූපයෙන් අර්ථ දක්වා ඇතත් මේ රටේ තවමත් නීතිය සෑම පුරවැසියෙකුටම එක සමාන ආකාරයෙන් ක්‍රියාත්මක වන්නේ දැයි සිතා බැලිය යුතුය. මිනීමැරීම, මත්ද්රකව්ය බිස්නස්, පාතාල අපරාධ, ස්ත්‍රී දූෂණ ආදී වැරදි ක්‍රියාවල නියැලීම එකකි. ප්‍රතිවිරුද්ධ දේශපාලන අදහස් දැරීම තවත් එකකි. අද දේශපාලන වශයෙන් විරුද්ධ ආකල්ප දරණ පුද්ගලයාටද සලකන්නේ පාතාල අපරාධ, ස්ත්‍රී දූෂණ සිදුකළ මැරයෙකුට සලකන අයුරින් වීම වර්තමාන නීතිය ඇදවැටී ඇති තත්වය කදිමට නිරූපණය කරන සන්ධිස්ථානයක් වී තිබේ. සුදුවෑන් කෙරෙහි ඇතිබිය නිසා මේ පිළිබඳ කතාබහ කිරීමද වර්තමානයේ බියජනක කාර්යයකි.
නීති වේදීන් ඉන්නේ හොරු රකින්න ද?
මොන ඡන්දෙද පෝරකයට යවනවා මිසක්
ඇත්තට මහා පරිමාණෙන් කුඩු ජාවාරම් කරල නිදන් හාරල අපචාර කරල මහජනයා වෙනුවෙන් කතා කරන්න අයිතියක් තියෙනවාද?
මේ මිනිහ ඇදුමක් ඇදගෙන ද පළාත් සභා රැස්වීමට යන්න අවසර ඉල්ලන්නේ මෙහෙම ගියොත් හිරගෙවල් වල ඉන්න හැමෝමත් මගුල් ගෙවල් වල යන්නත් අවසර ඉල්ලා හිටි කුඩු විකුණලා කාන්තාවෝ දෙන්නකු මරලා හිරේ ඉඳගෙන රැස්වීමට යන්න අවසර ඉල්ලනවා එල්ලුම් ගහට යවන්න ඕනේ වෙනකොහෙවත් නෙවේ
මේ මිනිස්සු අනිවාරයයෙන්ම පොරකයට යවන්න ඕනි. අහින්සක ජිවිත දෙකක් උදුරගත්ත.
ඕවා ද වැඩ. එදා ඉතාලියට මගේ දුවා දරුවනි කියා තාත්තා කෙනෙක් ආවා,පසුව යූරෝ වංචාවකට ලක්‌ව ගොස් දැන් කුඩු රජෙක් මිනීමරුවෙක් වන චූදිතයකුට නීතිතර්ක යොදා පෙනී සිටින්නේ උසස් අයගේ බලතල මත,මෙහෙව් රටක් ......
ඇත්තටම ආසියාවේ විතරක් නෙමෙයි මුලු පෘථිවියේම ආශ්චර්යමත් රට ලංකාව වෙන්නයි යන්නේ.එක ඇමතියෙක් හාමුදුරුවන්ගෙ මූනටම කියනවා "මමනම් හාමුදුරුවනේ වයින් ටිකක් විතරයි බොන්නෙ" කියල.එහෙම කියල දිව්්‍යය ලෝකෙ සැප ගන්න හැටි කතා කරණවා.ඒ උනාට රූපවාහිණී චැනල් එකේ වයින් බොන දර්ශනයක් ගියොත් ඒකට කොටු දානවා.තව දේශපාලඥයෙක් මිනී මරල,කුඩු විකුනල හිරේ ගියාට පස්සෙ උසාවියෙන් ටික දවසකට ආයෙ දේශපාලනේ කරල එන්න ගිහින් එන්න ඉල්ලනවා.තව ඇමතිල පූජා භූමි ලඟ බාර් අරින්න හදනවා.අනේ මන්දා.......
සමන්ගෙ කතාව ගොඩක් නිලධාරීන්ටත් අදාලයි....
කුඩු වලට දේශපාලන සහය ලබෙනවා. කියන එකට මේක හොඳ සාක්කියක්. ඔක්කොම එළි උනයින් පස්සේ හැමෝම සුදනො වෙන්න හදනවා
ඔව් සමන්, ඔයා කියපු දේ හරියටම හරි......
ඌරො කවදද අසූචි කන එක නතර කරේ...