කහවත්ත ද්විත්ව ඝාතනයේ තෙවැනි සැකකාර ත‍්‍රිරෝද රියැදුරු නන්දන ජයසේකර හෙවත් චූටිමල්ලී වෙනුවෙන් අද පළමු වරට නීතිඥවරයෙක් පෙනී සිට මහාධිකරණයේ ඇප ඉල්ලීම සඳහා සම්පූර්ණ නඩු වාර්තාව ඉල්ලා සිටියේය. එය ප‍්‍රතික්ෂේප කළ චාන්දනී නිරංජලා ඩයස් පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත්වරිය, මුල්ම දින වාර්තාවේ ද අද දින වාර්තාවේ ද පිටපත් නිකුත් කරන ලෙස නියෝග කළේය. නයනා නිල්මිණි (52) හා ඇගේ දියණිය කවින්ද්‍යා චතුරංගනී (18) මරා දැමී යැයි දෙවැනි සැකකාර රසිකා චාන්දනී උදයකුමාරි (අශෝකා) ද ඇගේ සැමියා වන පළමු සැකකරු දර්ශන හෙවත් රාජු හා සිව්වන සැකකරු වන ගොඩකවෙල ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී එල්.එච්. ධර්මසිරි යන සැකකරුවෝ ද පැමිණ සිටියහ. ඔවුන් වෙනුවෙන් අද නීතිඥවරු නොවූහ. ගොඩකවෙල ප‍්‍රා. සභා රැස්වීම අඟහරුවාදා (29) පැවැත්වීමට නියමිතය. පොලිස් ආරක්ෂාව සහිතව ධර්මසිරි එහි රැගෙන යාමට නියමිතය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු චූටි මල්ලී.. මුන්ට දෙන්න ඕනි නොමරා මරන දඩුවම්
ඔය අසූචි කන්නෙ නෑ කියපු ඌරො දැන් ටික ටික කන්නෙ තව ටික දවසකින් ඌරො රන්චුවක්ම අසූචි කන හැටි බලන්න පුළුවන්...
බල්ලෝ මරලා හරි සල්ලි දුන්න නම් ඇති මේ කාක්කන්ට
දූෂණ, ඝාතන අපරාධකාරයෝ මන්ත්‍රීවරු පොලිස් ආරක්ෂකයා සභා රැස්වීම් මහජන මුදල්...........................????????????
ඕනම අපරාධකරුවෙකුට නීතිමය සහාය ලබා ගැනීමට ඇති බලය වැළැක්වීමට උසාවියකටවත් නොහැක
අනේ මේ අයව ඇයි මෙච්චර හුරතල් කරන්නේ?
තමන්ගේ පවුලේ කෙනෙක්ට මේ දේ වුණත් ඒක කරපු මිනිහට සල්ලි දුන්නනම් අනික් පැත්තට කතා කරාවි
සල්ලිවලට ඕන දෙයක් පාවල දෙයි
ලෝයර්ලට ලැජ්ජ නැද්ද මන්දා මුළු රටම අනුමත නොකරපු මිනිස් ඝාතනයක් වෙනුවෙන් පෙනී ඉන්න.මීට නරකද ලේන්සුවක් දා ගෙන පාරේ හිලා කනවා
චූටිමල්ලිට අද නීතිඥයෙක් හිටියා කියන්නේ හෙට ලොකු මල්ලිලා ටිකටත් නිතිඥයෝ හිටීවි..
ඔය ප්‍රදේශයේ ඉන්න දේශපාලකයින්ගේ නම මොකක්ම හරි ගේමකට ගෑවිලා තියෙනවා.ඉතිහාසය බලන්නකෝ
මේ ඇහුණද? ඔය පෙරකදෝරු මහත්වරු කලිසන් ඇදනද පාරේ යන්නේ?
සමන් දෙවියනේ, ඒ මවත්, දුවත් වෙනුවෙන් සාධාරණේ ඉටු කරන්න
මිනිමාරුව පළාත් සහා රැස්වීමට එන්න යන්නේ මොකටද? රැස්වීමට ගිහින් ඉන්න අනිත් ගැනුත් දුෂනය කරලා මරන්න කියන්නද? මේවගේ මිනිමරුවෝ යවන්න ඕනේ එල්ලුම් ගහට රැස්වීම්වලට නෙවි
සල්ලි වලට බල්ලෝ හරි මරණ මෙයාලනම් නීතිඥයෝ නෙවෙයි,,
පිරිමි මදිවට ගෑනුන් හවුල් වෙලා තව ගෑනුන්ව දූෂ්‍ය කරලා මරන්න. අනේ මේ අයත් ගෑනුද?අම්මලාද?..මෙහෙමත් රටක අපි ඉපදිලා ඉන්නවානේ අනේ අම්මාපල්ලා..
අපේ රටේ ඉන්න නමගිය අපරාධ කාරයන්ගේ නම් ඇහුවම ඒ අය මොන තරම් තොත්ත බබාලද කියලා හිතෙනවා.එක් කෙරුවාව දැක්කම ඇග හීතල වෙලා හිරිගඩු පිපෙනවා..