කහවත්ත ද්විත්ව මිනීමැරුම් නඩුවේ ප්‍රධාන සැකකරුගේ බිරිය වන රසිකා චාන්දනී උදය කුමාරි හෙවත් අසෝකාට කුරුවිට බන්ධනාගාරයේ ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බවට ඇය කළ ඉල්ලීම අනුව ඇය කොළඹට මාරු කරන ලෙස පැල්මඩුල්ල මහේස්ත්‍රාත් චාන්දනී ඩයස් මහත්මිය නියෝග කළාය.රහස් පොලීසිය ඊට විරුද්ධ නොවීය.
අසෝකා ද ඇගේ සැමියා වන ලොකුගම්හේවාගේ දර්ශන හෙවත් රාජු හා ත්‍රීරෝද රියදුරු ජයසේකර විතානලාගේ සහන් නන්දන ජයසේකර හෙවත් චූටිමල්ලි ද ලබන 19 වනදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
ඔවුන් වෙනුවෙන් නීතීඥවරු පෙනී නොසිටියහ. රස පරීක්ෂක වාර්තා ඉදරිපත් නොකැරුණු අතර රහස් පොලීසිය විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කළේය. රාජු හා චූටිමල්ලී වෙනම ද අසෝකා වෙනම ද බන්ධනාගාර රියෙන් රැගෙන යද්දී සිහින් හූ හඬක් නැගිණි. රැස්ව සිටියෝ ඔවුන්ට ශාප කළහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හූ කියල මදි
එල්ලුම් ගහට යවන්න ඕන..
කුඩු බිස්නස් කරපු අය ලග ආයුධ වලට මන්නා පිහි විතරද තිබුනේ
තව මොකටද ආරක්ෂාව
අපරාදය මිනිස්සුනට අමතක වෙන්න කලින් දඬුවම් දෙන්න.
මේ වගේ අපරාද කරන උන් ප්‍රසිද්දියේ ගල් ගහල මරන්න ඕන
මේ වගේ අය නිදහස් කරන්න නම් එපා.
රජකාලේ හැටියට උල තියන්නේ ඕනේ.
සෞදි නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ
උපරිම දඬුවම් දෙන්න ඕනේ.