වසර කිහිපයකට පෙර යුරෝපයේ නගරයක ජිවත් වු කතක ශ්‍රි ලංකාවෙ සිටි තම සැමියාව ඉතාලියට ගෙන්වා ගත්තාය. ඵතැන් සිට මවත් දියනියත් පියාත් ඵකම නිවසකසතුටින් විසුහ. ඵහෙත් කාලයාගේ ඇවෑමෙන් පියාට බොහෝ මිතුරන් ඇති විය.
පියා මිතුරන් සමග විස්කි බ්‍රැන්ඩි පානය කරමින් තරුණයකු මෙන් සැහැල්ලු ජිවීතයක් ගතකිරිමට පෙළඹෙයි. පියා දිනපතා ගෙදර එන්නේ හතරගාතයෙනි.එසේ වන ඔහු මවටත් දියණියටත් පහර දෙමින් අඩදබර ඇතිකර ගනියි.
පසුව පියා මවත් දියණියත් ශ්‍රි ලංකාවට රැගෙන ගොස් ඵහි රදවා නැවත ඉතාලියට පැමිණියේය.
ඔහුගේ සතුටින් පිරි ජිවීතය තවතවත් වර්ධනය කර ගැනිම සදහා කාලයේ ඇවැමෙන් නැවත ඉතාලියට පැමිණිමට නොහැකි ලෙස මවගෙත් දියණියගෙත් වීසා කල් ඉකුත්වී යයි.
කෙසේ හෝ ඉතාලියට පැමිණෙන වැඩිමහල් පුතා පියා සමග ඵකම නිවසක ජිවත් වේ.
වසර ගණනාවක් මිතුරන් සමග විනෝදයෙන් කල් ගෙවි පියාගේ කකුල් දේකේ නහර ආශ්‍රිත රෝගාබාධයක් හේතුවෙන් සැත්කමක් කිරිමට සිදුවෙයි.
සැත්කමට ප්‍රථම පසුගියදා මෙම පුතා විසින් පියා නිවසින් පන්නා දමයි. යනඵන මන් නැතිවු පියා පොලිසියට ගොස් පුතාගෙන් තමාට සිදු වු අසාධාරණය කියයි. පුතු සොයා පැමිණෙන පොලිසිය පියා නිවසින් පන්නා දැමිමට හේතුව විමසති. තම අහිංසක මවටත් නැගණියටත් පියා විසින් සිදුකළ අසාධාරණයන් වෙනුවෙන් ඔහු මෙසේ වන්දි ගෙවීය යුතුයැයි පුතු පියා ඉදිරියේ පොලිසීයට කියයි.
ඔබ අතිනුත් වැරදි සිදුව තිබෙනවා.මේ සදහා අපට මැදිහත් වෙන්න බැහැ ඉන්න තැනක් නැතිනම් නැවත රටට යන්න ඵසේ පැවසු පොලීසීය පිටත්ව ගියේයෙ.මේ වන විට එම නගරයේ ශ්‍රි ලාංකිකයෝ පිරිසක් විසින් සමිමාදම් ඵකතු කරමින් පියාට නැවත ලංකාවට යෑම සදහා ගුවන් ටිකටි පතක් ලබාදීමට සුදානම් වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ කුණු ගොඩවල් ආයිත් ලංකාවටම තමයි. මේ මිනිස්සු ලංකාවෙත් බේ බද්දෝ මෙහේ ආව කියලා ඕවා නවතින්නේ නැහැ. (ස)
ලංකාවේ අය කොහේ ගියත් බොන එකනම් නතර කරන්නේ නැහැ. මත් පැන් පානය කිරීමට ලෝකයේ හතරවෙනි තැන.(නදී)
මොවුන්ට තාත්තා කියන අයට මුලින් ගහන්න ඔනා අසරණ ගැණුන්ට හා දරුවන්ට වදදුන් මොවුන් තාත්තලා නෙමේ.. (ස)
දහසක් දෙනා ඇබ්බැහිවී බීම වෙත.. දරුවන් සමග මුළු පවුලම කඩා ඇත.. මේ සැමදේට හේතුව තම දුබල සිත.. දිරිමත් සැමට තිබ්බැහැකියි මතට තිත (නි)
මේ වාගේ මිනිස්සුත් ඉන්නවානේ (දී)
මටත් ගැනියෙක් ඉන්න හින්දා කියන්නේ ... එයා එක්ක ඉන්නම බැරි හින්දා වෙන්නැති එන්න එපා කියන්න ඇත්තේ (නි)
වෙන්නප්පුවෙද? දකුණෙද? (නි)
මේ වගේ මිනිස්සු දැකලා හැදෙන්න බලන්න ඕන (ස)
මෙහෙම වෙලා මදි (ස)
වැරදි කරන්න කලින් හිතන්න තිබ්බා (දී)
මෙහෙත් ඉන්නවා මෙහෙම මිනිස්සු. (නි)
බොන්නේ නැත්තේ ගුණසිංහලා බීලා වැනෙන්නේ වණසිංහලා බීලා බීලා වැඩිවුණහම ඒකා බලුසිංහයා... (නි)
අදික බීමත්කම නිසා මීට වඩා අභාග්‍යසම්පන්න පුවත් ඉතාලියේ වෙසෙන සිංහලයන් සම්බන්ධව ඕනෑ තරම් ඇත.(නදී)
ඉතාලියට අමාරුවෙන් ඇවිත් ඒඔක්කොම අමතක කරලා. විස්කි බැරුන්ඩි වයින් බොමින්, ඒ බේබදු ජාලය තරකර ගන්න මානබලන බේබද්දන්ට තවත් අහින්සකඉන් බිලිනොවේවා.... (ස)
අපේ සිංහල අය බීල වැඩිවෙලා. ලංකාවේ මත්පැන් පානය කරන අයගෙන් සියයට සියයක්ම සිංහල අය. (ස)
ඇත්තටම ලංකාවේ මිනිස්සු බොන්නෙ පෙරේතකමට.සමහරු කියනවා එයාලා නම් බොන්නෙ පමණ දැන කියලා. නමුත් කාලයක් යනකොට ඒ පමණ කියන එක අවලංගු වෙනවා. (නි)
හැමකෙනාම රට ගියාට මොලය තියන කෙනා දන්නවා ඇයි රට ආවේ කියලා. අපි රටකට එන්නේ ජීවත් වෙන්න සහ දියුණු වෙන්න ක්‍රමයක් හදාගන්නයි.(නදී)
ඔවු. බීමත්කම නිසා සිදු වුණු අභාග්‍යසම්පන්න පළමු සිදුවීම ඕක නෙමෙයි. මට හිතාගන්න බැහැ ඇයි අපේ ලංකාවේ පිරිමි බිමට මෙතරම් පෙරේත කියලා. බීම නිසා මේ මිනිස්සුන්ට නැතිවෙන දේවල් වල කෙළවරක් නැහැ. (නි)
ඉතාලියේ ලාංකිකයන්ගේ බීමත් කම ගැන අපට ඇත්තේ මහත් සංවේගයකි.(නදී)
බේබද්දන් හොඳ නරක, යුතු අයුතුකම් දන්නවද? (නි)
එතකොට බොන්න සෙට් වෙලා හිටපු යාලුවෝ මොකද කියන්නේ? නවතින්න ඉඩක්වත් දෙන්නෙ නැද්ද? බෝතලේ වටේට ඉන්න නිළමැස්සෝ සල්ලි නැතිදාට ළඟ නැත. ඔය සත්‍යය බොන හැමෝම තේරුම් අරගෙන හැදෙන්න බලන්න... (නි)
තාත්තා කළ දේ පුතා නොකළොත් කාගෙද පුතා කියනවානේ. මෙහෙම වෙලත් මේ තාත්තාට හැදෙන්න බැරිද ? (නි)
කිසිම උදව්වක් කරන්න හොද නැහැ මේ වගේ අයට.(නදී)
අපොයි තවත් කුණුගොඩක් ලංකාවට. (නි)