බණ්ඩාරගම මැදගම සුපිරි වෙළඳසලකට ගිනි අවි දෙකක් සමග ඇතුළු වූ පිරිසක් එහි සිටි සේවකයන් හා පාරිභෝගිකයන් පස් දෙනකු දණ ගස්වා රුපියල් 27000ක් කොල්ල කා පැනගොස් ඇතැයි පොලිසිය කියයි.
එහි සිටි සේවිකාවකගේ රන් මාලය කොල්ලකෑමට සැරසෙන විට ඇය එක් සැකකරුවකුට පහරදී ඇති අතර එවිට අහසට වෙඩි තබමින් කොල්ලකරුවෝ පැන ගොස් ඇති අතර තවත් සේවකයකු එක් සැකකරුවකු අල්ලාගෙන ඇති බවත් ඔහු අත රැඳි ගිනි අවියෙන් සේවකයාට පහරදී ඔහුගෙන් මිදී පළාගිය බවත් පොලිසියට ලැබී ඇති පැමිණිල්ලේ සඳහන් වේ.
ඇය කරාටි ක්‍රීඩාවෙන් සම්මාන ලැබූ කතන බව පොලිසිය කියයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ ළමයාගේ මුහුණ මාධ්‍ය මගින් පෙන්වන එක එතරම් නුවණට හුරු නැහැ. (ම)
මදැයි. රුපියල් 27000 කට 54000 ක ගුටිකාලා (නි)
ඇගේ වීරත්වය අප අගය කළයුතුයි. එහෙත් ඇය පහර දුන්නත් නැතත් මුදල් කොල්ලකා ගත් පසු හොරා පැනලා යනවාමයි. හැබැයි කාන්තාවගෙන් ගුටි කෑ හොරා එක පැත්තකින් බැලුවහම මානුෂිකයි. ඒකයි ඔහු ඇයට වෙඩි නොතබා අහසට වෙඩි තියලා විතරක් පැනලා ගියේ. (නි)
නියමයි. අන්න එහෙම තමයි ඉන්න ඕනෑ
කළු පටි කාරයෝ පුටු උසල ගහන්නේ නේ මමත් කළු පටි තමයි (ම)
හොරා වුනත් ගෑනුන්ට නොගහන හොරෙක් වගේ. නැත්නම් ඉතින් වන් ෂොට් තමයි (බ)
ඒ ගැහැණු දරුවා මේ හොරාට පින්දෙන්න ඕනෑ. ගැහැණු දරුවෙකුගේ දඟ වැඩ දිහා උපහාසාත්මකව බලලා යන්න ගිය නිසා. ඔලුවට වෙඩි නොතියා. (නි)