වසර පහළොවකට පෙර කොටි සංවිධානය විසින් මිසයිල ප්‍රහාරයකින් යාපනයේ ඉරණතිව් මුහුදු සීමාවේ දී වනසා දැමූ ඇන්ටනෝව් 24 ගුවන් යානයේ සුන්බුන් අතර තිබී මිනිස් ඇට කැබලි, ඇඳුම්, සෙරප්පු වැනි දේ, දොස්තර නළාවක්, රත්තරන් දතක කොටසක් ඇතුළු දේ සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි.
යානයේ කළු පෙට්ටිය මෙතෙක් සොයාගෙන නැත. යානය පිපිරවූ මුහුදු කොටින් එය රැගෙන යන්නට ඇතැයි සැකයක් ද පවතී.
පොලීසියට හා ත්‍රිවිධ හමුදාවට අමතරව සිවිල් ගුවන් සේවා, පුරා විද්‍යා, රස පරීක්ෂක, අධිකරණ හා අධිකරණ වෛද්‍ය නිලධාරී, නීතිපති නිලධාරී හා දෙස් විදෙස් මාධ්‍යවේදීහු එහි ගොස් සිටිති.
කිමිදුම්කරුවන් අඩි තිහක් මුහුදු පතුලේ දී හඳුනාගන්නා කොටස් දොඹකර සහිත නැවකින් උඩට ගැනේ.
නොකැළඹුණු මුහුදට හොඳට ඉර අව්ව පයා තිබියදී මුලින්ම මේ කොටස් දුටු ධීවරයන් ඒ බව නාවික හමුදාවට දන්වා ඇත.
කොටස් ගොඩ ගැනීමේ ආරම්භය එය බව දැනගන්නට තිබේ.
(යානය ගොඩ ගැනීමට පෙර මුහුද යටදී ගත් ඡායාරූප)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශිෂ්ඨ මෙහෙයුමක්. (ත)
ඕකේ සල්ලි තියෙනවාද බලන්න. (ත)
මරු.
මාතලේ , වහලා ඉරණතිව් අරිනවා. අපි දැන් මාතලේ අමතක කරලා, ඉරණතිව් මුහුදට යමු. නියම ගමන.(නදී)
තිබ්බානම් ඔප්පු කරන්න තිබ්බා කොටින්ගේ රඟ (දී)
නාවික හමුදාවට දැනුම් දුන් ධීවරයින්ට ස්තුතිය.(ස)
මොකද නාවික හමුදාවට මේවා පෙනුනේ නැත්තේ.(නදී)
මොකද නාවික හමුදාවට මේවා පෙනුනේ නැත්තේ ? (ස)
යුද්ධයේ සාපයෙන් ජීවිතයෙන් වන්දි ගෙවුවෝ.. (ස)
සමහරවිට ටින්කරින් කරලා ගන්න යනවද දන්නේ නැහැ. (ස)
සොයන්නාට සමබ වේ (දී)
අපේම කරුමයක්ද කොහෙද (දී)
කළු පෙට්ටිය සාමාන්‍යයෙන් විනාශ වෙන්නේ නැහැ (දී)
දිරලාද දන්නේ නැහැ (දී)
ඒ කළු පෙට්ටිය කොටි ගන්න ඇති (දී)