කළුතර දිස්ත‍්‍රික් ක‍්‍රිකට් සංගමයේ සාමාජික කී‍්‍රඩා සමාජ වල නියෝජිතයන් එහි වාර්ෂික මහා සභාව සහ නිලවරණය පැවැත්වීම සඳහා පෙරේදා (25) කළුතර නගර සභා ශාලාවට රැස්වූ නමුත් සංගමයේ ලේකම්වරයා ඇතුළු නිලධාරින් එහි ව්‍යවස්ථාවට පැටහැනිව කටයුතු කර ඇතැයි කියන චෝදනා නිසා නිලවරණය අතර මග නතර කරදැමීමට නිලවරණයේ තීරකවරයා ලෙස කටයුතු කළ නීතිඥ රොහාන් කුරේ මහතා තීරණය කළේය. මෙම නිලවරණය, සංගමයේ ව්‍යවස්ථාව අනුව පවත්වන ලෙස අධිකරණ නියෝගයක්ද නිකුත් කර තිබිණ. නිලවරණයේ තීරකවරයා ලෙස නීතිඥ රොහාන් කුරේ මහතාට අධිකරණය විසින් බලය පවරනු ලැබ තිබුණි. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් ද අධීක්‍ෂණ නිලධාරියකු පත්කර සිටියේය. නීතිඥ රොහාන් කුරේ මහතා එහිදී සාමාජිකයන්ගෙන් ඉදිරිපත් වූ කරුණු පිළිබඳව අවධානය යොමු කර ව්‍යවස්ථාවට අනුව කටයුතු නොකිරීම නිසා නිලවරණය පැවැත්විය නොහැකි බවට තීරණ කර තිබේ. ව්‍යාජ ලේඛණ සකස් කර වෙනත් පුද්ගලයන් නිලවරණයට කැඳවීම, වාර්ෂික ගිණුම් වාර්තාවට විධායක කමිටුවේ අනුමැතිය ලබා නොගැනීම, ව්‍යවස්ථාවේ අටවැනි පිටුවේ 13 වැනි වගන්තිය ප‍්‍රකාරව මහා සභාවට අනිවාර්යෙන්ම ඉදිරිපත් කළ යුතු වාර්ෂික ප‍්‍රගති වාර්තාව ඉදිරිපත් නොකිරීම යන කරුණු මත ව්‍යවස්ථාව උල්ලංඝණය වී ඇතැයි එහිදී රැස්ව සිටි සාමාජිකයන් විරෝධය පළ කළ බව වාර්තා වේ. මහ සභාවේ වැඩ කටයුතු ආරම්භ කරමින් ලේකම් වරයා පසුගිය සභා වාර්තාව ඉදිරිපත් කිරීමට යෑමේදී විරෝධතා ඉදිරිපත් විය. ඕල්ඞ් ශ්‍රීපාලියන්ස් ක‍්‍රීඩා සමාජයෙන් නිලවරණයට සහභාගි වන නිලධාරින් පත්කිරීමට පිළිබඳව ගැටළු සහගත තත්ත්වයක් ඇති වූ බවත් එහිදී පැමිණ සිටි එම ක‍්‍රීඩා සමාජයේ නිලධාරීන් සභාවෙන් ඉවත් කර බවත් වාර්තා වේ. මේ පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමකදී කළුතර දිස්ත‍්‍රික් ක‍්‍රිකට් සංගමයේ ලෙක්ම් දුමිඳු හේමාල් මහතා පැවසුවේ අධිකරණ නියෝගයක් තිබීම හේතුවෙන් තමන්ට විධායක කමිටුව රැස්කළ නොහැකි බවත් අධිකරණ නියෝගය අනුව නිලවරණය පැවැත්වීමට කටයුතු කළ බවත්ය. මේ පිළිබඳව ‘ලංකාදීප’යට අදහස් දැක්වූ කළුතර නාගරික ක‍්‍රීඩා සමාජයේ ලේකම් වසන්ත ආරියවික‍්‍රම මහතා පැවසුවේ මහා සභාව සහ නිලවරණය, කළුතර දිස්ත‍්‍රික් ක‍්‍රිකට් සංගමයේ ව්‍යවස්ථාවට අනුව පවත්වන ලෙස අධිකරණ නියෝගයේ සඳහන් කර ඇති බවයි. ‘‘මෙම නිලධාරීන් වසර දෙකක් දිස්ති‍්‍රක් කි‍්‍රකට් සංගමය පාලනය කළා, ඔවුන් වාර්ෂික වාර්තා දෙකක් ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේම ව්‍යවස්ථාවට අනුව සාමාජිකයන්ට යොමු කළ යුත්තේ විධායක කමිටුව සම්මත කළ ගිණුම් වාර්තායි. නමුත් මෙම නිලධාරීන් ව්‍යවස්ථාවට අනුව කටයුතු කර නෑ’’ යැයි ආරියවික‍්‍රම මහතා වැඩි දුරටත් පැවසීය. කඵතර දිස්ත‍්‍රික් ක‍්‍රිකට් සංගමයේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණයේදී සභාපති ධූරයට කීපවරක් ඉදිරිපත් වූ සුමිත් පෙරේරා මහතා කටයුතු කරයි.
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කළුතර දිස්ත‍්‍රික් ක‍්‍රිකට් සංගම් නිලවරණය අතර මග නවතී