තම ශරීර සෞඛ්‍ය ගැටළුවක් නොවේයැයි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ 11 වන සැකකරු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මීට ටික වේලාවකට පෙර ‘එසැණ‘ සමග පැවසීය.
අද පස්වරු 1.30ට පමණ සිය මව සහ පියා සමග ඔහු පැලවත්තේ සිය නිවසට පැමිණියේය.
කළු කලිසමක් හා කහ කොටු කමිසයකින් සැරසී සිටි දුමින්ද සිල්වා පැවසුවේ කොළොන්නාව ආසනය භාර ගෙන දේශපාලන වැඩ කරගෙන යන බවයි.
මන්ත්‍රීවරයා මාධ්‍ය සමග සුහදව කතා කළේය.
දුමින්දගේ පියා පැවසුවේ පුතා කියන දේ හැර වෙනත් දෙයක් තමාට කියන්නට නැති බවයි.
දුමින්ද සිල්වා රෝහලෙන් පිටවී යද්දී මාධ්‍ය සමග කතා කළේ නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රභාකරන් කිව්වනේ සිංහල ජාතියට යම් සිදුවීමක් මතක තියෙන්නේ සතියයි කියලා..!(නු)
අපි හරිම අවාසනාවන්ත ජාතියක්.....(ස)
සම්පුර්ණ ඇත්ත. අපිත් දැනගෙන හිටිය කිසිම සෞඛ්‍ය ගැටළුවක් නොතිබුන බව. (ස)
ජය වේවා ගරු දුමින්ද සිල්වා මැතිදුනි. ජය වේවා.අද ඉතාම සතුටු දවසක්. අප දැනහිටියා ඔබතුමා නිර්දොශියි කියලා. නැවත ක්‍රියාකාරී දේශපාලනයට පැමිණ ඔබතුමා කෙරෙහි විශ්වාශය තබා ඇති සුවහසක් ජනයාට සේවය කරන්න. කවරුත් දැනගන්නට ඕනි දේ තමයි කොලොන්නාවේ සිදුවීමෙන් සැබවින්ම අගතියට පත්වුයේ ගරු දුමින්ද සිල්වා මහතා බව. එතුමන්ට වෙඩි වැදී රෝහල් ගතව වසර ගණනක් ප්‍රතිකාර ලැබීමට සිදුවුවා. දැන් අපගේ වාසනාවට එතුමන්ට සුවය ලැබෙමින් පවතිනවා. අප ඔබ සමගයි ගරු දුමින්ද සිල්වා මැතිදුනි. ඔබතුමාට ජය වේවා.(නු)
මගේ පරම පැතුම එයයි. එමගට මා විසිකරන්න. අපේ ජාතිය නැතිවීයන කාලය නොවේ.(නු)
මට සියල්ල මතකයි..! (ස)
යන්තම් ඈති රටේ බඩු හිගයක් තිබුන (නු)
40%අක්‍රියයි නේද මොලේ..!(නු)
දකින්නට නොපතන් මෙවැනි මිනිසුන්.(නදී)
විමල්ගෙන් අහන්න මේකත් විජාතික කුමන්ත්‍රණයක්ද කියලා.(නදී)
එතකොට මෙපමන දවසක් අධිකරනයට බොරු කියුවාට දඬුවම්? (නදී)
මේක දුමින්ද සිල්වාට ප්‍රසිද්දිය අරන් දෙන්න හිතා මතා කරපු වැඩක්. ඔය මනුස්සයට තිබ්බනේ සද්ද නොකර රෝහලෙන් පිටවෙලා යන්න. ආසියාවේ ආස්චර්ය. කෝ දැන් විසබීජ යන කතා, මතක නැති කතා. (නදී)
මුලු ලංකාවම විහිලුවකට අරගෙන.(ස)
මේ යන ගමන ගමනට වැඩි දුරක් යන්න බෑ. ශ්‍රී.නි.පාක්ෂිකයෝ කියන්නේ.(නදී)
බලාගෙන ඔයාගේ තුවාල වලට දූවිලි යයි. (නි)
දේශපාලුවන්ට මහජනතාව පයට පාගා සිටින කල රට වැසියන් සතුව ඇති එකම අවිය අධිෂ්ටාන ප්‍රාර්ථනා පූජාව පමණි. ජනතාවනි, අප සම එකමුතු වී තනි තනිව දිනපතා උදය සවස 6.00 ට තමන් අදහන ආගමක් සිහිකර 'මේ රට නසන පාපතරයන්ට ස්වබාව ධර්මයෙන් දඩුවම් දී අපේ රට ආරක්ෂා වන' ලෙසට අදිෂ්ඨාන පාරමිතා පුරන්න. සත්තකින්ම අප සියල්ලෝම එසේ කළහොත් එය ප්‍රතිපල ගෙන දෙනු නිසැකය . ඒ හැර වෙනත් විකල්පයක් ඉතිරි වී නැති බැවින් අපි අදම පටන් ගමු. (නි)
මේ අපරාද මහ පොළොව කොහොම උහුලන් ඉන්නවද කියල මටනම් තේරෙන්නේ නැහැ. (ස)
බලය, බලෙන් පැහැරගත් රටක වෙන මොනවාද බලාපොරොත්තුවිය හැක්කේ? (නදී)
කන්ඩ නැතත් අපිට කමක් නෑ බොන්ඩ දුන්නොතින් ඒ හැටි දුකක් නෑ.(නදී)
දේශපාලනය විතරද ? (ස)
ගොඩක් මිනිස්සුන්ට ආත්ම ශක්තියක් නැහැ (නි)
රටට ගිය කලක්..!(නු)
ඔන්න අපිට අද එලිපිටම නීතියේ සාධාරණ ස්වාධීන බව වැටහුනා! (නු)
ඊලග ජිනීවා මානව හිමිකම් සමුළුවට ගෙනෙන යෝජනාවට මමත් හිතින්ම සහයෝගය දක්වමි... (නු)
මෙහෙම රටක් ගැන හිතේ ඇතිවෙන්නේ දුකක්(නු)
දුමින්දට මතකයි .අපිට අමතකයි තව සති 2 කින් .(නු)
කියන්න දෙයක් නැහැ අපි මේ මහා රගමඩලේ නරඹන්නනන් නිසා... (නි)
‘කොළොන්නාවෙන් යළි දේශපාලනය අරඹනවා‘?(නු)
නීතිඥ මහත්තුරු උසාවියට කිව්වා නේද විසබීජ යන නිසා උසාවියට එන්ඩ බැ...කියලා....එතකොට හැබැම ආශ්චර්යයක් නොවැ මේ වෙලා තියෙන්නේ....(නු)
මොනවා කරන්නද ?(නු)
තමන්ම ගස් බෙඳ ගන්න, ඔලුවට් තමන්ගේ පිස්තිලෙන් ගහ ගන්න, රටේ 40% මොලේ අක්‍රීය කෙනෙක්, මතක නැති කෙනෙක් දේසපාලනය අයේ 'නවත්තපු' තැනින් පටන්ගන්න එක පුදුම වෙන්න ඔනද? (නු)
මෙහෙමත් රටකනේ දෙවියනේ අප ඉපදුනේ? (නි)
ප්‍රභාකරන් අපේ සමහර ලොකු ලොක්කන්ට වැඩිය විනයක් තිබුන කෙනෙක්. සමාවෙන්න මම කිව්වේ ඉවසන්න බැරිම තැන. (නි)
මෙයාලා හරියට ඔලිම්පික් ගිහින් රන් පදක්කමක් ගහල වගේනෙ හසිරෙන්නේ... (ස)
කෝ හිරුනිකා මොකද සද්දයක් නැත්තේ ? (ස)
පරණ ව්‍යාපාර ඔබතුමා නැවත පටන් අරගෙන ඒවා දියුණු කරන්නම ඕනෑ (නි)
අපි අපේ දේශපාලකයන් එසේම තියාගෙන අලුත් ජනතාවක් පත් කරගනිමු. මේ ඔක්කොම ගැටලු වලට විසදුම ඒකයි (නි)
ලංකාවේ නීතිය වල්වැදිලා කියලා අපි කියන්නේ මේ නිසා තමයි (නි)
මේවට මොනවා කියන්නද කියලා හිතාගන්න පුළුවන්කමක් තියෙනවද?කලකිරෙනවා හැමදේම පිළිබඳව. නංගියෝ, සුදු බබා, ඔන්න ඔයාගේ සුදු අයියා ආවා (නි)
දුමින්දගේ මුහුනේ තියෙන ලස්සන නිසා මහජන තාවට විදුලිබිල අමතක වෙලා අනේ මෙහෙමත් වාසනාවක්..(ස)
ලිබියාවේ පෙනුම, කොල්ලුපිටියට එන දවස වැඩි ඈතක නොවෙයි. (නි)
රටේ හැම නීතියකින්ම හිර කරලා තියෙන්නේ බැරි එකා විතරයි. පුළුවන් එකා කොහොම හරි බේරෙනවා. බැරි එවුන්ට උඩ පැන පැන, එලව එලවා පහර දෙන පොලිසියට වෙන්නේ ඔය වගේ එවුන්ට දෙකට නැමිලා සැලුයුට් ගහන්නයි. ඔන්න අපේ රටේ නීතිය. අනේ හැමෝටම පොදුයි.(නදී)
අප ජාතියට උන විපතක් . මෙහෙම රටක් රවටන්න පුලුවන්ද ? (නදී)
අවුරුද්දකට වඩා රෝහල්ගත වෙලා හිටියත් හොදට ඇග හදාගෙන වගේ. මේක අදිකරණයට අපහාසයක් නෙවේද ? අනේ මෙහෙමත් විහිලු.(නදී)
මෙයාලා හිතන්නේ අපි මැරිලා ඉපදිලා කියලද?(නු)
වෙන කාගෙහරි මොලයක්වත් හයි කරලාද? (නු)
අපේ රටට උන දෙයක්..!(නු)
කෝ අපේ රටේ නිතිය (නු)
ගාමිණී හෙට අනිද්දට හිරුනිකා දුමින්දත් එක්ක එකතු වෙලා දේශපාලනේ කරයි එච්චරයි වෙන්නේ..!(නු)
විරාජ් ඔය හරියට හරි ,මටත් කියන්න තියෙන්නේ ඕකමයි.!(නු)
මෙයාට මොනවත්ම මතක නැහැ කිව්වා නේද? එතකොට නවත්තපු තැන්න් පටන් ගන්නේ කොහොමද?(නු)
මෙයාවෙනුවෙන් නීතිඥවරු කිව්ව බොරු ටික..!(නු)
කොළොන්නාවට දෙවි පිහිටයි(නු)
ලක්මෑනියනි සමාවන්න. ලබන ආත්මයේනම් ලංකාවේ ඉපදෙන්න එපා මේවා අහන්න දකින්න,!(නු)
අපේ රටට කාගේ නම් පිහිටක්ද? (නි)
ජය ජය වේවා... ජය ජය වේවා...! උතුම් පුතෙක් සෙවණ ලබා පැලැන්දෙමු විජය ප්‍රභා... සැරදේ.. ජය ජය වේ... (ගහමු මල්ලිලා ඔක්කොම අත් දෙක උස්සලා හොද අත්පුඩියක්... ජය ජය වේ... ජය ජය වේ... (තව හයියෙන්...) (නි)
ඔය එක්කම පෙට්‍රල් මිලත් වෑඩි කළොත් නරකද? (නි)
අසනීපයෙන් හිටියත් බොඩිය හොදට හදා ගෙන වගෙයි. (නි)
ආපහු නැවතුණු තැනින් පටන් ගනීවි එහෙනම්. (නි)
ඇත්තටම නීතිය අන්ධයිද ඈ? (නි)
මේක තියන කන් වෙන්නේ ඔහොම තමයි.(නදී)
පිරිත් නුල් එහෙමත් බැදලා තියෙන්නේ. ඒවා මැතිරුවේ කටින්ලුද?(නදී)
දැං මතක නැතිවෙන එක හොදයි නේද?(නු)
මේ ගයන්නේ මේ යුගය එපා කරවිමේ හංස ගීයද ? (නු)
මට දුක මෙතුමා ගැන නොවේ ඇමරිකන් විරෝදියෝ ගැන....(නු)
දොස්තරගේ වාර්තාවේ කියපු විදියට මේක නම් ලොකු හාස්කමක් නැත්නම් ඒ දොස්තර කොන්දොස්තර කෙනෙක්ද දන්නේ නෑ.අපිත් මෙහෙම රටක ඉපදුනනේ වාසනාවට.(නු)
මෙයා කොලොන්නාවෙන් චන්දය ඉල්ලුවොත් ඇපත් නැතිවෙයි..! මොකද කොලොන්නාව; බොරෙල්ල; දෙමටගොඩ ඇතුළු ජනතාව භාරතට ගොඩක් ආදරෙයි(නු)
අපි හරිම අවාසනාවන්ත ජාතියක්. එකම ව්කල්පය වනගත වෙලා බාවන කරන එකයි(නු)
ඔක්කොම නිතිය අහිංසක ජනතාවට. (නු)
සුභ අනාගතයක්.. ආශ්චර්යය කරා යන ගමනේදී මේවගේ දේවල් වෙනවා..!(නු)
ආනේ සාදූ... සුභ අනාගතයක්..!(නු)
මයා එනවානේ තව..?(නු)
40%ක් අක්‍රීයයි කිව්වේ බොරැවටද? මොලේ සෛල වැඩකරනවාද ආයෙත්.. අපි නම් අහලා තියෙන්නේ නියුරෝන සෛල විනාශ උනාම නැවත හදන්න බැහැ කියලායි.. මෙයාට මොනවා හරි කරලා එහෙනම් හදලා ඇති නේද?(නු)
මතක නැති කෙනෙක්ට මිනිසුන් ඡන්දය දෙයිද?(නු)
කොලොන්නාවේ ජනතාවට මෙයාව මතක නැද්ද දන්නෙ නැහැ..!(නු)
එතකොට මේ වෛද්‍යවාර්තා බොරැ ඒවාද? නැත්නම් නීතිඥමහත්තුරු බොරැ කියනවාද?(නු)
හිරුනිකා - මම දිණුවා දුමින්ද - මමත් දිණුවා. සියල්ලෝම සතුටින් විසිර ගිගේය .(නු)
මේ ගැන රටෙන් පිට විශාරදයන් මොනවාද කියන්නේ..?(නු)
මේක මාර මැජික් රටක් නේ .....ජය වේවා .!(නු)
කොළොන්නාවට යළි අපල කාලයක්ද?(නු)
බුදු සරණයි දෙවි පිහිටයි ශ්‍රී ලංකා.(නු)
මෙච්චර කලක් උසාවිය රවටා ඇත. ඒ ගැනත් සොයා බැලීමට කොමිසමක් පත් කල යුතුයි.(නදී)
ඊයේ දිනයේ හාස්කමකින් සුවය ලැබූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට දිර්ඝායුෂ පතමු.(නදී)
අනේ අවාසනාවක මහත අපේ රටට මේ මොකද වෙන්නේ.(නදී)
මොනව අමතක උනත් බොඩි බිල්ඩින් පාර නම් අමතක කරල නෑ වගේ.(නදී)
සරත් ෆොන්සේකාත් ඔය වාගෙම් හිරගෙදර ඉන්නකොට මාර ලෙඩ. දැන් ඉසෙන් බසින රෝගයක් නැහැ. අනේ වාසනාවන්. ආරෝග්‍ය පරමා ලාබා. මෙයාව උඩ් දාන්නෙත් මිනිස්සුනේ.(නදී)
ජිනීවා සාධාරනද?, අසාධාරනද?. මොහොතක් සිතන්න සිහි බුද්ධියෙන්.(නදී)
මොකද්ද ඔච්චර දුක්වෙන්න උන අපරාදේ? එක ජාතියේ දෙන්නෙක් වෙඩි තියා ගෙන එකෙක් මලා අනෙකා තුවාල ලබා බේරුනා. දුමින්ද මැරිලා භාරත ඉතුරු උනා නම් භාරතට මිනීමරුවා කියල බනි. අපි කැමති නැති උනාට කොහොමත් භාරත ට වඩා දුමින්ද ජනප්‍රියයි. (නදී)
කොලොන්නාවෙන් ඇරඹන්න ලේසියි. ඇයි වැඩි හරියක් ඉන්නේ අමනුස්සයොනේ.(නදී)
නීතිය ලොකු පොඩි කාටත් පොදුයි කියපු එක දැන් තේරෙනවා (නි)
මේ වගේ රටක් ලෝකයේ වෙන කොහෙවත් නැතුව ඇති (නි)
රටේ නීතියට ගිය කලදසාව....! (නි)
පව් කොල්ල හිටියයින් බාගයයි..(ස)
අයියෝ සල්ලි ....! (නි)
දොස්තරලා සහ නීතීඥයන් උසාවිය නොමග යවලාවත් ද ? (ස)
ඔයාල ගණන් ගන්න එපා. එයා මැරිලනේ ඉපදුනේ. ඉතින් මොකුත් මතක නැහැ. මේ වෙන කෙනෙක්. අලුත්ම කෙනෙක්. (නි).
ගිය ආත්මේ ගොඩක් පින් කරලා තියෙනවා. (ස)
ලංකාවට අඳුරු යුගයක් ද ? (ස)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.(නදී)
කොටස් වෙළදපොලට හොද කලක් (ස)
දෙන්නෙක් එකම දේ කරද්දී . අනිත් මහත්තයට තැනක් නැතිව යාවි නේද ? (ස)
ඕනෑම අයකුට නරක කාලයක් තියනවා. සමහර විට මෙයා දැන් හොද මනුස්සයෙක් වෙන්න පුළුවන්. තව අවස්ථාවක් දීල බලමු. (ස)
උසාවියට බොරු කියලා.(නදී)
අපේ රටේ නීතිය ? (ස)
දැන් ඉතින් මුළු ලංකාවටම ලයිට් බිල වැඩිවීම අමතකයි. දැන් ඉතින් මුළු ලංකාවටම වටින්නේ දුමින්ද සිල්වාගේ අනාගතයයි. ඉදිරි කටයුතුයි මිසක් තමන්ගේ දේවල් නෙමෙයි. අනේ මෙහෙම මෝඩයෝ ඉන්න රටක්.(නදී)
එක් කෙනෙක් හිංදා කැළණියට වුන දේ මෙයා හින්දා කොලොන්නාවට වෙනවා. මේ ඔක්කොම හින්දා වැඩි කල් යන්න ඉස්සැල්ලා මුළු රටටම ඒ දේ වෙනවා .(නදී)
අනේ මේ ඇප අත්සන් කරන්න උසාවි එන්න බැහැ කිවුව කෙනාමද? (නි)
අපොයි ! (ස)
ෂා, මරුනේ. අනාගත පරපුරට හොඳ කාලයක් ලැබෙන ලකුණු පෙන්නුම් කරනවා. ආසියාවේ ආශ්චර්යය! (නි)
ආපු අයට අද හොද කෑම එක්ක රු 100 ක් හම්බ වන්න ඇති.(නදී)
හොඳ නාඩගමක් නැටුවේ. මොලය අක්‍රීයයී කිව්වා. දැන් කොහොමද චන්දෙ ඉල්ලන්නේ? රඟපාන්න හොඳ නළුවෙක්. බොලිවුඩ් යවන්න ඕනා.(නදී)
අද මගේ ජීවිතය නව මගකට හැරුනා. මට දෙපාරක් හිතන්න පෙළඹුවා. (නි)
මේ වගේ රටක ඉපදෙන්න අපි කොයිතරම් නම් පව් කරලා ඇද්ද...? (නි)
අපේ රටේ නීතිය කොයිතරම් පිරිහිලද කියල මේ සිදුවීමෙන්ම ඔප්පුවෙනවා. (ස)
අවිචාර සමයක් කියන්නේ මේ වගේ කාලයකටද ? (ස)
ලොව අවාසනාවන්තම ජාතිය , අපි සිංහල ජාතිය (ස)
මට නිකම් තේරෙනවා ''රටට මොනවහරි විපතක් වෙන්න යනවා කියල '' (ස)
අනෙකලේ වනේ වාසේ (ස)
මේ වගේ රටක ඉපදුන එක මාර දුකකි. (ස)
කොලොන්නාවටම යන එක හොදා ......(ස)
කෝ අර විෂබීජ යනවා කියලා පෙන්නපු තට්ටයය. ඒක නවලෝත තියලද ආවේ. ඔය අපූරුවට කොන්ඩේ තියෙන්නේ.(නදී)
මේ ලෝකය මවපු දෙවි දෙවතාවන්ගෙන් මම ඉල්ලා සිටින්නේ මින් මතු කිසිම ආත්මෙක මෙවැනි රටක ඉපදිමක් නොලැබෙවා සමාවෙන්න ලක්මැනියනි.(නදී)
මේ සිංහල අපේ රටයි , අප මරණා අපේ රටයි . අපෙ හදවත් පෙලෙන රටයි, හැමදාමත් රටම නයයි.(නදී)
ශ්රී ලාංකිකයනි , කවදාවත් තමාගේ රටටවත් ජාතියටවත් දොස් නගාගන්න එපා. අද වෙනකොට මගේ රටේ කිසිම දේශපාලකයෙක් තමන්ගේ රට ගැන හිතන්නේ නැහැ .මේක කවදාවත් මිනිස්සු තේරුම් ගන්නෙත් නැහැ . අද දවස වනවිට මම මගේ රටේ තියෙන දේශපාලනයට වෛර කරනවා. ජනතාව මුලා කරන සියලුම දෙනාට කවදා හරි දවසක මිනිස්සු ඉදිරියේ මැරෙන්න වෙන්නේ මේවට වන්දි ගෙවලා. මගේ ලංකා මාතාවට තෙරුවන් සරණයි. (නි)
ලංකාවේ දේශපාලඥයින්ට දඩුවම් කරන යෝජනාවක් යූ.එන්. එකෙන් ගෙනාවොත් මුලින්ම අත උස්සන්නෙ මම. (නි)
දැන් දැන් කුඩු වල අඩුපාඩුවක් නැතිවේවි (නදී)
අපි ජාත්‍යන්තරවත් විදවනවානේ. ඒ මදෑ... (නි)
එතකොට භාරත මරල තියෙන්නේ අපිද? කව්ද ?(නදී)
හැමෝටම ජයවේවා! සිංහල අපිව නැතිවේවා! (නි)
ශරියා නිතිය ජය වෙවා!(නදී)
රටේ නිතිය කාටත් පොදුයි. වැරදි කළා නම් දඩුවම් විදින්න ඕනෑ. බොරුවට පැවැත්මක් නැහැ. (නි)
කොළොන්නාවේ ජනතාවට ජයවේවා! අප සැමට තුනුරුවන් සරණ මිස වෙන සරණක් නැත . (නි)
සමන්ගේ කතාවෙන් බොහෝ දේ තේරෙනවා (නි)
අනේ කූඹියනේ අපටත් රජෙක් ඉන්නේ අපි අසරණයිනේ අහෝ කාටද දුක කියන්නේ... (නි)
සිරිලංකාවේ මම නැවත නොඉපදේවා! (නි)
කොළොන්නාව ගම්වාසීන්ට වර්තමානයේදී ඇස් හැරේවා! (නි)
හැබැයි උඩ දෙවියෝ ඉන්නවා. බලාගෙන. සත්‍ය අනිවාර්යෙන් ජයගන්නවා. (නි)
මම මේ නීතිය නොදන්නා නිසා අහන්නේ. එතකොට දේශපාලකයන්ට පමණක් මිනී මරල හරි තමන්ට ඕන දෙයක් රටේ කරන්න පුළුවන් කියල නීති සංග්‍රහයේ ලියවී තිබෙනවාද? (නදී)
අනේ අපිට දැන්වත් කෙලින් කියන්න, හැමදේම වෙන්නේ කාට ඕනෑ විදියටද කියලා. එහෙනම් අපි මේ ලේ කකියන දේවල් දැක්කත් හිත හදාගන්නවනේ. (නි)
ඇමෙරිකාවට ජය වේවා! (නි)
ආදර්ශමවත් චරිතයක්! මෙතුමාව ආදර්ශයට අරගෙන මමත් හැදෙන්න ඕනෑ! (නි)
මේ වගේ දේවලට අදහස් පළකරන ඔක්කොටම පිස්සු. (නි)
දුමින්ද තවත් ලස්සන වෙලා. (නි)
මෙයාලා අධිකරණයට බොරු කියලනේ ඇප අරගෙන තියෙන්නේ ඒකට මොකද කරන්නේ ?(නදී)
ඕස්ට්‍රේලියාවේ පදිංචියට ආපු එක ගැන සතුටුයි. නීතියේ හිලෙන් ගැලවුනත් ස්වභාවධර්මයෙන් ගැලවීමක් නැහැ.(නදී)
අනේ අපිට ගිය කලක්.(නදී)
ජය වේවා ! ගරු දුමින්ද සිල්වා මැතිදුනි. ජය වේවා. අද ඉතාම සතුටු දවසක්. නැවත ක්‍රියාකාරී දේශපාලනයට පැමිණ ඔබතුමා කෙරෙහි විශ්වාශය තබා ඇති සුවහසක් ජනයාට සේවය කරන්න. අප ඔබ සමගයි ගරු දුමින්ද සිල්වා මැතිදුනි. ඔබතුමාට ජය වේවා.(නදී)
බොරුව නිසා අගතියට පත්වන පාර්ශය යායුත්තේ කොහේටද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
පව් කෙත මේ හෙල මෑර දෙරනෙ යලි නුපදින්නට හෙතු වාසනා වෙවා හෙතු වාසනා......(නදී)
සමන් වගේ අයත් ලංකාවේ ඉන්න එපැයි (නි)
විධායක මනාප ව්‍යවස්ථාවට ජය වේවා! (නි)
ජනාධිපති නීතිඤ වරයෙක් සහ දොස්තරට එලියට යව්ව වෙනවා මේ වැඩෙන්.(නදී)
අනේ මොකද මේ හැමෝම කලබල වෙලා. (නි)
සල්ලි බලේට ඔක්කොම යටියි.(නදී)
උඩ ඉන්න දෙයියොම බලාගන්න ඕනෑ (නි)
ඇත්තට ප්‍රභාකරන් රට පාලනය කරානම් හොදයි කියලා හිතෙනවා දැන්.(නදී)
මම ලංකාවේ ආපසු ඉපදීමට ප්‍රාර්ථනා නොකරමි. මම ආපසු ලංකාවේ ප්‍රවෘත්තී නොබලමි. මම ශ්‍රී ලාංකිකයෙක් යැයි ආඩම්බරයෙන් ආපසු කිසිවිටෙක නොකියමි. මම ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන පසුතැවෙමි (නි)
අපේ රටේ ඉන්නේ වැඩිහරියක්ම ඉන්නේ යම්කිසි ජාතියක කට්ටිය නිසා මේ වගේ ඒවා අපේ රටට සාමාන්‍ය දේවල්. (නි)
ඔව් ඔව් අනේ එන්න. මේක ශ්‍රී ලංකාවනේ. කාටවත් මොකුත්ම මතක නැහැ. (නි)
අපේ රටේ කරුමයකටද මන්ද ඔය වගේ මිනිස්සු ඉතුරු වෙනවා අහිංසක මිනිස්සු මැරෙනවා.(නදී)
අනේ කාලේ වනේ වාසේ..... (නි)
අවාසනාවන්ත අපි කුමක් කරමුද? (නි)
මතක නැති මනුස්සයා කොහොමද දේශපාලනය කරන්නේ (දී)
අහවල් නිෂ්පාදනය ගොඩක් ලාබ වෙයි මම හිතන්නේ (නි)
අපිටද වැරදුනේ, මෙයාටද වැරදුනේ කියලා හිතෙනවා. (නි)
මම නම් මේ වගේ රටක යලි නුපදින්න කියලා පතන්නේ 77 මැතිවරණයෙන් පස්සේ ඉඳලා. ඒ තරමටම අප්‍රසන්න වුණා (නි)
මරු චිත්‍රපටය. දෙවන කොටස ලගදීම.(නදී)
වුර්තීයභාවය යනු යුක්තිය පෙන්වාදීම නොව වන්චාශීලී ලෙස හුවා දැක්වීමක් ලෙස අර්ථ නිරූපනය වෙනස් වීම මෙම සිද්ධියෙන් ඔප්පු කිරීමට නීතිඥයින් සමත්වී ඇත.(නදී)
දැන්මම ලේ රත් කරගන්න එපා.තාම එයා ඉන්නේ ඇප පිටනේ.අනික එයා නෙමෙයිලුනෙ වෙඩි තියලා තියෙන්නේ.පරිවාරකයෝ තමයිලු මට මතක විදියට.ඉතින් ඔය අදහස් දාන අයට හිතාගන්න බැරිද අවසානය කුමක්ද කියලා ? (නි)
අපේ රටේ වැරදිකරුවන් නිවැරදි කරන්නත් නිවැරදිකරු වැරදිකරු කරන්නත් සුළු වෙලාවයි යන්නේ. (නි)
1 වෙනි ෆොටෝ එක හොඳ පොටෝ ෂොප් වැඩක්.(නදී)
අපි මේකටද චන්දය දුන්නේ.(නදී)
ඔබට මතක නැහැ, මට අමතක නැහැ... (ස)
අනේ මන්දා
අපේ මෝඩ මිනිස්සුන්ටත් මෙහෙම අය තමයි වීරයෝ. ඒකයි දුක... (නි)
අපිටත් මතක නැහැ. (ස)
මේ රටේ මිනිස්සු තනිකර කරන්නේ පිස්සු. මෙම දේශපාලන අධිකාරිය වනසන්න අධිෂ්ඨාන පූජාව තමයි හොඳ. (නි)
අහෝ කොලොන්නාව ! (නි)
අමතකනම් මොකද කරන්නේ මහත්තයෝ (දී)
මට නම් අප්පිරියාවයි ඔහුට දැක්කම.. (නි)
ඊළගට මොනවා වෙයිද ( දී)
දැන් පරණ දේවල් මතක් වෙලාද ? (දී)