- වැඩ වර්ජනය නොකළ ඉංජිනේරුවරියකට කුණු තක්කාලිවලින් ගැසීයැයි කියන විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සිව් දෙනකුට එරෙහිව නීතිපති උපදෙසින් නඩු පැවරීමට යයි. සාක්කිකරුවන් ලබන ජූනි 10 වැනිදා අධිකරණයේ පෙනී සිටිය යුතුයැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.
- පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් 10 දෙනකු පාකිස්ථානයට රැගෙන යන බව කියමින් රුපියල් පන් ලක්ෂ හැට දහසකට ආසන්න මුදලක් වංචා කළැයි කියන ක්‍රීඩා පුහුණුකරු මොහොමඩ් රිස්වාන්ට කොළඹ කොටුව උසාවියෙන් ඇප ලැබිණි.
- අම්පාරේ පැවති දැයට කිරුළ ප්‍රදර්ශනය වෙනුන් වැඩ කළැයි රුපියල් හාර කෝටියකට ආසන්න මුදලක් වංචා කළැයි කියන එහි ප්‍රධාන විධායක නිලධාරිනිය වූ කාන්ති ගුණවර්ධනට එරෙහිව ලී බඩු සාප්පු හිමියකුගේ සාක්කිද ඇතැයි රහස් පොලීසිය කොළඹ කොටුව මහේස්ත්‍රාත්ට දැන්වීය.
- දැයට කිරුළේ තාවකාලික වැසිකිළි 230ක් ඩෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ඉදිකිරීමට බාරගත් සරත්චන්ද්‍ර ඒකනායකට හිටපු විධායක නිලධාරිනිය මුදල් ගෙවා ඇතැයි ද, එය පොදු දේපල පනත උල්ලංඝණය කිරීමක් යැයි ද පොලීසිය අධිකරණයට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැයට කිරුල අපේ දුප්පත් ඔලු ගෙඩි වලට බර වැඩිද මන්ද?(නදී)
කුනු තක්කලි කුනු බිත්තර වගේ කේස් එකක්නම් බොදු බල සේනාව සම්භන්ධ ඈති.(නදී)
දැයට කිරුළත් නවත්තලා දාන්න (නි)
චතුල වෙරෝනා ඔයාට කොයි දේටත් බොදු බල සේනාව අල්ලාගෙන කෑගහන්නේ මොකක්ද ඔච්චර තියෙන අමාරුව. බොදු බල සේනාව නිසා සිදුවූ සේවය බලාගැනීමට අවශ්‍ය නම් මෙහෙට එන්න. නිකන් බොරුවට කෑගහන්න එපා. (නි)
දඹුල්ලේදී අසරණ ගොවියෝ කැලේට විසි කරපු තක්කාලි කන්දරාවෙන් ප්‍රයෝජනයක් ගන්න මේ ගොල්ලා හිතන්න ඇති. ඒ ගොවීනුත් මේක කල්පනාවට ගත්තොත් මැතිවරණ කාලෙට එහෙම ඕවා අමාරුවක් නැතුව විකුණගන්න පුළුවන් වෙයි. (නි)