කොළඹ ටෙලිකොම් ගොඩනැගිල්ල සෙලවී ඇති බවට වාර්තා වූ බවත්, එය භූකම්පනයක් නිසා සිදුවූවක් යැයි කීමට සාධක තවම ලැබී නැති බවත්, ඒ ගැන සෙයා බලමින් සිටින බවත් අපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සරත් ලාල් කුමාර මහතා කියයි. භූවිද්‍යා හා පතල් කැනීම් කාර්යංශයේ ප්‍රකාශකයකු පැවසුවේ පොලොව හෙල්ලීමක් ගැන වාර්තා නොවූ බවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ පට්ටන්තරේ කියන්න බ්ලොග් එකක් වත් හදා ගත්තොත් නේද හොඳ ...
ඉන්ද්‍රජිත් ගේ කතාව හරි. මේක දැන් වැසිකිලි බිත්තියක් වීගෙන යනවා සමහරු හින්ද.අනේ කරුණාකරලා මින්මතු අපි හරවත් දෙයක් කතාකරමු මේ බිත්තියේ .
ඉන්ද්‍රජිත්ගේ කතාව හරි.මේ ආචාරියා කියවන්නේ බහුබූත
අපේ රටේ ඉතිං නෑ කියන එකමනේ වෙන්නේ.කොයිකටත් ඉතිං ඔය බිල්ඩිමේ වැඩ කරන මිනිස්සු පරිස්සමින්...
හෙල්ලිලා තියෙන්නේ වෙන එකක්
බලාගෙන ගියහම අපේ ලොකුම ආපදාව ඉන්නෙත් ඔය බිල්ඩින් එකේ...
ඇත්තටම ටෙලිකොම් එකේ අයට මොනවා වෙයිද දන්නෙ නැහැ නේද??
දැන් අපේ ටෙලිකොම් එකේ ජනෙල් වලට අලුත් කඹ දාල තියෙන්නේ...බහින්න ලේසියට....
ඇලෙක්ස් ඇන්ඩ්‍රැ කියන්නෙ බොරැ.. අපි හෙළවුනේ නැහැ. මම පුටුව....
අලිබබා, ඔයා දන්නේ කොහොමද අපේ බිල්ඩිම හොද නෑ කියලා.ඔයා වැඩ කරන්නේ අපේ ටෙලිකොම් එකේද?
ටෙලිකොම් එකට ඔහොම දේවල් වෙන එක පුදුම වෙන්න දෙයක් නෙවෙයි..කරන සේවයකුත් නෑ..ඒ උනාට බිල නම් එවනවා හරියට..දෑන් මාස 3ක් තිස්සෙ මගේ ඉන්ටෙර්නෙට් හදනව... තාම නැහැ...
ඕක නම් ශුවර් එකටම දේශද්‍රෝහී විජාතික බලවේග වල කුමන්ත්‍රනයක්. ඔය හෙලවිච්ච නැති පුටුව ඒකෙ හවුල් කාරයෙක්.
අකේ පුටුවෙ.. ඔයා කොයි වෙලාවෙත් අනුන්ගෙ බර දරාගෙන නිසා ඔයාට හෙළවෙනවා තේරෙන්නේ නැහැ.. කොහොමත් පුටුව ඒ වෙලාවෙ මම ඉදගෙන නෙ හිටියෙ..
කියන බොරු වලට නොහෙල්ලුනොත්නේ පුදුමේ...
පොළව හෙල්ලිල්ලක් අපිට දැන්නේ නෑ.ඒත් සිවිලිමේ තිබුණු විදුලි පහනක සුලු චලනයක් දැක්කා මගේ දුව.එයා ඉක්මනට ගිහින් වතුර බේසමක් පොළොවේ තිබ්බත් ඒකේ ජලය චලනය වුණේ නෑ.ඒත් විදුලි පහන විනාඩි කීපයක්ම හෙල්ලුනා.ඒකයි ඇත්ත
ප්‍රේමසිරි-කොට්ටාව 2012-06-13 16:05:49 පොළව හෙල්ලිල්ලක් අපිට දැන්නේ නෑ.ඒත් සිවිලිමේ තිබුණු විදුලි පහනක සුලු චලනයක් දැක්කා මගේ දුව.එයා ඉක්මනට ගිහින් වතුර බේසමක් පොළොවේ තිබ්බත් ඒකේ ජලය චලනය වුණේ නෑ.ඒත් විදුලි පහන විනාඩි කීපයක්ම හෙල්ලුනා.ඒකයි ඇත්ත ප්‍රේමසිරි අයියා, ඒකේ හිටපු හූනා දැක්කේ නැද්ද?
කොහෙද යකො හෙල්ලුනේ. හෙල්ලුනා නං දැනෙන්න එපැයි...
ලංකාවෙ වෙන අපරාධ හා අසාධාරණකම් දැන් මහ පොළොවත් ඉවසන්නේ නැති තත්ත්වයට ඇවිත්. මොන දේ කළත් ස්වභාදහමට බොරු කරන්න බෑ.
මේ ප්‍රවෘතියෙන් කියන්නේ, ගොඩනැගිල්ල සෙලවීමට හේතුව භූමිකම්පාවක්ද නැද්ද යන්න කිව නොහැකි බවයි. නමුත් මේ හෙඩ්ලයින් එක කියන්නේ "ගොඩනැගිල්ල හෙල්ලිලා නැති බවයි".????????????
ප්‍රජාතන්ත්‍රවාදය හෝ භාෂණයේ නිදහස යනු, වටිනා වෙබ් අවකාශය හැම උන්මත්තකයෙකුට ම අවැසි පරිදි කුරුටුගෑමට හැකි වැසිකිලි බිත්තියක තත්වයට පත් වීමට කටයුතු සැලැස්වීම නොවේ.හරවත අදහස් ඉදිරිපත් කරමින් දැනුම බෙදා ගැන්මට කටයුතුකිරීම වැදගත්ය...
සුජිත් මහත්තයෝ, ඔයා ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවෙත් වැඩ කරනවා නේද? මොකක්ද වෙලා තියෙන්නේ මහත්තයෝ?
අද ලාල් මහත්තයත් රාත්‍රී වැඩද?එදා අර අප්‍රේල් මාසේ අපි සේරම බය වුනේ අපේ ගොඩැනැඟිල්ල හෙල්ලුනා කියලා.පස්සේ බලද්දී ඒක අර්ත් කුවික් එකක්.මම ඒ වෙලාවේම කර්නල් සංජීව මහත්තයට කෝල් කලාම කිව්වා බය වෙන්න එපා හේවගේ මහත්තයා ඒක භූමි කම්පාවක් කියලා. ඊ.ඕ.සී. එකේ කවුරුද ඉන්නේ.. මේජර් ධම්මික මහත්තයා, එතකොට කර්නල් සංජීව මහත්තයා..තව ඒඩීලාත් ඇති..මේ හැමෝම ඉතාම ආදරයෙන් ගෞරවයෙන් සිහිපත් කරනවා.මේ රටේ සාමාන්‍ය මහ ජනතාව වෙනුවෙන් සිදුකරන සේවය ඉතා උසස්.රටේ ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ කාර්යභාරයට කිසිසේත්ම දෙවෙනි වෙන්නේ නැහැ.මටත් සතුටක් මේ විදිහේ අවදානමක් එක්ක ඔබ වගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සේවය කිරීමට ලැබීමත්.අර ඩීරෙක්ටර් ජෙනරාල් සර් කියනවා වගේ රටට බලපාන ලොකු සිදුවීමක් වුනොත් නම් එහෙම අපි කාටවත්ම ආඳා වගේ ලිස්සලා යන්න ලැබෙන්නේ නැහැ. ගෙදර ගියත් මහජනතාව ඉන්න දෙන එකක් නැහැ. මටත් මෙහි අවදානම්කාරී බව දැනෙනවා. වෙන රැකියාවක් නම් හවස ඕෆ් වෙලා ගෙදර ගිහින් නිදා ගත්තා ආයෙමත් උදේ වැඩට එන එකනේ තියෙන්නේ.ඒත් අපි කරන රැකියාව මිනිසුන්ගේ අවදානම සමඟ බද්ධ වෙලා තිබෙන්නේ.ඒ නිසා එය නිතරම හිතට නැඟෙනවා.මේ රට වෙනුවෙන් සමස්ත ජනතාව වෙනුවෙන් සිදුකරන මේ උදාර කාර්යය වෙනුවෙන් මේ රටේ සමස්ත මහජනතාව ණගගැතියි.ඔබ සියළු දෙනාට තෙරුවන් සරණයි ... !!!
ආපදා කලමණාකරන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සරත් ලාල් කුමාර මහතා කටයුතු කර ඇති ආකාරය ඉතා අගේ කොට සලකමු.මන්දයත් ටෙලිකොමි ආයතනය පිහිටි ගොඩනැගිල්ල ප්‍රමිතියෙන් තොර නොවන්නේනමි වෙනත් ස්ථානයකට මාරුකිරීම ඉතා වැදගත්ය.
එහෙනම් ටෙලිකොම් ලයින් ඔක්කොම වයිබ්‍රේට් වෙන්න දාල ඇති...
රටම වැනි වැනි තියෙද්දි ඔය වගේ සුඵ කම්පනයක් භූවිද්‍ය හා පතල් කාර්‍යාංශයට දැනෙන්නේ නෑ..දැනෙන්නේ අහිංසක මිනිස්සුන්ටම තමයි....
අපේ ෆ්ලෝර් එකටත් ඔය කියන හේල්ලිල ඇහුන දැන් දවස් දෙකක්ම.......මේක බුමි කම්පවක්ද නැත්නම් ගොඩනැගිල්ලේ අවුලක්ද කියල ඉක්මනටම හොයල බලන්න .....
WTC එකටත් දැනුනා. 5.30 - 6 ට විතර
අද මම රාත්‍රී වැඩ. එවැන්නක් සිදු නොවේවායි පතමි.
දැන් බලන්න හිතවත් ලාල් මහත්තයෝ මේ වගේ සිදුවීම් මොන තරම් වේගවත්ව ප්‍රචාරය වෙනවද කියලා..නමුත් වේගවත්ව ප්‍රචාරය වන අදහස්වල නිරවද්‍යතාවය ඉතාම වැදගත්.ඒ නිසා හිටපු ප්‍රවීණ ජන මාධ්‍යවේදීයෙක් ලෙසට ඔබතුමාගේ නිවරද්‍ය හා අපක්ෂපාතී අදහස් දැක්වීම රටත් ජනතාවත් වෙනුවෙන් දිගටම බලාපොරොත්තු වෙමු.ඔබ ඉතාම කාර්යශූර උසස් රාජ්‍ය නිලධාරියෙක්.ඔබ වැනි අවංක නිලධෘරීන් සමඟ සේවය කිරීමට ලැබීමද සතුටක් හා අප ලැබූ භාග්‍යයක්.ඔබට තෙරුවන් සරණයි,,!!!
එහෙම දෙයක් වාර්තා වෙලා නෑ කියන්න ඉස්සෙල්ල හොයල බලන්න එපෑ.අද afghanistan වලත් භූකම්පනයක් වෙලාතියේ.කිසි හෙවිල්ලක් නැතුව ඔහේ කියවනව.
අර හොර ආචාර්යගෙන් උපදෙසක් ගත්තොත් දැනගන්න පුලුවන් මොකද වෙලා තියෙන්නේ කියලා. කෝ ඒ ආචාර්ය තවම ඇවිල්ල නෑවගේ.
ටෙලිකොම් එක මහජනතාවගේ බිල් වලට එකතු කරන vat වල හැටියට හෙලවිලා මදි...
නමුත් අපිට තේරුණා අපේ පුටු හෙලවෙනවා හොදට