බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීවරුන් අතර පැවැති සැහැල්ලූ පන්දු ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව ගම්පහ දිස්ත‍්‍රික් මන්ත‍්‍රීවරුන්ගේ කණ්ඩායම දිනා ගත්තේය. වත්තල වැලිසර නවලෝක ක‍්‍රීඩාංගණයේ පැවැති මෙම තරගාවලියේ අවසන් මහා තරගයේදී කොළඹ දිස්ත‍්‍රික් මන්ත‍්‍රීවරුන්ගේ පිල පරදවා ගම්පහ දිස්ත‍්‍රික් මන්ත‍්‍රීවරු ලකුණු 24 ක ජයක් ලැබුහ. ජයග‍්‍රාහී ගම්පහ දිස්ත‍්‍රික් මන්ත‍්‍රීවරුන්ගේ පිලේ යු. ජෝර්ජ් පෙරේරා තරගාවලියේ දක්‍ෂතම ක‍්‍රීඩකයා සහ දක්‍ෂතම පන්දු යවන්නා ලෙස සම්මාන ලැබීය. පියල් නිශාන්ත දක්‍ෂතම පිතිකරුවා ලෙස සම්මාන දිනාගත් අතර ආනන්ද හරිස්චන්ද්‍ර දක්‍ෂතම පන්දු රකින්නා ලෙස එහිදී තේරිණ. අමාත්‍ය නිමල් ලන්සා, මෙරිල් පෙරේරා, සිරිකමල් ෆිලිසියන් ද සිල්වා සහ ඩෝල්ටන් ජානක යන මන්ත‍්‍රීවරු මෙම තරගාවලිය සංවිධානය කළහ. පළාත් සභා මන්ත‍්‍රීවරුන්ගේ පිල ඉදිරියේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ පිල සමග ද තරග කිරීමට නියමිතය. ගම්පහ දිස්ත‍්‍රික් මන්ත‍්‍රීවරුන්ගේ පිල පන්දුවාර 10 කදී 128 (යු.ජෝර්ජ් පෙරේරා නොදැවී 38, පියල් නිශාන්ත 44, මෙරිල් පෙරේරා 15, ගුණසිරි ජයනාත් 10, ශ්‍රීනාත් මහේන්ද්‍ර පෙර්රා 10) කොළඹ දිස්ත‍්‍රික් මන්ත‍්‍රීවරුන්ගේ පිල පන්දුවාර 10 කදී 104 (සුමිත් සොයිසා 22, මුජිබර් රහුමාන් 18, උපාලි කොඩිකාර 12)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd