බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීවරුන් අතර පැවැති සැහැල්ලූ පන්දු ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව ගම්පහ දිස්ත‍්‍රික් මන්ත‍්‍රීවරුන්ගේ කණ්ඩායම දිනා ගත්තේය. වත්තල වැලිසර නවලෝක ක‍්‍රීඩාංගණයේ පැවැති මෙම තරගාවලියේ අවසන් මහා තරගයේදී කොළඹ දිස්ත‍්‍රික් මන්ත‍්‍රීවරුන්ගේ පිල පරදවා ගම්පහ දිස්ත‍්‍රික් මන්ත‍්‍රීවරු ලකුණු 24 ක ජයක් ලැබුහ. ජයග‍්‍රාහී ගම්පහ දිස්ත‍්‍රික් මන්ත‍්‍රීවරුන්ගේ පිලේ යු. ජෝර්ජ් පෙරේරා තරගාවලියේ දක්‍ෂතම ක‍්‍රීඩකයා සහ දක්‍ෂතම පන්දු යවන්නා ලෙස සම්මාන ලැබීය. පියල් නිශාන්ත දක්‍ෂතම පිතිකරුවා ලෙස සම්මාන දිනාගත් අතර ආනන්ද හරිස්චන්ද්‍ර දක්‍ෂතම පන්දු රකින්නා ලෙස එහිදී තේරිණ. අමාත්‍ය නිමල් ලන්සා, මෙරිල් පෙරේරා, සිරිකමල් ෆිලිසියන් ද සිල්වා සහ ඩෝල්ටන් ජානක යන මන්ත‍්‍රීවරු මෙම තරගාවලිය සංවිධානය කළහ. පළාත් සභා මන්ත‍්‍රීවරුන්ගේ පිල ඉදිරියේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ පිල සමග ද තරග කිරීමට නියමිතය. ගම්පහ දිස්ත‍්‍රික් මන්ත‍්‍රීවරුන්ගේ පිල පන්දුවාර 10 කදී 128 (යු.ජෝර්ජ් පෙරේරා නොදැවී 38, පියල් නිශාන්ත 44, මෙරිල් පෙරේරා 15, ගුණසිරි ජයනාත් 10, ශ්‍රීනාත් මහේන්ද්‍ර පෙර්රා 10) කොළඹ දිස්ත‍්‍රික් මන්ත‍්‍රීවරුන්ගේ පිල පන්දුවාර 10 කදී 104 (සුමිත් සොයිසා 22, මුජිබර් රහුමාන් 18, උපාලි කොඩිකාර 12)
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
අම්බලන්ගොඩ මැතිවරණ කොට්ඨාසයේ ජය ජාතික ජනබලවේග නායක අනුර කුමාර දිසානයක මහතා දිනාගත්තේය.
මාතර මැතිවරණ කොට්ඨාසයේ ජය / ජාතික ජනබලවේගයේ ජනපති අපෙක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.
දිගාමඩුල්ල දිස්ත‍්‍රික් තැපැල් ඡන්ද 11120 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .
කෑගල්ල දිස්ත‍්‍රික් තැපැල් ඡන්ද 20062 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .
අනුරාධපුර දිස්ත‍්‍රික් තැපැල් ඡන්ද 32750ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කොළඹ පළාත් සභා මන්ත‍්‍රීවරු ගම්පහට පරදිති