සෙම අමාරුවකට බෙහෙත් ගැනීමට ඇඹිලිපිටිය මුලික රෝහලට ඇතුළත් කළ රෝගියකු ගිලන් රථයකින් කොළඹට ගෙන යද්දී ඇඹිලිපිටියට යළි කැඳවීම නිසා රෝගියා මියයාම සම්බනධව විධිමත් පරීකෂණයක් පවත්වන්නැයි ඔහුගේ බිරිය සෞඛ්‍ය බලධරයන්ගෙන් ඉල්ලයි.
ඇඹිලිපිටිය ගඟේයායේ ආයුර්වේද වෛද්‍ය එස්.පී. විජේවික්‍රම (57) නම් පියා එසේ මිය ගියේය.
සෙම වැඩිවීමේ රෝග තත්ත්වයක් නිසා ඔහු පසුගිය 23දා ඇඹිලිපිටිය මුලික රෝහලට ඇතුළත් කර ඇත. රෝහලේදී ඔහු පරිකෂාකළ වෛද්‍යවරුන් ඔහු කොළඹ මහ රෝහලට මාරුකිරිමට නිර්දේශ කර ඇත. ඒ අනුව ගිලන් රියකින් ඔහු කොළඹට ගෙන යද්දි අතරමගදි යළි අමාරුවී කහවත්ත රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර දී තිබේ.
කොළඹට ගෙනයාමට වෛද්‍යවරයෙකු ගිලන් රථයෙන් පැමිණ නැතිබවද ඥාතීහු කියති. කහවත්ත රෝහලෙන්ද වෛද්‍යවරයෙකු ලබා නොදීම හේතුවෙන් රෝගියා ආපසු ඇඹිලිපිටිය මුලික රෝහලට ආපසු ගෙන එන්නැයි ඇඹිලිපිටිය මුලික රෝහලෙන් උපදෙස් ලැබී තිබේ. ඒ අනුව රෝගියා නැවත ඇඹිලිපිටිය රෝහලට ගෙනගිය පසු මියගොස් ඇත. මෙම රෝගියාගේ මරණය ඇඹිලිපිටිය රෝහලේ වැරදි උපදෙසක් නිසා සිදුවුවක් බවට ඥාතීහූ කියති. කහවත්තේ සිට ඇඹිලිපිටියට දුර ලිලෝමීටර 46කි.
තම සැමියාගේ මරණයට ඇඹිලිපිටිය රෝහල් බලධාරින් වගකිව යුතුයැයි සෞඛ්‍ය ඇමතිවරයාට, සබරගමු පළාත් සෞඛ්‍ය ඇමතිවරයාට, පලාත් සෞඛ්‍යසේවා අධ්‍යකෂවරයාට සහ ඇඹිලිපිටිය රෝහලේ අධ්‍යකෂවරයාටත් මියගිය වෛද්‍යවරයාගේ බිරියවූ ඩි.වී. මල්ලිකා මහත්මිය පැමිණිලි කිරීමට යයි.
සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යකෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතාගෙන් දුරකතනයෙන් විමසුවිට ඒ මහතා පැවසුවේ ඒ සම්බනධව විධිමත් පරීකෂණයක් වහාම පවත්වන බවයි. තමන්ට සිද්ධිය සම්බනධයෙන් 24දා සවස් වනතුරු නිසි තොරතුරු හෝ පැමිණිල්ලක් නොලද බවද වෛද්‍ය කන්නන්ගර මහතා කීවේය. රෝහල් කාර්ය මණ්ඩලයේ වැරදි උපදෙසක් මත මෙවැනි අවාසනාවන්ත සිදුවිමක් වුයේ නම් එය සමාව දිය නොහැකි වරදක් බවත් පැමිණිල්ලක් ලැබුණ ද නොලැබුණද වහාම සොයා බලන බවද පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොස්තරලා ඇතුලු රෝහල් කාර්ය මණඩලවල නොසැලකිල්ල ගැන මේ රටේ කළ පැමිණිලි වලින් වැඩක් වුනේ කවද්ද? වෘත්තීය නොසැලකිල්ල ගැන මේ රටේ රෝහලක වැඩකරන අයෙකුට එරෙහිව කවදාවත් පියවරක් ගෙන නෑ. පවත්වනවාය කියන ඔය පරීක්ෂණත් අන්තිමට යට යනවා.(නදී)
දේශපාලන වැරදිකරුවෙක් වෙන්න ඇති. ඒකනේ පාපන්දුවක් වගේ එහෙට මෙහෙට ගැහෙන්නේ.(නදී)
ලංකාවේ රෝහල් වල වෛද්‍යවරයාගේ සිට සුලු සේවකයා දක්වා පොඩ්ඩ වැරදුණොත් ඉතින් වැඩ වර්ජන තමයි. හැබැයි රෝගියෙකුට අසාධාරණයක් වුණොත්??? (නි)
දැන් නම් රෝහලකට යන්නත් බයයි (දී)
විධිමත් පරීක්ෂණයක් තියන්න අවශ්‍යමයි (දී)
ලංකාවට දැන් මේ මොකද වෙලා තියෙන්නේ (දී)
ඒ වැඩේ මාර වැඩක්නේ, මැරෙන්නත් කලින්ම ගෙන්නාගෙන (දී)
අප සමාජයේ බොහෝ දෙනෙකු සෙම යන්නට විවිධ අර්ථකථන දෙයි. කැස්ස සහ ඒ සමග සෙම පිටවීම රෝගී ලක්ෂණයක් පමණි. එනිසා මෙම රෝගියාට ඇත්තෙන්ම තිබු රෝගී තත්වය නොදැන සිදුවුයේ කුමක් දැයි වටහාගැනීමට නොහැක. (නි)
වරද කාගේ වුණත් මේ රෝහලේත් අකුරටම වැඩ පටන් ගනීවිද දන්නෙ නැහැ. (නි)
ඇයි ඉතින්, කොරෙක්ස් ඩී තහනම් කරලා නේ... (නි)
මෙන්න තවත් රෝහල් මිනීමැරුමක්.(නදී)
සෙමට බොන බෙහෙතක් වත් තිබුනේ නැද්ද.(නදී)
සමාව නොදුන්නොත් අර මාතර රෝහලේ විදියට නව ක්‍රමයට රෝගීන් බලන්න පටන ගනීවිද දන්නෙ නැහැ. (නි)
පවු අහිංසක මිනිස්සු! (නි)
විධිමත් පරීක්ෂණයක් අවශ්‍යයි (දී)
මේකත් ලෙඩාගෙ පිටින් යවයි. කවදද ලංකාවෙ රෝහල් කාර්ය මණ්ඩලයේ කෙනෙකුට වැරදුනේ? (නදී)
අද නැද්ද අපේ රෝහල් ලෝකයෙන්ම උතුම් කියලා කියන අය? (නි)
ඇයි ඉතින් ආයුර්වේද අංශයේ අයෙක් බටහිර බෙහෙත් ගත්තේ? (නි)
මේ ලංකාවේ වෛද්‍ය සේවයේ දියුණුවද (දී)