IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


“ගිං ගඟ පොම්ප හදන්න සල්ලි මදි“

ගිං ගඟ ව්‍යාපාරයේ පොම්පාගාර සියල්ල අබලන් වී ඇති බවත් මෙවර අයවැයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට ලැබෙන මුදල් අඩුකර ඇති නිසා රුපියල් මිලියන 700ක ඇස්තමේන්තුවකින් පොම්පාගාර අළුත්වැඩියා කිරීමට යෝජනා කර තිබූ ව්‍යාපෘතිය අතර මග නවතා දැමීමට සිදුවී ඇති බවත් ගාල්ල මාතර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂිකා දීපිකා ත්‍රිමාවිතාන මහත්මිය පැවසුවාය.  

ඇය මේ බව පැවසුවේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති  දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ය.

  “ දැනට ගිං ගඟ ව්‍යාපාරයට අවුරුදු 40ක් වෙනවා. මෙහි පොම්පාගාර 10ක පොම්ප 35ක් තිබෙනවා. මේ පොම්ප සියල්ල අබලන් වෙලා. පසුගිය කාලයේ ඉතා අපහසුවෙන් තමයි වැඩ කළේ. පොම්පාගාර සියල්ල ඉතා ඉක්මනින් නවීකරණය කිරීම අවශ්‍යයි. ගං වතුර කාලයට මේවායින් ලොකු සේවයක් වෙනවා. පිටරටින් පොම්ප 35 පමණක් ආනයනය කරන්න රුපියල් මිලියන 375ක් යනවා. සම්පූර්ණ අළුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතියට රුපියල් මිලියන 700ක් වැයවෙන බව ඇස්තමේන්තු කර තිබෙනවා. අයවැයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට ලැබෙන මුදල් සියයට හැටකින් කපා හැරලා. එවිට මේ ව්‍යාපෘතියට රුපියල් මිලියන 125යි ලැබෙන්නේ. පොම්ප ගෙන්වන්නේ නැතිව අනිත් අළුත්වැඩියා කටයුතු පටන්ගෙන වැඩක් නැහැ.

මේ පොම්පාගාර තිරය පිටුපස සිට විශාල සේවයක් කරනවා. කාටවත් මේ ගැන ලොකු අවබෝධයක් නැහැ. මේවා තිබුණේ නැත්නම් විශාල ගං වතුරක් එනවිට සුනාමිය වගේ ව්‍යසනයක් වෙනවා. ඒ නිසයි අපි කියන්නේ මේවා අළුත්වැඩියා කරන්න ඕන කියලා.“ යැයි ඇය පැවසුවාය.

 



අදහස් (0)

“ගිං ගඟ පොම්ප හදන්න සල්ලි මදි“

සුමේධ ප්‍රනාන්දු Tuesday, 29 November 2016 06:06 AM

මේවා මොනවට හදන්නද?(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1654 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 726 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 245 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 347 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 157 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 106 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40001 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25943 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 227 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 403 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1302 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site